Watch Trailer

The Larva Island Movie (2020) Sinhala Subtitles | පාළු දූපතේ ලාවා යාළුවෝ [සිංහල උපසිරසි සමඟ]

කොහොමද ඉතින් අද මං මේ ගෙනැල්ල තියෙන්නේ මගේ දෙවෙනි උපසිරැසිය. ඉතින් ඒකට මං තෝරගත්තෙ 2018 අවුරුද්දේ විකාශය වෙන්න ගත්ත සීසන් 2 කින් සමන්විත The Larva Island කියන Netflix web animated series එකෙන් මේ අවුරුද්දේ (2020) නිර්මාණය වෙච්ච චිත්‍රපටය.සරලවම කිව්වොත් මේ ෆිල්ම් එක කෙලින්ම වැටෙන්නෙ comedy ෆිල්ම්වලට…

කොහොමද ඉතින් අද මං මේ ගෙනැල්ල තියෙන්නේ මගේ දෙවෙනි උපසිරැසිය. ඉතින් ඒකට මං තෝරගත්තෙ 2018 අවුරුද්දේ විකාශය වෙන්න ගත්ත සීසන් 2 කින් සමන්විත The Larva Island කියන Netflix web animated series එකෙන් මේ අවුරුද්දේ (2020) නිර්මාණය වෙච්ච චිත්‍රපටය.සරලවම කිව්වොත් මේ ෆිල්ම් එක කෙලින්ම වැටෙන්නෙ comedy ෆිල්ම්වලට. මොකද මේකෙ තියෙන්නේ ගොඩක්ම comedy පැත්තට බර දේවල්.

මේ ෆිල්ම් එකට IMDB දර්ශකයේ 5.1 අගයක් හිමිවෙලා තියනවා. web series එක බලපු හැමෝම බලන් ඉදියෙත් මේ ෆිල්ම් එක එනකං.මේ ෆිල්ම් එක අධ්‍යක්ෂණය කරලා තියෙන්නෙ Byoung Wook Ahn විසින්. හඩකැවීමෙන් දායකත්වය දීල තියෙන්නේ Hong Bum-Ki,Kang Shi Hyun,Eddy Lee යන පිරිස විසින්. කොහොමත් මේ ෆිල්ම් එක web series එකට සාධාරණයක් කරලා තියනවා කියලනම් කියන්න පුළුවන්. 

කතාවට ගියොත්, web series එකේ ඉන්න හැමෝවම අපිට දැකගන්න පුළුවන්. ඒත් web series එකේ කතාව දූපතකට විතරක් සීමා උනාට මේ චිත්‍රපටයේ නගරයටත් කතාව ගෙනැල්ල තියෙනවා. මොකද අපි web series එකෙන් හදුනගත්තු Chuck මේ චිත්‍රපටයේ දූපතෙන් බේරිලා නගරෙට ඇවිල්ලා ඉන්නෙ. කතාවට මුල හැදෙන්නෙත් එතනින් තමා. Chuck දූපතෙන් බේරිලා ආපු හැටි ගැන පොතක් ලියන්න තොරතුරු එකතු කරන්න එන Grace කියලා ගෑණු ළමයෙක් මේ Chuckට හම්බුවෙනවා. ඉතින් මේ Chuck දූපතේදි හම්බුවෙච්ච කට්ටිය ගැන බේරිලා ආපු අය ගැනයි Graceට කියන කතාව තමා මේ ෆිල්ම් එකේ වෙන්නේ.

ඉතින් මේ Chuck එක්ක එකතු වෙන යාළුවො කවුද, මෙයාලා එකතු වෙලා කරන පිස්සු වැඩ මොනවද, දූපතෙන් මෙයාල බේරෙන්නෙ කොහොමද කියලා චිත්‍රපටයෙන්ම බලන්නකෝ….😆😆😆

 

 

Due to copyright issues, we do not provide any torrent link.

මෙම ලබා දී ඇති උපසිරැසි WEB පිටපත් සඳහා අදාළ වේ.

4,997 downloadsDownload The.Larva_.Island.Movie_.2020.zip42 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ සංජන චමෝද් වික්‍රමරත්න ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

NEW MEMBER
JOINING DATE – 2020-07-24
SUB-MAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Subtitles by

සංජන චමෝද් වික්‍රමරත්න

Subtitles

4,997 downloadsDownload Subtitles42 KB

10 comments

  1. D.Chamara

    bohoma sthuthi ...

  2. indika75

    thanks..

  3. Kantha_DLA

    … ගොඩක්ම ස්තූතියි. …
    ඔබට සහ ඔබ පවුලේ සැමට
    තෙරුවන් සරණ ලැබේවා..!

  4. isuru srinath sjs

    උපසිරැසියට බොහොම ස්තුතියි..!!

  5. Pramod

    Thanks bro jaya weva.

  6. desh_2001

    උපසිරැසියට ස්තූතියි......!
    බයිස්කෝප් ඩවුන්ලෝඩ් සයිට් එකේ අදාල තැනට ලින්ක් එකත් මෙතනම දානවනම් හොඳයි කියල හිතනවා. (අදහසක් පමණයි)

  7. Arawinda Sunimal

    thanks sanjana jayawewa..........

  8. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  9. හසිත මධුෂාන්

    සබ් එකට බොහොම ස්තූතියි සහෝ....!

  10. Dewadithya

    Thanks for sub!