Watch Trailer

Spy Cat (2018) AKA Marnies Welt AKA Marnie’s World Sinhala Subtitles | මා(ර්)නිගේ ලෝකය [සිංහල උපසිරසි සමඟ]

ඔන්න යාලුවනේ මං ඔයාලට අලුත් ඇනිමේෂන් එකක් අරගෙන ආවා ඒකෙ නම තමයි spy cat. මේක ජර්මන් ඇනිමේෂන් එකක් හැබැයි මේක ඉංග්‍රීසියෙන් නිකුත් වෙලා තියෙනවා .මේක 2018 නිකුත් වුන ඇනිමේෂන් එකක්. මේ වන විට IMDB දර්ශකයේ 5.5 ක අගයක් ලබා ගැනීමට සමත්ව තිබෙනවා .එහෙමනම් දැන් අපි බලමු කතාවේ වෙන්නෙ මොනවද කියලා මේක ඇවිල්ලා…

ඔන්න යාලුවනේ මං ඔයාලට අලුත් ඇනිමේෂන් එකක් අරගෙන ආවා ඒකෙ නම තමයි spy cat. මේක ජර්මන් ඇනිමේෂන් එකක් හැබැයි මේක ඉංග්‍රීසියෙන් නිකුත් වෙලා තියෙනවා .මේක 2018 නිකුත් වුන ඇනිමේෂන් එකක්. මේ වන විට IMDB දර්ශකයේ 5.5 ක අගයක් ලබා ගැනීමට සමත්ව තිබෙනවා .එහෙමනම් දැන් අපි බලමු කතාවේ වෙන්නෙ මොනවද කියලා

මේක ඇවිල්ලා සුන්දර නිස්කලංක ගම්මානයක ඉන්න අහිංසක පුංචි පූස් පැටියෙක් ගැන කියවෙන කතාවක්. පූස් පැටියෙක් කියලා කිව්වට මොකෝ රහස් පරීක්‍ෂකවරියක් වෙන්ට දගලන පූස් පැටියෙක්. ඉතින් කතාව මෙන්න මෙහෙමයි. එක්තරා ගම්මානයක් තියෙනවා. බොහොම සාමකාමීව නිස්කලංක පරිසරයක පිහිටලා තියෙන මේ ගම්මානයේ හිටිහැටියේ හොරකම් වගයක් සිද්ධ වෙන්න ගන්නවා. ඉතින් පොලිසිය පවා මේ අද්භූත හොරකම් ගැන සොයාගන්නට අසමත් වෙනවා. ඉතින් මාර්නිගේ ගම්මානයේ ඔන්න ඔහොම වෙනස්කම් සිද්ධ වෙනකොටම තමයි මාර්නිගේ ගෙදරටත් අළුත් අමුත්තෙක් කඩාපාත් වෙන්නෙ. එහෙම එන්නේ මාර්නිගේ හිමිකාරිය වෙච්ච රෝසලින්ඩ්ගේ සහෝදරයා.

ඉතින් රහස් පරීක්ෂක ඉවක් තියෙන මාර්නි මේ අලුත් අමුත්තා වෙන පෝල් ගැන සෝදිසියෙන් තමා ඉන්නේ. එහෙම සෝදිසියෙන් ඉන්න නිසාම මාර්නිට දැනගන්න ලැබෙනවා මේ පුද්ගලයා පිටින් පෙන්නගෙන ඉන්න කෙනා නෙවේ කියන්න. කොහොමහරි පෝල්ගේ දැලට අහුවෙන මාර්නිට සිද්ධ වෙනවා තමන්ගේ නිවසින් යන්න. ඉතින් ඔය අල්ලපනල්ලේ තමයි මාර්නිට හරි අපූරු යාළුවො ටිකක් හම්බවෙන්නෙ. ඒ අය තමයි එල්විස්, එග්බර්ට්, මැම්බෝ ඩිබන්ගෝ යන තුන්දෙනා. ඉතින් ඒ අයත් විවිධ කරදරවලින් පැනලා යන උදවිය. අන්තිමේ මාර්නිට මේ අයගේ සහයත් ලැබෙනවා ගමට ආව හොරු ටික අල්ලගන්න.

එහෙමනම් රහස් පරීක්ෂක පූසා ඇතුළු කණ්ඩායම කොහොමද හොරු ටික ඇල්ලුවේ කියලා ඔයාලම බලලා දැනගන්න. එහෙමනම් මං සමුගන්නවා. එහෙමනම් ඉතින් ඔයාලගේ අදහසත් කියාගෙනම යන්න. මොකද මේක තමයි මං හාහා පුරා කියලා කරන මගේ කුළුදුල් උපසිරැසිය.

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරැසි WEB-DL පිටපත සඳහා අදාළ වේ.

3,015 downloadsDownload Spy.Cat_.2019.zip35 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “කවිරු මදුශංක කන්නන්ගර”  සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

NEW MEMBER
JOINING DATE – 2019-10-21
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Subtitles by

කවිරු මදුශංක කන්නන්ගර

Subtitles

3,015 downloadsDownload Subtitles35 KB

18 comments

  1. Hashan M. Priyadarshana

    පලවෙනි සබ් එකට පලවෙනි comment එක.. සුබ පතනවා පලවෙනි සබ් එකට බ්‍රෝ වැඩේ දිගටම කරන් යන්න.. ;)
    බොහොම ස්තුතියි බ්‍රෝ සබ් එකට.. :)
    ජය වේවා.!

  2. MAALnath

    Thanks .............good luck .........
    Falling inn love 2019
    Five feet apart 2019
    Can you keep a secret 2019
    What men want 2019
    Isn't it romantic 2019
    After the strom 2019
    The last summer 2019
    Last christmas 2019
    Papi chulo 2019
    Lucky day 2019
    Me film valatath sub denna

  3. lakmal

    Ammo meka danakan hitiye.. Thank you mcn

  4. Kantha_DLA

    … ගොඩක්ම ස්තූතියි. …
    ඔබට සහ ඔබ පවුලේ සැමට
    තෙරුවන් සරණ ලැබේවා..!

  5. හසිත මධුෂාන්

    සබ් එකට බොහොම ස්තූතියි සහෝ....!
    ඒ වගේම පළවෙනිම සබ් එකටත් සුබ පැතුම්....
    දිගටම සබ් කරමු....

    1. හසිත මධුෂාන්

      දැනුයි බලල ඉවර උනේ. පළවෙනිම එක උනාට සබ් එක හොදටම කරල තිබුන සහෝ....
      දිගටම සබ් කරමු.....!

  6. Nilupul Madukapriya Perera

    උපසිරසියට ස්තුතියි.
    ඒ වගේම අඩවියට සාදරෙන් පිළිගන්නවා.
    ඔබට ජයෙන් ජය!

  7. Hiranhiru

    කුළුඳුල් උපසිරැසිය වෙනුවෙන් සුබ පැතුම්..
    ඉක්මනින්ම ශතකය කරා යන්න හැකියාව ලැබේවා...
    තෙරුවන් සරණයි....!

  8. nishadchandima

    බොහෝම ස්තුතියි සහෝ , ජය වේවා!!!

  9. Thilan7676

    Ane bn ay den film download wenna pattam slow

  10. D.Chamara

    niyamai sahoo niyamai degatama karagena yamu jaya ...

  11. rockz2020

    ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
    බොහොම ස්තූතියි සහෝ....❤
    පළවෙනි උපසිරැසිය නේද ❤✌
    උපසිරැසිය වෙනුවෙන් සුබ පතනවා සහෝ!
    ✌✌❤❤ජයෙන් ජයම වේවා!!!!❤❤✌✌
    ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

    The Guardian Brothers (2016)
    Checkered Ninja (2018)

  12. Shehan putha

    Thanks bro..
    පලමුවන උපසිරසියට සුභ පැතුම් !

  13. Sandeepmadushan

    Thanx saho.. supiri..

  14. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  15. Isala wickramasuriya

    patta. thank for the subtitle

  16. nadi66

    Thankyou bro king and i k drama ekatath sub denna puluwan nam

  17. AsithaDilruwan

    Ela saho thanks