හීනයකදි එකපාරම දූපතක අතරමන් වෙලා තනියම ඒ මදිවට ජීවිතේට දැකල අහල නැති සතෙක්ගෙ ප්‍රහාරයකට ලක්වෙනව වගේ දැක්කොත් දාඩිය දාගෙන හූ කියාගෙන ඇදත් පෙරලගෙන ඇහැරෙයිනේ. ඒවගේම තමා ජෙනීටත් වෙන්නෙ හැබැයි හීනෙන් නෙමෙයි හැබැහින්ම. ජෙනී ඇතුළු යාලුවෝ කණ්ඩායම මුහුදට යනව විනෝද වෙන්න. එයින් ඔවුන් ගමන් කරපු යානය ප්‍රහාරයක…

හීනයකදි එකපාරම දූපතක අතරමන් වෙලා තනියම ඒ මදිවට ජීවිතේට දැකල අහල නැති සතෙක්ගෙ ප්‍රහාරයකට ලක්වෙනව වගේ දැක්කොත් දාඩිය දාගෙන හූ කියාගෙන ඇදත් පෙරලගෙන ඇහැරෙයිනේ. ඒවගේම තමා ජෙනීටත් වෙන්නෙ හැබැයි හීනෙන් නෙමෙයි හැබැහින්ම. ජෙනී ඇතුළු යාලුවෝ කණ්ඩායම මුහුදට යනව විනෝද වෙන්න. එයින් ඔවුන් ගමන් කරපු යානය ප්‍රහාරයකට ලක්වෙනවා. ජේන්ට සිහිය එනකොට එයා වෙරළකට ගසාගෙන ඇවිල්ලා. වටපිට බලනකොට එයාගෙ යාලුවෙක් වන බ්‍රෑඩ් ඒ අසලම වෙරළේ තාමත් සිහිසුන්ව සිටිනවා දකිනවා. උදව් ඉල්ලලා කෑ ගැහැව්වත් කිසිම කෙනෙක් පේන මානයකවත් නැහැ. කොහොම හරි බ්‍රැඩ්ව ගොඩ බිමට ඇදගෙන ඇවිත් සිහිය අර ගන්නවා. ඒ වන විටත් බ්‍රෑඩ් ගෙන් විශාල වශයෙන් ලේ වහනය වෙලා තියෙනවා එයාගෙ පපුව අසලට එල්ලවෙලා තියෙන තියුණු උලක් නිසා. ටික වෙලාවක් ජීවතුන් අතර ඉන්න බ්‍රෑඩ් ජීවිතක්ෂයට පත් වෙනවා. ජේන් වෙරළ අයිනෙම වලක් හාරල බ්‍රෑඩ්ව ඒකට දාල වහල වෙරළ අවට සෝදිසි කරනව. එතකොට දකිනව තවත් කාගෙදෝ අතෑරල දාල ගියපු බඩු වගයක් වගේම සොහොන් කොතකුත් තිබෙනව. තනිවුන ජේන් වෙරළට ගසාගෙන ඇවිත් තිබුණ මාලුවෙක් සුද්දකරගෙන කාල රැය පහන් කරනව වරුසාව මධ්‍යයේම. පහුවදා උදෑසනම වෙරළ දිගේ ඇවිදගෙන යනකොට ජේන්ට දකින්න හම්බවෙනවා වල
දාල ඉන්න බ්‍රෑඩ්ව වලෙන් ලේ විලක් මැද ඇදල කෑලි කෑලි කරල ඉන්නවා. මේක දකින ජේන් පුදුමයටත් බයටත් පත්වෙනවා. දූපත අවට සෝදිසි කරල බැලුවත් කිසිම දෙයක් හම්බවෙන්නෙ නෑ. ඔහොම එදා දවසත් ගෙවල පහුවදා බලද්දි මුහුදේ පාවෙන දෙයක් දැකල ගිහින් බලද්දි එයාලගෙ බඩු පෙට්ටියක්. මුහුද පතුළේ තව මොනව හරි තියෙනවද කියල කිමිදිල බලනකොට දැවැන්ත කලුපාට කුහරයක්. බයට පත්වෙන ජේන් ඉක්මනටම අර බඩු පෙට්ටියත් අරගෙන ආපහු වෙරළට පීනනවා. හවස්වෙලා මාළුවෙක් අල්ලගෙන පුච්චලා කාල ඉන්නකොට ජේන්ට ඇහෙනව ගුවන් යානාවක ශබ්දයක්. පෙට්ටියේ තිබ්බ සංඥාව අගවන තුවක්කුවක් අරගෙන ඒ ගුවන් යානා ගිය පැත්තට වෙඩි තියෙනවා. ඒ එළිය දිගටම අහස පැත්තෙන් මුහුදට එළිය වැටෙනකොට දැවැන්ත සත්වයෙක් එයාගෙ පැත්තට හැරිල ඉන්නවා වගේ දකිනවා. බයවෙච්ච පාර කැලේ කඩාගෙන ගිහින් හැංගිලා බලාගෙන ඉද්දි මෙන්න අරුම පුදුම මිනිහෙකුටත් වඩා දැවැන්තයෙක්. ඌ ඇවිත් හැමතැනම වැවිස්සුවට ජේන්ව හොයාගන්න බැරිවෙනවා. දවස් කීපයක්ම අර අමුතු සත්වයගෙන් බේරිලා කෑමට මාළු අල්ලගෙන කාල දූපතෙන් යන්න උත්සාහ කළත් ඒ හැම උත්සාහයක්ම අසාර්ථක වෙනව. දිනක් මුහුදේ පාවෙන දෙයක් දැකල ඒ දෙසට පීනගෙන යන ජේන්ට දකින්න හම්බවෙන්නෙ එයාලගෙ පවුර.ඒකෙ ඇතුළෙ ජේන්ගෙ
පෙම්වතා ලූකසුයි මියයි දිවි බේරගෙන එයාලවත් වෙරළට එක්කගෙන ඇවිත් කෑම දීල 3න් දෙනා දූපතෙන් බේරෙන්නත් අරුම පුදුම මෘගයගෙන් බේරෙන්නත් ගන්න උත්සාහය සාර්ථක වෙයිද ?
2019 ජනවාරි මාසයේ 28 වන දින තිරගත වීම ආරම්භ කරන ලද පැයකුත් විනාඩි 22ක් පුරා දිවෙන Horror, Thriller ගණයට අයත් IMDb 5.2ක් අරගත්තු චිත්‍රපටයක්. දෙමළ චිත්‍රපට උපසිරැසි කරනයෙන් පොඩ්ඩක් මිදිලා ඉංග්‍රීසි චිත්‍රපටයකට මගේ 59 වෙනි උපසිරැසිය විදියට ඔයාලට අරගෙන ආවා.අඩුපාඩු ඇති ඉතින් ටික ටික හදාගෙන ඉස්සරහට යමුනේ. එහෙනම් හැමෝටම තෙරුවන් සරණයි. නැවත දමිළ චිත්‍රපටියකින් මුණ ගැහෙමු.

Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරැසි WEB-DL පිටපත සඳහා අදාළ වේ.
5,668 downloadsDownload Sweetheart.2019.zip15 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ඔෂධ ධනංජය” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

SILVER MEMBER
JOINING DATE – 2017-09-04
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
ඔෂධ ධනංජය
Subtitles
31 comments
gihan perera
Ishan Madusha
බොහොම ස්තූතියි සහෝ
Kantha_DLA
… ගොඩක්ම ස්තූතියි. …
ඔබට සහ ඔබ පවුලේ සැමට
තෙරුවන් සරණ ලැබේවා..!Hashan M. Priyadarshana
තෑන්ක්ස් බ්‍රෝ සබ් එකට.. :)
ජය වේවා.!Nishanthadissa
Baiscopedownloads.com Web site eken film download karannda bene
Rukshan37
Ela
Supun shanika
ජයවේවා
arawindasunimal
thanks sub ekata - oshada dananjaya jayawewa................
Bandara76
Thanks Bro..see u again
Suranjan
Thanks jayawewa.....!
Pavani_perera
Ane aiye idhu namma aalu 2016 tamil movie eke sinhala sub dendako please
damithww99
thannks bro. puluwannam Shanghai.Fortress 2019 film ekata sub dennako please
PRAMUDITHA95
උපසිරැසියට ස්තුතියි ධනංජය සහොදරයා
darshana100
thanks saho
මිලින්ද ප්‍රියලාල්
සිංහල උපසිරැසියට බොහෝම ස්තුතියි .
wnrodrigo
Good work friend, Thanks for the sub.
rasanjan
thanx bro
indika75
thanks..
ranga11112
thnx saho...
D.Chamara
bohoma sthuthi saho jaya ..
Nipun Tharuka
ස්තූතියි
harris
Thnks bro sub ekata
nish47
ස්තූතියි සහෝ
Shehan putha
Thanks bro
suranuwan
thanks...
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
හසිත මධුෂාන්
සබ් එකට බොහොම ස්තූතියි සහෝ....!
Supun Preemal
උපසිරැසියට බොහොම ස්තූතියි සහෝ…..!
AsithaDilruwan
Ela saho thanks
MAALnath
Thanks .................good luck ...................
Rishantha
Thanks Brother
Advertisement
ස්තුතියි සහෝ....දිගටම උපසිරැසි කරන්න වෙලාව ලැබෙිවා!!!!දෙවි පිහිටයි...ජය වෙිවා....