Watch Trailer

Sivappu Manjal Pachai (2019) Sinhala Subtitles | මාමයි…මචායි…! [සිංහල උපසිරසි සමඟ]

ආයුබෝවන් බයිස්කෝප් රසික රසිකාවනි ඔන්න ඉතින් 60 වෙනි උපසිරැසියත් ඉක්මනටම අරගෙන ආවා 2019 සැප්තැම්බර් මාසයේ 6 වෙනිදා තිරගත වීම පටන් ගත්ත Action, Thriller ගණයට අයත් IMDb එක 8.3ක් වගේ ඉහල අගයක් තියෙන පැය 2 විනාඩි පුරා දිවෙන ෆිලුමක්. Boys (2003) චිත්‍රපටයෙන් ජනප්‍රියත්වයට පත්ව Aata (2007), Oye! (2009), A…

ආයුබෝවන් බයිස්කෝප් රසික රසිකාවනි ඔන්න ඉතින් 60 වෙනි උපසිරැසියත් ඉක්මනටම අරගෙන ආවා 2019 සැප්තැම්බර් මාසයේ 6 වෙනිදා තිරගත වීම පටන් ගත්ත Action, Thriller ගණයට අයත් IMDb එක 8.3ක් වගේ ඉහල අගයක් තියෙන පැය 2 විනාඩි පුරා දිවෙන ෆිලුමක්. Boys (2003) චිත්‍රපටයෙන් ජනප්‍රියත්වයට පත්ව Aata (2007), Oye! (2009), Anaganaga O Dheerudu (2011), Kadhalil Sodhappuvadhu Yeppadi (2012), Theeya Velai Seiyyanum Kumaru (2013), Aranmanai 2 (2016) වැනි දමිළ, තෙළිඟු, හින්දි චිත්‍රපට රැසකට දායක වුණ Siddharth මෙහි හා Darling (2015), Pencil (2015), Kadavul Irukaan Kumaru (2016), Naachiyaar (2018), Watchman (2019) චිත්‍රපට හරහා නළුවෙකු ලෙසද film composer, instrumentalist, playback singer, film producer ලෙසද චිත්‍රපට කරලියට දායක වන G. V. Prakash Kumar කුමාර් යන දෙදෙනා තමයි මෙහි ප්‍රධාන චරිත නිරූපණය කරන්නේ.

එවගේම මලයාලම් චිත්‍රපට ක්ෂේත්‍රයෙන් සිනමාවට පිවිසි Lijomol Jose මෙහි රාජලක්ෂ්මි නොහොත් මදන්ගෙ අක්කාගෙ චරිතයට පණ පොවනවා. මීට අමතරව නවක නිළි Kashmira Pardeshi මදන්ගේ පෙම්වතියගෙ චරිතයෙන් දායක වෙනවා. මදන්,රාජලක්ෂ්මි මල්ලියි අක්කයි. පොඩි කාලේ ඉදලම අම්මා තාත්තා නැතුව හැදී වැඩුණේ. උදව්ව හිටියේ එයාගෙ නැන්දා. ඉස්කෝලෙදි අක්කගෙ මාක් ෂීට් එකේ දෙමව්පියන්ගෙ අත්සන ගහන්න තියෙන තැනටත් අත්සන ගහන්නෙ මදන්. ඒ තරමටම පොඩි කාලේ ඉදන් සෙනෙහසකින් හැදී වැඩුනේ මදන්ට අක්කා කියන්නෙ අම්මා වගේ. රාජලක්ෂ්මිට මල්ලි කියන්නෙ තාත්තා වගේ. ඔහොම කාලෙ ගෙවිගෙන ගිහිල්ලා ලොකු වුණාට පස්සෙ දෙන්න තෝසෙ ඉට්ලි කඩයක් දාගෙන පොඩිවට බිස්නස් එකක් කරගෙන යන ගමන් මදන්ට බයික් පිස්සුව. මේ යකා යාලුවෝ සෙට් එකත් එක්ක බයික් වලින් වැඩ දාන ඒවා තරගෙට මහ පාරේ ඉදන් බයික් රේස් යන ඒවා තමයි කරගෙන හිටියේ.තරගෙට බයික් පැදලා වැටිලා තුවාල කරගෙන අක්ක තමයි සාත්තු කරෙත්, පස්සෙ අක්කා තහංචි දාලා රේස් පදින්නෙ නැතිවෙන්න පොරොන්දු කරවාගත්තා. දවසක් මදන් යාලුවෝ කට්ටියක් එක්ක වලියක් දාගෙන බයික් එක ඔට්ටු දාලා තරගෙට රේස් පදින්න හදනවා. මහ පාර මැද්දෙම බයික් දෙක වේගෙන් යනකොට ට්‍රැෆික් එකෙන් දකිනවා. දැකල අත දාලා නවත්තන්න බලද්දි නවත්වන්නෙ නැතුවම වේගෙන් අද්දනවා. මේ වෙලාවේ රාජකාරියේ ඉන්න උප පොලිස් පරික්ෂක රාජසේකර් බයික් එකත් අරගෙන මදන් පස්සෙන් එළවනවා. එලවගෙන යනකොට මදන් බයික් එකෙන් වැටිල පයින්ම දුවන්න ගන්නවා හැබැයි පොලිස් පරීක්ෂක රාජ සේකර් අතාරින්නෙ නැතුවම එළවලා එලවල කොහොම හරි මදනව අල්ලගන්නවා. අල්ලගන්න මොහොත වෙනකොට මදන්ගෙ ඇදුම් ඉරිල ගිහින් අන්තිමේදි යට කලිසම විතරයි ඉතුරු.

මෙහෙම පොලීසියට අරගෙන යන්න එපා කියල මදන් බැගෑපත් වෙද්දි ළග තියෙන රෙදි වැලකින් නයිටියක් අරගෙන අන්දලා මහ පාර මැද්දෙන්ම කට්ටිය බලාගෙන ඉද්දිම පොලීසියට අරගෙන යනවා. මේක සමහරු වීඩියෝ කරල යූටියුබ් එකෙත් දාලා මදන් ලැජ්ජාවට පත්වෙලා රාජසේකර් ගැන කෝපයක් ඇතිකරගන්නවා.රැයක් පොලීසියේ ඉදලා පහුවදා ගෙදර පිටත් කරනවා. පහුවදා උදේ පොලීසියෙන් එළියට එනකොටම නැන්දගෙන් කෝල් එකක් ඉක්මනට එන්න අහවල් ටහෙනට කියල ගිහින් බලනකොට අක්කට මනාලයෙක් කතා කරල ඒ කට්ටියට මදන්ව අදුන්වලා දීලා ගිහින් අක්කයි මනාලයයි හම්බවෙන්න කියනවා.මදන් ගිහින් බලද්දි මේ වෙන කවුරුත් නෙමෙයි ඊට කලින් දවසේ තමන්ව පොලීසියට ඇදගෙන ගිහිල්ලා කූඩුවේ දාපු පොලිස් පරීක්ෂක රාජසේකර්. මදන්ට කර කියාගන්න දෙයක් නෑ.මදන් කොහොමත් රාජසේකර් තමන්ට කරපු අවනම්බුව නිසා කොහොමත් මේ කසාදයට කැමති වෙන්නෙ නෑ.නමුත් මදන්ගෙ අක්කා රාජසේකර්ට ගොඩක් කැමති වෙනවා. මදන් කොහොම හරි කසාදය නවත්වන්න උත්සාහ කරනව. නමුත් රාජසේකර් මදන්ට කියනව මම කොහොම හරි උඹව මචා කරගන්නවා කියල. පස්සෙ මදන්ගෙ අකමැත්තෙන්ම මේ කසාදය සිද්ද කරගෙන මදන්ව තනි කරල රාජසේකර්ගෙ ගෙදරට යනව. ඔය වගේ සිද්දිත් එක්ක රාජසේකර්ට තවත් ප්‍රශ්නයක් වැටෙනවා. ඒ රාජකාරි වෙලාවෙදි අල්ලපු ඇම්බියලන්ස් එකක හොර බඩු වගයක් තිබිල ඒක අල්ලන්න ගිහින් පොලීසියේ ලොක්කන්ගෙන් ඉදලම සම්බන්ධ වෙච්ච ජාවාරමක් එක්ක රාජසේකර්ට ගැටෙන්න වෙනව. එහෙනම් ඉස්සරහට එන ප්‍රශ්නවලට මචායි…මාමයි මූණ දෙන්නෙ කොහොමද කියල බලමු.. හැමෝටම තෙරුවන් සරණයි.

හැමෝටම තෙරුවන් සරණයි !

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරැසි Proper HDRip පිටපත සඳහා අදාළ වේ.

19,761 downloadsDownload Sivappu-Manjal-Pachai-2019.zip62 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ඔෂධ ධනංජය” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

SILVER MEMBER
JOINING DATE – 2017-09-04
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Subtitles by

ඔෂධ ධනංජය

Subtitles

19,761 downloadsDownload Subtitles62 KB

36 comments

  1. Prabodha Madhusankha Hettiarachchi

    Godak sthuthi sahooo obata ...

  2. santhusha319

    thanks sahooo!!!!!!

  3. Kantha_DLA

    … ගොඩක්ම ස්තූතියි. …
    ඔබට සහ ඔබ පවුලේ සැමට
    තෙරුවන් සරණ ලැබේවා..!

  4. Ayesh Prashan

    Thank You

  5. subodha

    Thanks

  6. Udaya Saman

    Osa oya apiwa pissu wattanawane kollo.siddharthge boy eke idan atha erala ne ekakwath.aya ahanath deyakda.denakan hitiye sub eka.bohoma thuthi sahoo

  7. Amaya_maduhansi

    Madhura raja 2019 ake hd copy akak avilla akatath sub aka dihan macho

  8. Rumesh dhanushka

    Thanks friend

  9. pawan shamika

    thanx bro

  10. Lahiri

    THANKS SAHO

  11. Suresh Madhusanka

    සිංහල උපසිරැසියට බොහෝම ස්තුතියි සහෝ ජලයෙන් ජය...!!

  12. nish47

    ස්තූතියි සහෝ

  13. Pavani_perera

    Bigil 2019 film eke sinhala sub dendako aiye

  14. isuru srinath sjs

    බොහොම ස්තුතියි ..!! ❤️

  15. D.Chamara

    bohoma sthuthi sahooo

  16. Nilush Angana

    Sub ekata thanx

  17. Kavishna

    thnx bro...

  18. EM Nishshanka

    Thanks mcn

  19. C lakmal

    thank u ,ජය වේවා.

  20. Kanchaka

    Thanks bro

  21. Shehan putha

    ,ස්තුතියි සහෝ..

  22. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  23. basura indrachapa

    උපසිරසියට තුති...
    ජයෙන් ජය!!!

  24. Venuri Yasara

    Thanks

  25. gayanmagee

    thanks

  26. dasunrulz

  27. ruchiray7

    Film eka patta thanks for sub.

  28. geethi320

    thnk u

  29. Lasantharathnasirirox

    ස්තුතියි ස්තුතියි ඔෂධ brooo ...දිගටම යන්න සුබපතනව..ජයවේවා !!

  30. Janithsapugoda

    Thanks wewa

  31. ශසිත් සඳරුවන්

    සබට තුති වේවා...
    දිගටම සබ් දෙමු ආ...
    ජය!

  32. මයිකි

    Thanks sub එකට සහො

    1. Anonymous

      සුපිරි සගො සබ් එකට නියමයි මරු

  33. Thimira

    Bachelor 2021 tamil film එකේ සිංහල උපසිරැසි දෙනවද

    1. ක්‍රිශාන්ත හැරිස්

      ස්තුතියි සබ් එකට සහොදරය

  34. Thamuditha

    Tamil hindi telugu movies download කරන්න හොඳ Web එකක් telegram group එකක් කියන්නෝ plzzz. Reply කරන්න