Watch Trailer

Stage Fright (2014) | කරළියේ භීතිය.. [සිංහල උපසිරසි සමඟ]

ඔන්න යාළුවනේ මගේ දෙවෙනි උපසි‍රැසි නිර්මාණයත් අරගෙන ආයෙත් මම ආවා..මේ පාර මම ටිකක් වෙනස් මූවී එකකට තමයි උපසි‍රැසි නිර්මාණය කලේ. මගේ පළමු උපසි‍රැසි නිර්මාණයට ගොඩක් හොද ප්‍රතිචාර ලැබුණ නිසාම දෙවෙනි එකත් ඉක්මනින්ම කරලා ඔයාලට දෙන්න ඕන කියලා හිතුනා. ඉතින් මේ මූවී එක 2014 අප්‍රේල් තමයි රීලිස් උනේ. මේක ටිකක…

Stage Fright (2014)

ඔන්න යාළුවනේ මගේ දෙවෙනි උපසි‍රැසි නිර්මාණයත් අරගෙන ආයෙත් මම ආවා..මේ පාර මම ටිකක් වෙනස් මූවී එකකට තමයි උපසි‍රැසි නිර්මාණය කලේ. මගේ පළමු උපසි‍රැසි නිර්මාණයට ගොඩක් හොද ප්‍රතිචාර ලැබුණ නිසාම දෙවෙනි එකත් ඉක්මනින්ම කරලා ඔයාලට දෙන්න ඕන කියලා හිතුනා. ඉතින් මේ මූවී එක 2014 අප්‍රේල් තමයි රීලිස් උනේ. මේක ටිකක් Horror ගණයට වැටෙන Music පැත්තට බර අමුතු ‍ෆිල්ම් එකක්. අධ්‍යක්ෂණය කරලා තියෙන්නේ Jerome sable විසින්.IMDB එක ගැන කියනවා නම් 5.2 වගේ අගයක් තමයි අරන් තියෙන්නේ. හරි එහෙනම් අපි මේ බයිස්කෝප් එක පැත්තට හැරෙමු.   මේක ඔපෙරා සම්බන්ධව තමයි සම්පූර්ණයෙන්ම ගලා යන්නේ, කයිලි ස්වෝසන් කියන්නේ ලස්සනට ඔපෙරා ගීත ගායනා කරන්න පුළුවන් කෙනෙක්. එයාව නොසිතූ විදිහට වෙස් මුහුණක් දාගත්ත කෙනෙක් අමානුෂික ලෙස මරනවා. ඊට පස්සේ එයාගේ දුවටයි පුතාටයි තමයි, ඒ වේදීකා මධ්‍යස්ථානයේ කෑම උයන්න වෙන්නේ. එයාගේ දුව කැමිලා ස්වොසන්ටත් ලස්සනට ගීත ගායනා කරන්න පුළුවන්, එයාට මේ ඔපෙරාවට සම්බන්ධ වෙන්න ආස උනත්, කෑම උයන කෙනෙක් නිසා හැමෝම එයාව පිළිගන්න කැමති නෑ. එයා කොහොම හරි උත්සහ කරලා මේ ඔපෙරාවට සම්බන්ධ වෙනවා. ඊට පස්සේ ඔපෙරාවේ ඉන්න කණ්ඩායමේ අනිත් අයට මොකද වෙන්නේ? කැමිලා ස්වොසන්ගේ අම්මා, ඒ කියන්නේ, කයිලි ස්වොසන් ව වෙස් මුහුණක් දාගෙන මැරුවේ කවුද? ඇයි එහෙම මැරුවේ? කැමිලා ස්වොසන්ගේ සහෝදරයා කවුද? එයා මොනවගේ කෙනෙක්ද?  වගේ ප්‍රශ්ණ ගොඩකට උත්තර ඉතින් දැනගන්නනම් මේ මූවී එක බලන්නම වෙනවා.   මේක ඇත්තටම Horror ගනයට වැ‍ටුනට, Horror එකක්ම නෙමෙයි. මේ මුළු Film එකේම අවසානය දක්වාම ගලා ගෙන යන්නේ, එක රහසක්. ඒක නිසා තමයි. හැමදේම වෙන්නේ, අන්තිම විනාඩි කිහිපයෙදි තමයි අපිට ඒක දැනගන්න ලැබෙන්නේ.Trailerඑකත් බලලම ඉන්නකො. ඉතින් එහෙනම් මොකක්ද මේ කියලා බලාගන්න ඔයාලටම අවස්ථාව තියෙනවා. ඉතින් ඔයාල හැමෝටම මේ මූවී එක බලන්න කියලා මම ආරාධනා කරනවා. ඒ එක්කම ඔයාලගේ අදහසක් දාලා යන්න අමතක කරන්න එපා. මොකද ඔයාලගේ අදහස් නිසා තමයි අපි හැමෝම දිරිමත් වෙන්නෙ. හරි එහෙනම් තවත් ලස්සන මූවී එකක් එක්ක ඔයාලව ඉක්මනින්ම හමුවන බලාපොරොත්තුවෙන් සමුගන්නම්. ඔබ සැමට ජය..! 

Stage Fright (2014) on IMDb

 

 

700 MB කොපිය මෙතනින් බාගන්න

10FA1E0B5CB41DD2D87691C1993F93748C16BA78

1.24 GB කොපිය මෙතනින් බාගන්න

08E40434AFCED625DDC1155B13BDB078D4EB472B ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

859 downloadsDownload Stage-Fright-2014.zip64 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/06/RanilS.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ රනිල් ශ්‍රීමාල් ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitles by

රනිල් ශ්‍රීමාල්

Subtitles

859 downloadsDownload Subtitles64 KB

19 comments

  1. වරුණ රංගජිත් (වරූ)

    nice job
    goooooooooooooooooddddddddd

  2. HimEshCrEeD

    bohoma
    thuthi

  3. Global

    Me Movie Eka Mama Nobaluwe Sub Watei Kiyala Hithuna Hindamai. Dan Ithin Sub Ekkama Balanna Puluwan.
    Godak Sthuthu Ranil Malayo..!

  4. සදීෂ් රවිදු

    සබට තුති සහෝ දිගට ම අපිත් එක්ක ඉන්න....!

  5. DDSameera

    fatta !!!! machan..thanks for sub

  6. නලින්

    ස්තුතියි රනිල් ශ්‍රීමාල් සහෝ!

    ‍ජය වේවා!

  7. රනිල් ශ්‍රීමාල්(A.R.S)

    ස්තුතියි හැමෝටම. ඊලග එකත් ඉක්මනට අරන් එන්නම්
    ජය වේවා..!

  8. Tharindu Perera

    Elazz ahh machann....
    patta kathavak vageee...
    thanks machan sub ekatahh...

  9. හර්ෂ ලහිරු

    එලකිරි සහො බොහොම ස්තුතියි :P ජය

  10. දිමුත් නිවන්ත

    බොහොම ස්තුතියි සහෝ...
    ඔයාලා නිසා තමයි අපි ආසවෙන් Film එක බලන්නේ !
    දිගටම කරගෙන යමු !
    ජය වේවා !

  11. තිසර නියෝ (Thisara Buddhika)

    නියමයි
    :P
    උපසිරැසියට තුති…… :)
    ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
    ඔබට ජය .. :)

  12. Kulanjana Maduranga

    niyamai ....subata thanks RANIL saho.digatama sub demu.jaya wewa.............

  13. Kavindu

    Need For Speed 2014 Bluray eka avith Subs Onaaaaaaaaaaaaaaa................

  14. ෂෙහාන් බුද්ධිම

    සිංහල උපසිරැසියට බොහොම ස්තුතියි සහෝ.. :D

  15. Kulanjana Maduranga

    elazzzzzzz.subata thanks RANIL saho.keep it up.jaya wewa.........

  16. Naween

    පට්ට පට්ට....තෑන්ක්ස් වේවා මචන් සබ් එකට.බලලම කොමන්ටුවක් දාන්නම්....

  17. දිමුතු තරංග ඉලුක්කුඹුර

    සුපිරි සහෝ ඔන්න මමත් ගත්තා,ජයවේවා.

  18. “චූටී මල්ලි”

    එල මචෝ
    හොරර් එව්වා බලන්න දැන්නම්
    බයයි වගෙ බන්
    සබට තුති
    ඔබට ජය................

  19. රොයිලි

    බොහොම ස්තූතියි රනිල් සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P