ඕගොල්ලො හැමෝම හොඳට දන්නවා ඇතිනෙ දෙවෙනි ලෝක යුද්ධය ගැන. යුද්ධයේ මුල් කාලයේදී කාටවත් හිතාගන්න බැරි විදිහට ජර්මනිය යුරොපයේ ගොඩක් රටවල් යටත් කරගත්තා. එහෙම යටත් කරගත්ත එක රටක් තමයි “බෙලරුසියාව” කියන්නේ. අල්ලගත්ත රටවල් හැම එකකම හිටිය යුදෙව්වෝ අල්ලගෙන එක්කො මරලා දාන එක හරි, ඒ අය නොයෙකුත් වැඩ කරවගන්න යොදන…
ඕගොල්ලො හැමෝම හොඳට දන්නවා ඇතිනෙ දෙවෙනි ලෝක යුද්ධය ගැන. යුද්ධයේ මුල් කාලයේදී කාටවත් හිතාගන්න බැරි විදිහට ජර්මනිය යුරොපයේ ගොඩක් රටවල් යටත් කරගත්තා. එහෙම යටත් කරගත්ත එක රටක් තමයි “බෙලරුසියාව” කියන්නේ. අල්ලගත්ත රටවල් හැම එකකම හිටිය යුදෙව්වෝ අල්ලගෙන එක්කො මරලා දාන එක හරි, ඒ අය නොයෙකුත් වැඩ කරවගන්න යොදන එක හරි තමයි ඒ දවස් වල පිස්සු ජර්මන් කාරයො කළේ. ඉතින් බෙලරුසියාවේ හිටපු යුදෙව්වන්ටත් සිද්ධ වුණේ ඒ සන්තෑසියම තමයි.
තුවියා බෙල්ස්කි, සූස් බෙල්ස්කි, අසායෙල් බෙල්ස්කි සහ ඒ වෙනකොට අවුරුදු 14 ක් වගේ වුණු පොඩි අරොන් බෙල්ස්කි කියන්නෙ ඒ දවස් වල බෙලරුසියාවෙ හිටපු සහෝදරයන් හතර දෙනෙක්. ජර්මන් කාරයො ඇවිල්ලා මේගොල්ලොන්ගෙ මුළු පවුලයි, ගමමයි මරලා ගොඩ දෙනෙක් පැහැරගෙන යනවා. ඉතින් මේ අය ඒ වෙලාවෙ හැංගිලා හිටියා හින්දා බේරිලා, කැලෑවට පැනගන්නවා. එතනින් තමයි මේ කතාව පටන් ගන්නෙ.
කැලෑවෙදි මේ අයට තවත් මේ අය වගේම ජර්මන් කාරයොන්ගෙන් බේරිලා පැනලා ආපු යුදෙව්වන් එකතු වෙනවා. ඉතින් මේ අයගෙ ජීවිත ටික විතරක් බේරාගන්නෙ නැතුව ඔවුන්ට එකතු වුණ සෑම දෙනෙකුගෙම ජීවිත මේ සහෝදරයො බේරාගන්නවා. සහෝදරයො වුණාට හැම වෙලේම අයියලා කියන දේ අහන්නත් බෑනෙ, ඉතින් මේ සහෝදරයනුත් වෙලාවකට මත ගැටුම් ඇති කරගන්නවා. නමුත් ඒ සියල්ලම අවසානයේදී සමථයකට පත් වෙනවා. කොච්චර කරදර ආවත්, මැරෙන්නම යන අවස්ථා ගණනාවක්ම ආවත් මේ කට්ටිය යුද්ධය ඉවර වෙනකම් බේරිලා ඉන්නවා විතරක් නෙවෙයි, තවත් 1200 දෙනෙකුගෙම ජීවිත බේරගන්නවා. ඒ බේරුණු අයෙගෙන් අද දක්වා පැවතගෙන ආපු ඒ අයගෙ දරු මුණුබුරුන්ගේ ගාන හදලා බැලුවොතින්, දසදාස් ගානක්. ඉතින් ලේසි පාසු පිනක් නෙවෙයි මේ සහෝදරයෝ ටික කරගත්තේ.
මේ කතාවෙ ක්‍රියාදාම ජවනිකා කිහිපයක් තිබුණත් මේ චිත්‍රපටය ක්‍රියාදාම (action) පැත්තට වැඩිය බර නැහැ. පාඩුවෙ ලස්සනට ගලාගෙන යන ආකාරයක් තමයි තියෙන්නෙ. චිත්‍රපටියෙ සංගීතය නියමෙට විත්‍රපටියට ගැළපෙනවා. බොහොම සංවේගජනක සංගීතය නිකන් අපිව ඇත්තටම ඒ යුගයට අරන් යනවා වගෙයි. මේක වැඩිය ප්‍රසිද්ධ නොවුණත්, ලොකු Box Office වාර්තාවක් පිහිටුවේ නැතත්, මගේ ආසම කරන චිත්‍රපට අතරින් එකක් තමයි මේ Deifiance චිත්‍රපටිය. විශේෂම කරුණ වෙන්නෙ අනෙක් ෆිල්ම් වල ඉන්න වීරයෝ වගේ නෙවෙයි මේ අය සැබෑවටම ජීවත් වුණු අය. ඒ වගේම චිත්‍රපටියෙ සිද්ධ වෙන දේවල් ඇත්ත ලෝකෙ කලින් සිද්ධ වෙච්ච දේවල් වීමයි. ඉතින් මම නම් කියන්නෙ ඔගොල්ලො නැරඹිය යුතුම චිත්‍රපටියක් තමයි මේක.
මීට පෙර පළකල ලිපිය.
මෙන්න බලනව නම් නියම ෆිල්ම් එකක්..ලෝක යුද්ද කාලයෙ සරණාගතයන් පිරිසක් දිවි රැකගන්නට දරන උත්සාහයක් මෙමගින් පෙන්වන අතර ඇත්තටම හදවතට කතා කරන චිත්‍රපටයක් ලෙස හැදින්විය හැක..අපූර්වත්වය වන්නේ මෙය සත්ය කතාවක් පසුබිම් කරගෙන නිපදවූවක් වීමයි..මිනිසුන්ගේ ජීවිතයට වටිනාකමක් නොලැබුන යුගයක අවතැන් වූවන් තම දිවි රැකගැන්මට දරන වෙහෙස මෙමගින් මනාලෙස නිරූපනය කෙරේ..කොමඩි,හොරර් ෆිල්ම් අල්ලනේ නැති අයට වගේම ෆිල්ම් එකක් බලා ඇත්තටම ජීවිතයට යමක් එකතුකරගැන්මට හැකි අයට ගැලපෙන නිර්මාණයකි..(මම බලපු හොදම ෆිල්ම් එකක් කියන්නත් පුලුවන්)ඉඩක් ලැබුනොත් බලන්න..ඇත්තටම එළ ෆිල්ම් එකක්!!
Due to copyright issues, we do not provide any torrent links.
Defiance (2008) 720p x264 600MB – YIFY
මෙම ලබා දී ඇති උපසිරසි ඉහත පිටපත සඳහා අදාළ වේ.
2,043 downloadsDownload Defiance-2008.zip206 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2012/10/Normal-.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “පුලස්ති විජේසිංහ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
පුලස්ති විජේසිංහ
Subtitles
56 comments
foreversrilankan
දිසා
මම ජිවිතේට බලපු හොදම එක මම මෙක බාපු දවසෙම 3 පාරක් සම්පුර්නයෙන්ම බැලුවා
බලනවානම් මෙන්න බඩු
පොතේ ගුරා
@දිසා! ඔව් මචං..ඒ උනාට මේකට වෙන අය කමෙන්ට්ස් දාල නෑ..ඒ කියන්නෙ ගොඩක් අය බලල නෑ වගෙ..හරිම ලස්සන ෆිල්ම් එකක්!
දිසා
ඇත්තටම උසස් සිනමාපටයක් එ ගැන වචන දෙකක් නොමැත.
සුභාෂ්
මචන්, මේ ෆිල්ම් එක Download කරන ලින්ක් එක නැහනෙ මචන්.
ChathwaN
adena tharam
mmlk
Meee Film 1 nam patta thamai aaawageema meekata sinhala sub thibbanam elama thamai
nilanka
1111111111111111111111111111
Nalaka Pre
Anith Comments diha baluwahama Honda Ekak wage therenawa. Balmu meka Bagenama........
kasun
ko sinhala subs
nilanga
thanx machan man aasama me wage films walata thanxxxx
uda
ක්‍රෙග් ලොක්ක නේද ඉන්නෙ? එහෙමනම් ඉතිං බලලම එපෑ මොනවත් කියන්න.
කොච්චර ලොක්කෙක් උණත් හරි නැති ඒවත් තියෙනවනේ, ගුරා කියන හැටියටනම් එහෙම වෙන්නනම් බෑ වගේ!කෝකටත් එකතුවට වටී...
කොහෙන් හරි හොයාගන්නම වෙනවා! අමාරුම වැඩේ :(sachith lakshan
machan me film eka download karanna link 1nene
samee
niyamai machan
Thisara Buddhika (තිසර නියෝ)
නියමයි
:P
උපසිරැසියට තුති……. :)Thisara Buddhika (තිසර නියෝ)
waradunaa . uapasirasi nehene. lipiyata thuthi
SAG
Ai Upasirasi thiyenawa, Penen nethda.
තිසර නියෝ (Thisara Buddhika)
නියමයි
:P
උපසිරැසියට තුති…… :)
ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
ඔබට ජය .. :)කලින් කමෙන්ට් එක ගොඩක් කාලෙකට කලින් දාපු එකක් හොඳේ
Nimesh
thnx
දිමුත් නිවන්ත
මාත් ආසයි මචන් ඔය විදියට ගලාගෙන යන Film වලට !
ගොඩාක් ස්තුතියි සහෝ අපිට ගෙනාවට මේක...Sisira Hegoda
Thanks.
sanjeewa
nfs film eka dannako
Global
Me Movie Ekata Sub Dunna Eka Godak Vatinawa Malli.
Obata Jaya..!Scofield
machanla... need for speed movie 1 awilla... heta udewath sub demuko.. api balan innawane.. me subata thanks hode keep it up
Thanu
Thanx saho
shani
අනේ යාළුවෙ.... ඔයාලට පුළුවන්නම් අර how train your dragon කියන film එකේ sub එකත් දාන්නකො. ලස්සන කතාවක් ඒකත්. please!
shani
ආ.. පොඩ්ඩක් වැරදුන... how train your dragon 2 film එක හොඳේ... අනේ ඒකෙ sub එකත් දාන්න.
chinthaka
niyama film 1k ela ela ela
Kulanjana Maduranga
subata thanks PULASTHI saho.ohoma yn,jaya wewa..........
හර්ෂ ලහිරු
බොහොම ස්තුතියි සහො :P
ෂෙහාන් බුද්ධිම
සිංහල උපසිරැසියට බොහොම ස්තුතියි සහෝ.. :D
නලින්
ස්තුතියි පුලස්ති සහෝ! අැත්තටම මමත් බලපු ෆිල්ම් වලින් ගොඩක් හිතට වැදුන මුවි එකක් කිව්වොත් හරි!
ජය වේවා!
Kulanjana Maduranga
niyama film 1k.subata thanks PULASTHI saho.good work.keep it up.jaya wewa...........
Pulasthi wijesinghe
බොහොම ස්තූතියි ඕගොල්ලොන්ගේ comments වලට.... මට Post එකේ දාන්නත් බැරි වුණා, මේක තමයි මම හදපු පළවෙනිම සබ් එක....ඉතින් වැරදි අඩුපාඩු තියෙනවානම් ඒ ගැන සමාවෙන්න....මම ළඟදීම The Rock(1996) ෆිල්ම් එකේ සබ්ස් ඕගොල්ලොන්ට ඉදිරිපත් කරන්න බලාපොරොත්තු වෙනවා.
Dulanga
thanks
Isu DP
Niyamai.... Me Wage Hoda Katha Digatama Gemu
...
Movie Eka Thiyenawa... Sub Eka Gannawa....
Subata Thuthi....
Jaya Wewa !!! :-) :-Pw a thilak
බොහෝම සන්තොෂයි නැවතත් ඉතිහාසගත සිදුවීමක් පිළිබද සළරුවක් නැරබීමට අවස්ථාවක් ලබාදීම පිලිබදව.ස්තූතියි ඔබට බොහෝමත්ම
SUBHA
මම කැමතිම වර්ගයේ එකක්. බොහොම ස්තුතියි..
දිමුතු තරංග ඉලුක්කුඹුර
පළමු උපසිරසි නිර්මාණයට මගේ උණුසුම් සුබ පැතුම්,දිගටම සබ් දෙන්න,ජයවේවා.
“චූටී මල්ලි”
මේකනම් බැලුවා මචෝ කලින්
එල තව සබ් කරමු
සබට තුති
ඔබට ජය................wiki
Thanks
හශාන්
සුපිරිආ~!
තාරුක
ජයවේවා.
Leo Nicks
ස්තුති සහෝ..
රොයිලි
බොහොම ස්තූතියි පුලස්ති සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Pulasthi Wijesinghe
බොහොම ස්තූතියි අයියා ඔයාගෙ ඇතුළු හැමෝගෙම comments වලට
ලහිරු මුදියන්සේ.
ඉහල රසවින්දනයක් වගේම ජීවිතේ කියන්නේ මොකක්ද කියන එක තේරුම් ගන්න වටිනා සලරූවක්.
බොහොම ස්තුතියි.
hashan
ආයේ මොනවා කියන්නද! උපසිරස නියමයි!! Movie 1 වගේම තමයි.
imanthaka
,,,,,,,,,,,,,,,,,,,,,,, Pattama patta ban........ Thanks..... Mamath bawa ehenam................................
අසිත
මම 50 වෙනි එක දැම්ම ඔන්න.තැන්ක්ස් sabata
වරුණ නිරෝෂණ
thanks machan upasirasiyata...............
Tharindu Athukorala
tnx bro
Tharindaba
thanks for the subs
chinthaka_priyadrshana
Thank u Bro......
avishka360
thanks
Asiri
Thank you ! such a not a movie. Its a Novel !
Advertisement
![Defiance (2008) with Sinhala Subtitles | සදා නොමැකෙන යුදෙව්වන්ගේ අරගලය… [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/07/Defiance-2008.jpg)

මචෝ එල කිරි චිත්තරපටිය. එලම කිරි.