Watch Trailer

Stagecoach: The Texas Jack Story (2016) with Sinhala Subtitles | අශ්වකරත්ත මංකොල්ලකාරයෝ [සිංහල උපසිරසි සමඟ]

ඔන්න එහෙනම් මෙදා සැරේ මං බොලාලට අරගෙන ආවෙ වෙනස් කතාවක්. මේක වර්ගීකරණය කරල තියෙන්නෙ ” Western” කියල. නිකුත් උනේ නොවැම්බර් 4 වෙනිදා, ඉතින් මේ නමින්ම තව කතා දෙක තුනක්ම තියෙනව. පේන හැටියට මේකට සම්බන්ධයක් නෑ වගේ, එහෙනම් ඉක්මනට කතාව දිහාට හැරෙමුකො, වැඩිය ලිපිය ලියන්න බෑ, හෙට ඉස්කෝලෙ යන්න තියෙනව. කතාව පටන…

Stagecoach-The Texas Jack Story (2016)

ඔන්න එහෙනම් මෙදා සැරේ මං බොලාලට අරගෙන ආවෙ වෙනස් කතාවක්. මේක වර්ගීකරණය කරල තියෙන්නෙ ” Western” කියල. නිකුත් උනේ නොවැම්බර් 4 වෙනිදා, ඉතින් මේ නමින්ම තව කතා දෙක තුනක්ම තියෙනව. පේන හැටියට මේකට සම්බන්ධයක් නෑ වගේ, එහෙනම් ඉක්මනට කතාව දිහාට හැරෙමුකො, වැඩිය ලිපිය ලියන්න බෑ, හෙට ඉස්කෝලෙ යන්න තියෙනව.

කතාව පටන්ගන්නෙ අශ්වකරත්තයක් කැලේ මැදින් ගමනක් යන කොටසකින්, මේ කැලේ ඉන්නව මංකොල්ලකාරයො. උන් හැමතිස්සෙම බලන් ඉන්නෙ කරත්තයක් මේක මැද්දෙන් යනකන්, ඉතින් මේ කරත්තෙ කැලේ මැද්දෙන් යනකොට පාර මැද්දෙ මිනිහෙක් වැටිල ඉන්නව. මේකා  මැරිලද නැද්ද බලන්න එකෙක් කරත්තෙන් බහින්න හදනකොටම මංකොල්ලකාරයො ටික තුවක්කු දික්කරගෙන කැලෙන් එලියට එනව. දැන් කරත්තෙ ආව ඩබල ෆුල් හොල්මන් වෙලා ඉන්නෙ, අරුන් ටික කරත්තෙත් කොල්ලකනව, ඔය අතරෙ අර පාර මැද්දෙ මැරිල වගේ හිටිය මිනිහ නැගිටල මේ කරත්තෙ ගාවට එනව, ඇවිත් අරුන් එක්ක කතා කරනව. ඔය අල්ලපනල්ලේ කොහොමහරි මේ හොරු දෙන්නෙක්ගේ මූන වහගෙන හිටිය ලේන්සු ගැලවෙනව, දැන් අර ඩබල මේක දකිනව, මෙතනින් එකෙක් මුන්ගෙ මූනු මතක තියාගන්නව. හොරකම ඉවර වෙලා මංකොල්ලකාරයො ටික ආපහු යනකොට අරූ මංකොල්ලකාරයින්ගෙ ලොක්කට වෙඩි තියනව, හැබැයි ඒක වදින්නෙ නෑ, ඒ නිසා ඌ අනිත් පැත්ත හැරිලා තියන වෙඩිල්ල ගිහින් අර කරත්තෙ ආපු එකාගෙ ඇහැට වදිනව.*** ඔතන ඉඳන් අරූ ඇහැ හොඳ කරගෙන ඇවිත් අර කල්ලියෙ එවුන්ගෙන් පලිගන්න හැටි තමයි කතාවෙ තියෙන්නෙ. මට වැඩිය ලිපි ලියන්න නොතේරෙන නිසා මං කියෙව්ව ඇති කියල හිතනවා. අනේ මංද ලිපිය අවුල් ගියාද කියල. රෑ වෙලා හින්ද නිදි මතයි, මබ්බෝදෙන් වගේ මේකත් ටයිප් කලේ. මේ ඇති. එහෙනම් මම ඔතනින් නවතිනව, තවත් උපසිරැසියකින් හමුවෙමු.

————————————————-
Kyle XY දෙවෙනි සමය දෙනකන් ඉවසගෙන හිටිය අය වෙනුවෙන්…

ගොඩක් අය මට මැසේජ් දාලා ඇහුවා දෙවෙනි එක දෙන්නෙ නැද්ද කියල? අපිව අනාථ කරන්න එපා කියල පුන පුනා කිවුවා. බයවෙන්න එපා, මං අනාථ කරන්නෙ නෑ. ගොඩක් අය නොබැලුවත් බලන අය වෙනුවෙන් මං ඒක දෙනව. මං හිතපු නැති විදිහට පලවෙනි කතා සමය කලින් ලබා දුන් නිසා දෙවෙනි එක කරගන්න කාලය මදි උනා. ඒ අස්සේ වාර විභාග සෙට් උන නිසා වැඩේ හොඳටම අල උනා. දැන් විභාග ඉවර නිසා ආයෙත් කරන්න අරගෙන තියෙන්නෙ, ගොඩක් ඉවරයි. කොහොමත් දෙසැම්බර් මාසෙ පටන් ගනිද්දි වගේ දෙන්න පුලුවන්.

එහෙනම් ඒක බලමු නොබලපු හැමෝටම දිගටම බලන්න කියල ආරාධනා කරන ගමන් මම නවතිනවා.

Stagecoach: The Texas Jack Story (2016) on IMDb

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

 

Stagecoach.the.texas.jack.story.2016.720p.web-dl.x264-NBY

මෙම ලබා දී ඇති උපසිරැසි ඉහත පිටපත සඳහා අදාළ වේ.

1,211 downloadsDownload Stagecoach.the_.texas_.jack_.story_.2016.Baiscopelk.com_.zip39 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2013/05/රඛිත-රණතුංග-.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “රඛිත රණතුංග” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitles by

රඛිත රණතුංග

Subtitles

1,211 downloadsDownload Subtitles39 KB

12 comments

  1. Dulanga

    Thanks

  2. Sajith Thilakarathne

    thanks saho

  3. Obama_SL

    අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
    ඉතා ගෞරවයෙන් අගය කරනවා..

    ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
    ස්තූතියි.......

  4. Sajith Anthony

    උපසිරැසියට බොහෝම ස්තුතියි
    ජයෙන් ජයම වේවා...!!

  5. praneeth madu

    බොහෝම ස්තුතියි

  6. Chami

    Niyamai Yaluwa....... Thanks...............

  7. Jack

    නියමයි මචෝ.
    බොහෝම ස්තුතියි සබට.
    ජය..

  8. Sisila Prasad

    නියමයි සහෝ.
    උපසිරසියට බොහොම ස්තුතියි.
    ජයවේවා!!!

  9. Lushan Kuruppu

    Thanks Bro...!!!

  10. chinthaka

    බොහොමත්ම ස්තුතියි අපගේ රසවින්දනය උදෙසා ඔබ කරනා කැපවීම හා මහන්සියට.

    ෴෴ජය වේවා෴෴

  11. රොයිලි

    බොහොම ස්තූතියි සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  12. අසිත

    එලම සහෝ තෑන්ක්ස්
    ඔබට ජය!!!!