Watch Trailer

Stalingrad (1993) | යුද්ධයෙන් දිනුවෝ කවුරුද..?

මේක මම බයිස්කෝප් එකට දාන පලවෙනි ලිපිය. මම වැඩිපුරම කැමති දෙවන ලෝක යුද්ධය සම්බන්ධ කතා වලට. ඒකයි මේක තෝරගත්තේ. මම හිතනවා කට්ටියම කැමති වෙයි කියලා. මේක හැබැයි ජර්මන් ඇසින් යුද්ධය ගැන බලන චිත්‍රපටියක්. අපි හැම වෙලේම දකින්නේ ජර්මන් හමුදාවේ දුෂ්ටකම්නේ.. ඒ දුශ්ටකම් එක්ක එයාලගේ මනුස්සකම් ටිකත් එකතුවෙලා මේක…

මේක මම බයිස්කෝප් එකට දාන පලවෙනි ලිපිය. මම වැඩිපුරම කැමති දෙවන ලෝක යුද්ධය සම්බන්ධ කතා වලට. ඒකයි මේක තෝරගත්තේ. මම හිතනවා කට්ටියම කැමති වෙයි කියලා. මේක හැබැයි ජර්මන් ඇසින් යුද්ධය ගැන බලන චිත්‍රපටියක්. අපි හැම වෙලේම දකින්නේ ජර්මන් හමුදාවේ දුෂ්ටකම්නේ.. ඒ දුශ්ටකම් එක්ක එයාලගේ මනුස්සකම් ටිකත් එකතුවෙලා මේකේ තියෙනවා. imdb ව්ල 7.5 rate එකක් ලැබිලා තියෙනවා. ඒ වගේම මේක ජර්මන් බසින් කරපු චිත්‍රපටියක්.ඉංග්‍රීසි බසට හඬකවලා තමයි මේ තියෙන්නේ.ඒත් කිසිම වෙනසක් දැනෙන්නේ නෑ.
කතාව මෙහෙමයි..

යුද්ධයේදී ඉතා දක්ශකම් පෙන්වූ සේනංකයක් ජර්මන් හමුදා නිලධාරියෙක් වන Hans von Witzland ට බාරවෙනවා. නමුත් මේ නිලධාරියාට යුද්ධයක ඉදිරියේ එහෙම නැත්නම් front line එකේ කටයුතු කරලා අත්දැකීමක් නෑ. ඒත් මොහුට සිද්ධවෙනවා මේ සේනංකය අරගෙන රුසියාවේ ස්ටලින්ග්‍රාඩ් නුවරට යන්න. යුද්ධය ඉතා දරුණුවට යන කාලේ තමයි මේක වෙන්නේ. මෙහිදී ඔහුට තමන්ගේම හමුදාවේ අයගෙන නොයෙක් අකටයුතුකම් සිද්ධවෙනවා.. ඒ වගේම ඉතාම භයානක සටන් වලටත් මුහුන දෙන්න සිද්ධවෙනවා.. හිතට විරුද්ධව යම් අමානුශික ක්‍රියා සිදුකරන්නත් වෙනවා.. ඒ වගේම ජර්මන් හමුදා සෙබලුන්ට තමන්ගේ හමුදාවෙන්ම සලකන විදිහ ගැනත් මේකේ කියවෙනවා.ඒ සියලු දේ මේ ජර්මන් නිලධාරියාගේ ඇසින් දකින හැටි තමයි මේකේ තියෙන්නේ. අන්තිමේදී මේ නිලධාරියාට යුද්ධය එපා වෙලා පලා යන්න උත්සාහ කරනවා.. ඒක සාර්ථක වෙයිද..? මොහුට අන්තිමේදි මොකද්ද වෙන්නේ..? ජර්මානුවෝ ස්ටාලින්ග්‍රාඩ් අල්ලගන්නවද..? මේවට උත්තර නම් මට කියන්න බෑ ඕං…. බලලම හොයාගන්න..

ත්‍රාසජනක යුධ සටන් වලින් සහ අතිශය මානුශික හැඟීම්බර අවස්ථා වලින් පිරිච්ච මේ චිත්‍රපටිය බැලුවහම අන්තිමට යුද්ධය එපා වෙනවා.. යුද්ධයකදී සෙබලුන් ඉන්නේ මොන මානසික තත්වයකද කියලා මේකේ සමහර දෙබස් වලින් හොඳට පැහැදිලි වෙනවා…ඉතිං කට්ටියත් මේක අරන් බලන්න.. ඔයාලගේ කාලය අපතේ යන්නේ නම් නෑ…

ලිපිය – කවිමල්

52 comments

  1. Lasantha

    thanks.

  2. Viraj

    Thank You Very Much!!!!

  3. uda

    නියමයි මචං, ස්තූතියි
    පළමු එක එළම කිරි; මගේ සුභපැතුම්, යාළු!

  4. chamila

    thanks

  5. dana

    bala balala kiyannam kiyana tharam hodada kiyala

  6. අමල් ප්‍රසාද් සමරවීර

    me gena math ahala thiyenawa... film1 balalama wisthare kiyannamkooo... thnxxxxxx

  7. dinnu

    niyamai saho.ohoma yamu.
    jayawewa!!!

  8. Edgar

    Kavimal bro. wish you all the best.

  9. Akalanka Yapa

    thanxxx

  10. Dinusha

    patta para...thnx macha

  11. tin tin

    aiyoooo me war movies walata comments watenawa aduine.
    mewane films.
    patta ahhh.

  12. AL1717

    First Post Ekata Onna Mamath Wish Karanawa

    Thanks Machan Me Movie Ekata

    Jaya Wewaaa

  13. Sha

    War nam etin banne natuwa bane. onna danawa list 1ta. ;)

    Thankzzzzz film 1a dunnata :D

  14. කවිමල්

    ස්තූතියි ඔක්කොටම... ඉස්සරහට තව ඒවා හොයලා දාන්නම්... :)

  15. Dilshan

    Tnx...

  16. Anonymous

    thanx yaar

  17. hasa

    ela , mamath kamati mee wage ewwata tama. digatama daanna. tnks.

    1. hasan22114

      meke sub nane bn

  18. Udaya සාලින්ද

    thanks saho....

  19. Anonymous

    sinhala subtitles ekka patta films tikak dennako tawa...

  20. Anonymous

    puluwannam reservoir dogs ekatai godfather 1 and 2 sinhala subtitles ekka dendoooo

  21. Jayan Chamal

    ela ela balamau pena vidiyatanam gindara vage balama balamu thanks machan

  22. සකලදත්ත

    ලිපියට පිං. මූවිය පට්ට. ඒත මට අවුලක් තියනව.

    ඇයි මේ ලිපියෙ අයිතිය සහ උපුටාගැනීමට අවසර ඕන කියන්නෙ? මේ ලිපිය තනිකරම තියෙන්නෙ මේ පිල්ම් එක ගැන. ඒක මේක කරපු සහෝගෙ අයිතියක් නෙවෙයි. එහෙමනම් පිලුම් එක හදපු අයට පුලුවං මේ ලිපියට නඩු දාන්න. තව කවුරු හරි කපුටා ගැන රචනයක් ලිවුවොත් ඒකට කොපි රයිට්ස් තියනවද? අනික ඉතිං මේ ලියුම වෙන කෙනෙකුට කොපි කරගෙන ඇති පලේ මොකද්ද?

    සහෝ, අමනාප වෙන්න එපා, ප්‍රයෝජනවත් දෙයක් කරල ඒක විහිලුවට ලක්වෙන දෙයකුත් ඒක එක්කම තියන්න එපා. එතකොට කරපු වැඩේ අපරාදෙ. හිත රිදුනනම් සමා වෙන්න.

    1. වාසල

      @සකලදත්ත,
      නෑ සහෝ... අපි එහෙම දාන්නේ ෆිල්ම් එක ගැන නෙමෙයි... මේ ලියූ ලිපියේ අයිතිය තියෙන්නේ ඒ සහෝදරයටනේ.. ඉතින් ඒක වෙනත් කටයුත්තකට ( වෙනත් බ්ලොග් එකක පලකරන්න) යොදා ගන්නවනම් ඒ සහෝදරයගෙන් අවසරයක් ගත යුතුයි නේද...

      අනික කපුටා ගැන කෙනෙක් රචනයක් ලිව්වානම් එහි අයිතිය ඔහුට බවයි මගේ හැඟීම නම්...

      කිසිදු සිත්රිදීමක් උනේ නෑ...ඒ වගේම මෙවන් ප්‍රතිචාරත් අපි බලාපොරොත්තුවෙනවා

      ප්‍රතිචාරයට ස්තූතියි...

  23. සකලදත්ත

    @වාසල,

    වාසල සහෝ, මමත් කිවුවෙ මේ මූවිඑක ගැන නෙවෙයි, ලිපිය ගැන. කොපි රයිට්ස් තියාගන්නෙ ඒ වගේ තත්වයකට ගැලපෙන දේකටනෙ. කපුට ගැන කිව්වෙ ඒක පැහැදිලි කරන්න. ඕනම කෙනෙකුට මේ මූවි එක බලල තමන්ට හිතෙන හැගෙන දේ ලියන්න පුළුවන්, ඒවගේ දෙයක් අන්ති අයට ප්‍රයෝජන බව මම පිලිගන්නව. මටත් මේක ප්‍රයෝජනවත් වුනා. ඉංග්‍රීසි දැනුම මදි නිසා.

    මම කියන්නෙ ඒක නෙවෙයි, කොපි රයිට්ස් කියන එකට ගැලපෙන දේකට ඒක පාවිච්චි කරන්න. අඩු තරමෙ සබ් වලට කමක්නෑ. හරිනම් ඒකත් බෑ, හේතුව සිංහල සබ් හදන්නෙ වෙන කෙනෙකුගෙ ඉංග්‍රීසි සබ් එඩිට් කරලනෙ. ඒත් කමක්නෑ එතන වෙහෙසක් දරල නිශ්පාදනයක් වෙන නිසා.

    මේ ලිපි සහ සබ් මමත් රස විදිනව, ඒකෙ හංගන් දෙයක් නෑ. ඒවට ඉස්තුතියි. ඒත් නොගැලපෙන විදියෙ වටිනාකමක් පෙන්නන්න හදන්න එපා. ආරෝවක් නෙවෙයි, මම කැමතිනෑ නිරපරාදෙ, වටිනා සේවයක් සවුත්තු වෙනවට, ඒකයි.

  24. කවිමල්

    @ සකලදත්ත

    කොපිරයිට් ගැන දාලා තියෙන්නේ ඒක මේ බයිස්කෝප් අඩවියේ පාලකයින්ගේ තීරණයක් නිසා මම හිතන්නේ. මොකද මේ දේවල් වෙන කවුරුත් ලියන දේ නෙමෙයිනේ. මේ අඩවියට සහයෝගය දෙන පුදගලයින් ලියලා දෙන ඒවා තමයි මෙහෙම දාන්නේ. ඉතිං මෙච්චර වියදමක් දරලා හැමෝටම නොමිලේ සේවයක් කරන අඩවියක දෙයක් හොරෙන් අවසරයක් නැතුව අරන් පලකරන එක ගැලපෙන්නේ නැහැනේ. අන්න ඒක නිසා වෙන්න ඕනේ කොපිරයිට් කතාව දාලා ඇත්තේ.

  25. කවිමල්

    @වාසල

    මම මේ ලියපු ලිපිය සහ ඉස්සරහට ලියන සියලුම දේ බයිස්කෝප් අඩවිය සතුයි. ඒවාට මම අයිතිවාසිකම් කියන්නේ නෑ. ඔබට ඕනෑම විදිහකට ඒවා පාවිච්චි කිරීමට පුලුවන් සහෝ..

  26. රාම් රාජ්

    thaks

  27. Anonymous

    godfather patta movie eka tama. math oyagollangen karunikawa illanawa godfather ekata puluwannam sinhala sub denna kiyala....

  28. Anonymous

    THANK YOU MALKAVI !!! DOWNLOADING . . .

  29. හේමාල්

    HANK YOU MALKAVI !!! DOWNLOADING . . .

  30. Indika

    මම මේක කලින් බැලුවා. පට්ට ෆිල්ම් එකක්. නමුත් මේකට වැඩිය හොඳයි Enimy at The Gates කියන එක. ස්ටාලින්ග්‍රෑඩයේ ඒ තිබුනු බියකරු බව නියමෙටම දෙන ෆිල්ම් දෙකක්.

  31. Anonymous

    thnx

  32. ashan suranga

    man bewooooooooooo

  33. Uraj Deemantha

    යුද්ධ වලට කැමති නැති උනත් මේ කතාව කියෙව්වහම බාන්න හිතුනා .... :)

  34. oska

    el a ela

  35. upul

    Good Luck Machan

  36. chandima

    නියම ෆිල්ම් එක...... ස්තුති වේවා....

  37. දර්ශන

    බොහොම ස්තුතියි...!!!

  38. pasan bhasura

    kavimal ube link wada karnet na bn....patta bora.......shit

  39. hasan22114

    sub nadda

  40. ybuddhika

    sub eka download karanna pennanne nane e mokada

  41. rumeshchathuranga

    Sub nadda

  42. anura silva

    ගොඩක් හොඳයි

    1. anura silva

      කෝ මල්ලී උප සිරසි

  43. Lakshansilva18

    Sub please

  44. tharindu gunarathna

    sinhala sub plz

  45. tharindu gunarathna

    SUB PLZ

  46. Anonymous

    Subtitle na ne

  47. Anonymous

    GOOD ONE

  48. www

    ko sub

  49. Anonymous

    කෝ බොල සබ් එක. මීට වැඩිය හොදයි.....