Watch Trailer

Stand by Me Doraemon (2014) Sinhala Subtitles | මගේ සහයට ඩොරයිමොන් [සිංහල උපසිරසි]

සුබ දවසක් වේවා මගෙ හිතවතුනි. අදත් ඇනිමේෂන් රසිකයන් වෙනුවෙන් මම අරගෙන ආවෙ ජපානයෙ ගොඩක් ජනප්‍රිය මන්ගා චරිතයක් පාදක කරගෙන හදපු අතිශයින්ම ජනප්‍රිය චිත්‍රපටියක්. සමහරුනම් දැනටමත් Doraemon ගැන දන්නවත් ඇති. මොකද මේ වටා කාටූන්, සෙල්ලම් බඩු, චිත්‍රකතා පොත්, කතන්දර පොත් පමණක් නෙවෙයි විදුලි සහ ගෘහභාණ්ඩ පවා න…

සුබ දවසක් වේවා මගෙ හිතවතුනි. අදත් ඇනිමේෂන් රසිකයන් වෙනුවෙන් මම අරගෙන ආවෙ ජපානයෙ ගොඩක් ජනප්‍රිය මන්ගා චරිතයක් පාදක කරගෙන හදපු අතිශයින්ම ජනප්‍රිය චිත්‍රපටියක්. සමහරුනම් දැනටමත් Doraemon ගැන දන්නවත් ඇති. මොකද මේ වටා කාටූන්, සෙල්ලම් බඩු, චිත්‍රකතා පොත්, කතන්දර පොත් පමණක් නෙවෙයි විදුලි සහ ගෘහභාණ්ඩ පවා නිර්මාණය වෙලා තියෙන හින්දා. අනිත් එක මම මේක කරන්න තීරණය කලේ මේ චිත්‍රපටියෙ දෙවනි එක මේ අවුරුද්දෙ නිකුත් උන හින්දා. මේක ඔයාලට දෙනවත් එක්කම මම ඒකෙත් වැඩ පටන්ගන්නවා. ඉතිං ඔයාලට මේකත් එක්කම ඒකත් බලන්න පුළුවන්. ඒවගේම යාළුවනේ බය නැතිව කියන්න පුළුවන් කම්මැලි කමක් නැතුව එක දිගටම පවුලෙ හැමෝමත් එක්ක බලන්න පුළුවන් කතාවක් කියලා. ඉතිං මම ආරාධනා කරනවා මේ නිවාඩු කාලයෙ මේක බලන්න එකතු වෙන්න කියලා.

ඉතිං යාළුවනේ මේ කතාව ගැනත් ඔයාලට ටිකක් කියන්නම්. කතාව මෙහෙමයි, නෝබි කියන්නෙ ඉතාම සාමාන්‍ය අවුරුදු හතක අටක ළමයෙක්. මොනතරම් සාමාන්‍යයිද කියනවනම් එයාට කියලා කිසිම විශේෂිත හැකියාවක්වත් දක්ෂතාවයක්වත් පිහිටලා නෑ. කොටින්ම කියනවනම් මෙයා ඉගෙනගන්නවත් ක්‍රීඩාවලටවත් කිසිම දේකට දක්ෂ නෑ. ඉගෙනගන්න කම්මැලි, ඉගෙනගන්න කිසිම දෙයක් මතක නොහිටින, අනිත් අයගෙ විහිළුවට අඩත්තේට්ටම් වලට නිතරම ලක්වෙන හරිම ඔතෑනි ළමයෙක්. ඉතිං ගොඩක් වෙලාවට විභාග වලදි මෙයා ගන්නෙ ලකුණු බින්දුවයි. අනිත් හැමෝම මෙයාට අපහාස කරද්දි ෂිසුකා කියන මෙයාගෙ පන්තියෙ ඉන්න ගෑනු ළමයා විතරක් හැමවෙලේම මෙයාට කාරුණික වෙනවා. මෙයත් හිත යටින් ෂිසුකාට පැණි හල හල ඉන්නෙ. ඉතිං එක දවසක් මහ අරුම පුදුම දෙයක් වෙනවා. ඒ තමයි නෝබිගෙ කාමරේ තියෙන ලාච්චුවෙන් ආගන්තුකයො දෙන්නෙක් එනවා. එයාල තමයි සෝබි කියන අනාගතේ මෙයාගෙ මුණුපුරාගෙ මුණුපුරා. අනිත් කෙනා තමයි 22වෙනි සියවසේ හදපු Doraemon කියන පූස් හැඩයක් තියෙන රොබෝ කෙනෙක්. ඔව්, ඔයාලා හරි. එයාලා ඇවිත් තියෙන්නෙ අනාගතෙන් තමයි. ඒකට හේතුවක් තියෙනවා. මේ නෝබිගෙ අලස, අදක්ෂකම් හින්දා එයාගෙන් පස්සෙ හැම පරම්පරාවක්ම දුප්පත් වෙලා තමයි ඉඳලා තියෙන්නෙ. ඉතිං නෝබිව වෙනස් කරලා අනිත් හැමෝගෙම අනාගතය ලස්සන කරගන්න එක තමයි සෝබිගෙ අරමුණ. ඒ වෙනුවෙන් තමයි මෙයා ඩොරයිමොන්ව අරගෙන ඇවිත් තියෙන්නෙ. නෝබිත් එක්ක ඉඳලා එයාගෙ අනාගතය වෙනස් කරගන්න උදව් කරන්න. ඒවගේම නෝබි එයාගෙ ජීවිතේ සතුට හොයාගන්නකල් ඩොරයිමොන්ට ආපහු අනාගතයට යන්න බෑ. ඉතිං ඔහොම තමයි කතාව පටන්ගන්නෙ. මෙතන ඉඳන් ලස්සන කතාවක් ගලාගෙන යනවා.

ඉතිං නෝබි එයාගෙ අනාගතය වෙනස් කරගනීද, එයාගෙ ජීවිතය හැඩගස්වගනීද, එයාගෙ ජීවිතේ තියෙන නියම සතුට මොකක්ද, ඩොරයිමොන්ට ආපහු අනාගතයට යන්න පුළුවන් වෙයිද, නෝබිට ෂිසුකාව සෙට් කරගන්න පුළුවන් වේවිද කියලා ඔයාලම බලන්නකො.

මම ඔයාලට කියන්න ඕනෙ මේ චිත්‍රපටිය සම්මාන තුනක් සහ එක් නාමයෝජනාවකට පාත්‍ර වෙලා තියෙනවා. ඒවා තමයි,
• Awards of the Japanese Academy (2015) – Best Animation Film
• Tokyo Anime Awards (2015) – Animation Of The Year
• Tokyo Anime Awards (2015) – Notable Entry

එතකොට නාමයෝජනා වෙලා තියෙන්නෙ,
• Il Festival Nazionale del Doppiaggio Voci nell’Ombra (2015) – Best Cartoon Voice වෙනුවෙන්.

මේ සුපිරි නිර්මාණයෙ දායකයන් ගැන බලමු. මේකෙ අධ්‍යක්ෂකවරු තුන්දෙනෙක්ම ඉන්නවා. ඒ තමයි Tony Oliver, Ryuichi Yagi, Takashi Yamazaki. එතකොට රචනා කරලා තියෙන්න්නනෙත් දෙන්නෙක්. මන්ගා කතාවෙ අයිතිය හිමිවෙන්නෙ Fujio F. Fujikoට. චිත්‍රපටියෙ රචනා අයිතිය තියෙන්නෙ Takashi Yamazakiට. මේකෙ ප්‍රධාන චරිත වලට හඬ කවලා තියෙන්නෙ Wasabi Mizuta, Megumi Ohara, Yumi Kakazu, Subaru Kimura, Tomokazu Seki, Satoshi Tsumabuki යන අය. IMDb දර්ශකයෙ 7.4ක අගයක් මේ වෙනකොට ලබාගෙන තියෙනවා. මේක Animation, Comedy, Drama කියන වර්ගීකරණයන්ට අඩංගු වෙනවා. ධාවන කාලය විනාඩි 95ක්. මුලින්ම මේක ජපානයෙ ප්‍රදර්ශනය ආරම්භ කරලා තියෙන්නෙ 2015 අගෝස්තු 8 වෙනිදා. විශේෂයෙන්ම මේ සළරුව ගැන කියන්න තියෙන්නෙ මේ දේවල් තමයි. එහෙමනම් ආයෙමත් වතාවක් ඉල්ලනවා මේක බලන්න එකතු වෙන්න කියලා.

එහෙනම් මේක ඔයාලට දීලා මම යනවා මේකෙ දෙවනි එකේ වැඩ පටන්ගන්න. ඉක්මනින්ම ඒකත් අරගෙන එන්නම්. එතකල් පරිස්සමෙන් සෞඛ්‍යාරක්ෂිතව නිරෝගිමත්ව පුළුවන් හැම වෙලාවෙම ගෙදරටම වෙලා ඉන්න බලන්න. හැමදාම අපිත් එක්ක එකතුවෙලා ඉන්න, කමෙන්ට් එකකින් හෝ අපිට සහයෝගයක් දක්වන ඔයාලා හැමෝටම ස්තූතියි. එහෙනම් ගිහින් එන්නම්.

ඔබට ජය…!

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරසි BR පිටපත් සඳහා අදාළ වේ.

2,351 downloadsDownload Stand-by-Me-Doraemon-2014.zip36 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ගයාන් චතුරංග” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2017-12-15
SUB MAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Subtitles by

ගයාන් චතුරංග

Subtitles

2,351 downloadsDownload Subtitles36 KB

13 comments

  1. chanu mikhail

    sub ekata thanks
    jaya..!

  2. Ishan Madusha

    නියමයි සහෝ.බොහොම ස්තූතියි සබ් එකට

  3. tharindujp

    ありがとうございました

  4. Supun Kaushalya

    තෑන්ක්ස් සබ් එකට සහෝ

  5. Pramod

    Thanks bro sub ekata

  6. Nilush Angana

    Sub ekata thanx

  7. Janidu

    ගොඩක් ආසාවෙන් බලපු Movie එක්ක.
    Subtitle එකට තෑනක්ස්.
    ඉදිරියටත් කරගෙන යමු.

  8. Janidu

    ගොඩක් ආසාවෙන් බලපු Movie එක්ක.
    Subtitle එකට තෑනක්ස්.
    ඉදිරියටත් කරගෙන යමු.

  9. Buddhika Lakmal

    ♠♣...බොහෝම ස්තූතියි උපසිරැසියට... ♠♦

  10. හසිත මධුෂාන්

    සබ් එකට බොහොම ස්තූතියි සහෝ....!

  11. Nipun

    Thank you

  12. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  13. Tharidu Sagara

    සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
    බුදු සරණයි!!ජය වේවා!!!