Star Wars: The Mandalorian and Grogu (2026) Sinhala Subtitles කොහොමඳ ඉතිං හැමෝටම! ඇත්තටම මේ වැඩේ නම් කරගන්න සෑහෙන්න පරක්කු වුනා, මොකද මේක හදන්න මට බාරදීලා දැන් සති දෙකකට කිට්ටුයි. වැඩ එක්ක පොඩ්ඩක් බිසී වෙලා හිටියේ. කොහොම හරි කමක් නෑ ඉතිං මේ ඇවිල්ලා Star Wars: The Mandalorian and Grogu කියන මූවී එක.…

කොහොමඳ ඉතිං හැමෝටම! ඇත්තටම මේ වැඩේ නම් කරගන්න සෑහෙන්න පරක්කු වුනා, මොකද මේක හදන්න මට බාරදීලා දැන් සති දෙකකට කිට්ටුයි. වැඩ එක්ක පොඩ්ඩක් බිසී වෙලා හිටියේ. කොහොම හරි කමක් නෑ ඉතිං මේ ඇවිල්ලා Star Wars: The Mandalorian and Grogu කියන මූවී එක. ගොඩක් කට්ටිය මේක දන්නවා ඇති මොකද The Mandalorian කතාමාලාවේ Sequel එකක් වගේ තමයි මේ ෆිල්ම් එක හැදිලා තියෙන්නේ. ඒ නිසා මුලින්ම කියන්නම් The Mandalorian සීරිස් එක නොබලපු අය මේක බලන්න එපා සීරිස් එක බලලා එන්න. හරි එහෙනම් මම පොඩියට මේකේ කතාව යන විදිහ යටින් දාන්නම් ලොකුවට ස්පොයිල් නැති වෙන්න…
අපේ හැමෝම දන්න “මැන්ඩෝ” එයාගේ පුංචි යාළුවා “ග්‍රොගු” එක්ක එකතු වෙලා, නිව් රිපබ්ලික් එක වෙනුවෙන් ගැලැක්සි එක පුරාම යන භයානක මිෂන් තාමත් බාරගන්නවා. මෙයාගේ අලුත්ම වැඩේ නං පටන් ගන්නේ හරිම සිම්පල් බවුන්ටි හන්ට් එකක් විදිහට. ඒත් ප්‍රසිද්ධ “ජැබා ද හට්”ගේ පුතා වෙන “රොටා”ව බේරගන්න මැන්ඩෝට සිද්ධ වුණාට පස්සේ වැඩේ සම්පූර්ණයෙන්ම වෙනස් වෙනවා. නෝමල් මිෂන් එකක් කියලා හිතාගෙන බැස්සට, අන්තිමේදී මැන්ඩෝ මැදිවෙන්නේ පාතාල කල්ලියි, රහස් කුමන්ත්‍රණයි, එක එක අයගේ අමුතු ගේම් අස්සෙයි!
රොටාව හොයාගෙන යන අතරතුර මැන්ඩෝට තේරෙනවා මේ කිසිම දෙයක් පේන තරම් සරල නෑ කියලා. හට් පවුලේ මේ අකමැත්තෙන් ඉන්න උරුමක්කාරයටත් තමන්ගේම කියලා ලොකු ප්ලෑන් වගයක් තියෙනවා. ඒ අස්සේ පාතාලයේ ලොක්කොයි, අද්භූත වෝලෝඩ්ලයි පිටිපස්සෙන් ඉඳන් නූල් සූත්තර අදිනවා. මැරෙන තරම් අමාරු ඇරීනා සටන්, හිතුවෙවත් නැති යාළුකම්, සහ පස්සෙන්ම පන්නන බවුන්ටි හන්ටර්ලා මැද්දෙන් ජීවත් වෙන්න නම් මැන්ඩෝට එයාගේ පට්ට ෆයිටින්ග් ස්කිල්ස්, මොළේ, සහ ග්‍රොගුගේ එකෙන්ම ලැබෙන සපෝට් එක විතරයි පිහිටට තියෙන්නේ.
මේ ඇඩ්වෙන්චර් එක අන්තිමේදී මුළු ගැලැක්සියම හොල්ලන ලොකු යුද්ධයක් බවට පත්වෙනවා. පට්ට ඇක්ෂන්, පිටිපස්සෙන් පිහියෙන් අනින වැඩ, සහ මැන්ඩෝගේ ආත්මගෞරවය උරගා බලන අමාරු තීරණ ගොඩක් මැද්දෙන් තමයි කතාව යන්නේ. ගමන අතරතුර, කාලයක් තිස්සේ හැංගිලා තිබ්බ රහස් එලියට එනකොට තමයි තේරෙන්නේ මේක කවුරුත් හිතුවට වඩා ලොකු කුමන්ත්‍රණයක කෑල්ලක් කියලා! නියම ඇක්ෂන්, හදවතට වදින මොහොතවල් සහ ක්ලැසික් Star Wars ගතියත් එක්ක, මැන්ඩෝ සහ ග්‍රොගු අතර තියෙන බැඳීම තවත් වැඩි කරන මාරම ගමනක් තමයි මේක. එහෙනම් ජය වේවා!
Star Wars: The Mandalorian and Grogu (2026) Sinhala Subtitles
Due to copyright issues, we no longer provide any download links.
ලබා දී ඇති උපසිරැසි WEB පිටපත් සඳහා පමණක් අදාළ වේ.
1,040 downloadsDownload Star-Wars.The-Mandalorian-and-Grogu-2026.zip30 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “අතුල සංජීව” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank
BRONZE MEMBER
JOINING DATE – 2026-02-03
SUB-MAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Star Wars: The Mandalorian and Grogu Sinhala Subtitles
Subtitles by
අතුල සංජීව
Subtitles
- #Editor's Pick
- #MaxxA
- #Must Watch
- #Offbeat
- #Sinhala Subtitle
- #Sinhala Subtitles
- #Star Wars: The Mandalorian and Grogu (2026) Sinhala Sub
- #Star Wars: The Mandalorian and Grogu (2026) Sinhala Subtitles
- #Star Wars: The Mandalorian and Grogu Sinhala Sub
- #Star Wars: The Mandalorian and Grogu Sinhala Subtitles
- #Sub
- #Subhan
- #Subs
- #subtitle
- #Subtitles
- #You Decide
- #අතුල සංජීව
- #උපසිරැසි
- #සබ්
- #සබ්ටයිටල්ස්
- #සබ්ටයිට්ල්
- #සිංහල
- #සිංහල උපසිරසි
- #සිංහල උපසිරැසි
- #සිංහල සබ්
- #සිංහල සබ්ටයිටල්
- #සිංහල සබ්ටයිටල්ස්
- #සිංහල සබ්ටයිට්ල්
2 comments
Buddhika laKMal
Gihan
සිංහල උපසිරැසියට බොහෝම ස්තූති
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie
තෑන්ක්ස් මචෝ මේකට සබ්එක දුන්නට