මුලින්ම ස්තූතිවන්ත වෙන්න ඕනෙ මම කලින් කරපු ” The Snow Walker (2003) සුබ ගමන්, මා සොයුරානෙනි. ” උපසිරැසියට එක වචනෙකින් හරි මට ස්තූති කරපු හැම දෙනාටම. මොකද ඒ දිරි ගැන්වීම් නිසා තමයි මොන තරම් කාර්යබහුල උනත් මේ වෙනුවෙනුත් කාලය වෙන් කර ගන්න පුලුවන් උනේ. මම මේ පාර උපසිරැසියක් කරන්න තෝර ගත්තෙ මටත් අහම්බෙක…
මුලින්ම ස්තූතිවන්ත වෙන්න ඕනෙ මම කලින් කරපු ” The Snow Walker (2003) සුබ ගමන්, මා සොයුරානෙනි. ” උපසිරැසියට එක වචනෙකින් හරි මට ස්තූති කරපු හැම දෙනාටම. මොකද ඒ දිරි ගැන්වීම් නිසා තමයි මොන තරම් කාර්යබහුල උනත් මේ වෙනුවෙනුත් කාලය වෙන් කර ගන්න පුලුවන් උනේ.
මම මේ පාර උපසිරැසියක් කරන්න තෝර ගත්තෙ මටත් අහම්බෙකින් වගේ බලන්න ලැබුන පට්ටම ෆිල්ම් එකකටයි. IMDb දර්ශකයේ 6.9 ක් ලබා ගත්තු සම්මානනීය සිනමා සිත්තමක්. මටත් මේ ෆිල්ම් එක ගැන කිව්වේ Sajmadu නමින් කමෙන්ට් කරපු කෙනෙක්. අවංකවම කියනවා නං ඒ කමෙන්ට් එක දකින තුරුම මේ ෆිල්ම් එක මම බලලාවත් අහලාවත් තිබ්බෙ නෑ. නමින් නොදන්නවා උනත් Sajmaduට ඒ වෙනුවෙන් ස්තූතිවන්ත වෙනවා. මේ ෆිල්ම් එක The Sixth Sense, Shutter Island, If I Stay ෆිල්ම් වර්ගයේ එකක් කියලා දැනගත්තු ගමන්ම බාගත්තු මම ෆිල්ම් එක ඉවර වෙනවත් එක්කම සබ් එකත් කරන්න බාර අරගෙනයි වැඩේ නතර උනේ. plot twist එහෙමත් නැත්තං බැලුවාම උස්සලා පොලේ ගැහුවා වගේ වෙන ෆිල්ම් බලන්න කැමති අයට මේක සුපිරියටම සෙට් වෙයි. කොටින්ම කිව්වොත් පැය 1යි විනාඩි 40ක් යනකල් උඩට ගත්තු හුස්ම පහලට දාන්න අමතක කරවන ජාතියේ ෆිල්ම් එකක් ලඟදි බලන්න බැරි උනා නං අනිවා මෙන්න හොයපු ෆිල්ම් එක.
සෑම් ෆොස්ටර් කියන්නේ මනෝවෛද්‍යවරයෙක්. එක දවසක හදිසියේම එයාව හම්බ වෙන්න කෙට්ටු සුදුමැලි පාට කලහකාරී තරුණයෙක් එනවා. ඒ හෙන්රි ලේතම්. හෙන්රිට එක එක කටහඩවල් ඇහෙනවා. ඒ වගේම හරිම පුදුමාකාර විදියට හෙන්රිට අනාගතේ ගැන හරියටම අනාවැකි කියන්න පුලුවන් හැකියාවකුත් තියෙනවා. හෙන්රිගේ 21වෙනි උපන්දිනේ යෙදිලා තියෙන සෙනසුරාදා දවසේ හරියටම රෑ 12.00ට එයා සියදිවිනසාගන්න බව සෑම්ට කියනවා. එතනින් පස්සේ තමයි හොදම ටික පටන් ගන්නේ. මොකද සෑම්ට ඕන වෙනවා කොහොම හරි හෙන්රිගේ ජීවිතේ බේර ගන්න. ඒ වෙනුවෙන් දිවා රෑ නොබලා වෙහෙසෙන සෑම්ට මහ පුදුමාකාර විදියේ අත්දැකීමකට මුහුණපාන්න සිද්ද වෙනවා. මෙතනින් එහාට මම මේ ෆිල්ම් එකේ කතාව ගැන කිසිම දෙයක් කියන්නෙ නෑ. මොකද මේක බලලා මිසක් කියවලා රසවිදින්න පුලුවන් ෆිල්ම් එකක් නොවෙන නිසා. වෙනස්ම විදියේ ෆිල්ම් එකක් බලන්න හිතන් ඉන්නවා නං මෙන්න ඔයාලා හොයපු ෆිල්ම් එක..
” අදුරු සීතල රැයක බෲක්ලින් පාලම මත සිදුවන රිය අනතුරක්…..
නිලියකට සිතින් පෙම් බැදි තරුණයෙක්….
සියදිවි නසාගැනීමට උත්සාහ කල සිත්තරාවියක්…..
කලාවේ නාමයෙන් සියදිවිහානිකරගත් සුප්‍රසිද්ධ චිත්‍ර ශිල්පියෙක්…..
අන්ධ චෙස් ශූරයෙක්……
සිහි විකල්වූ මනෝවෛද්‍යවරියක්……..
සිය දෙමාපියන් මරාදැමූ තරුණයෙක්…..
මේ සියල්ල එක්කරමින් සිය අවසන් සුසුම්පොද වා තලයට එක් කල තරුණයෙක්….
අවසරයි නරඹන්න ” දෙලොවක් අතර…..”
තවමත් මේ ෆිල්ම් එක බලන්න ඕනෙ කියල හිතුනෙ නැත්තන් ෆිල්ම් එකේ ට්‍රේල බලලම තීරණයක් ගන්න. නැත්නම් මගේ ලිපි ලිවීමේ අදක්ශතාව හින්දා ඔයාලට පට්ටම ෆිල්ම් එකක් මිස් වෙයි.
ප.ලි
ෆිල්ම් එක මගක් බලාගෙන යනකොට කුතුහලය උපරිම වෙලා දරා ගන්න බැරුව ෆිල්ම් එකේ අන්තිම ටික බලලා එන්න හිතෙයි. මටත් එහෙම හිතුනා. ඒ නිසයි මේ අවවාදය, මොනම හේතුවක් නිසාවත් ෆිල්ම් එකේ අග බලලා මුල බලන්න නං
හිතන්නවත් එපා.. ඒ වගේම සබ් කරන්න මග ඇරුන පරන උනත් හොද ෆිල්ම් තියෙනවා නං පහලින් කමෙන්ට් එකක් දාලා යන්න. පුලුවන් විදියකට කරන්නම්. !

Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරසි BR පිටපත් සඳහා අදාළ වේ.
4,378 downloadsDownload Stay-2005.zip50 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “හසිත මධුෂාන්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2017-01-07
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
හසිත මධුෂාන්
Subtitles
56 comments
salinda wimalaweera
Prabhasoft
thanks bro....
jagath55
Thanks
Nivom
patta bro thanks
indika75
thanks..
pasindu1990
Thnkz sub ekta mchn..gupt kiyna hindi mov ekta pulywan nm sub denna
හසිත මධුෂාන්
කාජලුයි මනීෂා කොයිරාලයි ඉන්න එකක් නේද...?
මම දැනට බාර ගත්තු සබ් ටික ඉවර කරලා
ඒ වෙනකොටත් කවුරුවත් කරන්න බාර අරන් තිබුනේ නැත්නම්
මම කරන්නම් සහෝ...
Chalana
the last ship tv ekata karahn mcn
හසිත මධුෂාන්
සමාවෙන්න සහෝ....
මම වැඩිය TV සීරීස් බලන කෙනෙක් නෙමෙයි.
වැඩි කැමැත්ත තියෙන්නේ ෆිල්ම් වලට තමයි.
මම දන්න විදියට ඔය සීරීස් එකට සබ් දෙනවා....
Kantha_DLA
උපසිරැසියට ගොඩක් ස්තුතියි …
බුදු සරණයි - දෙවි පිහිටයි..!Sajmadu
Thank you.
Sajmadu
K-pax 2001. Ela.
හසිත මධුෂාන්
බොහොම ස්තූතියි සහෝ ඔත්තුවට...
K-PAX ඒලියන් කෙනෙක්ගේ කතාවක් වගේ නේද?
ඔන්න බාන්න දැම්මා...හසිත මධුෂාන්
මේ දැන් බලලා ඉවර කලේ....
මිස් උන තවත් පට්ටම ෆිල්ම් එකක්. දැන් තියෙන දැවෙන ප්‍රශ්නේ "ප්‍රෝට් ඇත්තටම පිටසක්වල ජීවියෙක්ද...?"Sajmadu
Ow.Sinhala sub akak neha aka haritama balanna.
AsithaDilruwan
Patta parana hoda filumak
"Naomi Watts" akkath innwa ne
sab denakm balan hitiye
Ela saho thanksWicki
උප සිරසට බොහොම ස්තුතියි
Kulanjana Maduranga
subata thanks...
SAjith Anthony
උපසිරැසියට බොහෝම ස්තුතියි සහෝ,
ජයෙන් ජයම වේවා...!!හසිත මධුෂාන්
කමෙන්ට් එකක් දාලා යන්න නතර උන හැම කෙනෙක්ටම බොහොම ස්තූතියි...!
sathira529
සබ් එකට තෑන්ක්ස් සහෝදරයා..මගෙත් ප්‍රියතම කැටගරි එක තමයි plot twisting කියන්නෙ..මේක නම් මටත් අලුත් එකක්.අනිවා බැලිල්ලක් තමයි..මටත් film එකක් ගැන ඔත්තුවක් තියෙනව දෙන්න..primal fear කියල ෆිල්ම් එකක් තියෙනවා..Robert gere,Edward nortan වගේ පට්ට සෙට් එකක් ඉන්නෙ..අන්තිමට පිස්සු හැදෙන ප්ලොට් එකක් තියෙන්නෙ..බලල හොඳ නම් සබ් එක කරන්න..මේකට ආයෙත් තෑන්ක්ස්
හසිත මධුෂාන්
ඔත්තුවට බොහොම ස්තූතියි සහෝ....
මාත් අහල තියෙනවා ඕක පට්ටම ෆිල්ම් එකක් කියලා. මමත් තවම බලලා නෑ හැබැයි. අදම බලන්න ඕනෙ ෆිල්ම් එකක්. බලලාම කියන්නම්.හසිත මධුෂාන්
මමත් ඊයෙ රෑ තමයි බැලුවෙ සහෝ... අන්තිමට නිකං කරකවලා අතඇරියා වගේ.... ඇත්තටම ඉදලා තියෙන්නෙ ඇරොන් නෙවෙයි රෝයිම තමයි කියලා කියනකොට කොහොමද දැනෙන සනීපෙ....? පට්ට ෆිල්ම් එකක් සහෝ....
ranga11112
Hasitha bohoma sthuthiy...
wisthare dekama balannama ona kiyala hituna.naiva aran balanawa adama...
oyala karana kepa kirimata godak watinawa...
karan kiyana yahapath siyalla sarthaka weva....
theruwansaranaiNivom
ara balanna epaa kiyapu hariyee watema inne holman, mata hithenne. hena patalawillak meka, film eka maru
හසිත මධුෂාන්
මගේ අදහස නං ඊට ටිකක් වෙනස් සහෝ....
එතන තමයි ඇත්තම ජීවත් වෙන මිනිස්සු ඉන්නේ.... අනිත් හැම දෙයක්ම හෙන්රිගේ මනස තුල මැවෙන, ගොඩනැගෙන සිතුවිලි සමුදායක්....
කොහොම උනත් සහෝ ෆිල්ම් එක අපි අපිටම ආවේනික විදියකට රසවිඳිමු...Nivom
ෆිල්ම් එක ගැන උඩ තියන ලිපිය කියෙව්වා එක ලියපු එක හොදයි.. මෙකත් හරියටම ශටර් අයිලන්ඩ් වගේමයි. මෙවගේම හොද කුතුහලයෙන් බලන්න පුලුවන් එව තව දෙන්න. ස්තූතියි!!!!!
bLack_sNow
Thanks shao sub ekata
malinda0138
බොහොම ස්තුතියි සබ් එකට සහෝ
Pushpa shan
mata nam set unee ne broo ..therumak ne nee oii ..
හසිත මධුෂාන්
අපි එක එක්කෙනාගෙ ටේස්ට් එක, ස්ටෝරිය තේරුම් ගන්න විදිය... මේ හැම එකක්ම එක එක්කෙනාට වෙනස්නෙ සහෝ....
දමිත් රත්නායක
සිංහල උපසිරැසියට බොහොම ස්තුතියි හසිත සහෝ.
පරණ ෆිල්ම්ස් වලට සබ් දෙන කෙනෙක් හැටියට වටිනා වැඩක් සහෝ ඔයා කරන්නේ.
ජයෙන් ජය.Tharaka
THANKS..................
lordandha
සබ් එකට ස්තූතී බන්.ඒත් කියපන්කො හරියටම ඒ මොකද උනේ කියල.කල්පනා කරලම පිස්සු වගේ.ෆිල්ම් එක බලපු වෙලාවෙ ඉදන් උස්සල පොලවෙ ගැහුව වගේ.plz hlp me bro
හසිත මධුෂාන්
ෆිල්ම් එක තවම බැලුවේ නැති අය මෙතනින් පහලට මේ කමෙන්ට් එක කියවන්න එපා. මේ කමෙන්ට් එක කියවලා
පස්සේ ෆිල්ම් එක බලන්න ගියොත් එහෙම ඒක නිකං පරිප්පු නැති හෝටලේ වගේ වෙයි. කතාව නොතේරුනොත්
විතරක් ආපහු ඇවිත් මේ කමෙන්ට් එක කියවලා යන්න.මට තේරුන විදියට නං මෙහෙමයි සහෝ ඕකේ ලෝක දෙකක් තියෙනවා.... එකක් තාත්වික ලෝකයක්
අනිත් එක අතාත්වික ලෝකයක්. තාත්වික එක තමයි අපි ජීවත් වෙන ඇත්ත ලෝකේ... අතාත්වික එක
මිය යමින් ඉන්න හෙන්රිගේ හිත ඇතුලේ මැවෙන ලෝකයක්....
මේ ෆිල්ම් එකේදි තාත්වික ලෝකය දකින්න ලැබෙන එකම අවස්ථාව හෙන්රි පදවපු වාහනේ අනතුරට
ලක් වෙන අවස්ථාව සහ ඉන් පසුව සෑම්, ලයිලා ඇතුලු පිරිස හෙන්රිට ප්‍රථමාධාර ලබා දෙන අවස්ථාව. ඒ වෙලාවෙදි
බරපතල විදියට තුවාල ලබපු හෙන්රිගේ මනස තවදුරටත් ජීවිතේ බේර ගන්න සටන් කරනවාද අනතුරේ වගකීම
බාර ගනිමින් තම ආදරනීයයන් සමගින්ම මිය යනවාද කියන තීරණ දෙක ඇතුලේ දෝලනය වෙනවා.
ඒකේ ප්‍රතිඵලයක් විදියට මිය යමින් ඉන්න හෙන්රි එයාට වට පිටාවෙන් ඇසෙන දකින දේවල් ඇසුරින්
එයාගෙ මනස තුල කතාවක් ගොඩ නගා ගන්නවා ඒ ගැන අවසන් තීරණේකට එන්න උදව්වක් වෙන්න. අවසානයේ
අපි දකින්නේ ඒ තීරණ දෙක තුල දෝලනය වෙන ඒ අතාත්වික ලෝකෙයි. ඒ අතාත්වික ලෝකෙදිත්
තාත්වික ලෝකෙදි වගේම සෑම් සහ ලයිලා හෙන්රිගේ ජීවිතේ බේර ගන්න උත්සාහ කරනවා. ඒ අතරේ හෙන්රි
වරදකාරී හැගීමකින් පෙලෙමින් සියදිවි නසා ගන්න උත්සාහ කරනවා.Nivom
ඔව් මම ෆිල්ම් එකේ අන්තිම හරිය දහ වතාවක් විතර බැලුවා.
pasindu jayamaha
machan meka hari,,meka thama wenne..uta awasaana mohothe kathawak hadagannawa,,,wate penna inna aya thama uge kathawa athuleth inne....awasaana mohotha.....anthimata uwa accident eke beraganna try karana kenama thama awasana mohothe eya hada gatta kathawe bera ganna enneth
Nirosha Nirosha
thanks
dhanush4343
සහෝ ලිපිය කියවපුවහම නොබා ඉන්න බැ වගේ, ඔන්න එහෙනං බානවා...බොහොම ස්තුතියි
බොබී
ආයිත් ට්‍රේලරය බලන්න ඕනි නෑ. ලිපිය බැලුවම බලන්න හිතෙනවා. තවත් මේ වගේ නිර්මාණ අපිට අරන් එන්න, සහෝ. ස්තූතියි උපසිරැසියට.
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Lakshansilva18
මටනම් මෙලො දෙයක් තෙරුනෙ නෑ
Lakshansilva18
Sub ekata bohoma ස්තුති
Dharshana Kasun
Thanks...
samdj
https://www.imdb.com/list/ls079000185/ meke thiyena films tika karahanko bn...
හසිත මධුෂාන්
පට්ටම ෆිල්ම් සෙට් එකක් සහෝ....
ලිස්ට් එකේ තියෙන හුගක් ඒවට සබ් දීල තියෙනව මම දන්න විදියට නං....
හැම එකකටම බැරි උනත් තවම සබ් කරලා නැති මේ ලිස්ට් එකේ තියෙන ෆිල්ම් කීපෙකටම සබ් දෙන්නම්. ඒ උනාට ඉතිං කාලය තමයි සහෝ හැම දේකටම ගැටලුව වෙන්නෙ....
බොහොම ස්තූතියි සහෝ දුන්න ඔත්තුවට....
ඒ වගේම සමාවෙන්න සහෝ මේ කමෙන්ට් එක දැක්කෙ අදයි....
sathyajith
Thanks for the sub
tomster
tnx bro.... in bruges flm ekatat sub denna puluwannam
බොබී
හසිත සහෝ කියලා තියෙන තේරුම තමයි එන්නේ. මම විකිපීිඩියා එකෙත් බැලුවා. අන්තිම සීන් එක ඇර, අනිත් ඔක්කොම හෙන්රිගේ හිතේ මැවෙන ඒවා. උපසිරැසියට ස්තූතියි, සහෝ.
surapappa
tnx
sadheerapriyamantha
sub ekata thanks bro.
Saranga J. Liyanagama
Thanks
sanath
julia roberts ge film wala sub denna.
nilanka
thanks
නවෝ
උපසිරැසියට බොහෝම ස්තුතියි
nilanka
thanks.......
Related
![Frame (2026) Sinhala Subtitles | හොඳ මනුස්සයෙක්ද හොඳ ඡායාරූප ශිල්පියෙක්ද? [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/bi-6b4858832e613cd933d7b010-card.webp)
Frame (2026) Sinhala Subtitles | හොඳ මනුස්සයෙක්ද හොඳ ඡායාරූප ශිල්පියෙක්ද? [සිංහල උපසිරසි]
2026MarathiMovie
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
thaks bro