Watch Trailer

Lean On Me (1989) Sinhala Subtitles | හරි අපූරු විදුහල්පති… [සිංහල උපසිරැසි සමග]

Lean on Me කියන්නෙ 1989 වර්ෂයේ නිකුත් වෙච්ච, The karate Kid 1, 2, 3, Rocky V වැනි සිනමාපට අධ්‍යක්ෂණය කළ ජෝන් ජී. ඇවිල්ඩ්සන් නම් අධ්‍යක්ෂකවරයා අතින් අධ්‍යක්ෂණය වුණු සත්‍ය කතාවක් පාදක කරගත් සිනමාපටයක්.කතාවට පාදක වෙන්නෙ ජෝ ක්ලාක්, එහෙමත් නැත්නම් “පිස්සු ජෝ” නම් විදුහල්පතිවරයෙක්, පිරිහීමට පත් වී තිබූ ප…

Lean on Me කියන්නෙ 1989 වර්ෂයේ නිකුත් වෙච්ච, The karate Kid 1, 2, 3, Rocky V වැනි සිනමාපට අධ්‍යක්ෂණය කළ ජෝන් ජී. ඇවිල්ඩ්සන් නම් අධ්‍යක්ෂකවරයා අතින් අධ්‍යක්ෂණය වුණු සත්‍ය කතාවක් පාදක කරගත් සිනමාපටයක්.කතාවට පාදක වෙන්නෙ ජෝ ක්ලාක්, එහෙමත් නැත්නම් “පිස්සු ජෝ” නම් විදුහල්පතිවරයෙක්, පිරිහීමට පත් වී තිබූ පාසලක් ගොඩ ගැනීමට දරන උත්සාහයයි. IMDb දර්ශකයේ 7.4ක අගයක් අර ගැනීමට මේ සිනමාපටය සමත් වෙලා තියෙනවා. කතාව පොඩ්ඩක් බලමු එහෙනම්..

ඊස්ට් හයි ස්කූල් කියන්නෙ නිව් ජර්සි ප්‍රදේශයේ තියෙන උසස් පාසලක්. නමුත් මේ පාසල මත්ද්‍රව්‍ය සහ අපරාධ නිසා පිරිහීමට පත් වෙලයි තියෙන්නෙ. කොච්චරටම පිරිහිලාද කියනවා නම් ළමයින්ට අධ්‍යාපනයට කිසිම උනන්දුවක් නෑ. කොටින්ම ගුරුවරුන්ට පවා මේ අපරාධ නිසා හිරිහැර සිද්ධ වෙනවා. ඉතින් නගරාධිපති බොට්මන්ට ආරංචි වෙනවා මේ පාසල තවත් මේ විදිහට තිබුනොතින් ප්‍රාන්ත පරිපාලනය යටතට පාසල ගන්නවා කියලා. ඉතින් මේක වළක්වගන්න නගරාධිපති පාසල් අධ්‍යක්ෂකවරයෙක් වෙන ෆ්‍රෑන්ක් නැපියර් එක්ක විසඳුමක් සාකච්චා කරනවා. එතනදි තමා එයා මේ පාසල ගොඩ ගන්න නම් ඒ පාසලේම කළින් ගුරුවරයෙක් විදිහට සේවය කරපු ජෝ ක්ලාක් කියන ගුරුවරයාව මේ විදුහලේ අළුත් විදුහල්පතිවරයා විදිහට පත් කරන්න ඕනා කියලා යෝජනා කරන්නෙ. මුලදි නගරාධිපති මේ වැඩේට අකමැති වුණත් වෙන කරන්නම දෙයක් නෑ කියලා ෆ්‍රෑන්ක් පැහැදිළි කරලා දෙන නිසා නගරාධිපතිට ඒ තීරණයට එකඟ වෙන්න වෙනවා. ඉතින් කොහොම නමුත් ජෝට මේ අදහස ෆ්‍රෑන්ක් ගිහිං කිවුවම ජෝ මේ වැඩේට කැමති වෙන්නෙ නෑ. නමුත් අන්තිමේ කැමති වෙනවා. ඉතින් එහෙම මේ කැමති වෙන ජෝට මේ වැඩේ සාර්ථක කරගන්න පුළුවන් වෙයිද? මේ ඉතාමත් පිරිහීමට පත්වෙලා තියෙන පාසල මේ විදුහල්පතිවරයාට ගොඩගන්න පුළුවන් වෙයිද?

කෙනෙක්ට හිතෙයි මේක බලලා වැඩක් නෑ, හරිම පරණ සිනමාපටයක්නේ කියලා. ඒ්ත් මම අාරාධනා කරනවා හැම කෙනක්ටම මේක බලන්න කියලා. ඒ් තරම් ලස්සන කතාවක් මේකෙ. කියන්න බැරි උනා මේකෙ ජෝ විදිහට රංගනයෙන් දායක වෙන්නෙ අපි හැමෝම දන්න මෝගන් ෆ්‍රීමන්.ඉතින් හිතාගන්නකො මේ සිනමාපටය බලන්න වටිනා එකක්ද නැද්ද කියලා.

2011 දෙසැම්බර් 6 බුද්ධිත ප්‍රනාන්දු සොයොයුරා විසින් පල කළ ලිපිය.

මා සිතා සිටියේ මෙම චිත්‍රපටිය සිංහල උපසිරැසි සමඟම ලබා දීමටයි. නමුත් අවසානයේ මාහට එය අවසානයක් කිරීමට නොහැකි විය. මාගේ පළමු බයිස්කොප් ලිපියෙන්ම ඔබලාගෙන් ඒ සඳහා සමාව අයද සිටිමි.

චිත්‍රපටියට පාදක වන්නේ ඇමරිකානු ප්‍රාන්ත පාසලක 1967 වර්ශයේ සිදුවූ සත්‍ය සිදුවීමකි. ඊස්ට් සයිඩ් උසස් පාසල ඇමරිකාවේ නිව් ජර්සි ප්‍රාන්තයේ පිහිටා ඇත. ධනවාදී අදහස් තුල සිරවීසිටි ඇමරිකානු ප්‍රාන්ත පරිපාලනය පාසල් ළමුන්ගේ අධ්‍යාපනික කුසලතා වර්ධනය පසෙකලා තම පෞද්ගලික අවශ්‍යතාවන් ඉටුකරගනු පිණිස පාසල් අධ්‍යාපන ක්‍රියාපටිපාටිය සකසයි. මේ වැඩ පිළිවලට එකල විරුද්ධ වන්නෙ කලු ජාතික ජෝ ක්ලාක් නැමති ගුරුවරයායි. මේ හේතුවෙන් ඔහුව ප්‍රාථමික පන්ති ඉගැන්වීමට ස්ථාන මාරුවක් පාසල් පරිපාලනයෙන් ලබා දෙයි.

මෙසේ අවුරුදු 20කට පසු ඊස්ට් සයිඩ් උසස් විදුහල අන්තයටම පිරිහීයයි. පාසල් පරිපාලනයට ළමුන් අවනත නොවන තත්වයකට පත් වෙයි. මීට සමඟාමීව ඇමරිකානු රජය විසින් රාජ්‍ය අධ්‍යාපන ක්‍රියාපටිපාටිය වෙනස් කිරීමකට බාජනය කර එයට අවනත නොවන පාසල් රජයට පවරාගන්නා බව නිවේදනයකරයි. මේ සඳහා ඔවුන් අවම කුසලතා පරීක්ශණයක් පවත්වා එම පරීක්ශණයෙන් අවම වශයෙන් 75%ක් සමත්විය යුතුයි. නැතහොත් පාසල් වාර දෙකකින් පසු එම පාසල් රජයට පවරාගන්නා බව නිවේදනය කරයි. ඒ මොහොත වනවිට එම පාසලේ එම පරීක්ශණය සමත්ව තිබුනේ 38%ක් පමණි. මෙහිදී කලබල වන ප්‍රාන්ත නගරාධිපති මෙම විභාගයෙන් ලමුන් සමත් කිරීමට හැක්කේ කාට දැයි පාසල් පරිපාලනයෙන් ප්‍රශ්න කරයි. මෙහිදී ඔවුන්ට පාසලෙන් නෙරපා දැමූ කලු ජාතික ජෝ ක්ලාක් නැමති ගුරුවරයා මතකයට නැගේ. වෙන විකල්පයක් නොමැති වීම හේතුවෙන් බලෙන්ම ජෝ ක්ලාක් පිට පාසල් පරිපාලනය බාර කරයි. නමුත් ඔහුට මෙය ලෙසි පහසු කාර්යයක් නොව අභියෝගයකි. ඔහු මේ අඟියෝගය නොයෙක් බාධා මැද ජයගනීද?

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරසි DVD පිටපත් සඳහා පමණක් වලංගු වේ.

1,505 downloadsDownload Lean-On-Me-1989.zip65 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “නිර්මාණි විජේසිංහ” සොයුරියට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

ADMIN MEMBER
JOINING DATE – 2013-02-27
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Subtitles

1,505 downloadsDownload Subtitles65 KB

22 comments

  1. Nishantha jayalath

    Supiri naluwekne inne. Film ekath supiri athi. Thanks bro.

  2. Soori

    බාගෙන තිබුනා කලින්ම.... සබ ගැලපෙනවා ඒකට හරියටම....
    බොහෝම ස්තුතියි නිර්මාණි නංගි උපසිරැසියට...
    ජය...!!!

  3. PasinduDeshan

    සබ් 1 ට ස්තූතියි.....

  4. jagath55

    Thanks

  5. Wicki

    ඔබට බෙහෙවින්ම ස්තුත්යි .

  6. shanlakmal

    sub ekata thuthi. parana unata mewa balanna asai. hoda arthyak thiyena ewa.

  7. AsithaDilruwan

    Ela saho thanks

  8. channamayanthi

    sub error ekak enawa hadanne komada

  9. Kulanjana Maduranga

    subata thanks sis....keep it up....

  10. SAjith Anthony

    උපසිරැසියට බොහෝම ස්තුතියි,
    ජයෙන් ජයම වේවා...!!

  11. Sajmadu

    Ela.k-pax 2001. Karanne.nedda?

  12. inranasingha

    patta

  13. bLack_sNow

    thanks saho sub ekata

  14. malinda0138

    බොහොම ස්තුතියි සබ් එකට... ෆිල්ම් එක ගනිපු කෙනෙක් ඉන්නවා නම් ගනිපු තැනක් කියන්න plz

  15. channamayanthi

    sub eka hariyata enawada

  16. දමිත් රත්නායක

    සිංහල උපසිරැසියට බොහොම ස්තුතියි නිර්මාණි.
    ජයෙන් ජය.

  17. vakchandana

    Lean On Me (1989) Sinhala Subtitles link aka
    baiscopedownloads wala hoya ganna baane

    pl link aka ganna udaw karanna

  18. හසිත මධුෂාන්

    බොහොම ස්තූතියි සබ් එකට.....!

  19. බොබී

    පරණ වුනත් හොඳ කතාවක් ගෙනත් තියෙන්නේ. උපසිරැසියට තුති.

  20. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  21. Kanchaka

    Thanks

  22. Malithsw

    Thanks for the sub

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.