Sthanarthi Sreekuttan (2025) Sinhala Subtitless ආයුබෝවන්.අද තවත් අළුත් මලයාලි චිත්‍රපටයක උප සිරැසියක් ගෙන එනවා. මේකත් ඉතා සරල සුන්දර කතාවක් සහිත කොමඩි ශානරය යටතට වැටෙන චිත්‍රපටයක්.මේ කතාවෙ ලොකු ලොකු දේවල් නෑ. ඒත් බලල රසවිඳින්න පුළුවන් කතා පුවතක්. මේ කතාවට පාදක වෙන්නෙ පාසලක 7C පන්තියේ සිසුන් පිරිසක්…

ආයුබෝවන්.අද තවත් අළුත් මලයාලි චිත්‍රපටයක උප සිරැසියක් ගෙන එනවා. මේකත් ඉතා සරල සුන්දර කතාවක් සහිත කොමඩි ශානරය යටතට වැටෙන චිත්‍රපටයක්.මේ කතාවෙ ලොකු ලොකු දේවල් නෑ. ඒත් බලල රසවිඳින්න පුළුවන් කතා පුවතක්.
මේ කතාවට පාදක වෙන්නෙ පාසලක 7C පන්තියේ සිසුන් පිරිසක් සහ පාසලේ ගුරු මණ්ඩලයයි. විශේෂයෙන්ම ඒ පන්තියේ පසු පෙළක සිටින මිතුරන් කීප දෙනෙක් තමයි ප්‍රධාන භූමිකා රඟ පාන්නේ. ඉතිං ටිකක් දඟ කාර අධ්‍යාපනයට වඩා වෙනත් දේ ගැන අවධානය යොමු කරන ඒත් ඉතා අහිංසක මේ දරුවන්ට පන්ති භාර ගුරුතුමාගෙනුත් ලැබෙන්නෙ අඩු සැලකිල්ලක්. මෙතනත් ගුරුවරයා විසින් ඉගෙනීමට දක්ෂ එක් ශිෂ්‍යයෙක් වෙත වැඩි සැලකිල්ලක් දක්වන ගමන් කලින් කී සිසුන් හට වෙනත් හැන්දකින් තමයි බෙදන්නෙ. පන්තියේ නායක තනතුරට ඡන්දයක් පවත්වන අවස්ථාවක් එනවා. තමන් ප්‍රිය කරන ශිෂ්‍යයා ඒ සඳහා නිතරඟයෙන් පත් කරන්න ඔහු උත්සාහ කලත් කතා නායක ශ්‍රීකුට්ටන් නම් සිසුවා එයට අභියෝග කරමින් තරඟයට ඉදිරිපත් වෙනවා. ඉතින් ඉතා විනෝද ජනක ඡන්ද ව්‍යාපාරයක නියැලෙන ඔහුගේ ජය වලක්වන්න ගුරුවරයා සට කපට උපායක් යොදනවා. ඒ අස්සෙ මේ ගුරුතුමාටත් විදුහල්පති තනතුරට ශීතල යුද්ධයකට යොමු වෙන්න සිද්ධ වෙනවා. අවසානයේ රහස් ඡන්දයක්. කවුරු දිනයිද? මේක බලල තීරණය කරන්න. තම තමන්ගෙ ළමා කාලය ගැන සිහිපත් කර ගන්න ඉතා තාත්විකව ඉදිරිපත් කර තිබෙන මේ කතාවෙ ඡන්ද ව්‍යාපාරෙ නම් අඩු වැඩි වශයෙන් අපේ රටක සාමාන්‍ය ඡන්දයක් හා සමානයි.
අජු වාගීස්, ජෝන් ඇන්තනි, ආනන්ද් මන්මධන්, සයිජු කුරුප් වැනි නළුවන් සමග ළාබාල නළුවන් රැසක් මෙහි දක්ෂ ලෙස චරිත නිරූපනය කරනවා. විනේශ් විශ්වන්ත්ගෙ කුළුඳුල් වෘතාන්ත චිත්‍රපටය.
එහෙනම් තව ලස්සන උපසිරැසියකින් සමග හමු වෙමු
Sthanarthi Sreekuttan (2025) Sinhala Subtitless![]()
Due to copyright issues, we no longer provide any torrent links.
මෙම උපසිරැසිය HQ HDRIP පිටපත් සඳහා පමණක් වලංගු වේ.
1,275 downloadsDownload Sthanarthi-Sreekuttan-2024.zip53 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “BANDULA K” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

GOLD MEMBER
JOINING DATE – 2023-09-10
SUB-MAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Sthanarthi Sreekuttan (2025) Sinhala SubtitlessSubtitles by
BANDULA K
Subtitles
1 comment
Buddhika laKMal
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie

ස්තූතියි බන්දුල සහෝ උපසිරැසියට