HQ HDRIP Update කොහොමද කට්ටියට? අද නම් මට සුවිශේෂි දවසක්. ඒ මොකද නම්, මං මේ උපසිරැසි ගමනේදී පහු කරන පලමු කඩයිම තමා අද දින පසු කරන්නේ. ඒ මගේ 50 වෙනි උපසිරැසි නිර්මාණයයි. ඇත්තම කිව්වොත් දැන් නම් උපසිරැසි 50 පහු කරලා නම් ගොඩාක් දවසක් වෙනවා. ඒත් 50ට ප්‍රසිද්ධ ෆිලුමක් දෙන්න ඕන නිසා, නිළ වශයෙන් 50 වෙනි […

HQ HDRIP Update
කොහොමද කට්ටියට? අද නම් මට සුවිශේෂි දවසක්. ඒ මොකද නම්, මං මේ උපසිරැසි ගමනේදී පහු කරන පලමු කඩයිම තමා අද දින පසු කරන්නේ. ඒ මගේ 50 වෙනි උපසිරැසි නිර්මාණයයි. ඇත්තම කිව්වොත් දැන් නම් උපසිරැසි 50 පහු කරලා නම් ගොඩාක් දවසක් වෙනවා. ඒත් 50ට ප්‍රසිද්ධ ෆිලුමක් දෙන්න ඕන නිසා, නිළ වශයෙන් 50 වෙනි උපසිරැසිය විදිහට අද මේ උපසිරැසිය මම ඔයාලට ලබා දෙනවා. පලමු කඩයිම නිසා, ලිපියකුත් ලියන්න ඕන නිසා, ඔන්න ඒක පහතින් මේ අයුරින් දිග හැරෙනවා.
‘බයිස්කෝප් සිංහලෙන්’ නම් සොදුරු අඩවියට දායක වීමට ලැබීම ලොකු දෙයක් කියලා තමා මාගේ මතය. ප්‍රථම වතාවට මම මේ අඩවිය ගැන දැන ගත්තේ මාගේ යාළුවෙකු මගින්. ඔහු මට චිත්‍රපට ලබා දෙද්දී, එහි උපසිරැසි තුලින් මේ අඩවිය ගැන දැන ගන්න ලැබුනා. ඒ 2011 වසරේදීයි. පසුව ඉතින් කුතුහළයට අඩවියට නිතරම එන්න පුරුදු උනා. ඉස්සර නම් දවසකට එක් උපසිරැසියක් වගේ තමා අඩවියේ පළ උනේ. ඒත් ආසාවට වගේ අඩවියට දවසකට එක පාරක් හරි ආවා. ඊට පස්සේ මටත් මේ වැඩේ කරන්න ආසා හිතිලා, ප්‍රථමයෙන් උපසිරැසි කරුවෙක් ලෙස චැට් කරලා දැන ගත්තේ අපේ සමීර කරුණාරත්න අයියාව තමා. එයා මගින් තමා සිංහල ටයිප් කරන්න හැකි මෘදුකාංග පවා දැන ගත්තේ. පස්සේ ඉස්සර නම් නිතර මේ ගැන දැනුවත් කරා එයා. පස්සේ එයාට කියලම තමා මං මගේ පළමු උපසිරැසි නිර්මාණය කරන්නට ෆිලුමක් වෙන් කර ගත්තේ.
ඒ අයුරින් මාගේ පළමු උපසිරැසි නිර්මාණය විදිහට ලබා දුන්නේ ‘180 (2011)’ කියන දෙමළ චිත්‍රපටයටයි. පස්සේ සමීර අයියා මගෙත් එක්ක චැට් කිරීම මගින් මට දෙමළ දන්න එක ගැන දැන ගෙන බයිස්කෝප් මංසල වෙනුවෙනුත් ලිපි සපයන්න කියලා ඉල්ලා සිටියා. එතකොට එයා තමා මංසලේ වැඩ කරගෙන ගියේ. ඊට පස්සේ දෙමළ ෆිල්ම් ගැන හැකි අයුරින් පොඩි පොඩි ලිපි කෑලී සැපැයූවා. පස්සේ එයාට කියලම තමා, මං මගේ පළමු අසා ලිවීම කරන්න අවසරය ලබා ගත්තේ. ඒ කාලේ මට කාල රාමූ හදන්න දන්නේ නැති නිසා, චමින්ද අයියා (වාසල අයියා) ව මට හදුන්වා දීලා එයා මගින් කාල රාමූ හදා ගැනීමේ වැඩේ කරගන්න සැලැස්සුවා. ඒ අයුරින් මගේ පළමු අසා ලිවීම විදිහට කලේ Endrendrum Punnagai (2013) නම් දෙමල ෆිලුමයි. ඊට පස්සේ ඉතින් ආයේ කාල රාමූ කරලා දීලා උදව් කලේ අපේ හසන්ත අයියා. ඊට පස්සේ සමීර චතුරංග අයියා. ඊටත් පස්සේ ජොනා නොහොත් ගයාන් රූකාන්තයි. ඊලගට සදුන් දනුෂ්ක අයියත් මට මේ වැඩේ කරලා දීලා උදව් දීලා තියෙනවා. පස්සේ තමා මටත් තනියම කාල රාමූ හදන වැඩේ කරගෙන යන්න හැකියාව සහ පළපුරුද්ද ලැබුනේ. පස්සේ ඉතින් විකී අයියාගෙන් නම් ඉන්න ලැබුන් නෑ. මල්ලී මේක කරන්න අරක කරන්න කියලා ගොඩාක් ෆිල්ම් දීලා තියෙනවා. නමුත් මම වෙන්න ඕනේ එයා එහෙම දීපූ ෆිල්ම් 30ක් 40ක් අතරින් 3ක් හෝ 4ක් පමණක් බාර ගෙන අනිත් සියළුම ඒවා ප්‍රතික්ෂේප කරපු පලමු කෙනා. ඊට පස්සේ අපේ ඩොක් අයියා හෙවත් සමීර චතුරංග අයියාගෙනුත් ඉන්න ලැබුන් නෑ. ඒත් එයා දීපූ ෆිල්ම් වලින් ගොඩාක් ඒවා මට කරන්න හැකි උනා. මොකද එයා දුන්නේම දෙමළ ෆිල්ම් නිසා.
මේ අයුරින් ගොඩාක් සෙමින් ගමනක් එනම් 2013 වසරේ ඉදලා 2016 වන තෙක් වසර දෙකා මාරකට වඩා වැඩි කාලයකට පස්සේ තමා මට මගේ 50 වෙනි උපසිරැසි නිර්මාණය කරන්න හැකියාව ලැබුනේ. මේ කාලය තුල මට වගේම සෑම උපසිරැසි කරුවෙකුටම සොදුරු පුද්ගලයින් රැසැක් රට වටින්ම මෙන්ම මෙරටින් ගිහින් පිටරට වලද සිටින අයවත් මුහුණට මුහුණ නොදැක දැන හදුන ගැනීමට හැකියාව ලැබුනා. මටත් ඒ වගේ සහෝදර සහෝදරියන් සෙට් එකක් ගැන දැන හදුන ගැනීමට හැකියාව ලැබුනා. පලමුව සමීර කරුණාරත්න අයියාව ගොඩාක් ආදරයෙන් මතක් කරන්න ඕනේ. මොකද එයා හින්දා තමා මං මෙච්චර දුරක් ආවේ. ඊට පස්සේ වාසල අයියා, විකී අයියා, හසන්ත අයියා, රොයිලි අයියා, සමීර චතුරංග අයියලාව තමා මුලින්ම දැන හදුන ගන්න ලැබුනේ. පස්සේ සුපිරි සෙට් එකක් දැන හදුන ගන්න ලැබුනා. බයිස්කෝප් රෝමීයෝ වන අශාන් විමුක්ති අයියා, ආසිරි අයියා, පැන්තරයා හෙවත් සමන් ප්‍රසාද් අයියා, කාටූන් පමණක් ලබා දෙන ඒත් කොමික් ගැන ඉහළ දැනුමක් තියෙන නිර්මාණී අක්කා, දෙමළ ෆිල්ම් ගැන පිස්සුවෙන් වගේ ඉන්න සදුන් අයියා, ඒ වගේම ඉන්දියන් ෆිල්ම් ගැන පිස්සුවක් දක්වන තාරක නුවන් සහෝ, ගයාන් රූකාන්ත සහෝ, මංසල අතාරින්නේ නැතිව කරගෙන යන තිසර අයියා, අපි දෙන ෆිල්ම් වලට ලස්සන පික් හදලා දෙන නලින් අයියා, ඒ වගේම මට ගොඩාක් උදව් උපකාර කරලා දීලා තියෙන සුපිරි යාලුවෙක් වන වරුණ රංගජිත් අයියා, චලිදු අයියා, යශෝධ අයියා, කැළුම් අයියා, දිමුතු තරංග අයියා, අදිත ප්‍රවීන් සහෝ, රවිදු තේනබදු සහෝ, යුශාන් පියුමාල් අයියා, උදා අයියා, මයුර සහෝ, කාලිංග අයියා, චූටී මල්ලී සහෝ, එල් සී ද මැල් සහෝ, සදුන් විමලවීර අයියා, ඉමේෂ් මල්ලියා, ඉන්ද්‍රජිත් අයියා, ප්‍රණීත් චින්තක අයියා, තව නම් මතක් උනේ නැති අය හිටියා නම් කාරුණිකව සමාවෙන්න කියලා ඉල්ලනවා. මතක් උනු අයගේ නම් ටික තමා දැම්මේ. ඉතින් මෙයාලා මගින් සුළුවෙන් හෝ උදව් උපකාරත් එහෙම ලැබුනා. මේ වැඩේදී උදව් කරපු මේ පිරිසට මාගේ ස්තූතිය මගේ 50 වැනි උපසිරැසි නිර්මාණයේදී ස්තූතිය පුද කරනවා. ඒ වගේම අද මං මෙතැන ඉන්න මූලීකම හේතුව අප ලබා දෙන මෙම උපසිරැසි බාගත කරගෙන අපව දිරිමත් කරන චිත්‍රපට රසික රසිකාවියන් නිසයි. ඒ නිසා ඔයාලට ලොකුම ලොකු ස්තූතිය මම පුද කර සිටිනවා. දිගටම අඩවිය සමග රැදෙමින්, අපව දිරිමත් කරන ලෙසත් ඉල්ලා සිටිනවා.

එහෙනම් අද දෙන ෆිලුම ගැන චුට්ටක් විතර තොරතුරු කියන්නම්. වැඩිය කියන්න ගියොත් ලිපිය බර ලොකු වෙයි කියලා හිතනවා. චිත්‍රපටයේ නම ‘තෙරි’. එනම් එහි තේරුම ‘පුළිගුව’ යන්නයි. මේ වසරේ නිකුත් උනු සුපිරි තත්වයේ වැජබෙන දෙමල සිනමා නළුවෙක් වන විජේගේ චිත්‍රපටයක් තමා මෙය. ගිය වසරේ ඔහුගේ පුළි චිත්‍රපටය හිතපු තරමට වඩා අඩු සාර්ථකත්වයක් තමා ලබා ගත්තේ. එයටත් හරි යන විදිහට මේ චිත්‍රපටය ආදායම් උපයා ගැනීම අතින් ඉතාමත් සාර්ථක විය. ඒ වගේම මේ චිත්‍රපටය අධ්‍යක්ෂනය කරන්නේ ‘රාජා රානී’ නම් ඉතා සාර්ථක චිත්‍රපටය අධ්‍යක්ෂණය කරපු ‘අට්ලී’ නම් අධ්‍යක්ෂක වරයා විසිනි. මේක ඔහුගේ දෙවැනි චිත්‍රපට අධ්‍යක්ෂණයයි. නමුත් ඔහු ලොකු අවධානමක් අරගෙන සුපිරි නළුවෙකු යොදාගෙන ඉතාමත් සාර්ථක වානිජමය චිත්‍රපටයක් යන තේමාවෙන් චිත්‍රපටය අධ්‍යක්ෂනය කලද, ඒ තුළින් පවුලක සෙනෙහස ආදරය මෙන්ම දෙමාපිය දරු සෙනෙහස ගැන ඉතා සංවේදීව කතා කරන චිත්‍රපටයක් බවටද මෙය පත් කරවා ගෙන තමුන් නැවතත් සාර්ථක අධ්‍යක්ෂක වරයෙක් බවට ඔප්පු කරලා තියෙනවා. ප්‍රධාන චරිතය විජේ විසින් රග දක්වයි. ඒ වගේම ප්‍රධාන නිළි චරිත දෙකක් තිබෙන් අතර ඒ සදහා ‘සමන්තා’ මෙන්ම ‘ඇමී ජැක්ශන්’ද දායකත්වය සපයා තිබෙනවා. ඒ වගේම ප්‍රධාන ළමා නිළි චරිතයක් තියෙන අතර එය මීනා නම් හිටපු නිළියගේ දුව වන ‘නයිනිකා’ විසින් ඉතාමත් ලස්සනට රග දක්වා තිබෙනවා. චිත්‍රපටයේ සංගීත අධ්‍යක්ෂනය G.V. ප්‍රකාශ් කුමාර්’ විසිනි. ඒ වගේම මේක ඔහුගේ 50 වෙනි චිත්‍රපට සංගීත අධ්‍යක්ෂනයයි. චිත්‍රපටය නිකුත් වුනේ 2016 අප්‍රේල් 14 වෙනිදාය. ඒ වගේම මේ වන විට චිත්‍රපටය සිය ආදායම ඉන්දීය රුපියල් කෝටී 100 ඉක්මවා ගොස් තිබෙනවා. එමෙන්ම චිත්‍රපටය ලද සාර්ථකත්වය මත මෙහි අධ්‍යක්ෂක වරයා මෙහි දෙවැන්නක් බලාපොරොත්තු වන බව සදහන් වේ.
කතාව චුට්ටක් කියන්නම්. ජෝෂප් කියන්නේ කේරල වලට වසර 5කට කලින් පැමින සාර්තක ජීවිතයක් තම දුව නිවී එක්ක ගත කරයි. දවසක් තම දුව අතින් මැරැයින්ට බැන වැදීමත් සමග ඊට ප්‍රතිචාර දැක්වීමට පැමිණි මැරයෙකුට ඇයගේ පාසල් ගුරුවරිය විසින් තරවටු කිරීමත් සමග, ඊට පළි ගැනීමක් කරන බව පවසමින් ඔවුන් එතනින් පිට වෙනවා . දවසක් මේ නිවී සහ ගුරුවරිය බයික් එකේ පාසල් යද්දී අනතුරට පත් වෙන අතර ඊට අර මැරැයින් සම්බන්ධ බව ගුරුවරිය පොලීසියේ පැමිණිලි කරනවා. මීට නිවීගේ තාත්තා ජෝෂප් තරයේ ප්‍රතික්ෂේප විරුද්ධ වනවා. ඊට පස්සේ ඔහු ගිහින් පොලීස් ස්ටේෂමේ කරලා තිබ්බ පැමිණිල්ල ඉල්ලා අස් කර ගන්නවා. එවිට එතන සිටි පොලිස් නිළධාරියෙක් ජෝෂප්ව කලින් දැක තිබෙන බවත් ඔහු පොලිස් පුහුණු වීම් ස්තානයට ආව බවත් ඔහුගේ නම විජෙයි කුමාර් බවත් පවසනවා. එතැන අර ගුරුවරියත් සිටිනවා. මෙය ජෝෂප් තරයේ ප්‍රතික්ෂේප කරනවා. පස්සේ මේ ගුරුවරිය ජෝෂප් ගැන හොයන්න ගන්නවා. ඇයට මොහු කවුද කියලා සොයා ගත හැකි වෙයිද? ඇත්තටම ජෝෂප් කියන්නේ කවුද? ඒ දරුවා කාගේද? මේවාට උත්තර ෆිලුම තුළ තිබේ.
එහෙනම් මම ගියෝ. ආයේ ඉතින්… පුළුවන් උනොත් උපසිරැසියක් ගේන්නම්කෝ. හැමෝටම ජයෙන් ජයම වේවා!!!
“දරුවන්ව හරියට ගුණ නැණ පහදලා දීලා උස් මහත් කරන්න දන්නේ නැති හැම තාත්තා කෙනෙක්ම, වැරැදි කරුවෙකු තමා”
ජයෙන් ජයම වේවා!
Due to copyright issues, we no longer provide any torrent links.
ලබා දී ඇති උපසිරැසි DVDRIP/ HQ HDRIP පිටපත් සඳහා පමණක් අදාළ වේ.
92,883 downloadsDownload Theri-2016-HQ-HDRIP-Update.zip157 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “සිරාජ් ප්‍රියන්ත” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
සිරාජ් ප්‍රියන්ත
Subtitles
156 comments
rashmi prabashitha
viraj menaka
Congratulations bro..
Sadun Danushka
400MB - 2FBCC06A3B266866A9FDD74D1DA8467EEF486234
700MB - 354FE1E1DB3CDCA77DA1D8C5C9E05E755D7E4D02
1.46GB - 6AFBDE8943CEDA2A0C272FD21B39C5D672DFBAB8
ප්‍රේමකුමාර
සහෝමේ, සබ් එක 700MB කොපියටත් ගැළැපෙනවද?
prasanna sandaruwan
Hash link hoyaganne khmda?
Adeesha Madawa
thanku bro.
සචිත් ලක්ෂාන්
ඔහ් ඉතින් 50ට සුභ පැතුම් සහෝ
100ත් ලගදිම ගහමුTharindu S M
uuuuuuuuuuuuuuuu...mama thamai mulnma feedback kare...godk kal balan hitiya meka enakan nam...thank you bro..a congrats digaatama karamu..ELAMA... : )
sudda
අද මම ඵකටම බානවෝ....... තැන්ක්ස් සබ් වලට සහෝ.
මධුකප්‍රිය පෙරේරා
බොහොම ස්තුතියි සහෝ උපසිරසියට.
ඒවගේම පළමු කඩයිම වෙන 50ට හදවතින්ම
සුබ පතනවා.හෙමින් හෙමින් හරි අත්නොහැර මේ
තරම් දුර ආපු එක ලොකු දෙයක්.ඔයාගේ උපසිරසි මමත්
බලලා තියෙනවා.ආයේ ඉතින් එව්වගේ අඩුපාඩුවක් කියලා දෙයක්
නැහැ කියන්න.සුපිරියටම තියෙනවා.දිගු කාලයක් වැය නොකර ඉක්මනින්ම
100 වෙනි උපසිරැසිය දෙන්න ලැබේවායි ප්‍රාර්ථනා කරනව.ඔබට ජයම වේවා!Nipuna Kisal
Thx bro.enakam balan hitiye.....
Chamal Perera
50 වෙනි උපසිරසට මගෙන් සුභ පැතුම්.....ඉදිරියටත් උපසිරස කිරිමට ශක්තිය දෛවය ලැබෙවා... උපසිරසට තුති.
Sisira Hegoda
මේ බයිස්කෝප් වෙබ් අඩවිය අපේ ම එකක් විදියටයි හිතන්නෙ. එයට ඔබ දැක්වූ දායකත්වයට අමිලයි. මේ පසුකල 50වන පියගැටපෙළ නැග 100 ඉක්මවන්නට ඔබට ධෛර්ය ලැබේවා. අපට එය දකින්නට වාසනාව ලැබේවා.
Ayesh Nadeeshan
Thankz mcn good luck
nishadi wickrama
thank u
Tharendra
thnx.. wait soo long for this movie... again thnx. best luck. keep it up bro...!!! :D
සිසිල ප්‍රසාද්
නියමයි සහෝ..
ඔයාගේ උපසිරසියක් නම් ඉතින් ආයේ අහන්න දෙයක් නෑ.සුපිරියටම තියෙනවා...
50 ට සුබ පැතුම්...
ඉදිරියටම යමු...ජයවේවා....!Hemantha
නියමයි සහෝ.....
50 ට සුබ පැතුම...
ජයවේවා............link aka nene.............
දිල්ශාන් සචින්ත(සචී)
එලබන් ඉදිරියටම යමූ....අපේ ටැමිල් මෝවීස්වල සබ් වලට හොද ඉල්ලුමක් තියෙන්නේ...උබෙයි සදුන් අයියගෙයි අසාලිවීම් හින්ද තමයි......අතාරින්න එපා 100ටත් යමු...ජය වේවා........
Rasheen Mansil
Thanks for sub and Good Luck!!
Hasitha S. Kumara
නියමයි ... සහෝ.... මේක එනකන් තමයි බලන් ඉදියේ,,,,,,
50 ට cngrz.....Ishan
Thanx
Mayura
නියමයි සිරාජ් සහෝ. ෆෑන් බැලුවට පස්සෙ මේකත් තියටර් එකෙන්ම බලන්නයි හිතන් උන්නේ. ඒත් බැරිවුනා. දැන් නම් ඉතින් බලන්නම ඕන. හෙමි හෙමින්ම 100ත් ගහන්න කියලා සුබ පතනවා ඕන්...
Sandaruwan
Ela Ela bro.. man hoya hoya hitiye... godak thanks..... link eka ona ayata menna ehenam link eka....
AAB9E8CFF6D4F70C326E5AC1F2F77F9EE89DCA4A - Googal Search karanna....
good luckIshan
oka download karanna epa.. DvDScr ekak...
KASSA
MOKKDA BN DVDSCR EKAK DUNNE AIYOOOOO
Sajeevi
50 වෙනි උපසිරසියට උණුසුම් සුබ පැතුම්…
aiukumara
50 වෙනි උපසිරැසියට සුබ පැතුම් සිරාජ් !!!
Hash Wanigathunga
download links?
Thiwanka Wijesuriya
extratorrent walin search kranna
Mohamed Nusri
Ela bro..
Great job..
But ogollan mechchara mahansi wela subtitle eka hadanawa wagema eke torrent link ekath dammoth narakada? Ethakotane wade complete wenne.. Ay dan issara wage link eka daanne naththe??Nuwan Chanuka
thanks...50 ta cngrtz...
Duminda
tnx brooooo
dil
godak pin saho......
mithun
50වෙනි උපසිරැසි ගැන්වීමට හදවතින්ම සුභපැතුම් බ්‍රො .
ඔයාට ෆිං දීලම ෆිලුම බානව බොහොම ස්තුතියි උපසිරැසියට .Shashika Laksiri
upasirasata thanxxxxxx.....
Darshana
Sub ekata thanks bro.
Lukshan Waruna Livehitz
Tamilrockers eke tiyena 1 4gb copy ekata me sub eka galapenwada?
රයන් ද සිල්වා
මේ hash එක බාවිතා කරන්න සහෝ 700mb ලින්ක් එකක්
0F0E977BC8CADE0D0F3EA19A49CF04A8F7CFE02F
රයන් ද සිල්වා
සබ් එකට තුති සිරාජ් සහෝ තවත් සුපිරිම ෆිලුමකින් හමු වෙමු ( 50 සුබ පැතුම් බ්‍රෝ )
෴ ජය වේවා ෴saman
Thanks.
asiri
Maxxaaaaa...all the best
Sanindu Lakkitha
Suba Petum Saho 50 weni nirmanayata.. hoda filmumak toragena tiyenawa... itin 100 weni upasirase nirmanet ekmanata karanna lebewa kiyala prartana karanawa... BEST OF LUCK saho...!!!!
buddhika
oyala karana sewawa nisa thamai ratin pita inna api ape paluwawath maka ganne.....wedata apu gamanma api balanne baiscope eke monawada dala thiyena aluth sub kiyla....hmm oylata poddak teluu saha kannda movie walatath sub denna puluwannam godak hodai..aluth film wala hoda copy tikak awa..masterprice..bengaltiger..khaleja..express raja..shivalinga..ko2..rocky handsome..kanche..mewata puluwannam sub denna..jaya wewa..
තාරක නුවන් දිල්හාර
50 වන උපසිරසියට සුභ පැතුම්
සිරජ්ගේ උපසිරසි ගැන ඉතින් අමුතුවෙන් කියන්න දෙයක් නෑනේ.. සුපිරියි.. කිව්වම ඇති
ඇත්තටම සිරාජ් කියන්නේ බයිස්කෝප් එකට ලොකු සම්පතක්..
සාපේක්ෂ වශයෙන් ගත්තොත් බයිස්කෝප් කණ්ඩායමේ දෙමල චිත්‍රපටි වලට උපසිරසි ගන්වන අය අඩුයි
මීට වසරකට දෙකකට පෙර මේකේ දෙමල කැටගරිය රන් කරපු ඩයල් එකක් තමයි සිරාජ් කියන්නේ.
කටු කාගෙන, විභාග අස්සේ උපසිරැසි කරමින් අඩවියේ දෙමල කැටගරිය පාළු වෙන්න නොදී
අඩවියට ලොකු සේවයක් කරා ඒ දවස්වල. දැනුත් එහෙම තමයි ඉතින්..
ඉතින් හදවතින්ම සතුටුයි උඹ මේ කඩයිම පසු කරන මේ මොහොතේ.
මොකද මං වගේම තවත් ඉන්දියන් ෆිල්ම් පිස්සෙක් තමයි ඔයත්.
සුභ පතනවා ඉදිරි ගමනට
මීටත් වඩා ඉක්මනින් ඊළඟ කඩයිම පසුකරන්න ලැබේවා කියලා පතනවා
ජයෙන් ජයsanduni
Thank u very much & good luck!
එල්.සී. දමැල්
50වන උපසිරස ගැන්වීමට සුභ පැතුම් සිරාජ් සහෝ...
ඔයා මාවත් මතක් කරලා නොවැ... ස්තුතියි ඒකට...
ඕණෙ වෙලාවක ඕණෙ උදව්වකට ඉන්න කෙනෙක් තමයි සහෝ ඔයා...
එහෙනම් ඉතින් 100, 150, 200යෙ කඩඉම්වලට මීට වඩා ඉක්මනින්ම යන්න හැකියාව, කාලය ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා...
එහෙනම් 51වෙනි උපසිරසෙන් හමු වෙමු...!Amila kaushalya
50වන උපසිරස ගැන්වීමට හදවතින්ම සුභ පැතුම් සිරාජ් සහෝ
kanthaDLA
අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
ඉතා ගෞරවයෙන් අගය කරනවා..
ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
සුභපැතුම්.
ඉදිරියටම යමු…!
ජයවේවා……
බුදු සරණයි.. !හසන්ත මාලිංග
50 වෙනි උපසිරැසියට හදවතින්ම සුබ පතනව සිරාජ් සහෝ...
100 කඩයිමත් ඉක්මනටම පහු කරන්න ශක්තිය ධෛර්යය ලැබේවායි ප්‍රාර්ථනා කරනව...
ජය වේවා.... :Dහසන්ත
සුබ පැතුම් සිරාජ් මල්ලි !!! දමිල චිත්‍රපට වලට වැඩි දායකත්වයක් දෙමින් ඔයා ලොකු සේවයක් කලේ. ඒ සේවය ඉදිරියටත් මේ විදිහටම බලාපොරොත්තු වෙනවා. ජය වේවා !! ෆිල්ම් එකනම් ඊයේ රෑම බැලුවා. සබ් එකටත් ගොඩක් ස්තුතියි !!!
Dulz
ඊයෙ ෆිල්ම් එක ඩවුන් කරා.. මම දන්නව අද උබ මේකට සබ් දෙනව කියල ඒක නිසා නොබලා හිටිය.. thanks boss
Sanjaya
උපසිරැසියට ස්තූතියි.
ජය වේවා..!!Nishon Jey
තෑන්ක්ස් මචන් සබ් එකට.. දිගටම සබ් දෙමු.. ජය වේවා.. !!!
amal
thanks for the subs ..!
adala nane
ado kauru hari link eka dana eka hodai bn neththem epa wenawene thanz machooo sab ekata elama
Kulanjana Maduranga
really appreciate your works..thanks SIRAJ for giving us all of this…wish u'r great future.....
Kulanjana Maduranga
Ammo mekata sub denakm balan unne....Great work & Lot of thanks.Me wge idiriyatath sub denna shakthiya labewa...jaya wewa...........
prabath
thx macho.jaya wewa!!!!!!!!!!
prasantha
thanks dr................
Naveen Lakshitha
congratz machan mama me film ekanam baluwa awulak na apahu sarayak sinhalenma balanawa ikmanatama 100 gahannath puluwan wenna kiyala prarthanaa karanawa
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie

50වන උපසිරැස නිර්මාණයට සුබ පතන්න
උපසිරසියට බොහොම ස්තූතියි
එල සහෝ එල
ජයවේවා……