හැමෝටම මතක ඇතිනෙ 2008 ආපු “මචං” ෆිල්ම් එක. බයිස්කෝප් එකේ මචං බලපු නැති කව්රුත් නං ඉන්ඩ විදියක් නැහැ කියල හිතනව. ඉතිං මචං ෆිල්ම් එක අද්‍යක්ෂණය කරපු ඉතාලි ජාතික “උබෙටෝ පාසොලිනි” (Uberto Pasolini) මහත්මයගෙ තවත් චිත්‍රපටියක් තමයි “Still Life” කියන්නෙ. IMDB දර්ශකයෙ 7.4 ක අගයක් දිනාගෙන තියනව. 2013 අව්රුද…

හැමෝටම මතක ඇතිනෙ 2008 ආපු “මචං” ෆිල්ම් එක. බයිස්කෝප් එකේ මචං බලපු නැති කව්රුත් නං ඉන්ඩ විදියක් නැහැ කියල හිතනව. ඉතිං මචං ෆිල්ම් එක අද්‍යක්ෂණය කරපු ඉතාලි ජාතික “උබෙටෝ පාසොලිනි” (Uberto Pasolini) මහත්මයගෙ තවත් චිත්‍රපටියක් තමයි “Still Life” කියන්නෙ. IMDB දර්ශකයෙ 7.4 ක අගයක් දිනාගෙන තියනව. 2013 අව්රුදෙදි තිරගත වීම ආරම්භ උනේ එංගලන්තෙදි. ඒ වගේම වැනිසියේ චිත්‍රපට උළලෙදි (Orizzonti Award) හොඳම අද්‍යක්ෂනයට හිමි සම්මානය දිනාගෙන තියනව. මේක නාට්‍යමය චිත්‍රපටියක් වගේම ටිකක් සංකීර්ණ ගණයෙ චිත්‍රපටියක්. ඒකෙන් අදහස් කරේ තේරුම් ගන්න අමාරු චිත්‍රපටියක් කියන එක නෙමෙයි. මේකෙ ප්‍රධාන චරිතය හරිම අපූරු, ඒ වගේම අමුතු රැකියාවක් කරන අමුතුම පුද්ගලයෙක්, එයා තමයි “ජෝන් මේ”. මෙයාට පැවරිලා තියෙන්නෙ තනියම ජීවත් උනු, ඥාතීන් හොයාගන්ඩ අමාරු මිය ගිය පුද්ගලයන්ගෙ අවමංගල්‍ය කටයුතු සංවිදානය කිරීම. ඔහුගෙ රැකියාවට අදාල ඒ ටික විතරක් උනාට ඒ මිය ගිය පුද්ගලයන් වෙනුවෙන් මෙයා ඊටත් වඩා දෙයක් කරන්ඩ මහන්සි වෙනව. ඉතිං ඒ අමතර කාර්ය තමයි චිත්‍රපටියට අපුර්වත්වයක් එක් කරන්නෙ. චිත්‍රපටිය මතුපිටින් ගලන් යන්නෙ බොහොම නිවීසැනසිල්ලෙ උනත් බලන කෙනාගෙ හිත හැම විනාඩියක් ගානෙම වගේ ජීවිතේ ගැන වැඩිපුර හිතන්න ඕන දේවල් වලින් පුරවනව. ඉතිං ක්‍රියාදාම වලට වඩා දැහැන්ගත වෙලා නාට්‍යමය කතා රසවිඳින්න කැමති කට්ටියට නං මේක රත්තරන් වටින චිත්‍රපටියක් වෙයි කියල බය නැතුව කියන්ඩ පුලුවන්. තවත් දෙයක් තමයි මේක බලල ඉවර උනහම මේ වගේ මිනිස්සු මේ ලෝකෙ ඉන්ඩ පුලුවන්ද කියලත් සමහරවිට හිතෙයි. හැබැයි ඒකට උත්තරයක් පහුගිය ඉරිද ලංකාදීප පත්තරේ තිබුණ. අවුරුදු හැත්තෑ ගානක් වයස සීය කෙනෙක්, එයාට අවුරුදු 15 ඉඳන් දකින හැම මරණ දන්වීමක්ම එකතු කරල. ඒක එයාගෙ විනෝදාංශයක් වෙලා. ඉතින් මේ වගේ මිනිස්සු ඉන්ඩ පුලුවන්ද කියන සැකේනං ඇති කරගන්ඩ එපා. වැඩිදුර විස්තර කීමම රසවින්දනයට බාදාවක් වෙන හින්ද මේ ටික හොඳටම ඇති චිත්‍රපටිය කොයි වගේද කියල තේරුම්ගන්ඩ. එහෙනං අපි හැමෝටම අනිවාර්යෙන් මුහුණදෙන්ඩ වෙන මරණය ගැන මෙතෙක් හිතපු නැති විදියකට හිතන්න පටන්ගන්න.
ඔබට ජය! තෙරුවන් සරණයි!
Still Life (2013) DVDrip XviD – Italian English Ac3 5 1 Sub ita iCV-MIRCrew
මෙම උපසිරැසිය ඉහත පිටපත සඳහා අදාළ වේ.
791 downloadsDownload Still.Life_.2013.Baiscopelk.com_.rar25 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2013/12/wayantha.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “වයන්ත සදරුවන්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
වයන්ත සඳරුවන්
Subtitles
19 comments
තිසර නියෝ
Gihan Madhusanka
SUB ekata bohoma Sthuthiyi. jaya wewa..!
menna DVDrip XviD eke direct download link ekahttp://goo.gl/3nKTVL -1.4GB
සාෂා ස්වර්ණලතා
ගොඩක් ස්තුතියි සහෝ සබ් එකට ,
මචං කියන්නේ ආයේ ආයේ වුනත් බලන්න පුළුවන් ෆිල්ම් එකක්නේ,
අනිවා මේකත් බලනවාkanthaDLA
අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
ඉතා ගෞරවයෙන් අගය කරනවා..
ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
සුභපැතුම්.
ඉදිරියටම යමු…!
ජයවේවා……
බුදු සරණයි.. !Tharaka
සබ් එකට ගොඩක් තුති සහෝ! ජය වේවා!
Sajith Anthony
උපසිරැසියට බොහෝම ස්තුතියි
ජයෙන් ජයම වේවා...!!!me
Thanks
Kulanjana Maduranga
niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……
Tharaka
මේක හරිම ලස්සන ෆිල්ම් එකක්. මේවගේ කතාවකට කෙනෙක් සබ් දෙන්නේ බොහොම කලාතුරකින් තමයි. ඒ නිසා මේ කතාවේ පුද්ගලයා පිළිබඳව වගේම උපසිරැසි දුන් ඔබ කෙරෙහිත් මගේ ගෞරවයක් ඇති වුනා. අන්තිම හරියනම් හරිම සංවේදියි. මගේ ඇස් වලට කඳුළුත් ආවා. උපසිරැසියට බොහෝම ස්තූති වගේම පිං............
ඔයාට පුළුවන්නම් තවත් සංවේදී කතාවක් වන Go Toward The Light (1988) මූවි එකටත් සබ් දෙන්න.
බුදු සරණයි!Wayantha Sandaruwan
ගොඩක් ස්තූතියි සහෝ අදහසට, මම ඔය ෆිල්ම් එක ගැනත් බලන්නම්..
Chami.S
Thanks..
Good Luck..Udaya
thanks sahodaraya sub ekata
b1760c7b7d67db5ec63959a4bc5e6a9b213c7116
anu boys
FILM 1 BALUWA VIYHARI ATHATAMA DASaTA KADULU WATUNA hoda film 1k me wge film blnwa adui kattiya.igana gsnna godak dewal thiynwa..sub 1 denna mahnsi unta godak pin,sththui budu saranai
රොයිලි
බොහොම ස්තූතියි වයන්ත සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Chandima Thushara
patta movie aka...
good luck saho.....nidi
Wayantha, godak thanks baiscope site ekata me wage film ekak deela lassana kalata. wenasma kathawak, wenasma film ekak. rajakariya akuratama karana, manushyathwayata garu karana, me wage aya ape rateth thawa thawa pahala wenawa nam!
Wayantha
ගොඩක් ස්තූතියි සහෝ අදහසට
Mahesh ruwan
bohoma sthuthi
Lakshansilva18
උපසිරිසියට බොහොම ස්තුති
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie

උපසිරැසියට තුති වයන්ත සහෝ…
ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
ඔබට ජය
#Hail_Hydra