Watch Trailer

Stop-Loss (2008) | යුද මානසිකත්වය!

මම හිතන්නෙ නෑ මේ චිත්‍රපටිය ගොඩක් අය බලල ඇති කියල..ඒත් යුද්ධ කතා ප්‍රිය කරන හැමෝම බැලිය යුතු එකක්..මොකද මේකෙ පෙන්වන්නෙ අවුරුදු ගානක් යුද්ධ කළ හමුදා නිලධාරීන් නැවතත් තම නිවාස වෙත පැමිණියාට පසු ඔවුන්ගේ මානස ක්‍රියාත්මක වෙන හැටි ගැනයි..අහ්..එහෙම කිව්වට ක්‍රියාදාම වලිනුත් අඩුවක් නෑ මේ ෆිල්ම් එකේ.. 😀 මෙ…

මම හිතන්නෙ නෑ මේ චිත්‍රපටිය ගොඩක් අය බලල ඇති කියල..ඒත් යුද්ධ කතා ප්‍රිය කරන හැමෝම බැලිය යුතු එකක්..මොකද මේකෙ පෙන්වන්නෙ අවුරුදු ගානක් යුද්ධ කළ හමුදා නිලධාරීන් නැවතත් තම නිවාස වෙත පැමිණියාට පසු ඔවුන්ගේ මානස ක්‍රියාත්මක වෙන හැටි ගැනයි..අහ්..එහෙම කිව්වට ක්‍රියාදාම වලිනුත් අඩුවක් නෑ මේ ෆිල්ම් එකේ.. 😀
මෙන්න මෙහෙමයි මුල ඉදල කතාව ගලාගෙන යන්නෙ..ඇමරිකානු සොල්දාදුවන් පිරිසක් ඉරාකයේ යුධවදිනව අවුරුදු ගනනාවක් පුරාම..මෙම කණ්ඩායමේ සාජන් බොහොම දක්ශයෙක්..එක්තරා ප්‍රහාරයකින් මේ සොල්දාදුවන් කණ්ඩායමේ කිහිප දෙනෙක්ම මැරෙනව,තවත් පුද්ගලයෙක් බරපතල තුවාල ලබනව..මේ සිදුවීමෙන් පසුව ඔවුන්ට නැවතත් ඇමරිකාවට එන්න ලැබෙනව වීරයන් ලෙස..නමුත් ඇවිත් ටික දිනකින්ම තේරෙනව ඔවුන් සමාජයේ අනික් අයට වඩා වෙනස් බව..ඔවුන්ට නිතර තරහ යනව..රණ්ඩු වලට පැටලෙනව..බීමත් වූ පසු ඔවුන්ගේ හිත් ක්‍රියාත්මක වෙන්නෙ යුධ භූමියේදී වගේමයි..
මෙහෙම උනත් ඔවුන් ටික කාලයක් සතුටින් ඉන්නව..ඒත් පසුව මේ කණ්ඩායම් නායකයට (සාජන්ට ) දැනගන්න ලැබෙනව ඔවුන්ව නැවතත් ඉරාකයට යැවීමට රජය තීරණය කර ඇති බව..මෙතැන පටන් චිත්‍රපටිය වෙනස් මගක් ගන්නව..
බොහෝ දුරට සොල්දාදුවනේ මනස ක්‍රියාත්මක වෙන හැටි පෙන්වන නිර්මාණයක්..ටිකක් වෙනස් තේමාවක් රැගත් එකක් නිසා ඔයාල හැමෝම රසවිදියි කියල හිතනව.. 🙂

13 comments

  1. panchaz

    mama ubata pm ekak euwa tears of the sun film eka gana artical ekak hadala aa unata uben reply naha ne aaka hoda nadda machan ?

  2. kolla

    ela ela thanks machan

  3. muthunayake

    ඉස්සර හමුදාවෙන් පැනල එන අය ගැන තිබුන හැගීම මේක බල වෙනස් වුනා. මේ ලගදි එහෙම අයට ජනාධිපති සමාව හමුවුනාම සතුටක් දැනුන ඇත්ත කතා කරන කතාවක්

  4. පොතේ ගුරා

    @panchaz! අනේ සොරි වෙන්න ඕන මචෝ මම EK ලොග් උනේ උඹේ මේ කමෙන්ට් එක දැක්කම තමයි...ඉක්මනටම මම ඒක දාන්නම් මචෝ..තෑන්ක්ස් වෙන්න ඕන.. :)

    @kolla !වෙල්කම් සහෝ.. :)

    @muthunayake! අනිවා මචං..ඇත්ත කතා ක‍රන හිතට වදින ෆිල්ම් එකක්..

  5. කණිෂ්ක

    මම මේක බලල තියෙනව.. මුල ටික නම් හොදයි, ඒත් අගට යනකොට බෝරිං වෙනව..

  6. Rohan

    .Knowing[2009] elakiri

  7. Rohan

    iceage3 tawama netida?asi balanna

  8. සුභාෂ්

    බාගෙන තියෙන ඒවාට මොකද කරනේ . . . . ???

    මේ පොතේ ගුරා කරපු හදියක් . . . ෆිල්ම් එකක් බලන්න වෙලාවක් මට නැති කරපු හැටි . . . !

  9. පොතේ ගුරා

    @කණිෂ්ක! මුල ටිකේ තියෙන ක‍්රියාදාම අන්තිමේදි අඩු වෙන නිසා වෙන්න ඇති එහෙම දැනෙන්නෙ.. :)

    @Rohan! අනිවා ස හෝ.. :) තාම හොද කොපියක් ඇවිත් නෑ බන්..ආව ගමන් දෙන්නම්..

    @සුභාෂ් !හික් හික්..ක‍රන්න දෙයක් නෑ..බලන්නම වෙනවාaa!

  10. Ramraj

    මේක බලන්න බැරි උන එකක්. කමෙන්ටි දැක්කාම බලන්න හිතෙන්නේ නෑනේ.

  11. Dixney

    kooooooo torrent 1 na ne aneeee.. :(

  12. sandunchamika

    ko sub eka

  13. Sachithlakshan

    Puluwannam me parana lipi tiyena film set ekata sub dennako