මගේ විසි දෙවැනි උපසිරැසි නිර්මාණය විදිහට මේ පාර ගෙනාවෙ 2009 වසරේ ප්‍රදර්ශනය වුණු Action, Fantacy වර්ගයේ ෆිල්ම් එකකට සබ් එකක්. මේ චිත්‍රපටයට IMDB වල රේටින්ග්ස් ලැබිල තියෙන්නෙ 3.7 ක් වුණාට ඊට වඩා ලැබෙන්න ඕනෙ කියලයි මටනම් හිතෙන්නෙ. මිනිත්තු 96 ක් පුරා දිවෙන මේ ෆිල්ම් එක අධ්‍යක්ෂණය කරලා තියෙන්නෙ Andrze…

මගේ විසි දෙවැනි උපසිරැසි නිර්මාණය විදිහට මේ පාර ගෙනාවෙ 2009 වසරේ ප්‍රදර්ශනය වුණු Action, Fantacy වර්ගයේ ෆිල්ම් එකකට සබ් එකක්. මේ චිත්‍රපටයට IMDB වල රේටින්ග්ස් ලැබිල තියෙන්නෙ 3.7 ක් වුණාට ඊට වඩා ලැබෙන්න ඕනෙ කියලයි මටනම් හිතෙන්නෙ. මිනිත්තු 96 ක් පුරා දිවෙන මේ ෆිල්ම් එක අධ්‍යක්ෂණය කරලා තියෙන්නෙ Andrzej Bartkowiak නම් අධ්‍යක්ෂවරයා විසිනුයි.
මේ චිත්‍රපටියෙ ප්‍රධාන චරිතය රඟපාන්නෙ Kristin Kreuk නම් නිළියක්. ඊට අමතරව American Pie චිත්‍රපට මාලාවෙ රඟපාන Chris Klein නම් නළුවත් මෙහි රඟපානවා.
මේක සටන් කලාවන්ට සම්බන්ධ චිත්‍රපටයක්. Capcom සමාගමේ Street Fighter නම් වීඩියෝ ක්‍රීඩාව ඇසුරෙන් තමයි මේ චිත්‍රපටය නිර්මාණය වෙලා තියෙන්නෙ. කතාව පැත්තට හැරුණොත් චන්-ලී (Kristin Kreuk) කියන්නෙ ව්‍යාපාරිකයෙක්ගෙ දුවෙක්. ඇය කුඩා කාලයෙදි එක්තරා කණ්ඩායමක් විසින් ඇගේ පියාව පැහැරගෙන යනවා. ඉන් පසුව ඇගේ අරමුණ වෙන්නෙ සිය පියාව පැහැරගත්තවුන් සොයාගැනීමයි. ඒකට ඇයට විශේෂ පුද්ගලයෙකුගෙ උපකාර ලැබෙනවා. ඇගේ පියාව පැහැරගත්තෙ කවුද? ඇයට පියාව සොයාගන්න පුළුවන් වෙයිද? ඇයට උපකාර කරන කෙනා කවුද? මේ ප්‍රශ්නවලට පිළිතුරු සොයාගන්න නම් චිත්‍රපටිය නරඹන්න වෙනවා. බලලා ඉවර වෙලා සබ් එක ගැන ඔයාලගෙ කමෙන්ට් එකක් දාන්නත් අමතක කරන්න එපා කියලා මතක් කරනවා.
මගේ මේ සබ් එකත් පළකිරීම ගැන බයිස්කෝප් ටීම් එකට ස්තූති කරනවා. ආයෙත් තව ෆිල්ම් එකක සබ් එකක් එක්ක ඉක්මනින්ම හමුවෙමු. එතෙක් ආයුබෝවන්….!
2009 ජූලි 12 පළවූ ලිපිය.
හ්ම්ම්..මේ දින වල කට්ටිය වැඩියෙන්ම බාන චිත්‍රපටි අතර තියෙන ෆිල්ම් එකක් නිසා තමයි මට මේ ගැන කියන්න හිතුනෙ..සටන් චිත්‍රපටි වලට කැමති අයට විතරක් ගැලපෙන ෆිල්ම් එකක්,අනික් චිත්‍රපටි වර්ග වලට ආස අයට මේක අල්ලල යන එකක් නෑ කියලයි මගෙ අදහස…හැබැයි ජනප්‍රිය නළු නිළියන් රැසක් මේකට රංගනයෙන් දායක වෙලා තියෙනව..
මෙන්න මෙහෙමයි කතාව..එක්තරා ගැහැණු ළමයෙක් කුඩා කාලයේ සිටම ඇගේ පියා ඇයට සටන් ක්‍රම කියල දෙයනව..මෙහෙම ටික කාලයක් යද්දි එක්තරා කල්ලියක් විසින් මේ ළමයාගෙ පියාව පැහැර ගන්නව..කාලය තවත් ගත වෙනව..මුලින් කී ගැහැණු ළමයා දැන් තරුණියක්..ඇය පියානෝ වාදන ප්‍රසංග පවත්වමින් ජීවත් වෙනව..මේ අතරතුර ඇයට රසිකයන්ගෙන් ලැබෙන තෑගි අතර තියෙනව අමුතුම දෙයක් ලියපු සන්නසක්..ඇය මේක කියවන්න පුලුවන් කෙනෙක් හොයාගෙන යනව..ඇයට හම්බෙන එක්තරා කාන්තාවක් ඒ සන්නසේ ලියල තියෙන දේ පැහැදිලි කරනව..මේ අනුව ඇය තමන්ගෙ ජීවිත ගමන වෙනස් අතකට හරවමින් තෝරගන්නව බොහොම කටුක මගක්..
ආසියානුවන් තමයි අපිට මේ කතාවෙදි වැඩියෙන් දකින්නට ලැබෙන්නෙ..මේකෙ තරුණියගේ චරිතය රගපාන්නෙ Smallville ටෙලිවෘතාන්ත මාලාවේ Lana Lang ගේ චරිතයට පනපෙවූ නිළිය..චිත්‍රපටියේ අතාත්වික තැන් නම් බොහොමයි..ඒත් මේ වගේ කතා වලට ආස අය මේක බලන්න.. සීඩ්ස් ඕන තරම්! 🙂
41ece196683bdb61913476c2314964f90f9821e8 ගූගල් සෙවුමෙන් ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න. නොදන්නා අය වෙත උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.
2,576 downloadsDownload 201507282017baiscopelk.zip31 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/11/විජිත-අසංක.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “එන්.විජිත අසංක” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
එන්.විජිත අසංක
Subtitles
33 comments
උමේෂ්
මලේකා
හොද ටොරන්‍ට් එකක් ලැබෙනකන් හිටියේ. ස්තුති පොතේගුරා :)
kathu
එළ එළ....!! Thank u..
පොතේ ගුරා
@උමේෂ් !එළ මචෝ..මට නම් ගොඩක්ම අල්ලල ගියේ නෑ..අතාත්වික බව වැඩියි වගෙ දැනුන..බලල කියපන්කො කොහොම්ද කියල.. :)
@මලේකා!ගොඩ කාලෙකින් නේද ආවෙ...එළ එළ..
@kathu! :)
chamiya
මම මේ චිත්‍රපටිය බලලා ටිකක් කල්. මේක ගොඩක් හොඳ චිත්‍රපටියක්. මරු කතාව. හැබැයි මේ පිටපතේ පොඩි අවුලක් තියනවා, සමහර කෑලි repeat වෙනවා. ඒ ඇරෙන්න වෙන අවුලක් නෑ.
chathurarcrc
උපසිරස හොය ගන්න බෑනේ.පුලුවන්නම් කවුරු හරි දාන්න.පින් :D
උදාන
අම්ම්මෝ විභගෙ ඉවරයි.. මොකද උනේ කියල අහන්ඩ එපා...
මට විභගෙ අතරතුර පොතේ ගුරාගෙ ආදරණීය මෑණියන්ව සිහිඋනා..දැන් කරන්ඩ දෙයක් නෑ මෙ නිවාඩුවෙ හොඳ ෆිල්ම් ටිකක් දාපියෝ....
පොතේ ගුරා
@chamiya ! ඔව් මචන්,ඒක අපේ කස්ටියට දරාගන්න පුලුවන් වෙයි කියල හිතනව.. :) ෆිල්ම් එක මීට පිලිගන්න පුලුවන් තත්වෙන් හැදුව නම් තවත් එළ!
@chathurarcrc! මචෝ වෙන බාශා වලින් කතා කරනකොට නම් උපසිරැස වැටෙනව.. :)
මේ කොපි එකේ තැන් දෙකකදි පොඩ්ඩක් රිපීට් වෙනව..ඒ නිසා තාම සම්පූර්ණ උපසිරැස හදල නෑ මේකට.. :(@උදාන! හික්z..අනිවා උඹ ගොඩ ඇති බය නොවී හිටු! ඔව් ඔව්..එන්න තියෙනව එළ ෆිල්ම් ටිකක්..
උදාන
මෙක බලපන් මචං.. සෘජු බෑමක් තියෙන්නෙ..
*********chinthaka
Ela wage!
Balama balamuko.මලේකා
@ගුරා: ඔව් ගොඩ දවසකට පස්සේ. මගේ පිසි එක අවුලක් වුනා දැන් හරි දැන් ආයේ දිගටම එනවා. :D
පොතේ ගුරා
@උදාන!හ්ම්ම්ම්..මචන් ඒක ලංකාවෙ බුවෙක්ගෙ සයිට් එකක් නේ..
@chinthaka!ලිපිය කියවල කතාව හොදයි වගේ දැනුන නම් අනිවා බලපන් මචන්.. :)
@මලේකා!අහ් එළ එළ..පීසී අවුල් වෙනව තමයි මෙහෙම දිගට හරහට බානකොට..
@AL1717!අහ් පික්සුද බන්z..ආර් ඇස් ලින්ක්ස් ගොඩක් අයට ප්‍රයෝජනවත් වෙයි..තෑන්ක්ස් මචෝ.. :)
damith
niyamai
රන්දිල්
එල ෆිල්ම් එක... මම ආස නිලියෙක් ඉන්නේ...
සයිලන්ට් හන්ට(ර්)
බානො. අපෙ ගුරාට වැඩිවැඩියෙන් ෆිල්ම් ලැබෙවා. :) :P :D ;)
Kasun.D
meka mata amathaka welane hitiye....
thanx.....koda
ko sub eka???
shanilka
banna be ne bn
ishara
ko sub
එල්.සී. දමැල්
Tkx VIJITH Saho!
SIRAJ (සිරාජ් ප්‍රියන්ත)
නියමයි නියමයි සහෝ
සුපිරියි කියලා සිතමි
සිංහල උපසිරැසියට ගොඩාක් ස්තූතියි !
දිගටම සබ් කරන්න අවැසි ශක්තිය හා කාලය ලැබේවා !!!
ජයෙන් ජයම වේවා !!!Kulanjana Maduranga
niayamai…thanks VIJITHA saho..sub ekata..digatama sub demu.jaya wewa......
shanperera
thanks machan
gayan
මල්ලි පුලුවන් නම් BELOW ( 2002) චිත්‍රපටිය සබ් කරලා දෙන්න කෝ කවුරැත් ඒක තාම සබ් කරලා නැනේ පුලුවන් නම් කරලා දෙන්න කෝ
“චූටී මල්ලි”
tnx
තිසර නියෝ
උපසිරැසියට තුති…
ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
ඔබට ජය#Hail_Hydra
achi
ස්තුති සහෝ!!!
නියම ෆිල්ම් එකක්...
ජය!!!නලින්
එළස්ස් විජිත සහො!
ජය වේවා!
කැලුම් ගුණසේකර
බොහොම ස්තුතියි සහෝ උපසිරැසියට.
ඉසුරු දිල්ශාන්
තෑන්ක්ස් සහෝ!
ඉසු ඩිපි (Isu DP)
සබ් එකටයි ලිපියටයි ගොඩක් ස්තුතියි සහෝ. ;-)
ජය වේවා. ! :-Dරොයිලි
බොහොම ස්තූතියි විජිත සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Jack
නියමයි සහෝ.
බොහෝම ස්තුතියි සබ් එකට
ජය.
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie

අප්පට උඩු !!! මට මේක release වුනා කියලා සම්පූර්ණයෙන්ම අමතක වෙලානේ තිබ්බේ. බොහෝම ස්තූතියි ගුරෝ, මම බානවෝ...