Pitch Perfect 2 වලින් පස්සේ ඔන්න තවත් චිත්‍රපටයකට අත ගැහුවා. අපේ සමීර මහත්තයා තමයි තව චිත්‍රපටියක් කරමු කියලා කිව්වේ. හොයලා හොයලා මම ආසම නලුවෙක් ඉන්න නිසා මේ කතාව බාරගත්තා. බාරගෙන නම් ටික දවසක් වෙනවා, ඒත් දෙන්න තරමක් පරක්කු වුනා. ඒක නිසා මේ චිත්‍රපටය එනකං මග බලාගෙන හිටිය අයගෙන් මම සමාව ඉල්ලා සිටිනව…

Pitch Perfect 2 වලින් පස්සේ ඔන්න තවත් චිත්‍රපටයකට අත ගැහුවා. අපේ සමීර මහත්තයා තමයි තව චිත්‍රපටියක් කරමු කියලා කිව්වේ. හොයලා හොයලා මම ආසම නලුවෙක් ඉන්න නිසා මේ කතාව බාරගත්තා. බාරගෙන නම් ටික දවසක් වෙනවා, ඒත් දෙන්න තරමක් පරක්කු වුනා. ඒක නිසා මේ චිත්‍රපටය එනකං මග බලාගෙන හිටිය අයගෙන් මම සමාව ඉල්ලා සිටිනවා.
කතාව නම් මේ අවුරුද්දේ නිකුත් වුනු එකක්. දිනය ගැන නම් මතකයක් නෑ. ඒත් කලින්ම කිව්වා වගේ මගේ කැමතිම නලුවෙක් වන Samuel L.Jacson වගේම කවුරුත් දන්න හඳුනන නිලියක් වන Jessica Alba මේ කතාවේ රඟපානවා. ඒ වගේම තමයි ප්‍රධාන චරිතය විදියට Hailee Steinfeld රංගන දායකත්වය සපයනවා.
කතාවට බහිමු…
රජයේ රහසිගත මෙහෙයුම් සිදු කරන ප්‍රෙස්කොට් කියලා සංවිධානයක් තියෙනවා. මේ සංවිධානයේ ලොක්කා හාර්ඩ්මන් කියලා පොරක්. ඒ වගේම මේ සංවිධානයෙන් අනාථ ගෑණු ළමයින්ට පුංචි කාලේ ඉඳන් ඝාතකයින් වෙන්න අවශ්‍ය කරන හැම දෙයක්ම උගන්නවා. මේ විදියට පුහුණු කරන ළමයින්ට නම් ඇත්තේ නෑ. මෙයාලට ලබාදීලා තියෙන්නේ අංක. කතාවේ ප්‍රධාන චරිතයගේ අංකය තමයි 83, ඒ කණ්ඩායම ඇතුලේම එයාත් එක්කම එකට පුහුණූවෙන එයාට ඉරිසියා කරන තවත් කෙල්ලෙකුත් ඉන්නවා. මේ කෙල්ලගේ අංකය තමයි 84. මේ විදියට මෙයාලා පුහුණු වෙද්දී කණ්ඩායමේ ගොඩක්ම දක්ශතා පෙන්වන කෙනා බවට පත් වෙන්නේ 83. ඒ වගේම මේ ප්‍රෙස්කොට් වලදී හාර්ඩ්මන් මෙයාලාට තරයේ කියලා දෙන එකම එක දෙයක් තියෙනවා. ඒ තමයි “කාත් එක්කවත් බැඳීම් තියාගන්න එපා” කියන එක. ඒත් 83 මේ උපදේශයට කැමති නෑ. එයා හැම දේකටම දක්ශ වුනත් බැඳීම් ඇතිකරගන්න ගොඩක් කැමති කෙනෙක්. එයාට අවශ්‍ය වෙනවා සාමාන්‍ය ගෑණු ළමයි ලෝකේ ජීවත් වෙන විදියට ජීවත් වෙන්න. පවුලක් ඇතුලේ ජීවත් වෙනකොට දැනෙන හැඟීම, ආදරේ විඳින්න. ඒත් ප්‍රෙස්කොට් වලින් මේ වගේ දේවල් වලට ඉඩ ලැබෙන්නේ නෑ. ඒත් 83ගේ හිතේ තියෙනවා කොහොමහරි දවසක මේ හැම දෙයක්ම ලබාගන්නවා කියලා.
මේ විදියට හිතේ බලාපොරොත්තු ගොඩගහගෙන ඉඳිද්දී, මෙහෙයුමක් අතරදී නොසිතු විරූ වෙලාවකදී මෙයාට ප්‍රෙස්කොට් වලින් පැනගන්න අවස්ථාව ලැබෙනවා. මේ අවස්ථාවෙන් ප්‍රයෝජනය ගත්තු 83 මේගන් කියලා බොරු නමක් යටතේ පාසලකට ඇතුලත් වෙනවා. ඒත් මෙයාට කිසිසේත්ම සාමාජීය අත්දැකීමක් නෑ. මේ නිසා මෙයාට පාසල් ජීවිතේ ඇතුලේදී ගොඩක් අපහසුතා වලට මුහුණ දෙන්න සිද්ධ වෙනවා. ඊට අමතරව මෙයා ජිවතුන් අතර කියලා දැනගන්න ප්‍රෙස්කොට් එක වගේම, මෙයාගේ හතුරෙක් මෙයාගේ පස්සේ එනවා. ඔය විදියට තමයි කතාව ගලාගෙන යන්නේ. දැන් මම ලිපියේ කියපු දේවල් එක්ක නම් ඔයාලා හිතාගෙන ඇත්තේ සුපිරි ඇක්ශන් කතාවක් කියලා. ඔව් සුපිරි කතාවක් නම් තමයි, ඒත් මේ කතාවේ කොමඩි ගතියකුත් තියෙනවා. ඒක නිසා හොඳ හොඳ වලි එක්කම බලිත් බලාගන්න පුළුවන් වේවි. 🙂
සාමාන්‍යයෙන් වලි වෙනමයි බලි වෙනමයි චිත්‍රපටි වලින් බලපු අපිට වලියි බලියි එකට තියෙන චිත්‍රපටියකින් අමුතුම රසයක් ලබාගන්න පුළුවන් කියලා කවුරුත් දන්නවා ඇති. ඒක නිසා මේ විදියට මම අරුත් ගන්වපු දෙවනි චිත්‍රපටය හැමෝටම රසවිඳින්න කියලා ආරාධනා කරන ගමන්. මම අදට සමුගන්නවා.
ආයු -බෝ -වේවා !!!
509 MB (480p BR) කොපිය මෙතනින් බාගන්න
94A219BED5C09260E37692B97F392BEDB3993AD6756 MB (720p BR) කොපිය මෙතනින් බාගන්න
73BAC0F3D5BF18FDC77A82D97362B9E1C902C3931.44 GB (1080p BR) කොපිය මෙතනින් බාගන්න
34D761B910D54B413BF2D318CB61BC94991668D2 ගූගල් සෙවුමෙන් ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න. නොදන්නා අය වෙත උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.
7,165 downloadsDownload Barely.Lethal.2015-BR.zip163 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2012/10/Normal-.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ප්‍රණිත් රණසිංහ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
ප්‍රණිත් රණසිංහ
Subtitles
43 comments
kanthaDLA
Sakuntha
Niyamii Denakan Hitiye.. Sub ekata Thankzz....
ඉසු ඩිපි (Isu DP)
තව චිත්‍රපටියක් ගෙනත් තියෙන්නේ. නියමයි, නියමයි.
මේ දවස් වල බයිස්කෝප් එකේ දවසට එක ගානේ දෙන TV කතාවකුත් නැති නිසා ඔයාගෙන් එහෙම එකක් එනකම් ඉන්නේ.
සබ් එකටයි ලිපියටයි ගොඩක් ස්තුතියි සහෝ. ;-)
ජය වේවා. ! :-Dmelan sriwantha
niyamai machn...thanks sub walata.
ඉසුරු දිල්ශාන්
තෑන්ක්ස් සහෝ!
Lasitha
tnks
janith dulanjana
Thankz sub ekata
Thanu
Thanku saho sub 1ta
shanperera
thanks machan
achi
thanx bro
iSuRu (Lordz)
උපසිරසියට තුති...තවත් උපසිරසියකින් හමුවෙමු
Kulanjana Maduranga
meka nm maxxxa 1k.onna bann dawa.thanks PRANEETH saho..sub ekata..digatama sub demu.jaya wewa……
“චූටී මල්ලි”
tnx
bee
ela ela tnx wewa sub walata onna bawa.............
thisal
තෑන්ක්ස් සහෝ!
podi kassa
thanks
susantha
thanks..............!
nalinda
thanks dear
prabhath
thanks praneeth saho
asan
harima lassana film ekak...thanks malli...:)
කැලුම් ගුණසේකර
බොහොම ස්තුතියි ප්‍රනීත් සහෝ උපසිරැසියට.
නලින්
ස්තුතියි ප්‍රණීත් සහෝ...
ජය වේවා!
kavinda
thank you
ආසිරි ප්‍රියන්ත (හේවා ලුණුවිලගේ)
ඒ පට්ට ෆිලොම් එකක්නේ ප්‍රනීත් මචෝ..
මේ වගේ එව්වනම් අතාරින්නෙ නැහැ..
කොලේජ් වල සීන් එහම හෙන ආසයිබලන්න...
එහෙනම් මෙන්න ගන්නවා..
හැබැයි සොරි කියන්න ඕනේ..
සෙන්ස් 8 එකේ 2වෙනි එපිය බලන්න උන්නේ අද රෑට..
ඒක කල්දමන්න වෙනවා..
මේක බලනවා අද රෑට..
ජය වේවා!!ප්‍රණීත් රණසිංහ ♨PCR〽
කොලේජ් වල සීන් බලන්න ආසයි කිව්වා...?
ඔයාත් මගේ ටයිප් එකේම කෙනෙක්... :)
තිසර නියෝ
උපසිරැසියට තුති…
ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
ඔබට ජය#Hail_Hydra
රොයිලි
බොහොම ස්තූතියි ප්‍රණීත් සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
bobby
ගොඩ දවසකින් පිල්ම් එකක් ගත්තේ. බොහෝම ස්තතියි.
Nandana
Thank U Praneeth.
Nelson
Good Work Friend, Thanks!
Jack
නියමයි සහෝ.
බොහෝම ස්තුතියි සබ් එකට
ජය.JEEWAKA
එල සහෝ
sub දැම්මට thanෂxSanju
බොහෝම ස්තුතියි සබ් එකට
ජය.pramuk
thanx macho
එන්.විජිත අසංක
හොඳ මූවි එකක් වගේ. සබ් එක දුන්නට ස්තූතියි. ඔහොම යං....
තිසර නියෝ
උපසිරැසියට තුති…
ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
ඔබට ජය#Hail_Hydra
Dilusha Nuwan
උපසිරසියට තුති! තවත් උපසිරසියකින් හමුවෙමු ඉක්මනටම
nisha
thanks...
awnck
Thanks Bro...
Sandunprabath1230
බොහොම ස්තූතියි සහෝ
HummerDanu
thanks bro
dragonhero
thanks
Anonymous
Thanks
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie

අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
ඉතා ගෞරවයෙන් අගය කරනවා……….
සුභපැතුම්.
ඉදිරියටම යමු…!
ජයවේවා......
බුදු සරණයි.. !!!