Watch Trailer

Street Kings (2008) | මාවතේ රජවරුන් [සිංහල උපසිරැසි සමඟ]

[box]ඔන්න ඉතිං මගේ දෙවන උපසිරසි නිපැයුම විදියට මං ඔයාලට අරගෙන ආව Action | Crime | Drama කියන වර්ග 3ටම අයිති වෙන සුපිරිම චිත්‍රපටියක්. මගේ පළමු උපසිරසි නිපැයුමෙන් පස්සෙ ලොකු කාලයක් ගතවුණා දෙවන උපසිරැසි නිර්මාණය ලබා දෙන්න. ඒකට හේතු කීපයක්ම තිබුණ. එකක් තමයි ඊලඟට දාන උපසිරසිය ඇක්ෂන් චිත්‍රපටියකට දාන්න…

Street_Kings_2008ඔන්න ඉතිං මගේ දෙවන උපසිරසි නිපැයුම විදියට මං ඔයාලට අරගෙන ආව Action | Crime | Drama කියන වර්ග 3ටම අයිති වෙන සුපිරිම චිත්‍රපටියක්. මගේ පළමු උපසිරසි නිපැයුමෙන් පස්සෙ ලොකු කාලයක් ගතවුණා දෙවන උපසිරැසි නිර්මාණය ලබා දෙන්න. ඒකට හේතු කීපයක්ම තිබුණ. එකක් තමයි ඊලඟට දාන උපසිරසිය ඇක්ෂන් චිත්‍රපටියකට දාන්න හිතාගෙන හිටිය නිසා. හොද අළුත් ඇක්ෂන් චිත්‍රපටි නිකුත් වුණත් ඒවට වෙනත් වෙබ් අඩවි වලින් සිංහල උපසිරසි දීල නම් වැඩක් නෑනෙ 😛 අනිත් හේතුව තමයි දැන් තියන නිදහස උපරිම ලෙස සීමා වෙලා නේ ජොබ් මගුලක් නිසා :D. කොහොමින් කොහොම හරි ඔන්න වෙන කිසිම සයිට් එකකින් නොදුන්න 2008 අවුරැද්දෙ නිකුත්වුණු සුපිරිම චිත්‍රපටියකට සබ් දැම්ම. චිත්‍රපටිය ගැන පොඩි හැදින්වීමක් කරනව නම් මෙහෙමයි.

මේක නිකුත්වුනේ 2008 අවුරැද්දෙ. Action | Crime | Drama කියන මාදිලි 3 ටම ගැලපෙන මෙම චිත්‍රපටිය IMDb ratings වල 6.8 ක් වගේ ලොකු ප්‍රේක්ෂක ප්‍රතිචාරයක් දිනාගන්න සමත් වෙලා තියනව. කථාව ගැන කියනව නම් මෙහෙමයි. Tom Ludlow කියල පොලිස් නිළධාරියෙක් ඉන්නව. නියම වැඩ කාරයෙක්. මිනිහගෙ වැඩ කොහොමද කියල චිත්‍රපටියෙ පලමු මිනිත්තු කීපයෙදිම බලා ගන්න පුළුවන් 😀 ඔහුත් එක්ක එකට වැඩ කරපු Washington කියල කළු ජාතිකයකුත් ඉන්නව. හැබැයි දැන් මේ දෙන්න ටිකක් තරහයි. (මේකෙ පොඩ්ඩක් විතර කළු සුදු ජාතිවාදී හුටපටයකුත් යනව. ඔයාලම බලන්නකෝ) ඔහොම අතරෙ Tom යනව Washington එක්ක මේ ගැටළුව බේරැමක් කර ගන්න. නමුත් එතනදි දෙදෙනාම නොසිතූ දෙයක් සිද්ධ වෙනව. ඒ සිද්ධි දාමයේ ප්‍රථිපලයක් ලෙස Washington ට මැරෙන්න සිද්ධ වෙනව. (මෙතන Tom ගෙ අතින් යම් දෙයක්…. මම දැනට ඒක අත් වැරැද්දක් කියල කියන්නම්. ඒත් ඔයාල බලන්න ඇත්තටම එතන මොකක්ද වෙන්නෙ කියල) නමුත් මේ සිදුවීමෙන් පස්සෙ Tom සම්පූර්ණ වෙනස් පුද්ගලයෙක් බවට පත් වෙනව. ඔහුගේ මූලික අරමුණ වෙන්නෙ Washington ව මරපු අයගෙන් පළි ගන්න එක. මේ චිත්‍රපටියෙ අවසානයෙ වෙනදේ හිතා ගන්නත් අමාරැයි. මම හිතන්නෙ නෑ කාටවත් එක වරම ඒක නිගමනය කරන්න පුළුවන් වෙයි කියල. බාගෙනම බලන්නකෝ..

මගේ පෞද්ගලික අදහසක් තමයි මේ චිත්‍රපටිය අනික් ඒවට වඩා ගොඩක් තාත්විකයි කියන එක. ඔයාලටත් බලන කොට ඒක තේරෙයි. (එහෙම නැතුව IMDb 6.8 ගන්නත් අමාරැයි නේ..) සබ් එකේ line 1350 විතර තිබුණ නිසාත් jargon වචන ගොඩක් තිබුණ නිසාත් ටිකක් විතර වැඩිපුර වෙලා ගියා සබ් එක දාන්න. ඒත් කිසිම අවුලක් නැතුව තේරැම් ගන්න පුළුවන් විදියට මගේ පුළුවන් උපරිමයෙන් සබ් එක හැදුව. කවුරුත් රස විදීවි කියල හිතනව.

කිසිම ආර්ථික වාසියක් නැතුව ඔයාලගෙ රස වින්දනය නිසාම කට්ට කාගෙන සබ් එකක් දෙන එක ගැන ඔයාල සතුටු නම් ඒ ගැන කියල වචනයක හරි කෙමෙන්ට් එකක් දාල යන්න කියල ආරාධනා කරන ගමන් ඉදිරියේදී ‍තවත් සුපිරි බයිස්කෝප් එකකින් හමුවෙන බලාපොරොත්තුවෙන් සමු ගන්නම්.

මීට පෙර පළකල ලිපිය
මෙන්න ගෙනාව අපිව කරකවල අතාරින චිත්‍රපටයක්..ක්‍රියාදාම,රහස් පරීක්ෂක වගේම හොද කතාවක් තියෙන චිත්‍රපටි ප්‍රිය කරන හැමෝම මේක ආසාවෙන් බලයි කියල හිතනව..එළම ෆිල්ම් එකක්..සුප්‍රසිද්ද නලුවෙක් වෙන Keanu Reeves (The Matrix චිත්‍රපට මාලාවේ ප්‍රධාන චරිතය රගපෑ නළුවා) තමයි මෙහි ප්‍රදාන චරිතය රගපාන්නෙ..

මෙන්න මෙහෙමයි කතාවෙ මුල් ටික යන්නෙ..පරීක්ෂක ටොම් බොහොම දක්ශ පොලිස් නිලධාරියෙක්..හිතුවක්කාර නමුත් රාජකාරිය අකුරටම ඉටු කරන පුද්ගලයෙක්..පැහැරගෙන ගිය ගැහැණු ළමුන් දෙදෙනෙක් බේරාගැනීම සම්බන්දයෙන් ඔහුට ගොඩක් ප්‍රශන්සා හිමි වෙනව..නමුත් මෙහි සැකකරුවන් සියල්ලම මරාදැමීම නිසා එක් පොලිස් සගයෙක් ඔහුට තදින් විරුද්ද වෙනව..මේ සගයාගෙන් පලිගන්න හිතු ටොම් ඔහුව ලුහුබදින අතරදී වෙනත් පුද්ගයන් දෙදෙනෙක් ඇවිත් ඔහුව මරා දමනව..අදාල ස්ථානයේ ඇති කැමරා වල වීඩියෝ දර්ශන වලින් හා ඇතැම ශාක්ෂි වලින් ටොම්ට අවාසියක් වෙනව මේ සිද්දිය ගැන ලොකු පරීශනයක් පැවැත් වූවොත්..මේ නිසා ඔහුගේ ඉහළ නිළදාරිම් මේ සිද්ධිය යට ගහනව..

නමුත් මේ සිද්දිය ගැන ටොම් හොයනව..මෙහිදි මතු වෙන්නෙ අමුතුම කතාවක්..එක තැනකදි කතාව සම්පූර්ණයෙක් කනපිට ගැහෙනව..අපිව අන්ද මන්ද කරමින්..
ඔයාලටත් මේ රසාස්වාදය ලබාගන්න පුලුවන් Street Kings බැලුවොත්..

Street Kings (2008) on IMDb

 

 

700 MB කොපිය (DVD) මෙතනින් බාගන්න 97a328553eeef76ba39d1d7acef825383fed3355 700 MB කොපිය (BR) මෙතනින් බාගන්න 6b1a45de8819fc10f1c25e7508095858cb079bb9 1.5 GB කොපිය (BR) මෙතනින් බාගන්න e00154f8dba38ac0446569d43975a0bfe620f597 ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ්  (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

1,882 downloadsDownload Street.Kings_.2008.zip139 KB

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2013/02/Buddhika.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “බුද්ධික Dx” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitles by

බුද්ධික Dx

Subtitles

1,882 downloadsDownload Subtitles139 KB

88 comments

  1. ravinsp

    බාමි බාමි!

  2. දිසා

    ඔන්න මමත් දැම්මා එල බලමු බලමු

  3. chamila

    මචං මේකේ Torrent Link එක කොහෙද බන් තියෙන්නේ

  4. පොතේ ගුරා

    @ravinsp !එළ එළ මචන්.. :)

    @දිසා !බලල කියපන්කො කොහොම්ද කියල..

    @chamila! Download via torrent! කියල තියෙන්නෙ මචන්..එතනින් බාගනින්න්..

  5. Uraj Deemantha

    බාමු බාමු කරකවලා අතාරින හැටි බලන්නත් එක්ක.. :P

  6. dfgfg

    sdfkhkdfhskdfhjk

  7. පොතේ ගුරා

    @Uraj Deemantha ! :P :P

    @chathurarcrc !තැන්කූ සහෝ..

    @dfgfg ! sdfsdg :P fhrtysdfg!! :)

  8. namal

    මේක නියම ෆිල්ම් එකක්..

  9. සහන්

    අනේ පුතේ අදනම් මම අම්මගෙන් ගුටි කනවා,Internet(Lankabel Wi-Max) බිල් 3ක් සමග කරන්ට් බිල !!! ෂා කියලා වැඩක් නෑ. ඒත් අතාරින්නෑ බානවා

  10. පොතේ ගුරා

    @namal!අනිවා මචන්..

    @සහන් ! හික් හික්..නොසැලී හිටපන් මචෝ.. (අනෙ මන්ද මම මෙයාලව නරක් කරනවද කියල :P )

  11. මලේකා

    අතේ මත්දා ෆිල්ම් තම් බාතවා එත් බලන්න වේලාවක් තමා නැත්තේ. Keanu Reeves ඉන්න නිසා මෙක නම් කොහොම හරි බලනවා. :D ඔන්න එහේනම් මෙකත් බාන්න දැම්මා :P

  12. රොයිලි

    ඔන්න එහෙනම් මමත් බාන්න දැම්මා...

    @ පොතේ ගුරා

    //අනෙ මන්ද මම මෙයාලව නරක් කරනවද කියල//

    අනේ මන්ද නෙවේ උඹ කරනවා තමා. කොහොමත් උඹ අරයට රවුටරේ අරන් දුන්නා වගේ සහන්ගේ ලයිට් බිලවත් ගෙව්වා නම් හොඳා. :D

  13. Uraj Deemantha

    @ රොයිලි

    මූ මට රවුටරයක් දුන්නා කිවුවද.......?? :P අම්මෝ මුගේ බොරු..........!! ;)

  14. රොයිලි

    @ Uraj Deemantha

    ඔව් ඔව් මචං මූ මට කිව්වා. උඹෙන් බේරෙන්න බැරිම තැන දුන්නා කිව්වා.

    ඒකලු මේ දවස් වල රවුටර් ගැන උඹෙන් සඳහනක් නැත්තේ. :D

  15. උදාන

    ඇයි බං අපිට මෙහෙම වද දෙන්නෙ????

  16. උදාන

    අහ් අමතක උනා

    *ඒකක ගණන = 263
    *මෙම මස අයකිරීම = 5063.78
    *ගෙවිය යුතු මුලු මුදල = 8066.26

    කවුද මෙවට වගකියන්නෙ???????

  17. පිටස්තරයා

    නියම රංගනය. නියම කතාව. කලු සුදු වීරයෙකුට වැඩිය අපායේ වීරයෙක්

  18. Uraj Deemantha

    @ රොයිලි

    මුගේ පච මචන්... :P මේ දවස් ටිකේ මම ගෙදර හිටියේ නෑ.. :) ඒ නිසා රවුටරේට නිවාඩු....... :D

  19. kathu

    බානවා..බානවා... ඉවරයක් නෑ..!!

  20. පොතේ ගුරා

    @මලේකා!හික් හික්..බාල බලන්නකෝ..මේක නම් ගති..

    @රොයිලි !හිටුකො හෙට උඹේ උපසිරැසත් එක්ක ෆිල්ම් එක දැම්මම බලාගන්න පුලුවන් කවුද මෙයාලව නරක් කරන්නෙ කියල!
    ඒ මදිවට මේ කාලෙ රස්නෙ වැඩි නිසාද මන්ද උඹේ අර බොරු කියන ලෙඩේ ආයෙත් මතු වෙලා වගේ නේද? :P

    @Uraj! හිටපු ගමන් රොයිලි සහෝට ඔහොම වෙනව මචන්..පුංචි කාලෙ ඉදලම ඔහොම බොරු කියනවලු..උඹ කලබල වෙන්නෙපා..

    @රොයිලි ! ඔය දැක්කද..කට ඇරියොත් බොරුවක්! :P :P

    @උදාන !හික් හික්...මමත් අහන්නෙ ඒකම තමයි..කවුද ඕවට වගකියන්නෙ? (බලමු මෙහෙම වත් බේරෙන්න) :D
    උඹේ බ්ලොග සින්ඩියට දැම්මද බන්z?

    @පිටස්තරයා! අනිවා මචන්..එළ ෆිල්ම් එකක්..

    @Uraj! අහ්..නියමයි..දැන් ආයෙත් ඉතින් මාසයක් එකදිගට බාන්න බැරිය! :)

    @kathu!බෑමෙන් හොදම බෑම ෆිල්ම් බෑම කියල කියන්නෙ නිකංයැ බන්!

  21. සුභාෂ්

    මම ඩවුන්ලෝඩ් කරපු ෆිල්ම්ස් බලන්නේ ප්ලේයර් එකේ දාලා TV එකෙන් . . . එතකොට සබ්ටයිටල් ගන්න විදිහක් නැද්ද මලේ . . . ?

  22. පොතේ ගුරා

    @සුභාෂ් ! .srt ෆයිල් එකක් විදියට නම් එහෙම බලන්න බෑ අයියා..මම කෝකටත් හොයල කියන්නම් ටිකක්.. :)

  23. රොයිලි

    @ Uraj Deemantha
    @ උදාන

    ඔන්න ඔන්න ආයෙත් මෙයා ලිස්සල යන්නයි යන්නේ බොරු චෝදනා එල්ල කරලා.

    ඉල්ලීම් දිගටම නොකඩවා ඉල්ලන්න නැත්තම් මෙයා නියම ආඳෙක් වගේ තමා ලිස්සන්නේ.

  24. උදාන

    @රොයිලි ඔව් මචං මේක බාලා ඉවරවෙන්ඩත් කලින් මෙ යොදයා තවත් මරු ෆිල්ම් එකක් දාලනෙ බන්....

    @පොතේ ගුරා කවුරුවත් නෙවේයි මේ සයිට් එක කරන එකා තමයි වග කියන්ඩ ඔනි දැන් පුලුවං නං අහපං ඒ කවුද මචං කියල!!!!

  25. බුධාජීව

    හම්මෝ.. උඹටනං හොඳක් වෙන්නෙ නෑ ! :-P

    දැං ඉතිං මේකත් බාපංකෝ ! :-D

  26. පොතේ ගුරා

    @රොයිලි ! :D :D :D

    @sana!ආහ් මේ තියෙන්නෙ බඩු!

    @දාන!හොද වෙලාවට මම උඹේ කමෙන්ට් එක දැක්කෙ නෑ!

    @බුධාජීව !හික් හික්..බලපන් මුන් මාව දිගටම වර්ණනා කරන හැටි! (මට හොදක් නොවුනොත් අල්ලගන්නම්කො උඹව!) :P :P

  27. සම

    මචන් මම ඉන්න රටේ ටේරන්ට් සයිඩ් එක බෙලොක් කරලා
    මේ ටොරන්ට් ලින්එක මට ගන්ඩ බෑ
    විකල්පයක් දෙනවද

  28. Ramraj

    මේ වගේ එකක් මට මග ඇරුනා කියන්නේ කොහොමද. ඔන්න එහෙනම් මාත් බලනවා.

  29. Kasun.D

    elaz........
    thanx..

  30. අසංක

    1 :) බොහොම පින් දිගටම සබ් දෙන්න සහෝ

  31. lasidu

    පට්ට පට්ට මචෝ ඇක්ෂන් පරණ උනත් පට්ට ඒවා තියෙනවා ඒවා හොයල දෙන්න.

  32. chami

    thnxxxxxxxxxxxxxxxxxx

  33. ganidu

    මැට්‍රික්ස් නළුවා ඉන්නේ.. පට්ට ඇති..

  34. amilatk

    jayen jayama wewa!!!!!

  35. Delgoda, Chathuranga

    තැන්ක් යූ සහෝ! ඩවුන්ලෝඩ් වෙන්න දැම්මා. තව තවත් නිර්මාණ වලට දායක වීමට ශක්තිය ලැබේවා. මගෙන් සුභ පැතුම්!

  36. zumo man

    elazzz thnxzzzz

  37. Tharindu

    එළ එළ.... සිංහල සබ්නම් බයිස්කෝප්ම තමා...........

  38. නලින්

    ස්තුතියි සහෝ
    සිංහල එක්ක ආයිබලතැකි
    ජය වේවා

  39. Dharshana

    Thank.

  40. tharanga

    සුපිරි නළුවෙක් ඉන්න ෆිල්ම් එකක් මගඇරිලා බලන්න ඕනේ බොහොම තුති සහෝ

  41. rusuru | රුසිරු

    ජයම වේවා!

  42. wow

    wow... maru :D

  43. elakiri

    එළකිරි මචං අනිවා බලනවා!

  44. ccnp

    Thanks

  45. was

    නියමයි දිගටම සබ් දෙන්න

  46. g-a-n-d-u

    තෑන්ක්ස් සහෝ :)

  47. Siraj priyantha

    Thanks saho.

  48. ositha

    bohoma pin

  49. Sameera

    Ela brother...go ahead !!!

Load more comments