Watch Trailer

Pather Panchali (1955) | පාතර් පංචාලි (මාවතේ ගීතය) [සිංහල උපසිරැසි සමඟ]

[box]ඔන්න යාලුවනේ Psycho චිත්‍රපටයේ උපසිරසි ඔබ වෙත ගෙනාවට පස්සේ, මගේ දෙවැනි උපසිරැසිය විදිහට මම තෝරාගත්තේ සත්‍යජිත් රායි විසින් අධ්‍යක්ෂණය කරන ලද අද්විතීය බෙංගාලි සිනමාපටයක් ලෙස සැලකෙන. පාතර් පංචාලි චිත්‍රපටය. සිනමාව ප්‍රිය කරන නොකරන ඕනෙම කෙනෙක් පාතර් පංචාලි සහ සත්‍යජිත් රායි ගැන එක වරක් හෝ අසා ඇති…

Pather Panchali (1955)ඔන්න යාලුවනේ Psycho චිත්‍රපටයේ උපසිරසි ඔබ වෙත ගෙනාවට පස්සේ, මගේ දෙවැනි උපසිරැසිය විදිහට මම තෝරාගත්තේ සත්‍යජිත් රායි විසින් අධ්‍යක්ෂණය කරන ලද අද්විතීය බෙංගාලි සිනමාපටයක් ලෙස සැලකෙන. පාතර් පංචාලි චිත්‍රපටය. සිනමාව ප්‍රිය කරන නොකරන ඕනෙම කෙනෙක් පාතර් පංචාලි සහ සත්‍යජිත් රායි ගැන එක වරක් හෝ අසා ඇතිවාට කිසිම සැකයක් නෑ.

සත්‍යජිත් රායි කියන්නේ ආසියානු සිනමාව ලෝකයට ගෙනයන්නට දායක වූ සිනමාකරුවන් අතලොස්සෙන් කෙනෙක්. ඒ වගේම බෙංගාලි සිනමාව, සත්‍යජිත් රායි සහ පාතර් පංචාලි අතර තිබෙන්නේ වෙන්කළ නොහැකි බැඳීමක්. 1955දි තිරගත වීම ඇරඹු මේ චිත්‍රපටය නිර්මාණය වී තිබෙන්නේ විභූතිභූෂණ බන්ද්‍යොපාධ්‍යායන්ගේ පාතර් පංචාලි නවකතාව ඇසුරින්. මෙම බෙංගාලි නව කතාව පසුව “මාවතේ ගීතය” ලෙස චින්තා ලක්ෂ්මී සිංහආරච්චි අතින් සිංහලට පරිවර්තනය වුනා.

පාතර් පංචාලි චිත්‍රපටය “අපූ චිත්‍රපට ත්‍රිත්වයේ” පළමුවැනි චිත්‍රපටය. මෙම කතාවේ ඉතිරිය “අපරාජිතෝ”(අපරාජිත ජිවිතයක්) සහ “අපූර් සංසාර්”(අපූගේ ලෝකය) ලෙස ඉදිරියට දිග හැරෙනවා. මෙම සිනමාපට තුනම ලෝක සිනමාවේ මෙතෙක් බිහිවූ හොඳම සිනමාපට ගොන්නට වැටෙන කෘති. මෙම චිත්‍රපටයේ සංගීතය නිර්මාණය කර තිබෙන්නේ ඉන්දියාවෙන් බිහිවූ විශිෂ්ඨතම සිතාර් වාදකයා වන රවී ශංකර්. ශාස්ත්‍රීය රාගධාරී සංගීතයත් බෙංගාලි ගැමි සංගීතයත් අපූරුවට සිතාරයෙන් මුසු කොට ගත මේ සංගීත නිර්මාණය “The Guardian” සඟරාව විසින් ලොව විශිෂ්ඨතම සිනමා සංගීත නිර්මාණ 50 අතරට ඇතුලත් කොට තිබෙනවා.

IMDB සිනමා දත්ත සමුදායේ ලකුණු 8.0කට හිමිකම් කියන පාතර් පංචාලි, Rotten Tomatoes වෙබ් අඩවියේ 97%ක ජන්ද ප්‍රතිශතයක් හිමිකරගෙන තිබෙනවා. ඒ වගේම බ්‍රිතාන්‍ය සිනමා ආයතනය (British Film Institute) මගින් නම් කල ලොව විශිෂ්ඨතම සිනමා කෘති 250න් 41වන තැනට විචාරක ජන්දයෙන් පත් වී තිබෙනවා.

මේ චිත්‍රපටයේ කතාව දිගහැරෙන්නේ බොහොම දුකින් ජීවිතය ගැට ගහගන්න හදන සාම්ප්‍රදායික ගැමි බ්‍රාහ්මණ වංශික පවුලක් වටා. මෙම පවුලේ ගෘහ මුලිකයා තමයි ලේඛකයෙක් වීමේ සිහින දකින, වෘතියෙන් පූජකයෙක් ලෙස කටයුතු කරන හෝරි. ඔහුගේ වියපත් සහෝදරිය ඉන්දී දිවි ගෙවන්නේත් මෙම නිවසේ. වියපත් ඉන්දී නැන්දාගේ හොඳම යෙහෙළිය තමයි පවුලේ දියණිය පුංචි දුර්ගා. ණයබරින් මිරිකී ඉඩකඩම්ද අහිමිව දුකසේ දිවි ගෙවන මේ පවුලේ එකම ආදායම වන්නේ පූජක පියා සිය රැකියාවෙන් හම්බ කරන මුදල්. ඉතින් කුසගින්න ඉවසා ගන්න බැරිකම හින්දම දුර්ගා අහල පහල වතු වලින් පලතුරු හොරකම් කරන්න පෙළඹෙනවා. ඇය මේ පලතුරු බෙදා ගන්නේ සිය හොඳම යෙහෙළිය ඉන්දී නැන්දා එක්ක. දුර්ගාගේ මේ වැඩ හින්දා අසල්වාසීන්ගෙන් බැනුම් අහන්න සිදු වෙන්නේ දුර්ගාගේ මවට. දුර්ගා හැදෙන්නේ වැඩෙන්නේ නිසි මග පෙන්වීමකින් නොවන බව කියමින් ඔවුන් දුර්ගාගේ මවට දොස් පවරනවා. දුර්ගාගේ මව සිතන්නේ දුර්ගාගේ මේ හැසිරීමට හේතුව ඉන්දි බවයි. දුර්ගාගේ සොරකම් වලට අනුබල දෙමින් ඇයව වරදට පොළඹන බව පවසමින් දුර්ගාගේ මව සිය නෑනන්ඩිය සමග කළහ කරන්නට පටන් ගන්නවා. මේ පවුලට අලුතින්ම එකතු වෙන සාමාජිකයා තමයි අපූ. අපූගේ උපතත් හෝරිට අලුතින් රැකියාවක් ලැබෙන ලකුණු පළවීමත් නිසා මාපිය දෙදෙනා සිතන්නේ තමන්ට වාසනාවන්ත කලදසාවක් ලබන බවයි. අනාගතය ගැන සුභ නිමිති දකින හෝරි තව වසර දෙකකින් ණයබරින්ද මිදී නිවසද පිළිසකර කොට දවසට දෙවේලක්වත් කුස පුරවාගනට හැකි කාලයක් උදාවේයයි කියා සිතනවා. නමුත් අපූ පාසල් යන වයසට එළඹෙන තුරුත් පවුලේ තත්වයේ වෙනසක් වෙන්නේ නෑ.

මේ කතාවේ පටන් ගැන්ම විතරයි. කතාවේ ඉතිරි ටික බලන්න චිත්‍රපටය රසවිඳීන්නම වෙනවා.

Pather Panchali (1955) on IMDb

 

 

715 MB කොපිය මෙතනින් බාගන්න f9f51f413eb884afc3e8c28de05501031e625c19 ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ්  (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

1,622 downloadsDownload Pather.Panchali.1955.zip22 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2013/02/සචිත්-රූපසිංහ.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “සචිත් රූපසිංහ” සොයුරාට  අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitles

1,622 downloadsDownload Subtitles22 KB

51 comments

  1. SHK Hasara

    nice work bro, u have great choice. thanx for the sub

  2. Sameera

    මම ජනමාධ්‍ය කරන කොට අපිට බලන්න කියපු ..එක්තරා ෆිල්ම් එකක් තමයි මෙක..මෙහි එන කැමරා කෝණ,දර්ශන පුදුම විදියේ කලාකාමීත්වයක් පෙන්වනවා...මම හිතන්නේ.ජනමාධ්‍ය ක්ෂේත්‍රයට ඉන්න හිතන් ඉන්න..බයිලා නැති නිවෙදකයන්,අධ්‍යක්ෂකවරුන්,නිෂ්පාදකවරුන්..හැමෝම බැලිය යුතු චිත්‍රපටියක්.

  3. Sidath

    meyka pattama akak kiyala ahala thibuna

  4. lasidu

    සුපිරිම ෆිල්ම් එකක් ආයේ කතා 2 කක් නෑ නියමයි සහෝ :)

  5. ositha

    maxxxa menna baiscope ake raja wadak :)

  6. tharanga

    අගනා වැඩක් කරලා තියෙන්නේ නියමයි හොදේ

  7. rusuru | රුසිරු

    වටිනා කියන නිර්මාණයක්.!

    දිගටම මේ වගේ සුපිරි ඒවාට සබ් දෙන්න.

    ජය!

  8. Dx

    එළ මචං

  9. quik

    thanks

  10. lk

    patta pathuru hode

  11. notisamanalaya

    වටිනා නිර්මාණයක්.! නියමයි සහෝ .!

  12. kanthaDLA

    අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය අප ඉතා ගෞරවයෙන් අගය කරනවා......thanks very much...........

  13. shann

    ලොවෙත් නෑ මචං පට්ට

  14. kalinga

    අනිවා බලන්න ඕනේ... ජයම වේවා!

  15. zumo man

    elazzz thnxzzz

  16. wow

    wow... maru :D

  17. chamath cafe

    සුපිරිම කතාවක් බොහෝ පින්

  18. uda

    නිසැකවම සචිත් සහෝ... මේක අනර්ග චිත්‍රපටයක්.

    මාත් පොඩි ඕපාදූපයක් කියන්නම් අහන්ඩ ලැබුණු. මේක හදනකොට සත්‍යජිත් රායිට මුදල් ගැටළුවක් මතු වුණාලු. බිරිදගේ කනකර උගස් කරලා, සතු සබ්බ සකලමනාවම තියලා ගත්තු මුදලත් මදි වුණ තැන, ප්‍රාදේශීය දේශපාලකයෙකුගේ හොර අඹුවක් මාර්ගයෙන් ඔහු මුණගැසිලා මේකට රජයෙන් මුදල් අනුමත කරගත්තාලු. මේකෙ නම අර කිව්වත් වගේ "මාවතේ ගීතය" නේ! ඉතිං වැඩේ මෙහෙමයි. අර දේශපාලකයා මාර්ග කටයුතු සම්බන්ධ ප්‍රාන්ත අමාත්‍යවරයෙක්. ඉතින් මේ නම ඇමට දාලා මේක ඉන්දියාවෙ පාරවල් ගැන හදන චිත්‍රපටියක් බව ඒත්තු ගන්වලා මුදල් අනුමත කරගත්තලු. පස්සෙ මේක එහෙම එකක් නෙමෙයි කියල තේරිලා ආපු බර බරේ නැවතුණේ මුළු ලෝකෙම හතර අතින් ඇගයීම් ගළාගෙන එන්ඩ ගත්තැයි පස්සෙ කියලයි මටනම් අහන්ඩ ලැබුණේ. ඔන්න ඔහොමයි ඒ මිනිස්සු ලොවක් වටින සිනමා නිර්මාණ බිහිකළේ.

    මේ අපහාසයක් කරනවා නෙවි. සිනමාවට තිබුණු ආදරය නිසා ඒ වෙනුවෙන් කළ කැපවීම කොතරම්ද කිව්වොත් තමන්ගේ ගෞරවය පවා උගසට තබලා සිනමාවට වෙහෙසුණේ. මේක තමයි මම දන්නා විදිහට ඉන්දියාවට ඉතාලි නවතාත්ත්විකවාදී සිනමා ව්‍යාකරණය හදුන්වාදුන් චිත්‍රපටිය. සංගීත සංකලනය අපූරුයි. සිනමා සංඛේතවේදය භාවිතාව ඉතාම ඉහළයි. මතුපිටින් පෙනෙන දේට වඩා ගැඹුරු හරයක් මතු කරන්නට සමත් වන ලෙස නිර්මාණය හසුරුවා තිබෙනවා.

    මේවා කිව්වෙ දන්නවා කියන්ඩ නෙමෙයි. සිනමාවට ආදරේ වුණත් සමහරු ඉන්නවා තෝරාගැනීමේදී දෙගිඩියාවට පත්වෙන. එහෙම අයට උදව්වක් වේවා කියලායි මේ කියන්නේ, මා ඉගෙනගත් දේවල්. ඉතින් සචිත් සහෝ, මේවැනි නිර්මාණ තව ඉදිරියටත් ගෙන එනමෙන් ඉල්ලා සිටිනවා. ඔයාගේ තෝරාගැනීම් අති ඉහළයි. මම හිතනවා අපූ ත්‍රිත්ත්වය වගේම; අනගි 250ට ඇතුළත් හිච්කොක්'ගේ නිර්මාණ සියල්ලත් අප වෙනුවෙන් සිංහල සහිතව ලබා දේවි කියලා. කාටත් වඩා මම හරි ආශාවෙන් බලාගෙන ඉන්නෙ ඔයා ඊගාව එක අරගෙන එනකම්.

    හරිම වටිනවා සහෝ. ජයෙන් ජය!

  19. කේ.යු.ජී.උදාර

    මුලින් ම මේකට සිංහල දීල තියෙනවා දැක්කහ ම හිතාගන්න බැරි වුණා. මේ සිනමාපටවල තියෙන්නෙ සදාතනික වටිනාකමක්. සචිත්ගේ මේ පීල්ලෙන් පිට පැනල යන ගමනෙ දි කමෙන්ට්ස් අඩු වෙන්න පුළුවන් වුණත් කමෙන්ට්ස්වලට වඩා ඔයාගේ මේ ගමන වටිනවා. ඒ හින්ද ඉස්සරහටත් මේ වගේ වටිනා නිර්මාණවලට සිංහල මුසු කරන්න සහෝ. මේ වැඩේට බොහොම ස්තූතියි.....

  20. vernie

    නියමයි සහෝ

  21. Supun

    MENNA KARANAWANAM NIRMANA ,VISHISHTA TORAGANEMAK DIGATAMA KARAGENNA YANNA jAYAWEWA !

  22. ආසිරී ප්‍රියන්ත (හේවා ලුණුවිලගේ)

    මැක්සා මචන්....පට්ටම එව්වනේ අරන් එන්නේ....ගින්දර හොදේ....

  23. “චූටී මල්ලි”

    අම්මෝ රජ බඩුවක්නෙ දිලා තියෙන්නෙ ඈ
    ඔල්ඩ් ඉස් ගෝල්ඩ් කියනවනෙ නෙ
    එල එල සබට තුති
    ඔබට ජය

  24. pubudu supun

    ඇත්ත සහෝ ඉස්සෙල්ලා කමෙන්ට් දාපු අය කියලා තියන කතා ඇත්ත. මාත් මේ කතාවට මාර ආසයි. ඇත්තම කිව්වොත් මටත් දෙතුන් පාරක්ම හිතුනා මේකට සබ් දාන්න. ඒත් වැඩ වැඩි වුන නිසා ඒකට වෙලාවක් ලැබුනේ නැහැ. අනික සබ් ෆයිල් එකේත් සෑහෙන අඩුපාඩු තිබ්බා. ඒත් මේ ඔක්කොම බාධක මැද්දේ ඔයා මේකට සබ් දාපු එක ඇත්තටම මම අගය කරනවා. එහෙනම් සහෝ මේකේ ඉතිරි ටිකත් ඉක්මනටම දෙන්න. ජයෙන් ජය!

  25. Uvindu sathsara

    thanks and good luck bro

  26. d2dinu

    උදා සහෝදර වරු කියන්න ඕන ටික ටක්කෙට කියල තියෙනවා.මම ජය පතනවා.සචිත් ජයවේවා!

  27. නලියා

    ස්තුතියි සචිත් සහෝ
    නියම උත්සහායක්

    අනික් 3නත් සබ් ගෙන්න හැකිවේවා
    ජය වේවා

  28. Priyaka

    Good Work!!!!
    Thank you very Much....

  29. sisitha

    ඉන්දියානු සිනමාවට මේ අවුරුද්දේදී වසර 100ක් සපිරෙනවා.............ඒ වසර සියයෙදී මෙම චිත්‍රපටය ලොකු සලකුණක්...........සබ් වලට ගොඩක් ස්තුතියි

  30. Nishantha

    හොඳ වැඩක්. ඉතිරි කොටස් දෙකත් දෙන්න.

  31. ij

    thx a lot

  32. me

    Thanks

  33. දිනුක මධුශාන්

    බොහොම තුති සහෝ මේ වගේ වටින නිර්මාණ අපවෙත ගෙනාවට. ජය!

  34. mudiya / මුදියා

    මාර එකක්නෙ සචිත් දීල තියෙන්නෙ.මාවතේ ගීතය කියන්නෙ කොච්චර ආසාවෙන් කියවපු පොතක්ද.මේ ෆිල්ම් එකේ නම හොඳට අහල තිබුනට බලල තිබුනෙනම් නෑ.ඉතිරි දෙකටත් සබ් දෙන්න සහෝ.ජයවේවා.බොහෝ.......................................ම ස්තූතියි...!

  35. දිනිඳු සම්පත්

    පට්ට පරණ චිත්‍රපටියක්නෙ.. රේටින් ප්‍රමාණය සෑහෙන්න ඉහලයි.. මමත් ඔන්න බාගන්නවා. ජයවේවා!

  36. sachith

    බොහොම ස්තුතියි කමෙන්ට්ස් වලට.
    @uda:
    උදා සහෝ කිව්වත් වගේ මේ චිත්‍රපටය බොහොම අමාරුකම් මැද්දේ තමයි කරලා තියෙන්නේ. සිනමාව ගැන මට ලොකු දැනුමක් නම් නෑ. නමුත් හොඳ නිර්මාණයක් අගයකරන්න ඒක බාධාවක් නෙවේ. මගේ හිතගිය දෙයක් තමයි දුර්ගාගේ නිවසේ බිත්තියේ විවර අතරින් කැමරාව හසුරවල තියන ආකාරය. හරියට ඔවුන්ගෙ ජිවිත පිටස්තර ලෝකයට විවර කරන සිදුරු වගේ. ඒ වගේම අපූ විසින් පබළු මාලය වතුරට විසි කරන දර්ශනය. වතුරට වැටෙන මාලය පාසි වලින් වසාගන්න ආකාරය හරි ලස්සනට රූගත කරලා තියනවා. හිච්කොක්ගේ රියර් වින්ඩෝ චිත්‍රපටයේ සබ ළඟදීම පලවේවි.

  37. ශාන් විමුක්ති [වීමා]

    අනේමන්ද බන් මොනා කියන්නද කියල
    මැක්සා, පට්ට, නියමයි, මල්කෝටියයි...!
    ඔව තමා මගේ හිතට එන වචන උබ කැමති එකක් දගනින් බන්
    කියන්න වචන නෑ "OLD IS gold" හොදම උදාහරනෙ තමා මේක
    උපසිරසියට බොහොම ස්තුතියි බන්, උබට ජය! :)

    ප.ලි; බන් බොලං ගෑවට තරහ අවසර, හිතේ තියන දේ බොක්කෙන්ම කියන විදිය ඒක නිසා තමයි මම එහෙම කතා කොලේ ;)

  38. dimuthu තරංග ඉලුක්කුඹුර

    පරණ උනත් නියමම කතාවක් ගෙනත් තියෙන්නේ ,මේ වගේ කතා අප වෙනුවෙන් තව තවත් ඔබට ගෙන එන්න ශක්තිය ලැබේවා,ජයවේවා.

  39. sachith

    @Wima
    බොහොම තුති.
    "Old is Gold" කියනවට වඩා මට හිතෙන්නේ "Gold Never Gets Old" කියලයි :)

  40. රොයිලි

    බොහොම ස්තූතියි සචිත් සහෝ මේ වගේ වටිනා නිර්මාණයක් සිංහල උපසිරැසි එක්ක අපි එක්ක බෙදාගත්තට. ජය෴෴ :P :P

  41. රාම් රාජ්

    මේක තේරෙන්නේ නැතිව හිටියේ හොදයි සිංහල සබ් එක්ක ආපු ඒක.සිංහල සබ් වලට ස්තූතියි.

  42. DAMER

    එළ එළ.. 8)
    සිංහල උපසිරැසි වලට බොහොමත්ම ස්තූතියි මිත්‍රයා.. :)
    දිගටම ෆිල්ම්ස් වලට උපසිරැසි දාන්න.. :D
    ජයවේවා හැමෝටම.! 👍

  43. sp පියමල්

    මේකේ කතා පොත් 3 මන් හරිම ආසාවෙන් කියෙවුවා,ෆිල්ම් එකත් ඒ වගේම හිතට දැනෙන ලස්සන විදිහට ඇති කියලා හිතනවා,thanks සහෝ සබ් වලට

  44. හසරැල්

    තාක්ෂණය පමණක් නොව චිත්‍රපට ක්ෂේත්‍රයද එතරම් නොදියුනු යුගයක මේ තරම් උසස් නිර්මාණයක් බිහි උනා යැයි සිතීම පවා අපහසුය.

  45. Gehan Dodangoda

    Pather Panchali is one of the best film in India. But the book of Pather Panchali (Mawathe Gethaya - sinhala translatin) is better than film. Read and enjoy your self.

  46. Menu

    බොහොම ස්තුතියි!

    අනිත් චිත්‍රපට දෙකත් දෙන්න.

    Aparajito (1956)
    The World of Apu (1959)

  47. anil

    ස්තූතියි......!

  48. das

    අපරාජිතෝ සහ අපූර්ව සංසාර් චිත්‍රපටි දෙකටත් sub කරන්ඩෝ..............................

  49. Chanmatara

    Thanx සබ් එක නියමයිනේ ....

  50. Charuka00

    අනේ මචන් මේක bluray එකට update කරන්නකො. Thank you...

Load more comments

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.