කොහොමෙයි? කොහොමෙයි? හැම කෙනෙක්ටම.. දෙපාරක් ඒක කිවුවේ එකක් මං වෙනුවෙන් අනික සමන් ප්‍රසාද් කොළුවා වෙනුවෙන්. මේ සුපිරි කතාව සමීර කරුණාරත්න කොලුවාගේ ඉල්ලීමට තනියම කරන්ඩ ගත්තට වෙලාවේ හැටියට ඇදගෙන යන්න අමාරු කරපු නිසා සමන්ව අමාරුවේ දැම්මා. මිනිත්තු 41 තත්පර 42 ඉදලා වැඩේ ඇදන් ගියේ සමනා තමා. අපරාදේ කියන්ඩ…
කොහොමෙයි? කොහොමෙයි? හැම කෙනෙක්ටම.. දෙපාරක් ඒක කිවුවේ එකක් මං වෙනුවෙන් අනික සමන් ප්‍රසාද් කොළුවා වෙනුවෙන්. මේ සුපිරි කතාව සමීර කරුණාරත්න කොලුවාගේ ඉල්ලීමට තනියම කරන්ඩ ගත්තට වෙලාවේ හැටියට ඇදගෙන යන්න අමාරු කරපු නිසා සමන්ව අමාරුවේ දැම්මා. මිනිත්තු 41 තත්පර 42 ඉදලා වැඩේ ඇදන් ගියේ සමනා තමා. අපරාදේ කියන්ඩ බැහැ සෙට් වෙලා කරමුද බන් කියල අහපු ගමන් මිනිහා හා කිවුවා. මේ මම අපේ සහෝදරයෙක් සමග එකතුවෙලා කරන දෙවැනි උපසිරස පලවෙනි එක ආසිරි අයියා වැඩි බරක් ඇදපු ටොම් හෑන්ක්ස් අංකල්ගේ Cast Away (2000). හරි එහෙනම් වැඩි කතා ඕන නැහැ ගෙනාපු ෆිල්ම් එකේ විස්තරේ දිහාවට හැරෙමු. මේකට imdb අඩවියේ 7.3ක් වගේ ඉහළතම අගයක් ලැබිලා තියනවා. අධ්‍යක්ෂණය Josh Boone විසින්, කතාවත් එයාගෙමයි. The Fault in Our Stars (2014) කියන ඉදිරියේදී එන්න තියන සුපිරි ගණයේ ආදර කතාව අධ්‍යක්ෂණය කරලා තියෙන්නෙත් එයාම තමා. ඔන්න එහෙනම් මේක ටිකක් ලොකු පඳුරක්. තලන්නයි සූජානම…
‘වාසි අවාසි සහගත වේදනාවෙන් පීඩිතව මගේ හිටපු බිරිදගේ අලුත් ජීවිතය දෙස ඔවුන්ගේ ජනේලයෙන් එබිලා බලනවා, පවුල් ප්‍රහසන කතාවක ප්‍රධාන නළුවා වෙනුවට අමුත්තෙක්ව ඇතුලත් කරගෙන ඉන්නවා යැයි වටහා ගනිමින්, නාට්‍ය දර්ශනය පෙර එකමයි. ඒත් ගතවූ පහුගිය අවුරුදු විස්ස පුරාවටම ශෝකාන්තය රඟ දැක්වූයේ විලියම් බෝගන්ස් විසින්. දැන් එයාගේ තැන ඉන්නේ තරුණ පජාතයෙක්’ එහෙම කියන්නේ අපේ කතාවේ ඉන්න බිල්. එයා පොත් ලියලා සම්මානයට පාත්‍ර උන කෙනෙක්. ඒත් දැන් එයාට උද්ගත වෙලා තියෙන්නේ හරි අවාසනාවන්ත තත්වයක්…. එයාගේ චරිතේ රග දක්වන්නේ Greg Kinnear විසින්. The Last Song හී තාත්තගේ චරිතේ රග දැක්වුවේ එයා තමා.
‘මම කවදාවත් කිසිම දෙයක් සමරලා නැහැ. මම හැම වෙලේම බලන් ඉන්නේ ඊළගට මොනාද කියලයි. මං හිතන්නේ හැම කෙනෙක්ම එහෙමයි කියල… දිවි පැවැත්ම තුල වේගයෙන් ඉදිරියට යන්න, කවදාවත් නවතිමින් කිසිම මොහොතක් රස විදින්න එපා, කාර්යබහුලව හැම දේම මුල සිට අග දක්වාම වේගයෙන් සිදුකරන්න උත්සහ ගන්න’ ඔහොම කියන්නේ සමන්තා. එයා තමා බිල්ගේ වැඩිමහල් දුව. එයත් තාත්ත වගේම පොත් ලියනවා. එයාගේ පලවෙනි පොත ප්‍රකාශනය වෙන්නයි යන්නේ. එත් ඒකෙත් පොඩි කොස්සක් තියෙනවා…. එයාගේ චරිතය රඟ දක්වන්නේ Lily Collins එයා Priest (2011) හි Lucy Pace ලෙසත් The Mortal Instruments: City of Bones (2013) හි Clary ලෙසත් රංගනයෙන් දායක වෙලා තියනවා..
‘හරි මේක තුතිපිදීමේ උත්සවයට පස්සේ ලියපු එකක්. එකේ මාතෘකාව “ඉස්කෝලේ” ඒක ගංජා පාරක් ගහලා ඒකෙ බලෙන් ලියපු එකක්.
“ඩෙස්-බංකු සාගරය තුල තරග විලාසිතා පිළිබද
කෙළිලොල් කතාබහ නැගේ
ගිණි කූරක් ගසනවාත් සමග
සිහින ගලායයි දිග දුම් බටය තුලින්…….”
ඔහොම කියන්නේ රස්ටි. එයා තමා බිල්ගේ පුතා එයත් තාත්ත වගේම පොතක් ලියන්නයි උත්සාහ කරන්නේ, එයාගේ චරිතය රග දක්වන්නේ Nat Wolff විසින් එයා ඉදිරියේදී එන්න තියන The Fault in Our Stars හී Guz ගේ මිතුරා වන Isaac ලෙසින් දායක වෙනවා.
මේ තුන්දෙනාම ආදරේ පිළිබද ලොකු පැටලිල්ලක ඉන්නේ.
බිල් දික්කසාද වෙලා එයාගේ බිරිද වෙන කෙනෙක් එක්ක ඉන්නවා, බිල්ටත් එක්කෙනක් ඉන්නවා එයා තමා ට්‍රිසියා ඒත් ට්‍රිසියා සහ බිල් ආදරේ කරන්නේ නැහැ වෙන දේයක් වෙනුවෙනුන් තමා ඒ දෙන්න සැට් වෙලා ඉන්නේ දන්නවනේ ඉතින් මොනාටද කියල. ට්‍රිසියගේ චරිතයට දායක වෙලා තියෙන්නේ Kristen Bell එයා තමා Frozen (2013) ඇනාගේ චරිතයට හඬ ලබා දීලා තියෙන්නේ Hit and Run එකෙත් එයා ඉන්නවා. එතකොට සමන්තා. අම්මගෙයි තාත්තගෙයි ආදර කතාව දැකලා ආදරේ කිරීම එපා වෙලා ඉන්න කෙනෙක්. ඒත් එයා ගැන අවධානෙන් ඉන්න කෙනෙක් ඉන්නවා එයා තමා ලුවිස් එය ඉන්නේ සමන්තගේ පන්තියෙමයි. එයාගේ චරිතය රඟ දක්වන්නේ Logan Lerman විසින්. Percy Jackson: Sea of Monsters Percy Jacksonගේ චරිතයත් The Perks of Being a Wallflower හි Charlieගේ චරිතය රඟ පාන්නේ එයා තමා. රස්ටිගේ හිත ගිහින් තියන කෙල්ල තමා කේට් එයා මත්ද්‍රව්‍ය එක්ක වගේම පජාත කොල්ලෙක් එක්ක පැටලිලා ඉන්නේ. රස්ටි ඉන්නේ එයාගේ පන්තියෙමයි. කේට්ගේ චරිතෙට දායක වෙන නංගි තමා ඉස්සරහ එන්න තියන නිකලස් ස්පාක්ස් මාමගේ The Best OF Me (2014) ෆිලුමේ තරුණ ඇමන්ඩාගේ චරිතයට දායක වෙන්නේ.
පදුර තැලුවා ඇති නේද? මේකේ ඉන්න ගොඩක් දෙනෙක් ප්‍රසිද්ද චරිත ඒ නිසයි පඳුර ලොකු එකක් කීවේ. එහෙමනම් මේ කට්ටියට වෙන්නේ මොනාද කියල බාගෙන බලන්ට ඔන්න.ගොහින් එන්නම් එහෙනම් 🙂
Due to copyright issues, we do not provide any torrent links.
Stuck.in.Love.2012.1080p.BluRay.x264.YIFY
මෙම ලබා දී ඇති උපසිරැසි ඉහත පිටපත සඳහා අදාළ වේ.
3,289 downloadsDownload Stuck-in-Love-2012.zip155 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2012/10/Normal-.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “සමන් ප්‍රසාද්” සහ “ශාන් විමුක්ති [වීමා]”සොහොයුරන්ට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔවුන්ගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles
43 comments
czRGsl
thisal
thankz machan fault in our stars ikmnta diyan
me
Thanks
Jack
නියමයි මචන්.
ස්තුතියි සබ් එකට.ආසිරි ප්‍රියන්ත (හේවා ලුණුවිලගේ)
අම්මටසිරි...
සුපිරි ෆිල්ම් එකක් වගේ...
ඒ වගේම දෙන්නටම බොහොම ස්තුතියි සබ් එක ගෙනාවට...
ඒ වගේම ලිපියත් සුපිරියටම තියෙනවා. ඒත් වැඩේ කියන්නේ ලිපියේ තිබ්බ කිසි දෙයක් මටනම් තේරුනේ නැ..
කොහොම උනත් ඒ මගේ නොහැකියාව වෙන්න ඇති...
ජය වේවා මචෝ..
මෙන්න මේ වගේ එව්වා තමයි අපිත් බලන්න ආසා..
ජය වේවා..සමීර
මටත් එහෙම තමයි බන් ඕවා ගණන් ගන්න එපා. උඹ බලන ජාතිය ලස්සන කතාවක්. අනිවා බලහන්...!!!
Shan Vimukthi
ඔව් මම දැන් ලියන ලිපි අන්තිම කුජීතයි :D :p
Saman Prasad ( Black Panther )
කුජීතයි කියන්නෙ කුජීත එකෙත් උපරිම කුජීතේ :v :v :v :D
සමීර
බොහොම ස්තුතියි මගේ ඉල්ලීම ඉටු කලාට දෙන්නටම. මේක මම බැලුව ලස්සනම කතාවක්. කොහෙද ඔය විමාට ඒ කාලෙම කිව්වට ගාණකට ගත්තේ නැහැ, මුන් අපි කියන දෙයක් අහන්නේ නැහැ නේ. කොහොම හරි පරක්කු වෙලා හරි කමක් නැහැ මොලේ පෑදිලා තියෙන්නේ. බොහොම ස්තුතියි දෙන්නටම.
Shan Vimukthi
සමහර දේවල් වලට මොලේ පෑදෙන්ට කල් යනවා නොවැ සැමියෝ ;)
Thanu
Thaku wewa 2nnatama!
තිසර නියෝ (Thisara Buddhika)
නියමයි
:P
උපසිරැසියට තුති…… :)
ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
ඔබට ජය .. :)තිසර නියෝ (Thisara Buddhika)
ඒ වගේම දෙන්නටම බොහොම ස්තුතියි සබ් එක ගෙනාවට…
අයේෂ්
Thank You..
inoka perera
thanks Sub walata
නලින්
ස්තුතියි සමන් හා විමා
ජය වේවා !
Dilshan kalinga
අයියෝ...කොල්ලෝ.
මේක දෙනකම් අවුරුදු ගණනාවක් බලාගෙන ඉඳලා බැරිම තැන මම අද දවල් ෆිල්ම් එක බැලුවා බන්.
ඒකට මොකද දෙන්නා එකතු වෙලා කරලා තියෙන්නේ එල වැඩක් නොවැ.
ඕවා කළාට මොකද ලංකාවේ නීතියට පිටින් එහෙම යනවා නෙමෙයි දෙන්නම.
:-)රොයිලි
බොහොම ස්තූතියි දෙන්නටම සිංහල උපසිරැසියට. ශාන් මේකට සබ් දාපු එකනම් තේරුම් ගත්තහැකි. ඒත් සමන් සබ් දැම්මා කිව්වම පුදුමත් හිතුන. ජය෴෴ :P :P
Saman Prasad ( Black Panther )
ඔන්න ඔහේ ලව් එකකටත් දාලා බලන්න හිතුනා. අනාගතේටත් ඕන වෙන්නෙ නැතෑ... :D
“චූටී මල්ලි”
මේක නම් බලන්නම වෙනවා
කට්ටිය මේක ගැන දාලා තියෙන දේවල් දැක්කම
එල විමෝ ඈ......
සබට තුති
ඔබට ජය...............kush
Elz ....thanks bro......
පසිඳු උදාර
දෙන්නටම බොහොම ස්තුතියි දෙන්නටම !!!
Thilini
ane pretty woman film eka nadda me site eke?. ... puluwan nam ekath apith dwnld wennna salawannako.... thnks! ogollo karana wedeta wish karanava!!!!!!!!!
ගයාන් රූකාන්ත (ජෝනා)
එහෙනම් බලමුකෝ විමාගේ සමනගෙයි
වැඩේ කොහොමද කියලා...නිකමට වගේ ෆිලුම නම් ඊයේ රැ බාගත්තා
අදවත් බලන්න ඕනේ. සබට තුති විමෝ........සමනෝ. :) :) ජය වේවා...!!kanthaDLA
Thanks very much ....Thanks very much..
very..very..Thanks....!Dulanga
thanks
ෂෙහාන් බුද්ධිම [Shehan]
සිංහල උපසිරැසියට බොහොම ස්තුතියි සහෝ.. :D
Chami
Thanks
දිමුතු තරංග ඉලුක්කුඹුර
එල, දෙන්නටම බොහෝ පින්,ජයවේවා.
Mihiraj
Thanks, එළකිරි ජයවේවා!
Nandana
Thank U Saman and Shan.
හර්ෂ ලහිරු
බොහොම ස්තුතියි සහො :P ජය
Sanjaya
Onna Mat bagatta.thanks saho..........
Naween
උපසිරසියට බොහොම පිං මචන්...
තවත් ෆිල්ම් වලට සබ් දෙන්න ලැබේවා..ඔබට ජය....!!!! :-)Nishan
ස්තූතියි ,ඇත්තටම හොද ෆිල්ම් 1ක් නියමයි හොදට කරල තියනවා
Naween
උපසිරසියට බොහොම පිං මචන්...
තවත් ෆිල්ම් වලට සබ් දෙන්න ලැබේවා..ඔබට ජය....! :-)gihan
බොහොමත්ම ස්තූතියි සිංහල උපසිරැසට
rajika
tnhx onna mamath gaththa .........
Dulanjali Mendis
Thank you SOooo much dear :) , it's the really nice movie, Thanks for you subtitle (y)
amila-kandy
බොහොම ස්තුතියි සබ් එකට ……..
දමිත්
ජයෙන ජය..
ස්තුතියි සහෝkushan
thanx sub ekata .. puluwnnm me before you 2016 movie eke sub ekath krla denna.. ekath lassan movie ekk
MAALnath
Thanks ................good luck ..............
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie
![Stuck in Love (2012) with Sinhala Subtitles | මෙහෙමත් ආදර කතා…[සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/07/Stuck-in-Love.jpg)

thanxxxxxxxxxxxxxxxxxxxxxxx onna bawa