අපේ තාවකාලික ලැගුම්හල නම් වන්නා වූ මේ පෘථිවිය අපි හැමකෙනෙක්ම යම් දිනක හැර යනවා. ඒ තමයි ස්වභාවධර්මයේ නිතිය නමුත් ඔබට සදා කාලික නොවුවත් යම් කලක් හෝ මරණයෙන් මතුවත් ජිවත් විය හැකි කෙනෙකුගේ මතකයක් විලසින්. අපේ මේ ලෝකය කෙතරම් නම් එවැනි මතකයන්ගෙන් පිරී ඇති ද? බිලියන 7 ක් අතරේ තවත් බිලියන කියක් නම් ජිවත් ව…

අපේ තාවකාලික ලැගුම්හල නම් වන්නා වූ මේ පෘථිවිය අපි හැමකෙනෙක්ම යම් දිනක හැර යනවා. ඒ තමයි ස්වභාවධර්මයේ නිතිය නමුත් ඔබට සදා කාලික නොවුවත් යම් කලක් හෝ මරණයෙන් මතුවත් ජිවත් විය හැකි කෙනෙකුගේ මතකයක් විලසින්. අපේ මේ ලෝකය කෙතරම් නම් එවැනි මතකයන්ගෙන් පිරී ඇති ද? බිලියන 7 ක් අතරේ තවත් බිලියන කියක් නම් ජිවත් වෙනවා ඇති ද? වේගයෙන් වෙනස් වෙන මේ ලෝකයේ සදාතනික ආදරය සාගරයකට උපමා කර ගෙතෙන මේ අහිමි ආදරයක හිමි මතකයක් ඔබ වෙත තබන්නයි සුදානම…
කලින් අපි මේ කතා කල ලෝකයේ වැඩි කොටසක් ආවරණය වී ඇති ජල ගෝලයේ අඳුරුතම කොන සොයා යන, ඉන් අපේ ලෝකයේ ඉතිහාසය ලොවට හඬගා කියන්නට පොර කන ඇය තමුන්ගේ ජිවිතයේ ලොකුම හීනය ඉහ අද්දර තියාන විවේක සුවයෙන් පසුවෙන්නේ ඇයගේ ජිවිතයේ උරුමක්කාරයා සොයාගෙන එනු ඇතැයි කියා සිහිනයකිවත් සිතාගෙන නොම වෙන්නට ඇති. ඇය ස්වභාවයෙන් තමුන්ගේ රැකියාව ජීවිතය කරගත් තැනැත්තියක් ඉතින් මේ අලුතෙන් හමුවෙන අමුත්තා ඇයටත් නොදැනීම ඇයගේ ජිවිතයට ඇතුල් වුනත්, ඔහු ගැන ඇය දන්නා ප්‍රමාණය ඔබටත් මටත් අල්පයි…. ඉතින් මේ විශ්වයේ රහස් සොයාගෙන යන ආදරවන්තිය දෛවයේ සරදමක් හමුවේ ජිවිතයෙන් බැට කන හැටි, විටෙක ඒ සරදමම ජිවිතයේ පන්නරය කරගෙන ඇයගේ ඉලක්කය සපුරාගෙන යන හැටි හැකිවේවි ඔබට දැකගන්නට.
ලොවක් බේරා ගැනීමට මරු කටට යාමට සුදානම් වෙන ඔහුගේ අවසාන විවේකය විය හැකි මේ විවේකය ඔහුගේ ජිවිතයේ උරුමක්කාරිය හමුවෙන ඒ සොදුරු මොහොත යැයි ඔහුත් සිහිනයකින්වත් නොහිතන්නට ඇති. සැබවින්ම ඔහු රහස් සොයා යන්නෙක්, ඔහුගේ සිත්ගත් ඇයත් එසේමයි, නමුත් ඇය රහස් සොයා මුහුදු පතුලට යන විට ඔහු රහස් සොයා යන්නේ මිනිස් සංහතියේ මිලේච්ඡයන් වෙත, ඔබ අනුමාන කළා නම් හරි, ඔහු වෘතියෙන් ඔත්තුකරුවෙක්…. ඉතින් මේ භයානක ජීවිතය ගෙවන, බැදීම් හැමදා අතේ දුරින් තියාගත් ඔහුත් නොසිතු ලෙස ඇය වෙත ආකර්ෂණය වීමට මුලික වෙන්නේ ඇය සොයා යන සාහරයමයි….
නමුත් මේ සලරුව දිව යන්නේ ඒ සොදුරු ආදරය බෙදා වෙන් කරන සාගරය මුලික කරගෙන, ඇය පෘථිවි තලයේ එහා අන්තයේ රහස් හොයනා විට, ඔහු ජරා ජීර්ණ සෝමාලියාවේ කුඩා කාමරයක ත්‍රස්තයන්ගේ සිරකරුවෙකු ලෙස ඇය නැවතත් ඔහුගේ පපුවට තුරුළු කරගැනීමට සිහින මවනවා… ඉතින් මතකයන් ලෙස දිග හැරෙන මේ ආදර කතාව හා මොවුන්ගේ වර්තමානය තුල ගෙතෙන සැබෑ ජිවිතයන්ගේ අවසානය කොහොම වේදැයි දැනගැනීමට ඔබට භාරයි….
Wim Wenders මුලිකත්වයෙන් නිර්මාණය වෙන මේ සිත්තම J. M. Ledgard ගේ නවකතාවක් ලෙස තමයි මුලින්ම ලොවට පහල වන්නේ. ඔස්කා සම්මාන ලාභී අති සුරුපී Alicia Vikander සහ James McAvoy ගේ චරිත නිරුපනයෙන් හැඩවෙන මේ Drama, Romance, Thriller කාණ්ඩයන් නියෝජනය කරන සලරුව දැන් ඔබට භාරයි.
එහෙනම් මහා සයුරේ ඔවුන් හා කිමිදෙන්න, ජීවිතය නම් උල්පතෙන් පැන් පොදක් රස විදින්න, ආයෙත් ඔබත් සමඟ එක්කාසු වෙන තෙක් ඔබ සැමට තෙරුවන් සරණයි..!!!

” Due to copyright issues, we do not provide any torrent links. “
මෙම උපසිරසි BR/HD පිටපත් සඳහා අදාළ වේ.
2,866 downloadsDownload Submergence-2018.zip71 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “හසන්ත වික්‍රමරත්න” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

ADMIN MEMBER
JOINING DATE – 2012-12-29
SUB MAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
හසන්ත වික්‍රමරත්න
Subtitles
29 comments
Kantha_DLA
යුරාන් ධනුක (ධනූ)
බොහෝම ස්තූතියි හසන්ත අයියේ...!!
ජය වේවා..!! :DHashan M. Priyadarshana
Thank you machan sub ekata
Kulanjana Maduranga
subata thanks
Tharaka
THANKS...............
indika75
thanks..
Madhura prasad
තුති වේවා සහො
harshani11112
ස්තුති සහො
තෙරැවන්සරණයිnuwan14
isthuthi broo
හසිත මධුෂාන්
බොහොම ස්තූතියි සහෝ සබ් එකට.......!
Hemantha De Silva
ස්තුතියි හසක්ත උපසිරැසියට... ජය...
SAjith Anthony
උපසිරැසියට බොහෝම ස්තුතියි සහෝ,
ජයෙන් ජයම වේවා...!!ishan1653
Tks a lot..
kodagoda
tnx sahoo subata
Pramukmili
thanxx bro..........
Chulender kasun
Thanks
gihan
උපසිරැසියට බොහෝම ස්තුතියි
bLack_sNow
Thanks saho sub ekata
Nilush Angana
Sub ekata thanx
mmkasun
thanx
Rukshan37
Ela ela
smart15
.sub සබ්ටයිට්ල් දෙන්න පුලුවන්ද? tv එකේ ප්ලේ වෙන්නේ නෑ .srt
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Su
Thanks saho sub ekata..:)
AsithaDilruwan
ela saho thanks
Bandaramudiyansi
ඉසිම තෙරුමක් නැති ෆිල්ම් එකක්.කාලය අපරාදෙ .ඔබතුමාගෙ නිර්දේශ කිරිම අසාර්ථකයි .මෙව ඔය ලිපියෙ කියල තියෙන තරම් නම් නැ කියටවත්. වැඩක් නැ චිත්‍රපටය
tharidu sagara
සිංහල උපසිරසියට බොහොම ස්තුතියි.
ජය වේවා!!!Supun Preemal
උපසිරැසියට බොහොම ස්තුතියි සහෝ ....!
nish47
thanks saho
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie

උපසිරැසියට ගොඩක් ස්තුතියි...
ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
බුදු සරණයි - දෙවි පිහිටයි..!