Watch Trailer

Sucker Punch (2011) Sinhala Subtitles | මුළාවෙහි ,මූලාවීම. [සිංහල උපසිරසි සමඟ]

මේ මගේ පළවෙනි උපසිරැසිය. 2011 මාර්තු 25 වනදා Warner Bros. Pictures බෙදාහැරීමක් හා Legendary Pictures Cruel and Unusual Films Studio මගින් නිකුත් වුණු මේ චිත්‍රපටියේ අධ්‍යක්ෂණය හා කතාව ‘Zack Snyder’ගෙනි. ඒ වගේම මෙහි නිෂ්පාදනයෙන් ‘Deborah Snyder’ සහ ‘Zack Snyder’ත්, තිර රචනයෙන් ‘Zack Snyder’ සහ ‘Stev…

Sucker Punch 2011

මේ මගේ පළවෙනි උපසිරැසිය. 2011 මාර්තු 25 වනදා Warner Bros. Pictures බෙදාහැරීමක් හා Legendary Pictures Cruel and Unusual Films Studio මගින් නිකුත් වුණු මේ චිත්‍රපටියේ අධ්‍යක්ෂණය හා කතාව ‘Zack Snyder’ගෙනි. ඒ වගේම මෙහි නිෂ්පාදනයෙන් ‘Deborah Snyder’ සහ ‘Zack Snyder’ත්, තිර රචනයෙන් ‘Zack Snyder’ සහ ‘Steve Shibuya’ත් දායක වෙලා තියෙනවා.මෙහි නළු-නිළියන් ලෙස, Emily Browning (Babydoll), Abbie Cornish (Sweet Pea), Jena Malone (Rocket), Vanessa Hudgens (Blondie),Jamie Chung (Amber), Carla Gugino(Madame Vera Gorski / Dr. Vera Gorski), Oscar Isaac (Blue Jones), Jon Hamm (The Doctor / The High Roller), Scott Glenn (The Wise Man / The General / The Bus Driver), Gerard Plunkett (The Stepfather / Priest)යන අය රංගනයෙන් දායක වෙනවා.

මෙහි ධාවන කාලය මිනිත්තු 110 ක්. මෙම චිත්‍රපටියට විදයම් කරලා තියෙනවා ඇ.ඩො.මි.82 ක්. Box office ආදායම ඇ.ඩො.මි.89,792,502 ක් ලෙසත් IMDb අගය 6/10 ක් ලෙසත් දැක්වෙනව. ඇත්තටම මේ චිත්‍රපටියට සබ් එක දාද්දී මගේ අම්මා,තාත්තා සහ අයියාගෙන් ලැබුණු සහයෝගය මතක් කරන්නම ඕනෙ.වැඩටත් ගිහින් රෑ වෙනකන් වැඩේ කරද්දී ඔවුන් මට ලබා දුන් සහයෝගයට ස්තූති කළ යුතුයි. මෙහි දෙබස් සිංහලයට පරිවර්තනය කරද්දී, විශේෂයෙන්ම මගේ අයියාගෙන් ලැබුණු සහයට ස්තූති කළ යුතුමයි.ඒ වගේම මගේ පළමු උපසිරැසි ගැන්වීමේ, මේ අවස්ථාව මට ලබාදුන් “බයිස්කෝප් අඩවියට” මාගේ ප්‍රණාමය.

මෙන්න කතාව….අපරාධ වලින් උමතු වූවන්ව අන්තිමට යවන්නෙ LENOXX මානසික රෝහලට.ඇත්තටම ඒක රෝහලක් විතරක්ම නොවෙයි. එහිදී රෝගින්ව LOBOTOMY පරීක්ෂණ‍යට ලක් කරනවා (LOBOTOMY?? ඒ මොකක්ද ඒ??) LOBOTOMY කියල ශබ්දකෝෂෙ තියෙන්නෙ ‘මොළය කොටස් වලට කැපීමේ පරීක්ෂණය’ කියලා) 😛

ඉතින් අපේ කථා නායිකාවටත්(BABY DOLL) කරුමෙට වගේ මෙතනට යන්න වෙනවා.ඒ එයාගෙ බාප්පගෙ කුණු වැඩක් හින්දා.ඒ මොකක්ද දන්නවද? කතාව පටන් ගනිද්දි ම BABY DOLL ගේ අම්මා මිය යනවා. අම්මා මිය යද්දී තම දේපල සියල්ලම ලියන්නේ තමන්ගේ දරුවන් දෙන්නට(BABY DOLLටයි නංගිටයි)මේක දැනගන්න BABY DOLLගෙ බාප්පා BABY DOLL වයි නංගිවයි මරන්න හදනව.මහිදී අතවැරදීමකින් BABY DOLL අතින්, එයාගෙ නංගිව මැරෙනව මේ හින්දා BABY DOLLව අර මානසික රෝහලට යවන්නෙ එයාගෙ බාප්පා.

මෙතන ඉදලා තමයි කතාව පටන්ගන්නෙ. මේක මානසික රෝහලක් කිව්වට මෙතනදී රෝගින්ව විවිධ පරීක්ෂණ වලට ලක්කරනව.අර LOBOTOMY පරීක්ෂණයත් ඒ වගේ එකක් ඒක කළාම රෝගියාගෙ මතකය සම්පූර්ණයෙන්ම නැතිවෙනවා.අපේ BABY DOLLවත් මේ පරීක්ෂණයට ලක්වෙනවා. ඊට පස්සෙ වෙන්නෙ අමුතුම දෙයක් BABY DOLL තමාගේම මනඃකල්පිත ලෝකයක සැරිසරනව. ඒ ලෝකයේ අර මානසික රෝහල, 60′ දශකයේ සමාජ ශාලාවක් ඉතින් BABY DOLL එතනින් පලායන්න දරන උත්සහයක් ඊළගට පෙන්වන්නෙ. ඒත් ඒක ලේසි පහසු වැඩක් වෙන්නෙ නම් නෑ. ඔවුන්ට ඒ සදහා යම් භාණ්ඩ වර්ග 5ක් ඕනෑ කරනවා. ඒවා හොයාගන්නෙත් අමුතුම විදිහකට විශ්මිත නර්තන හැකියාවක් ඇති BABY DOLL, එමගින් මුළු සමාජ ශාලාවම පිස්සු වට්ටවනවා. ඒත්….මේ කතාව අවසන් වෙන්නෙ අපි හිතන විදිහට නම් නොවේ..අන්තිමට මේ “දර්ශනයේ තරුව” වෙන්නෙ වෙනම කෙනෙක්.

ඉතින් යාළුවනේ ඒකට මේ කතාව ඉවර වෙනකම්ම බලන්න….ඔයාලා හැමෝටම ජය……………!

 

 

Due to copyright issues, We do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරසිය BR සහ Extended cut පිටපත්  සඳහා ලබා දී ඇත.

10,038 downloadsDownload Sucker-Punch-2011.zip106 KB

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2013/12/hirantha.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “හිරන්ත සිල්වා” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitle Contributor Rank
NEW MEMBER
JOINING DATE – 2013/12/23

Subtitles by

හිරන්ත සිල්වා

Subtitles

10,038 downloadsDownload Subtitles106 KB

56 comments

  1. notisamanalaya

    maxxaaa

  2. me

    Thanks

  3. jack

    පලවෙනි වැඩේටම සුපිරි බයිස්කෝප් එකක්නේ තෝරගෙන තියෙන්නේ. පලවෙනි වැඩේට සුබ පැතුම් සහෝ. දිගටම උපසිරැසි නිර්මාණය කරන්න. ජයවේවා.

  4. pathum

    palamu akata suba pathum

  5. asiri

    kollo godai dan ela ela

  6. tharanga

    පළමු එකට සුභ පැතුම්!

  7. rusuru | රුසිරු

    දිගටම සබ් දෙන්න ජය!

  8. yasas

    all the best

  9. isuru samarasinghe

    subs walata pin sahohta thawath hoda film akak subs dala geymu

  10. ositha

    digatama subs denna ahk weywayi pathanwa

  11. ganidu

    තැන්ක්ස් වේවා!

  12. Siraj

    ‍ප‍ල‍මු ‍වැ‍ඩේ‍‍ට ‍සුභ ‍පැ‍තුම්‍.
    ‍සබ්‍ ‍එ‍ක‍ට ස්‍‍තූ‍ති‍යි ‍ස‍හෝ.
    ‍දි‍ග‍ට‍ම ‍දෙ‍මු.

  13. දර්ශන හර්ෂ කුමාර

    අපොයි මට මේ ෆිල්ම් එක මිස් උනා කියන්නේ පුදුමයි.කමක් නැහැ බොහොම ස්තූතියි සහෝ සබට.මේක නියම ෆිල්ම් එකක් වගේ.... තව එකක් ඉක්මනට දෙමු!! :P

  14. Amil

    thanks Malaya Sub ekata....

  15. nuwan

    elama thamai thaky you saho..........!

  16. anniyan

    Thanks machan

  17. Nisal Lakshan

    thankxxx banna yanoo

  18. හර්ෂ ලහිරු

    බොහොම ස්තුතියි සහො :D
    මං මේක බලලා තියනවා ආයෙ සබ් එක්ක බලන්න පුලුවන් :P

  19. mudiya / මුදියා

    බැලුවදෝ මන්ද.
    හැබැයි ඉතිං දන්න සිංහලෙන් බලන්න චාන්ස් එකක් ලැබිල තියෙද්දි මොකෝ නොබල ඉන්නෙ.
    නියමයි හිරන්ත.
    පළවෙනි එකට මගේ උණුසුම් සුභ පැතුම්.
    ජයවේවා.බොහෝ...........................................................................................ම ස්තූතියි...!

  20. සචින්ත

    ඉස්සරහාටම යමු කොල්ලො.

  21. DAMER

    එළ නියමයි.. :coOL:
    සිංහල උපසිරැසි වලට බොහොමත්ම ස්තූතියි මිත්‍රයා.. :)
    දිගටම උපසිරැසි දාන්න.. :D
    ජයවේවා හැමෝටම.! 👍

  22. nalaka

    ela ela bro..1st ekama supiri ekakne deila thiyenne...thanks saha..palamuweni nirmanayata..suba pathum..

  23. sahan

    me sub 1ka vlc ake veda karanne nene

    1. Hirantha

      K.M PLAYER එකේ PLAY කරන්න.ජය...

  24. rajitha

    thanks patta

  25. Hirantha

    ඇත්තටම මගේ පළවෙනි නිර්මාණයට, මම හිතුවට වඩා ප්‍රතිචාර ගොඩක් ලැබෙනවා....
    මාව ධෛර්යමත් කරන ඔයාලා හැමෝටම ගොඩක් ස්තූතියි...ඒ වගේම BAISCOPELK අඩවියටත්.තවත් නිර්මාණයකින් හමුවෙමු...
    ජයෙන් ජය..!

  26. tharindu

    yooooo maru

  27. sp පියමල්

    පළමු නිර්මාණයට සුබ පැතුම්,thanks

  28. sasanka

    honda film 1k wage mchn...tnkx

  29. “චූටී මල්ලි”

    එල එල මචන්
    සබට තුති
    ඔබට ජය.......

  30. රොයිලි

    බොහොම ස්තූතියි හිරන්ත සහෝ සිංහල උපසිරැසියට. ඒ වගේම සාදරයෙන් පිළීගන්නවා බයිස්කෝප් සිංහලෙන් අඩවියට. ජය෴෴ :P :P

    1. Hirantha

      බොහොම ස්තූතියි රොයිලි ‍සහෝ.:)

  31. indika

    thnq

  32. දිමුතු තරංග ඉලුක්කුඹුර

    පළමු උපසිරසි නිර්මාණයට මගේ උණුසුම් සුබ පැතුම්, දිගටම සබ් දෙන්න,ජයවේවා.

  33. gihan

    සිංහල උපසිරසියට බොහොමත්ම ස්තූතියි

  34. Thisara Buddhika (තිසර නියෝ)

    නියමයි
    :P
    උපසිරැසියට තුති……. :)

  35. gihan dias

    thanks.digatama ohoma demu..palaweni akama patta

  36. thisal

    ස්තුතියි සහෝ සිංහල සබට

  37. Asanka Gayan RZ

    ස්තුතියි සහෝ

  38. Pavani

    Vanessage film ekaknam magarinna amarui....thnkz sub ekata

  39. Viraj

    sub ekata thanks saho.. jaya wewa!!

  40. Lakshan999

    Thanh sho

  41. artigala

    thx bro......

  42. Rahula thero

    අය්යො මොන කෙම්මල් කතවක්ද මෙ මුලක් නැ මැදක් නැ අගකුට්ග්නැ පිස්සුඅපරාදෙ කාලෙ මහ පිස්සු ට්ගෙරුමක්මනැති කතාවක් ස්බ එකට තැන්කියු මොනාකරන්ඩද ඉතින්

  43. Lakshansilva18

    උපසිරිසියට බොහොම ස්තුති

  44. Lakshansilva18

    Film ekanam patta chater

  45. Shaggy

    සබ් එකට බොහොම ස්තූතියි සහෝ

  46. Ishan Madusha

    බොහොම ස්තූතියි සබ් එකට

  47. Anonymous

    Thanks Brother

  48. sasanka sathyajith

    Thanks for the sub

  49. Nishan S Ariyarathna

    උපසිරැසියට බොහොම ස්තුතියි! ❤

  50. Supun Preemal

    උපසිරැසියට බොහොම ස්තුතියි සහෝ...!

Load more comments