කොහොමද බයිස්කෝප් කට්ටියට? ගොඩක් දවසකින් මම නම් මේ පැත්තට එන්නේ. වරුන් අයියා නිසා තමයි හද්සියේම එන්න වුනේ ;). කාලෙකට පස්සේ වරුන් ධවාන් එයා නිතරම කරන චරිත වලින් මිදිලා, ටිකක් වෙනස්ම විදිහේ චරිතයක් තෝරාගෙන තියෙනවා. දඟකාර ප්‍රේමවන්තයාගෙන් මිදිලා ටිකක් සීරියස් ප්‍රේමවන්තයෙක් වෙලා. චිත්‍රපටිය තමයි Sui Dh…

කොහොමද බයිස්කෝප් කට්ටියට? ගොඩක් දවසකින් මම නම් මේ පැත්තට එන්නේ. වරුන් අයියා නිසා තමයි හද්සියේම එන්න වුනේ ;). කාලෙකට පස්සේ වරුන් ධවාන් එයා නිතරම කරන චරිත වලින් මිදිලා, ටිකක් වෙනස්ම විදිහේ චරිතයක් තෝරාගෙන තියෙනවා. දඟකාර ප්‍රේමවන්තයාගෙන් මිදිලා ටිකක් සීරියස් ප්‍රේමවන්තයෙක් වෙලා. චිත්‍රපටිය තමයි Sui Dhaaga: Made In India. චිත්‍රපටය තිරගත වුනේ, 2018 සැප්තැම්බර් මාසයේ. මෙහි වරුන් එක්ක රඟපාන ප්‍රධාන නිළිය තමයි අනුෂ්කා ශර්මා. මේ දෙදෙනා එක්ව රඟන ප්‍රථම චිත්‍රපටය මෙයයි.
මේ කතාව ගෙතිලා තියෙන්නේ මම්තා (අනුෂ්කා ශර්මා) සහ මෞජි (වරුන් ධවාන්) කියන, හීන දහසක් හිතේ පොදි බැඳගත්ත, එහෙත් තියෙන වටපිටාව හා පවුලේ පසුබිම නිසා ඒ සිහින හැබෑ කරගන්න බැරුව ලත වෙන දුප්පත් යුවලක් ගැන. ඒත් ඒ දෙන්නා ඉන්නේ හරියට ඉඳිකට්ටයි නූලයි වගේ. අපේ කතාවේ වීරයා මෞජිට ඇඳුම් මෝස්තර නිර්මාණ ශිල්පය උපතින්ම ලැබිලා තියෙනවා, ඒත් එයාගේ සියා මේ ව්‍යාපාරය පටන් අරගෙන බංකලොත් වුන නිසා මෞජිගේ තාත්තගේ කිසිම කැමැත්තක් නැහැ, මෞජිත් මේ වැඩේටම අත ගහනවට. ඒ නිසා මෞජිගේ හිතෙත් ඒ ව්‍යාපාරය පටන් ගන්න ඒ හැටි ලොකු ආසාවක් නැහැ. ඒත් මෞජිට තියෙන මේ හැකියාව ගැන එයාගේ බිරිඳ මම්තා (අනුෂ්කා) නම් හොඳහැටි දන්නවා, ඒ නිසාම ඇයට වුවමනයි තමන්ගේ සැමියාගේ හැකියාවෙන් ලෝකය ජය ගන්න ඔහුට උදව් කරන්න. ඉතින් බිරිඳගේ දැඩි කැපවීම හා දිරිගැන්වීම නිසාවෙන් මෞජි මේ ගමන යන්න පටන් ගන්නවා. එහෙත් මේ ගමන යන එක නම් හිතන තරම් ලේසි නැහැ, මොකද එයාලට මේ ව්‍යාපාරය පටන් ගන්න පුළුවන් තරමේ වත්කමක් නැහැ, අඩුමතරමේ තමන්ටම කියා මහන මැෂිමක් නැහැ. ඒවගේම තාත්තගේ දැඩි විරෝධය. ඒ අතරම ලෙඩින් ඉන්න මෞජිගේ අම්මා. මේ සේරම දේවල් නිසා ඉස්සරහට යන්න තියෙන අවස්ථාව ඇහිරිලා යනවා. ඉතින් මේ සේරම බාදක බිඳගෙන ඉඳිකටුවෙන් හා නුලෙන් ජීවිතය මහන්න යන මෞජි ගෙයි මම්තාගෙයි කතාව බලන්න කියල ඔයාලා හැමෝටම ආරාධනා කරනවා.
ඒවගේම 6.8ක IMDb අගයක් චිත්‍රපටයට ලැබිලා තියෙනවා. මෙය ඉන්දියාවේ අති සාර්ථක විදිහට ප්‍රචාරය වුන චිත්‍රපටයක්. ඒවගේම වරුන්ගේ හා අනුශ්කගේ විශිෂ්ඨ රංගනය විචාරකයන්ගෙන් පැසසුමට ලක් වුනා. අවසාන වශයෙන් කියන්න ඕනේ උපසිරැසිය ප්‍රමාද වුනේ, ඉංගිරිසි උපසිරැසියේ තිබුන අඩුපාඩු නිසා ගොඩක් අවධානෙන් දෙබස් අසන ගමන් තමයි උපසිරැසිය කරන්න වුනේ. එහෙනම් රසවිඳින්න මම්තාගෙයි මෞජිගේයි කතාව. තවත් උපසිරැසියකින් හමුවෙමු, 🙂
Due to copyright issues, we do not provide any torrent links.
ලබා දී ඇති උපසිරසි HD පිටපත් සඳහා අදාළ වේ.
12,227 downloadsDownload Sui-Dhaaga-2018.update.zip61 KB
මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ ගයේෂා සත්සරණී ” සොහොයුරියට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඇයගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2013-12-01
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
ගයේෂා සත්සරණි
Subtitles
46 comments
M,T,R තරිඳු රුක්ෂාන් පෙරේරා
gihan perera
ස්තුතියි සහෝදරී...හොඳ කතාවක්....දිගටම උපසිරැසි කරන්න වෙලාව ලැබෙිවා!!!!දෙවි පිහිටයි...ජය වෙිවා....
Thisara Neo
සිංහල උපසිරසියට තුති.... නැවත හමුවෙමු... ජයවේවා.
Hail Hydra
සනිඳු ලක්ඛිත
උපසිරසට බොහොම ස්තූති සහෝදරී...කාලෙකින් හරි උපසිරසයක් අරන් මේ පැත්තට ආව එක ගැන බොහොම ස්තුටුයි..ජය වේවා!!! බුදුසරණයි..!
Tharaka Nuwan Dilhara
ස්තූතියි උපසිරසියට...
කාලෙකින් දැක්කේ..
වෙලාවක් ලැබුන ගමන් බලනවා..
ජය...✌mindika
Thanks !!!!!!!!
Tharaka
THANKS...................................
thilz
Thank youu
supun priyanath
Ela Film Eka
Thank YouKantha_DLA
උපසිරැසියට ගොඩක් ස්තුතියි …
බුදු සරණයි - දෙවි පිහිටයි..!ශසිත් සඳරුවන්
ඉඳලා හිටලා ඇවිල්ලා හොඳම ඒවගෙන් එකක් දාලා යනවා නේද.. :P
කලින් දුන්න ඒවා වගේම මේකත් හොඳ ඇති කියලා හිතනවා.
සබට තුති කිව්වා.. දිගටම සබ් දෙමු ආ...
ඔබට ජය!Achi
Thanks
බොබී
වරුන් ධාවන්ගේ ෆිල්ම්වලට නම් මම කොහොමත් කැමතියි. නියම කොමඩි කාරයෙක්නේ. මේ වගේ සුපිරි උපසිරැසි අපට ගෙන එනවට බොහොම පින්.
wajira
THANKS FOR SUB
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
harshani11112
ස්තුති ගයේෂා...සබ් එක ගත්තා...
ජයවේවා
තෙරැවන්සරණයිDIMUTHUDIM
sub file is not working in my media player an error is showing
යුරාන් ධනුක
නියම ෆිලුමක් වගේ ....
උපසිරැසියට බොහෝම ස්තූතියි... :DViraj
thanks....
Suresh Madhusanka
උපසිරැසියට බොහෝම ස්තූතියි සහෝ ජයෙන් ජය !!
Kulanjana Maduranga
subata thanks sis..keep it up...
Lahiri
thankz sis
Lalani Maduwanthi
Thank you ,,,,nangi
sanju1996.05.19
Akke oya harima lssnaii...mma oyta kmatii
sanju1996.05.19
extreamly sorry.............my friend posted this commnt frm my acc.......i can't remove it from comment section.....plz remove it..
Udisuru
Lassnai kiynna lajja venna epa.eya lassnai tma
Gandhaka Indrajith
Thanks for the subtitle
N_R
Thanks.
Pramukmili
thanxx bro......
Pramukmili
thanxx sis...... :p
GKUNiranjan
sub error. pls help
randiBB
Thanks u sis
Pathumsasanka
sub eka dunnama error msg ekak enawa
ricadodamien
lovely movie. Thank u Gayesha sis & baiscope team for the sub, all the best to baiscope team..........
Mahesh..test
THanks bro
Dulaj Chandeepa
25 line එකේ error එකක් එනවා sis
Sureshkunara
අපේ ගයේෂා අක්කා නේ මේ....එල එල..ජය වේවා
Dinindu
උපසිරසියට ස්තුතියි.
ජය වේවා...!tharidu sagara
සිංහල උපසිරසියට බොහොම ස්තුතියි.
ජය වේවා!!!chathuradinesh
TNx
e137prasanna
Patta... Thank you very much
Chinthaka madhuranga
Movie download link plz..
Saranga J. Liyanagama
Thanks
sldharmasena
thankss broo
gihansandaruwan
Thanks bro
melinda
thank you
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie

සබට බොහොම ස්තුතියි සහෝදරිය..!
ඔන්න පලවෙනි ඩවුලෝ්ඩ් එකයි කමෙන්ට් එකයි මගෙන්..!