Watch Trailer

Sukitte iinayo. (2014) AKA Say ‘I Love You’ Sinhala Subtitles | ආදරෙයි කියන්නකෝ [සිංහල උපසිරසි]

ඔන්න එහෙනම් තවත් ලස්සන ජපන් චිත්‍රපටයක් අරගෙන ආවා. මේ බයිස්කෝප් වෙබ් අඩවිය වෙනුවෙන් මං කරපු දෙවන උපසිරැසි නිර්මාණය. මේකත් ලස්සනම ලස්සන පාසල් ප්‍රේමයක් ගැන තියෙන කතාවක්… Asako Hyuga විසින් තමයි මේ ජපන් චිත්‍රපටය අධ්‍යක්ෂණය කරලා තියෙන්නේ. Sota Fukushi (යමතො කුරොසවා) සහ Haruna Kawaguchi (මෙයි තචිබනා)…

ඔන්න එහෙනම් තවත් ලස්සන ජපන් චිත්‍රපටයක් අරගෙන ආවා. මේ බයිස්කෝප් වෙබ් අඩවිය වෙනුවෙන් මං කරපු දෙවන උපසිරැසි නිර්මාණය. මේකත් ලස්සනම ලස්සන පාසල් ප්‍රේමයක් ගැන තියෙන කතාවක්… Asako Hyuga විසින් තමයි මේ ජපන් චිත්‍රපටය අධ්‍යක්ෂණය කරලා තියෙන්නේ. Sota Fukushi (යමතො කුරොසවා) සහ Haruna Kawaguchi (මෙයි තචිබනා) විසින් තමයි ප්‍රධාන චරිත නිරූපනය කරන්නේ. සෙසු ප්‍රධාන චරිතයන් Rika Adachi, Tomohiro Ichikawa, Tasuku Nagase, Rima Nishizaki, Alissa Yagi සහ Ryosuke Yamamoto යන අය විසින් නිරූපණය කරනු ලබනවා. IMDb දර්ශකයේ 6.2ක අගයකුත්, My Drama List දර්ශකයේ 7.4ක අගයකුත් මේ චිත්‍රපටයට ලැබිලා තියෙනවා.

චිත්‍රපටයේ කතාව ගලාගෙන යන්නේ මෙහෙමයි… මෙයි කියන්නේ යාළුවො ආශ්‍රය කරන්න අකමැති, තනියමම ජීවත් වෙන්න කැමති කෙනෙක්. ඒකට ගොඩක්ම හේතුවෙලා තියෙන්නේ මෙයි පුංචි කාලේ ගිය ඉස්කෝලෙදි මුහුණදීපු අමිහිරි අත්දැකීමක් නිසා. එතකොට යමතො කියන්නේ මුළු ඉස්කෝලේම ඉන්න කෙල්ලො කොල්ලො අතර ජනප්‍රිය කෙනෙක්. විශේෂයෙන්ම කෙල්ලො අතරේ. ඉතින් මෙයි ව දැකපු දවසෙ ඉදන්ම යමතො, මෙයි ට ආදරය කරන්න පටන්ගන්නවා… ඒත් ඔයාලා මොක ද හිතන්නේ? යාළුවෙක්ව වත් ආශ්‍රය කරන්න අකමැති මෙයි, යමතො ට ‘ආදරෙයි’ කියයි ද…? අනික යමතො කලින් යාළුවෙලා හිටපු කෙල්ලෙකුත් මුලදි මුලදි මේ දෙන්නට අංචි අදිනවා. ඒ වගේම යමතො ගේ ජීවිතේට තව මොඩ්ලින් කරන කෙල්ලෙකුත් එනවා. ඒ වගේම මෙයි ගේ ජීවිතේටත් යමතො ගේ පරණ යාළුවෙක් එනවා. ඉතින් මේ හැලහැප්පීම් ඔක්කොම අස්සේ තමයි මෙයි ට ජීවත් වෙන්න වෙන්නේ. මේ දේවල් වෙන අතරෙ යමතො ගේ හොඳම යාළුවො දෙන්නෙක්ගේ ආදර කතාවකුත් ගලාගෙන යනවා…

මිත්‍රත්වය කියලා කියන්නේ අපේ ජීවිතයට අත්‍යවශ්‍ය වැදගත් බැඳීමක් කියන පණිවිඩය තමයි මේ චිත්‍රපටය පුරාවට ගලාගෙන යන්නේ… ඉතින්, පාසල් කාලය තරම් මිත්‍රත්වයේ බැඳීම් ඇති වෙන්න, ඇති කරගන්න තවත් සුන්දර කාලයක් වෙන කොයින් ද…

හැමෝටම ආරාධනාවක් කරනවා මේ චිත්‍රපටය නරඹන්න කියලා…. ඒ වගේම චිත්‍රපටය ගැනත්, මගේ උපසිරැසි ගැනත් ඔයාලාගේ අදහස් දන්වලා එවන්නත් අමතක කරන්න එපා… මේ වගේ තවත් ලස්සනම ලස්සන ජපන් චිත්‍රපටයකින් ඉක්මනටම ආපහු හමුවෙන්නම්…… 🤗

(K i s s A s i a n Web Site එකෙන් හරි  T e l e g r a m එක හරහා හරි චිත්‍රපටය Download කරගන්න පුලුවන්…)

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරස බයිස්කෝප් ඩවුන්ලෝඩ් අඩවියෙන් නිකුත් කරනා පිටපත සඳහා අදාළ වේ.

2,701 downloadsDownload Sukitte-iinayo.-2014-AKA-Say-I-Love-You.zip34 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “RuuSha” සොහොයුරියට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඇයගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank
NEW MEMBER
JOINING DATE – 2021-05-11
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි. 

Subtitles by

RuuSha

Subtitles

2,701 downloadsDownload Subtitles34 KB

11 comments

  1. kavinda gamage

    බොහෝම ස්තුතියි මේ කරන කැපවිමට. සුපිරි එකකට දිලා නේ නියමයි. දිගටම හැකි වෙලාවට උපසිරැසි දෙන්න .

  2. -NB-

    The Crowned Clown කොරියන් ඩ්‍රාමා එකට සිංහල සබ් දෙන්න පුළුවන්ද?

  3. Ishan Madusha

    බොහොම ස්තූතියි. පුළුවන්නම් if cat disappear from the world movie එකටත්
    සබ් දෙන්න.

  4. Neo

    Thanks sister
    Keep it up

  5. chanu mikhail

    thank u

  6. Supun Kaushalya

    තෑන්ක්ස් සබ් එකට

  7. Shan

    බොහොම ස්තුතියි බ්‍රො සබ් එකට පුලුවන් නම් තව ජපන් ෆිල්ම් ටිකකට සබ් දෙන්න ...

  8. හසිත මධුෂාන්

    සබ් එකට බොහොම ස්තූතියි සහෝ....!

  9. isuru srinath sjs

    සිංහල උපසිරැසියට බොහොම ස්තුතියි..
    ජය!!

  10. Buddhika Lakmal

    ♠♣...බොහෝම ස්තූතියි උපසිරැසියට... ♠♦ ලස්සන ජපන් මූවි තියෙනවා සෑහෙන්න.. බලල ඉස්සරහටත් සබ් දෙන්න.. ස්තූතියි කරන කැපවීමට....

  11. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P