මැස්සෙක් හරි මොකෙක් හරි සතෙක් අරගෙන බෝතලකට දාල වැහැව්වාම, ඌට යන එන මගක් තේරෙන්නෙ නැතුව හතර අතේ පියාබලා බැරිම තැන හති වැටෙනකොට දැනෙන හැගීම කොයි වගේද ? ඒක දැනෙන්න නම් අපිත් දවසක එහෙම කාමරේකට හරි කොහෙට හරි කොටු වෙලාම බලන්න ඕනෙ නේද ? කර කියාගන්න දෙයක් නැතුව කෑ ගහල බැරිම තැන ඕනම කෙනෙක්ට ඇඩෙන්න වුණත් […]
මැස්සෙක් හරි මොකෙක් හරි සතෙක් අරගෙන බෝතලකට දාල වැහැව්වාම, ඌට යන එන මගක් තේරෙන්නෙ නැතුව හතර අතේ පියාබලා බැරිම තැන හති වැටෙනකොට දැනෙන හැගීම කොයි වගේද ? ඒක දැනෙන්න නම් අපිත් දවසක එහෙම කාමරේකට හරි කොහෙට හරි කොටු වෙලාම බලන්න ඕනෙ නේද ? කර කියාගන්න දෙයක් නැතුව කෑ ගහල බැරිම තැන ඕනම කෙනෙක්ට ඇඩෙන්න වුණත් පුලුවන්. 2019 නොවැම්බර් මස 22 වන දින මලයාලම් සිනමාවෙන් තවත් මාතෘකාවක් ඔස්සේ චිත්‍රපටයක් කල එළි බැස්සා. Drama, Thriller ගණයට අයත් imdb අගය 6.6 ක් වගේ තියෙන පැයකුත් විනාඩි 42ක් පුරා දිවෙන ෆිලුමක් හම්බවුණා උපසිරැසියක් අරගෙන එන්න. එහෙනම් කතාව ගැන කෙටි හැදින්වීමක් විතරක් කරන්නම්.
ජිතූ මාමලගෙ ගෙදර ගිහින් එයාලගෙ ළමයි එක්කයි අහල පහල ළමයි එක්කයි හැංගිමුත්තන් සෙල්ලම් කරන්න පටන් ගන්නවා. මාමයි නැන්දයි එයාගෙ ළමයිනුයි පොඩි සවාරියක් ගහන්න යන්න හිතාගෙන ඉන්නෙ, එයාල ඒකට ලෑස්ති වෙනව. ඒ අතරෙ කට්ටියම හැංගිමුත්තන් සෙල්ලම ජිතූ තමයි ඉස්සෙල්ලම හොයන්නෙ. ජිතූ ගණන් කරල හොයනකොට ඉස්සෙල්ලම අහු වෙන්නෙ අනූ.. ඊළගට අනූ හොයන්න පටන් ගන්නව. අනූ ගණන් කරන අතරෙ ජිතු ගිහින් හැංගෙන්නෙ නැන්දගෙ කාමරේ අලුත් වැඩියා කරපු ලොකු ලී අල්මාරියේ. එයා හැංගිලා ඉන්න අතරෙ අනු එනව කාමරේට එනව හැංගුන අයව හොයාගෙන එතකොට ඔන්න අනූගෙ අම්මා ඒ කියන්නෙ ජිතූගෙ නැන්දා එනව කාමරේට අනූ මේ සෙල්ලම් කරන්න වෙලාවක්ද යන්න හදපු ගමන යන්න අනූව එක්කගෙන යන්න. අල්මාරියත් ලොක් කරල අනූවත් අරගෙන මාමයි නැන්දයි එයාල සැලසුම් කරගෙන හිටිය ගමන යන්න සූදානම. කොහොම හරි කට්ටියම පහල තට්ටුවට බැහැල බෑග් එහෙම කාර් එකට දාගෙන ගේට්ටුවත් වහල යන්න යනව. මේ කිසි දෙයක් දන්නෙ නැති ජිතූ අල්මාරිය අරින්න හදනකොට ඒක ලොක් කරල. ජිතූ අනූටයි, අචූටයි කතා කරද්දි ඒ දෙන්නගෙනුත් ප්‍රතිචාරයක් නෑ… ජිතු අතේ තිබ්බ තාත්තගෙ ලයිටරේ පත්තු කරගෙන අල්මාරියට කොච්චර තඩි බෑවත් වැඩක් වුණේ නෑ. කොච්චර උත්සාහ කළත් හරියන්නෙ නෑ ..අන්තිමේදි ජිතූගෙ අතත් පිච්චෙනව. ඇඩෙනව. ජිතූ කෑ ගහල බැරිම තැන අඩනව. එතකොටයි ජිතූට මතක් වෙන්නෙ දවසක් මී මැස්සෙක් බෝතලේට දාල වහල තියෙද්දි අම්මා කියපු දේ මොකද්ද කියන්න, ඒ සතාට කොහොම දැනෙන්න ඇත්ද කියන්න.. ඒත් පලක් තියේද ? ඉතුරු ටික ඔයාලට බාරයි.
හැමෝටම තෙරුවන් සරණයි !
කොරෝනා වසංගතයෙන් මුළු ලොවම සුවපත් වේවා !

Due to copyright issues, we do not provide any torrent link.
මෙම ලබා දී ඇති උපසිරැසි TRUE WEB HD පිටපත සඳහා අදාළ වේ.
4,104 downloadsDownload SULLU-2019.zip19 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ඔෂධ ධනංජය” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

SILVER MEMBER
JOINING DATE – 2017-09-04
SUB-MAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
ඔෂධ ධනංජය
Subtitles
11 comments
හේමන්ත
Prabodha20
Sthuthi obata
Kantha_DLA
… ගොඩක්ම ස්තූතියි. …
ඔබට සහ ඔබ පවුලේ සැමට
තෙරුවන් සරණ ලැබේවා..!හසිත මධුෂාන්
සබ් එකට බොහොම ස්තූතියි සහෝ....!
indika75
Thanks..
isuru srinath sjs
බොහොම ස්තුතියි සිංහල උපසිරැසියට
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
D.Chamara
bohoma sthuthi
Tharidu Sagara
සිංහල උපසිරසියට බොහොම ස්තුතියි.
ජය වේවා!!! බුදු සරණයි!!ශසිත් සඳරුවන්
සබට තුති වේවා...
දිගටම සබ් දෙමු ආ...
ජය!Anonymous
සිංහල උපසිරසට බොහොම ස්තූතියි
Related
![Frame (2026) Sinhala Subtitles | හොඳ මනුස්සයෙක්ද හොඳ ඡායාරූප ශිල්පියෙක්ද? [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/bi-6b4858832e613cd933d7b010-card.webp)
Frame (2026) Sinhala Subtitles | හොඳ මනුස්සයෙක්ද හොඳ ඡායාරූප ශිල්පියෙක්ද? [සිංහල උපසිරසි]
2026MarathiMovie
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
ස්තතියි ඔෂධ....
නිදුක් නිරෝගී සුවය ලැබේවා...!