කොහොමද කට්ටියට, ඔන්න අද අරන් ආවා Candyman චිත්‍රපට මාලාවේ දෙවෙනි කොටස. කලින් දුන්නු කොටස බලන්න ඇතිනෙ නේද? මුල් චිත්‍රපටයේම Sequel එකක් විදියට තමයි මේක එළිදක්වල තියෙන්නෙ. මෙම දෙවෙනි කොටස අධ්‍යක්ෂණය කරල තියෙන්නෙ Beauty and the Beast, The Twilight Saga: Breaking Dawn – Part 1 සහ 2 යන කොටස් අධ්‍යක්ෂණය…
කොහොමද කට්ටියට, ඔන්න අද අරන් ආවා Candyman චිත්‍රපට මාලාවේ දෙවෙනි කොටස. කලින් දුන්නු කොටස බලන්න ඇතිනෙ නේද? මුල් චිත්‍රපටයේම Sequel එකක් විදියට තමයි මේක එළිදක්වල තියෙන්නෙ. මෙම දෙවෙනි කොටස අධ්‍යක්ෂණය කරල තියෙන්නෙ Beauty and the Beast, The Twilight Saga: Breaking Dawn – Part 1 සහ 2 යන කොටස් අධ්‍යක්ෂණය කළ ඔස්කාර් සම්මානලාභී Bill Condon විසින්. පුරා පැයකුත් විනාඩි 35ක ධාවන කාලයක් සහිත මෙම චිත්‍රපයටය අයත් වෙන්නේ Horror | Thriller යන කාණ්ඩ වලට. ඒවගේම Imdb දර්ශකයේ 5.3 අගයක් සහ Google පරිශීලකයන් මෙයට 84% ක මනාපයක් ලබා දී තිබෙනවා. පළමු නිර්මාණයේ මෙන්ම මෙහෙදීද Candyman ගේ චරිතය Tony Todd විසින් රඟ දක්වනු ලබනවා. ඊට අමතරව සෙසු චරිත සඳහා Kelly Rowan, William O’Leary, Veronica Cartwright, Timothy Carhart, David Gianopoulos සහ Fay Hauser යන නළු නිළියන් රංගනයෙන් දායක වී තිබෙනවා. 1995 වසරේදී නිකුත් වී ඇති මෙම චිත්‍රපටය ඇමරිකානු ඩොලර් මිලියන 13.9ක ආදායමක් උපයා ගැනීමට සමත් වී තිබෙනවා.
හරි එහෙනම් කතාව ගැන ටිකක් කියන්නම්කො. කලින් චිත්‍රපටය අවසානෙදි ඔයාල දකින්න ඇතිනේ කැන්ඩිමෑන් අර විශාල ගිනි ගොඩට මැදිවෙනවා. ඊට පස්සේ හෙලන් ලයිල් කැන්ඩිමෑන් විදියට පෙනී ඉඳල අවසානෙට සැමියාව ඝාතනය කරනවා. කොහොම හරි මේ දෙවෙනි කොටසෙදි කැන්ඩිමෑන් නැවත නිව් ඕර්ලීන්ස් වලට පැමිණෙනවා. නිව් ඕර්ලීන්ස් හි පාසැල් ගුරුවරියක වන ඇනීගේ සොහොයුරා වන ඊතන් ටැරන්ට්ව පොලීසිය විසින් ආචාර්‍ය පර්සෙල්ගේ ඝාතනයට සැකපිට අත්අඩංගුවට ගනු ලබනවා. ඉන්පසු ඇනී විසින් තම සොහොයුරා බලන්න පැමිණෙන අවස්තාවේදී සොහොයුරා විසින් පවසන දේවල් අනුව ආචාර්‍ය පර්සෙල් සහ තම පියාගේ ඝාතන අතර සම්බන්ධයක් ඇති බවට ඇයට පෙනී යනවා. ඉන් පසු ඇනී මේ පිළිබඳව සොයන්න පටන් ගන්නවා. ඉතින් කැන්ඩිමෑන්ගෙන් බේරිලා ඇනීට මේක ගැන හොයන්න පුළුවන් වෙයිද? ඊතන්ට මොනවා වෙයිද? කතාවේ ඉතුරු ටික ඔයාලටම බලන්න කියල ආරාධනා කරනවා.
හරි එහෙනම්, මං ගිහිල්ල එන්නම්. නැවත උපසිරැසියකින් හමුවෙන තුරු හැමෝටම ජය. බුදු සරණයි!

![]()
Due to copyright issues, we do not provide any torrent link.
මෙම ලබා දී ඇති උපසිරැසි සියළුම BR පිටපත් සඳහා අදාළ වේ.
1,208 downloadsDownload Candyman-Farewell-to-the-Flesh-1995.zip33 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “චානක ලක්ෂාන්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2013-07-02
SUB MAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
චානක ලක්ෂාන්
Subtitles
6 comments
indika75
හසිත මධුෂාන්
සබ් එකට බොහොම ස්තූතියි සහෝ....!
Ishan Madusha
බොහොම ස්තූතියි සහෝ
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Dewadithya
Thanks for sub!
Shaggy
Thank you very much brthr
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie
thanks..