ආයුබොවන් යාලුවනේ ඔන්න කාලයක් තිස්සෙ බයිස්කොප් එකෙ හොද රසිකයෙක් වෙලා හිටය මටත් හිතුනා හොද චිත්‍රපටියකට සින්හල උපසිරැසි එකක් කරන්න. මේක ඇත්තටම කිවොත් මගෙ ඉස්සර ඉදන්ම හිතෙ තිබ්බ ආසාවක්.එත් තිබ්බ වැඩත් එක්ක එක කරගන්න හම්බ උනේ නැ.ඉතින් බයිස්කොප් ඒකෙ කාලයක් තිස්සෙ ඉන්න මගෙ යාලුවෙක් වෙන චානක ලක්ෂාන් සහෝ ත…
ආයුබොවන් යාලුවනේ ඔන්න කාලයක් තිස්සෙ බයිස්කොප් එකෙ හොද රසිකයෙක් වෙලා හිටය මටත් හිතුනා හොද චිත්‍රපටියකට සින්හල උපසිරැසි එකක් කරන්න. මේක ඇත්තටම කිවොත් මගෙ ඉස්සර ඉදන්ම හිතෙ තිබ්බ ආසාවක්.එත් තිබ්බ වැඩත් එක්ක එක කරගන්න හම්බ උනේ නැ.ඉතින් බයිස්කොප් ඒකෙ කාලයක් තිස්සෙ ඉන්න මගෙ යාලුවෙක් වෙන චානක ලක්ෂාන් සහෝ තමයි මට උපසිරැසි එකක් කරන්න කියලා උනන්දු කලෙ.එකටත් ස්තුතීවන්ත වෙන ගමන් චිත්‍රපටිය පැත්තට හැරෙමු.
මේ චිත්‍රපටිය 2019 සැත්තම්බර් මාසයෙ තිරගත උන පැය එකයි මිනිත්තු හතලිස් පහක් තිස්සේ දිවෙන. Drama, Mystery, Scientific යන තුන් වර්ගයටම අයත් එකක් වෙන මේ චිත්‍රපටිය IMDB වල 6.7/10 වගේම Rotten Tomatoes වල 87% කුත් ගුගල් පරිශිලකයන්ගෙන් 85% ගන්නත් පුලුවන් වෙලා තියෙනවා.ඒවගේම මේ චිත්රපටියෙ රගපාන නලු නිලියො විදියට Emile Hirsch (The Girl Next Door 2004/Into the Wild (2007), Amanda Crew (The Haunting in Connecticut (2009)/Hawaii Five-0 TV), Lexy Kolker (Shooter-2016-2018/ Agents of S.H.I.E.L.D-2017-2018) දැකගන්න පුලුවන්.ඔයාල බලලා ඇති ඒ අය රගපාන අනිත් එවානම්.
කතාව පැත්තට හැරුනාම ආසමන්‍ය හැකියාවන්ගෙන් පිරුන කොට්ටාසයක් ඉන්නවා.ඔව්න්ට අනිත් අයට වඩා යම් යම් දෙවල් කිරිමෙ හැකියාවන් නිසා සාමන්‍ය සාමජය ඉන්න මිනිස්සු මොව්න් දකින්නෙ තර්ජනයක් විදියට.ඉතින් ඒ කට්ටියට සිද්ද වෙනවා සාමන්‍ය මිනිස්සුන්ගෙන් හැන්ගිලා ජිවත් වෙන්න,ඉතින් මේ තත්වෙත් එක්ක Chloe කියන ගැනු ළමයාව එයාගෙ තාත්තාට සිද්ද වෙනවා ටිකක් තදට ඉන්න.එලියට යන්න නොදි හිරකරලා කොහොමහරි තාත්තා මෙයාව සාමන්‍ය මිනිස්සු එක්ක එකතු වෙන්න හදන එක නවත්තගන්නවා.මේ ගැනු ළමයට අනිත් අයගෙ මනස පාලනය කරනවා වගෙ දෙවල් කරන්න පුලුවන්.ක්ලොයිගෙ අම්මා මැරිලා සාමන්‍ය කට්ටිය අතින්.ඉතින් ක්ලොයි දැනගන්නවා තමන්ගෙ අම්මා ජිවත් වෙනවා කියලා තවමත්. ඉතින් මේ අසාමන්‍ය හැකියාවන්ගෙන් පිරුන මේ තාත්තායි දුවයි සීයායි එකතු වෙලා අන්තිමට අම්මාව බේරගන්න යනවා.ඉතින් ක්ලොයිටයි තාත්තාටයි තමන්ගෙ අම්මාව බේරගන්න පුලුවන් වෙයිද,තමන්ගේ දුවව බේරගන්න තාත්තාට මොනවා කරන්න වෙයිද,සාමන්‍ය අය මේ අයව අල්ලගෙන මොනවද කරන්නේ,මේ දෙවල් වලට උත්තර ඔයාලට මේක බලලාම දැනගන්න පුලුවන්.කුතුහලයෙන් ආසවෙන් බලන්න පුලුවන් චිත්රපටියක් කියලා කියන්න පුලුවන්.එහෙනම් මම ගිහිල්ලා එන්නම්.තවත් උපසිරැසියකින් හම්බ වෙමු.
හැමොටම බුදු සරනයි!

![]()
Due to copyright issues, we do not provide any torrent link.
මෙම ලබා දී ඇති උපසිරැසි සියළුම BR පිටපත් සඳහා අදාළ වේ.
6,081 downloadsDownload Freaks-2018.zip47 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “කසුන් ඉන්දික (කස්සා)” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

NEW MEMBER
JOINING DATE – 2020-06-12
SUB MAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
කසුන් ඉන්දික (කස්සා)
Subtitles
19 comments
Kavinu
Ravindu
thanx bro
එල්.සී. දමැල්
අඩවියට සාදරයෙන් පිළිගන්නවා සහෝදරයා... :)
පළවෙනි වැඩේට උණුසුම් සුභ පැතුම්...
දිගටම අඩවිය එක්ක රැඳිලා සබ් කරන්න කාලය ලැබේවා කියලා පතනවා...
ජය... :Dgeeganagamage
අනිවාර්යෙන්ම බලනවා ගොඩාක් ස්තුතියි මේ කරනා වටිනා සේවය වෙනුවෙන් .
Kantha_DLA
… ගොඩක්ම ස්තූතියි. …
ඔබට සහ ඔබ පවුලේ සැමට
තෙරුවන් සරණ ලැබේවා..!හසිත මධුෂාන්
සබ් එකට බොහොම ස්තූතියි සහෝ....!
raviz
Thank You for your hard work.....!
Lakshan
Supiri broooo
indika75
Thanks..
Rasindu Perera
නියමයි…සබ් එකට තැන්ක්ස්…
දිගටම සබ් කරමු....GihanM98
ස්තුතියි..සබ් එකට..පුලුවන්නම් Sniper Assassins End 2020 එකටත් සබ් එක දෙන්න..
Thusitha
Thanks brother ...ජය වෙවා
isuru srinath sjs
පලවෙනි උපසිරැසියට සුබ පතනවා .. බොහොම ස්තුතියි සිංහල උපසිරැසියට
Nilanka
Thanks for the sub bro
Danuka0522
Subata thanks......
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
D.Chamara
bohoma sthuthi .
Tharidu Sagara
සිංහල උපසිරසියට බොහොම ස්තුතියි.
ජය වේවා!!! බුදු සරණයි!!Anonymous
Thnx for subtitle...
Good job...
Keep it up...
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie
පළවෙනි උපසිරැසියට සුබ පැතුම්!
හොඳට රේටින් තියෙන ෆිල්ම් එකක් වගේ.. Trailer එකත් අල්ලලා ගියා! මෙන්න බානවා එහෙනම්
සබට තුති, බයිස්කෝප් පවුලට ආදරයෙන් පිළිගන්නවා ❤❤