Watch Trailer

Summer Camp (2015) Sinhala Subtitles | ගිම්හාන කඳවුරේ භිහිසුණු රාත්‍රිය! [සිංහල උපසිරැසි]

කොහොමද යාළුවො හැමෝටම, ඔන්න අදත් ඔයාලට තවත් හොර(ර්) චිත්‍රපටයක් අරගෙන ආව. මේක නිකුත් වෙලා තියෙන්නෙ 2015 අවුරුද්දෙ. සමහරවිට ගොඩක් අය මේ වෙනකොට බලලත් ඇති. ඒවගේම මෙම චිත්‍රපටය ඇමරිකානු-ස්පාඤ්ඤ සම නිෂ්පාදනයක්. Sleep Tight (2011), [Rec] (2007) වැනි චිත්‍රපට රචනයෙන් සහ නිෂ්පාදනයෙන් දායක වී ඇති Alberto Mar…

කොහොමද යාළුවො හැමෝටම, ඔන්න අදත් ඔයාලට තවත් හොර(ර්) චිත්‍රපටයක් අරගෙන ආව. මේක නිකුත් වෙලා තියෙන්නෙ 2015 අවුරුද්දෙ. සමහරවිට ගොඩක් අය මේ වෙනකොට බලලත් ඇති. ඒවගේම මෙම චිත්‍රපටය ඇමරිකානු-ස්පාඤ්ඤ සම නිෂ්පාදනයක්. Sleep Tight (2011), (2007) වැනි චිත්‍රපට රචනයෙන් සහ නිෂ්පාදනයෙන් දායක වී ඇති Alberto Marini විසින් තමයි මෙය රචනා කොට අධ්‍යක්ෂණය සිදු කරල තිබෙන්නෙ. ඒවගේම මෙහි ප්‍රධාන චරිත සඳහා Diego Boneta, Jocelin Donahue, Maiara Walsh සහ Andrés Velencoso යන නළු නිළියන් රංගනයෙන් දායක වී තිබෙනවා. ඒවගේම මෙම චිත්‍රපටය සඳහා Imdb දර්ශකයේ 5.0 ප්‍රේක්ෂක මනාපයක් සහ Google පරිශීලකයන් විසින් 75% මනාපයක් ලබා දී තිබෙනවා. විනාඩි 81 ක ධාවන කාලයක් සහිත මෙය අයත් වන්නේ Horror කාණ්ඩයට.

හරි එහෙනම් මං කතාව ගැන ටිකක් කියල ඉන්නම්කො, තරුණ ඇමරිකානු උපදේශකයන් වන විල්, ක්‍රිස්ටි සහ මිෂෙල් යන තිදෙනා යුරෝපයේ පැවැත්වෙන ගිම්හාන කඳවුරක් සඳහා ස්පාඤ්ඤයට යනවා. මොවුන් තිදෙනා ස්පාඤ්ඤ කඳවුර සඳහා උපදේශකයින් ලෙස බඳවා ගනු ලබන්නට මූලිකම හේතුව වන්නේ ස්පාඤ්ඤ ළමුන්ට ඉංග්‍රීසි භාෂාව ඉගැන්වීම සඳහායි. මෙම කඳවුරේදී මොවුන් තිදෙනාගේ සහයට තවත් ස්පාඤ්ඤ ජාතිකයෙක් එකතු වෙනවා. ඔහු තමයි ඇන්ටෝනියෝ. ඉතින් මොවුන් සිව් දෙනා කඳවුරට ළමුන් පැමිණීමට කලියෙන්, පෙර පුහුණුවීම් කරල ඔවුන් නවාතැන් ගෙන සිටිනා කඳවුරට යනව. මේ ඉන්න අතරවාරයේ හදිසියේ සත්ත්ව ගොවිපළේ ඉන්න සතුන්ගෙන් එක සුනඛයෙකුට අසනීප වීම හේතුවෙන් සතුන් බලා ගැනීමට සිටින පුද්ගලයා ඇන්ටෝනියෝට පවසනවා එම සුනඛයාව මරා දමන්න වෙනවයි කියල. ඊට හේතුව විදියට ඔහු කියා සිටින්නේ එම සුනඛයාට ජලභීතිකාව රෝගය වැළඳී ඇති බවයි. එහෙත් මෙම අවස්ථාවේ පශු වෛද්‍යවරයෙකු ලෙස අත්දැකීම් ඇති විල් ඉදිරිපත් වී පවසා සිටින්නේ ඔහුට එම සතාව පරීක්ෂා කර බලන්න ඉඩ දෙන ලෙසයි. ඔහු එම සතාව පරීක්ෂා කිරීමෙන් පසුව පවසා සිටින්නේ එම සතාට ජලභීතිකා රෝගය වැළඳී නැති බවයි. කෙසේ නමුත් මෙම අවස්ථාවේ නොහිතන මොහොතක එම සුනඛයාට පිස්සු වැටී විල් ගේ අතක් සපා කනවා. එම අවස්ථාවේම ක්‍රියාත්මක වන හාවියර් නැමති පුද්ගලයා සුනඛයාව මරා දමනවා. කෙසේ හෝ සුනඛයාගෙ සපා කෑමෙන් බේරෙන විල් එදින රාත්‍රියේදී ඇන්ටෝනියෝ සමග සිටින අතර වාර‍යේදී අර සුනඛයාට සිදු වූවාක් මෙන් මහ අමුතු දෙයක් ඇන්ටෝනියෝටත් සිද්ද වෙනවා. ඔහු විරූපි ස්වභාවක් ගෙන පිස්සුවෙන් මෙන් විල්ව මරණ්න උත්සාහ කරනවා… හරි ඉතින් මීට වඩා කතාව ගැන කීවොත් බලන එකෙත් ගතියක් නැහැනෙ. මං මීට වඩා කියන්න යන්නෙ නෑ. හදිසියේම ඇන්ටෝනියෝ එහෙම හැසිරෙන්න පටන් ගත්තෙ මොකද? විල් බේරෙයිද? එතකොට ක්‍රිස්ටි සහ මිෂෙල් දෙදෙනා කුමක් කරයිද? ඉතින් කතාවේ අවසානය කොහොම කෙලවර වෙයිද කියල බලන්න ඔයාලට මේක බලන්නම වෙනවා.

හරි එහෙනම් මං ගිහිල්ල එන්නම්. නැවත උපසිරැසියකින් හමුවෙන තුරු හැමෝටම ජය. බුදු සරණයි!

https://www.youtube.com/watch?v=S9pjraMMHdo

 

 

 

Due to copyright issues, we do not provide any torrent link.

මෙම ලබා දී ඇති උපසිරැසි සියළුම BR පිටපත් සඳහා අදාළ වේ.

2,388 downloadsDownload Summer-Camp-2015.zip34 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “චානක ලක්ෂාන්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2013-07-02
SUB MAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Subtitles by

චානක ලක්ෂාන්

Subtitles

2,388 downloadsDownload Subtitles34 KB

12 comments

  1. isuru srinath sjs

    උපසිරැසියට බොහොම ස්තුතියි මචෝ !!

  2. Film pissa

    තැන්ක්ස් මචන් සබ් එකට.දිගටම කරන් යමන්.

  3. indika75

    thanks..

  4. Anonymous

    Thanks bro....

  5. raviz

    Thank you bro...........

  6. හසිත මධුෂාන්

    සබ් එකට බොහොම ස්තූතියි සහෝ....!

  7. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  8. Anonymous

    Thank You! මචෝ උපසිරැසියට

  9. Sajith Anthony

    උපසිරැසියට බොහෝම ස්තුතියි සහෝ,
    ජයෙන් ජයම වේවා...!!

  10. Malith Samarawickrama

    thanks bro

  11. Dewadithya

    Thanks for sub!

  12. MAALNATH

    Thanks .............good luck ..............