Watch Trailer

Rec (2007) | මහල් නිවාසයේ සිදු වූ භීෂණය..!! [සිංහල උපසිරැසි සමඟ]

“Pablo, දෙවියන්ගේ නාමෙන් ඔය වෙන දේවල් පටිගත කරන්න වෙනවා.” කවදාවත් ඔයාල වෙනස් අත්දැකීමක් ලබන්න උත්සහ කරල තියෙනව ද? මම කියන්නේ සාමාන්‍යය විදිහට ඒකාකාරීව චිත්‍රපටයක් බලනවාට වඩා මොකක්හරි පොඩි වෙනස්කමක් එක්ක චිත්‍රපටියක් බලන්න හිතිල තියෙනව ද? ඔව්, ඒ වගේ වෙනස්කමක් තියෙන චිත්‍රපටියක් තමයි සබ් එකත් එක්කම ම…

Rec

“Pablo, දෙවියන්ගේ නාමෙන් ඔය වෙන දේවල් පටිගත කරන්න වෙනවා.”

කවදාවත් ඔයාල වෙනස් අත්දැකීමක් ලබන්න උත්සහ කරල තියෙනව ද? මම කියන්නේ සාමාන්‍යය විදිහට ඒකාකාරීව චිත්‍රපටයක් බලනවාට වඩා මොකක්හරි පොඩි වෙනස්කමක් එක්ක චිත්‍රපටියක් බලන්න හිතිල තියෙනව ද? ඔව්, ඒ වගේ වෙනස්කමක් තියෙන චිත්‍රපටියක් තමයි සබ් එකත් එක්කම මම උස්සගෙන ආවේ. චිත්‍රපටිය ලතින් එකක්. දැන් ඔයාල හිතනව ඇති මොකද්ද මේ වෙනස්කම කියල. ඔව්, ඒ තමයි චිත්‍රපටිය පුරාවටම යන්නේ එකම දර්ශන තලයක්. එකම සිද්ධියක්. IMDb එකේ 7.6 ක සුපිරිම සුපිරි රෑන්ක් එකක් හිමිවෙලා තියෙන මේ චිත්‍රපටිය 2007 වසරේදී වාර්තා පිට වාර්තා තියන්න හැකි වෙලා තියනවා කියල වටින් ගොඩින් ආරංචි වෙනවා. ඒ වගේම චිත්‍රපටය Horror ගණයට තමයි වර්ගීකරණය කරල තියෙන්නේ. හොඳයි, ඔක්කොටම ඉස්සරල අපි බලමු මේ චිත්‍රපටියේ මොකද්ද වෙන සිද්ධිය කියලා,

මම ඉස්සරල කිව්වනෙ චිත්‍රපටිය එකම දර්ශන තලයකින් නෙ යන්නේ කියලා. Angela Vidal කියන්නෙ මාධ්‍යයවේදිනියක්. මෙයා තමාගෙ කැමරාකරුවා වන Pablo සමඟින් රාත්‍රී කාලයේදී වැඩසටහනක් පටිගත කරනවා. ඒ තමයි “ඔබ නිදි අතර” වැඩසටහන. මේ වැඩසටහනේ එදා මාතෘකාව වුණේ ගිනිනිවන භටයින්ගේ රාත්‍රී කාලෙයේ ජීවන තොරතුරු සොයා බැලීම. තම සගයා වන Pablo සමඟින් මේ Angela නගරයේ තියෙන ගිනි නිවන මූලස්ථානයට ගිහින් විස්තර සොයා බලා ඒවා පටිගත කරනවා. එක පාරටම මේ මධ්‍යස්ථානයට ඇමතුමක් එනවා මහල් නිවාසයක හිර වුණු ගැහැනියක් සම්බන්ධව. සැණෙකින් මේ ගිනි නිවන භටයන් සමඟින් මොවුන් එතනට ළඟා වෙනවා.

එතනදි සිද්ධ වුණු දේ ඔයාලට හිතාගන්න පුළුවන් ද? උදව්වට ගියපු ගිනි නිවන භටයින් සමඟ මාධ්‍යවේදිනිය වන Angela සහ Pablo මේ මහල් නිවාසයේ හිර වෙනවා. මොවුන්ට තේරෙනවා මේ මහල් නිවාසයේ කුමක් හෝ අත්භූත යමක් සිදුවන බව. මහල් නිවාසයේ හිර වී සිටින මිනිසුන් එකින් එකා සපා කෑමෙන් දරුණු ලෙස උන්මන්තක රෝගයක් වැලඳෙන්න පටන්ගන්නවා. ඇත්තටම මේ සිද්ධිය පිටිපස්සෙ තියෙන්නේ මොකක්හරි භයානක දෙයක්. නමුත් ඒක මොකක් ද? මේ හැමදෙයක්ම සිද්ධවෙන්නේ මහල් නිවාසෙ උඩ තට්ටුවෙන්. කවුද මේ උඩ තට්ටුවෙ ඉන්නේ? දැන් ඉතුරු වෙලා ඉන්නේ අර මාධ්‍යයවේදිනියයි තම සගයායි තවත් ගිනි නිවන භටයෙකුයි විතරයි. එයාලට මොකක් වෙයිද? එයාල මෙතනින් පැගන්න විදිහක් හොයාගනී ද? Pablo ගෙ කැමරාවෙන් හැමදෙයක්ම පටිගත වෙනවා. මෙතනදි, ඔබ බලන්නෙත් ඔහු කැමරාකරන දර්ශන. මේ විදිහට ඉතාම කුතුහලය දනවමින් චිත්‍රපටයේ ඉතිරි ටික ගලාගෙන යනවා. මම එච්චර දුරට කියන්න බලාපොරොත්තු වෙන්නෙ නෑ. චිත්‍රපටියෙ ඉතුරුටික බලන්න තියෙන්නේ ඔයාගෙ අතේ.

Little Nicholas (2009) චිත්‍රපටයේ සබ් එකට පස්සේ මේක මම දෙන දෙවෙනි උපසිරසි නිර්මාණය. කලින් එක වගේම මේකත් සුපිරියටම දුන්න ඔන්න. (කලින් සබ් එකට කමෙන්ට් කරපු සහ බාගත්ත හැමෝටම බොහොම ස්තූතියි). ඉතින් මේ වෙනස ඔයාල රසවිඳියි කියල හිතනව. චිත්‍රපටය බාගෙනම බලන්න. එහෙනම්, තවත් පට්ටම ෆිල්ම් එකකින් හමුවෙමු. මම ගියා…!!

(2007) on IMDb

 

 

699 MB කොපිය මෙතනින් බාගන්න

f8d761414af6003b1baaeca0c343976279a307c6 ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

1,597 downloadsDownload Rec.2007.baiscopelk.zip34 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/03/YasH.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “යස්මික සෞභාග්‍යය” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitles

1,597 downloadsDownload Subtitles34 KB

37 comments

  1. charith

    වෙනස් එකක් වගේ
    බලන්ඩ ඕන
    BRRip එකක් නද්ද ?

  2. Sisira Hegoda

    Thanks.

  3. Sandun r Wimalaweera

    මැක්සා වැඩක් සහෝ...
    මම කලින් බැලුවා
    දැන් සබ් එක්කම බැලුවැහැකි
    ඔය ගැම්මෙන්ම Rec 2,Rec 3 genesis එකටත්
    සබ දාපං සහෝ...
    පට්ට පතුරු සීරීස් එකක් මේක. ජය!

    1. Yasmika

      ඒක තමයි... අපි බලමුකො ඉතුරු ටිකත් දෙන්න...

  4. Oshan

    thanx patta i

  5. නලින්

    ස්තුතියි යස්මිත සහෝ

    ජය වේවා!

  6. හර්ෂ ලහිරු

    එලකිරි ස්තුතියි සහො :D ජය

  7. Tharindu Perera

    meka baluva bnn...fatta kathava...ayeth balanava oyage sub ekaekkama.....thanks machan sub ekatahh....tamil movie ekak thiyenava 13 b.horror ekak..supiri...puluvanam ekata sub karanna sahoo..unukavm vage yai...

    1. Yasmika

      බලමුකො බලමුකො සහෝ..

  8. gihan

    බොහොමත්ම ස්තූතියි සිංහල උපසිරැසට

  9. Thisara Neo (තිසර නියෝ)

    නියමයි…….
    කදිම සලරුවකටනේ උපසිරැසි ලබාදුන්නේ……. :)
    ජයවේවා….
    උපසිරැසියට තුති……. :) :)

  10. Emi

    Thank you so much

  11. jack

    එලකිසි මචෝ.
    ස්තුතියි.

  12. ccnp

    Thanks

  13. “චූටී මල්ලි”

    මේඑකෙ තව ඒවා තියෙ නෙ
    ම්ම වෙන එකක් නම් බැලුවා
    එලස්
    සබට තුති
    ඔබට ජය..............

  14. රොයිලි

    බොහොම ස්තූතියි යස්මික සහෝ සිංහල උපසිරැසියට. කමෙන්ට් ගැන වැඩියෙ හිතන්න යන්න එපා. දිගටම උපසිරැසි දෙමු. ජය෴෴ :P :P

    1. Yasmika

      තැන්කූ තැන්කූ රොයිලි අයියා....:p

  15. අභියා

    බොහොම ස්තූතියි යාලු ,,ජය වේවා

  16. ප්‍රසාද්

    එල මචන්.. ස්තුතියි...

  17. Sanjaya

    Patta Saho...

  18. දිමුතු තරංග ඉලුක්කුඹුර

    සුපිරි සහෝ,මේකේ දෙවැනි සහ තෙවැනි කොටසුත් අපිට සිංහල උපසිරසි සමඟම ලං කරයි කියල බලාපොරොත්තු වෙනවා.ජයවේවා.

  19. Manjula Kumara

    ස්තුතියි සහෝ
    ජයවේවා!

  20. sarath

    thanks dasmika.

  21. kasun

    සබට තුති ඔබට බොහොමත්ම ස්තූතියි.....

  22. Naween

    මේක එළ හොරර් ෆිල්ම් එකක් කියල Trailer එක බලපු ගමන්ම පේනවා...බොහොම ස්තුතියි සහෝ..ජයවේවා!

  23. Thisara Neo (තිසර නියෝ)

    || නියමයි ||
    කදිම නිර්මාණයක් | :) |
    ජයවේවා….
    උපසිරැසියට තුති……. :) :)

  24. amila

    elaz aha mama 2 3 balanawa thnss

  25. MaX DiMuu

    pattai wage. mamath download kara. thanks sub walata

  26. DAMER

    එළ එළ..
    සිංහල උපසිරැසි වලට බොහොමත්ම ස්තූතියි :)
    දිගටම උපසිරැසි දාන්න මිත්‍රයා.. :D
    ජයවේවා..! 👍

  27. Lakshan

    Thanks saho....
    you did a great job....

  28. Ishan Madusha

    Thanks saho sub 1ta.

  29. Amalka Himeshan

    Thanks sub ekata

  30. Thilankadissanayake

    thank you

  31. Dewadithya

    Thanks for Sub!

  32. Anonymous

    Sub aulne bro

  33. Nishan S Ariyarathna

    thanks

  34. Lakshansilva18

    must watch movie

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.