Watch Trailer

Summer Ghost (2021) Sinhala Subtitles | ගිම්හාන අවතාරය සොයාගිය ගමන… [සිංහල උපසිරසි]

🔹අඔයි, රියෝ සහ තොමොයා කියන්නේ Social media වලින් දැන අඳුන ගත්තු යාලුවෝ තුන් දෙනෙක්. කලින් සැලසුම් කර ගත්තු තැනකදී මේ තුන්දෙනා මුණගැහෙනවා. මෙයාලගේ සැලසුම තමා Summer Ghost එහෙම නැත්නම් ගිම්හාන අවතාරය මුණ ගැහෙන එක. 🔹ඉතින් මේ Summer Ghost, අවුරුද්දේ ගිම්හාන කාලෙදී එක් විශේෂ තැනකදී විතරයි දකින්න ලැබෙන්න…

🔹අඔයි, රියෝ සහ තොමොයා කියන්නේ Social media වලින් දැන අඳුන ගත්තු යාලුවෝ තුන් දෙනෙක්. කලින් සැලසුම් කර ගත්තු තැනකදී මේ තුන්දෙනා මුණගැහෙනවා. මෙයාලගේ සැලසුම තමා Summer Ghost එහෙම නැත්නම් ගිම්හාන අවතාරය මුණ ගැහෙන එක.

🔹ඉතින් මේ Summer Ghost, අවුරුද්දේ ගිම්හාන කාලෙදී එක් විශේෂ තැනකදී විතරයි දකින්න ලැබෙන්නේ. ඒත් හැමෝටම මෙයාව දකින්න බෑ. මෙයාව දකින්න පුලුවන් යම් විශේෂ කාරණයක් සම්පූර්ණ කරපු අයට විතරයි. ඉතින් මේ යාලුවෝ තුන්දෙනා එයාලවත් නොදැනම මේ කාරණය සම්පූර්ණ කරලයි තියෙන්නේ.

🔹Summer Ghost හමුවුණාට පස්සේ මෙයාලා හරි අපූරු අත්දැකීමකට තමා මුහුණ දෙන්නේ. ඇත්තම කිව්වොත් ඒක අපූරු චාරිකාවක්.

Summer Ghost කියන්නේ 2021 වසරේදී තිරගත වීම ඇරඹුණු Supernatural කාණ්ඩයට අයත්, විනාඩි 40 කට ආසන්න ධාවන කාලයක් තියෙන, කෙටි ඇනිමේ චිත්‍රපටයක්. කෙටි චිත්‍රපටයක් උනාට මේක ජීවිතයට ඉතා වැදගත් පණිවිඩයක් ලබා දෙන බොහොම හරවත් ඇනිමේ එකක්.

ඇනිමේ වෙනුවෙන්ම වෙන්වුණු MyAnimeList වල 7.87 අගයකුත්, Imdb වල 7.1 ක අගයකුත් මේකට ලැබිලා තියෙනවා. Animated කරන්නේ Flat Studio එකෙන්.

ඉතින් මේ ඇනිමේ එකෙන් ඔයාට ගොඩක් ලස්සන Sceneries එහෙම දකින්න පුලුවන්. ඒ වගේම Musics වලිනුත් අමුතුම විදිහේ feeling එකක් තමා දෙන්නේ.

කලිනුත් කිව්වා වගේ මේක ජීවිතයට ගොඩක් වැදගත් පණිවිඩයක් ලබා දෙන ඇනිමේ එකක්. ඒ නිසා මේක අනිවාර්යයෙන්ම බලන්න. වැඩි සද්ද නැති, රෑ වගේ නිස්කලංක වෙලාවක මේක බලනවනම් තමා වඩාත් හොඳ කියලා මම කියන්නේ. රෑට බලන්න කියන්න මේක Horror type එකේ ඇනිමේ එකක් නෙමේ. හේතුව මං විශ්වාස කරනවා මේක ඔයාට ඒ වෙලාවට හොඳට enjoy කරන්න පුලුවන් වෙයි කියලා.

Summer Ghost බැලුවාම සමහරවිට ඔයාට එකවරම මෙකේ කතාව ටිකක් ග්‍රහණය කරගන්න අමාරු වෙන්න පුලුවන්. එහෙම වෙලා, මේකත් වැඩකට නැති එකක් කියලා අයින් කළොත් ලොකු අපරාදයක්. ඒ නිසා පොඩි පැහැදිළි කිරීමක් මම පහළින් එකතු කරන්නම්.

ඒ නිසා මෙතනින් පහළ තියෙන විස්තර චිත්‍රපටය නැරඹීමෙන් පසුව, නොතේරුණු යමක් තිබුණොත් පමණක් නැවත ඇවිත් කියවලා බලන්න.

01. මරණයට ලං වීම –

අයානේ එක අවස්ථාවක අඔයිට කියනවා, හැමෝටම තමාව දකින්න බැරි බවත්, තමාව දකින්න පුලුවන් මරණයට ලං වූ අයට පමණයි කියලා. ඉතින් මේක තමා Summer Ghost දකින්න සම්පූර්ණ කරලා තියෙන්න ඕනේ කාරණය. ඉතින් කොහොමද මේ තුන්දෙනා මේක සම්පූර්ණ කරලා තියෙන්නේ.

අපි අඔයි ගැන බැලුවොත්,

ඇය පාසලේ අනිත් ළමයිගෙන් ගොඩක් කරදර වලට ලක්වුණු ගෑනු ළමයෙක්. මේ දේවල් දරා ගන්න බැරුව ඇය වරක් සියදිවි නසාගන්න උත්සහ කළා. යන්තමින් තමා ඇය ජීවිතේ බේරගත්තේ. ඉතින් මේ මොහොතෙදි තමා ඇය මේ මරණය ලං වීම කියන කාරණය සම්පූර්ණ කරන්නේ. ඒ ගැන ඔයාලට හොඳ අවබෝධයක් ඇති කියලා හිතනවා.

එතකොට රියෝ සහ තොමොයා ගැන මොකද?

අපි රියෝ ගැන බැලුවොත්, එයාට තියෙන අසනීප තත්ත්වයක් නිසා ජීවත් වෙන්නේ තව මාස 9යි කියලා වෛද්‍යවරුන් කියලා තියෙන්නේ. ඊළඟ වසන්තය දකින්න බැරිවෙයි කියලා රියෝ සෑහෙන හිත් වේදනාවෙන් ඉන්නේ. එයාගේ මරණය දැනටමත් තීන්දු වෙලා ඉවරයි වගේ. තාමත් ජීවත් උනත් ඇතුලතින් දැවි දැවී ජීවත් වෙන්නේ. ඉතින් මෙන්න මේ හේතුව නිසා තමා ඔහුත් මරණය ලං වීම කියන කාරණය සම්පූර්ණ කරන්නේ.

එතකොට තොමොයා කොහොමද? එයා අඔයි වගේ කරදර වලටත් මුහුණ දීලා නෑ. රියෝ වගේ අසනීපෙන්නුත් නෙමේ ඉන්නේ. ඔහු කොහොමද මේ කාරණය සම්පූර්ණ කරන්නේ.

තොමොයා කියන්නේ ඉගෙන ගන්න දක්ෂයෙක්. හැම exam එකකදිම හැම subject එකකටම උපරිම ලකුණු ගන්නවා. ඒත් එයාට ඕනේ චිත්‍ර අඳින්න. එයාගේ අසාව ඒක. එයාගේ කැමැත්ත ඒක. ඒත් අම්මගෙන් එන දැඩි පීඩනය නිසා තොමොයට පොතෙන්ම නැඟිටලා පොතෙන්ම නිදාගන්න වෙලා. ජීවිතේ කිසිම සතුටක් නෑ. නිකමට හිතන්න ඔයාට කැමති දෙයක් කරන්න ඔයාට කොහෙත්ම අවස්ථාවක් නැති වුණොත්, ඒක මොන විදිහට ඔයාට දැනෙයිද? ඒ නිසා තොමොයා ජීවත් උනත් ඇතුලාන්තයෙන් මියගිහින්. ඒ විදිහට තමා ඔහුත් මේ මරණයට ලං වීම කියන කාරණය සම්පූර්ණ කරන්නේ.

02. චිත්‍රපටයේ ගලායාම හා අවසානය පිළිබඳ පැහැදිලි කිරීමක් –

ඉහත කිව්ව ප්‍රශ්න නිසා අඔයි, තොමොයා සහ රියෝට ජීවත් වෙන්න හේතුවක්, එහෙම නැත්නම් පිළිතුරක් හොයා ගන්න ඕනේ වෙනවා. ඒ නිසයි එයාලා Summer Ghost ව මුණ ගැහෙන්න තීරණය කරන්නේ.

අයානේ, එයාගේ අම්මත් එක්ක වුණු පොඩි රණ්ඩුවක්, එයා ඕනාවට වඩා හිතට ගත්තු නිසා, එයාට එයාගේ ලස්සන ජීවිතයට සමුදෙන්න සිදුවුණා.

ඔයත් තාම පාසල් යන වයසේ වගේ කෙනෙක් නම් ඔයාගේ දෙමව්පියෝ එක්ක ඔයත් සමහර වෙලාවට පොඩි පොඩි රණ්ඩු ඇති කරගන්නවා ඇති. ඒ වගේ වෙලාවට සේරම දමලා ගහලා යන්න හිතිලත් ඇති.😁 ඉතින් ඒ වගේ වෙලාවට හිතුවක්කාර නොවී පොඩ්ඩක් හිතලා වැඩ කරන එක තමා හොඳ. නැත්නම් බැරිවෙලාවත් අපිට කරදරයක් උනොත් වැඩියෙන්ම දුක් වෙන්නෙත් අපේ දෙමව්පියෝම තමා. දැක්කනේ අයානේගේ අම්මා.

ජීවිතේ අපිට ප්‍රශ්න තියෙනවා. හරියට අඔයි, රියෝ, තොමොයට වගේ. හැබැයි ඒ වලින් පැනලා යන එක නෙමේ කරන්න ඕනේ. මැරෙන්න හදන එක දුර්වලයෝ කරන දෙයක්. අඔයි වතාවක් ඒ වැරැද්ද කරන්න උත්සාහ කළා. ඔයාට ඒ ප්‍රශ්න , ප්‍රශ්න වෙන්නේ ඔයා ඒවට මුහුණ දෙනකන් විතරයි. අඔයි අන්තිමේදී ඇගේ ප්‍රශ්න වලට මුහුණ දුන්නා. ඇය ඇය වෙනුවෙන් නැඟී හිටියා. ඉතින් ඉස්කෝලෙ ළමයිගේ කරදර ඇයට තව දුරටත් ප්‍රශ්නයක් නෙමේ.

රියෝ එයා ජීවත් වෙන්නේ තව ටික කාලයක් වීම ගැන ගොඩක් දුකින් ඉන්නේ. ඒත් අන්තිමේදී අයානේ, අඔයි සහ තොමොයට උදව් කරන්න ලැබීම ගැන රියෝ ඇත්තටම සතුටු වෙනවා. එයා එයාගේ අන්තිම මොහොත ගෙවලා දාන්නෙත් සතුටින්. ඉතින් ජීවත් වෙලා ඉන්න මේ කාලේ තුල උපරිම සතුටින් ඉන්න. නැත්නම් අන්තිමේදී ඔයාට ගොඩක් දුක් වෙන්න වේවී. දැන් ඔයා කියයි, කියන්න ලේසීයී, කරන්න අමාරුයි කියලා. ඉතින් ඔයා උත්සහයක් දෙන්නේ නැතුව කොහොමද ඒ ගැන දැන ගන්නේ?

තොමොයත් එයාට ඇත්තටම කරන්න ඕනෙ දේ ගැන කෙලින්ම කියනවා. ඒ නිසා එයාටත් එයාගේ ජීවිතේ සතුට ලැබෙනවා. ඉතින් ඔයත් ඔයා කැමති දේ කරන්න. අකමැති දෙයක් කරන්න තමන්ට බලකරන්න එපා. නැත්නම් ඔයාටත් ජීවත් උනත් මැරිලා වගේ ඉන්න සිද්ධ වේවී. හරියට තොමොයා මුලින් හිටියා වගේ.

ඉතින් අවසන් වශයෙන්, ප්‍රශ්න වලින් පැනලා යන්න එපා, ඒවට මුහුණ දෙන්න.
තමන් කැමති දේ කරන්න, ජීවත් වෙලා ඉන්න කාලේ සතුටින් ඉන්න.

ඉතින් Summer Ghost මේක නෙමේද අපිට කියන්නේ?

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරසිය BR පිටපත සඳහා පමණක් ලබා දි ඇත

4,340 downloadsDownload Summer-Ghost-2021-Updated-Subtitle.zip21 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “පවිත් විජේසූරිය ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2022-03-16
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Subtitles by

පවිත් විජේසූරිය

Subtitles

4,340 downloadsDownload Subtitles21 KB

22 comments

  1. Minindu Tharushapriya

    thanks saho sub ekata.amuthuma feeling ekak thama enne story eke.lipiyenuth kathawa gana dana gaththa.

    1. Pavith Wijesooriya

      ගොඩක් ස්තූතියි අදහස් වලට....

  2. Supun Kaushalya

    තෑන්ක්ස් සබ් එකට

  3. Tharindu Dilshan

    Godak thanks sub ekata

  4. හසිත මධුෂාන්

    එක වචනෙකින් හරි ස්තූතියි කියල යන්න නතර වෙලා ගියපු හැම කෙනෙක්ටම බොහොමත්ම ස්තූතියි.....!

    1. හසිත මධුෂාන්

      සබ් එකට බොහොම ස්තූතියි සහෝ....!

    2. Pavith Wijesooriya

      ඔව් අනිවාර්යයෙන්ම , හැමෝටම ගොඩක් ස්තූතියි ❤️

  5. Chamith Weerasinghe

    sub ekta godk thanks mchn!!!

  6. Anonymous

    sub ekata thanks . kathava nam supiriyi

  7. Pavith Wijesooriya

    අදහස් දක්වපු හැම කෙනාටම ගොඩක් ස්තූතියි...❤️

  8. Ashen

    සුපිරියි බන්❤️තැන්ස් සබ් එකට

  9. Buddhika Lakmal (laKMal)

    ♥♥☻☻...බොහෝම ස්තූතියි උපසිරැසියට...☺☺♥♥

  10. Anonymous

    Belle, Her blue sky movie walatath puluwannam sub denna

    1. Pavith Wijesooriya

      ඔව්, ඉස්සරහට දෙන්න හිතන් ඉන්න ඇනිමේ movies list එකක් මම දැනටමත් හදලා ඉවරයි. ඒකේ Belle, Her blue sky ත් තියෙනවා. හැබැයි හෙට අනිද්දාම දෙන්න පුලුවන් කියලා මට සහතික වෙන්න බෑ. අපි බලමු. ඉදිරියේදි මේ ඔක්කොටම සබ් දෙන්න බලාපොරොත්තු වෙනවා.

  11. Pavith Wijesooriya

    හැමෝටම වෙන වෙනම reply කරන්න අමාරුයි, ඒත් අදහසක් දක්වලා ගිය, යන හැමෝටම ගොඩක් ස්තූතියි. දිගටම බයිස්කෝප් සමඟ රැඳී සිටින්න...

  12. Dilipa

    අම්මෝ නියම ලිපියක්. ❤️❤️❤️
    ජීවිතේට කියවපු හොඳම එක. Thanks මචන්. මමත් මේ පාර o/l ලියම පොඩි එකෙක් තමා. මොනව උනත් අයියගේ ලිපිය නියමයි. Thanks sub එකට.

  13. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  14. Pahasara

    Bohoma sthuuthi saho..

  15. Anonymous

    thank you very much

  16. Tharidu Sagara

    සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
    බුදු සරණයි!!ජය වේවා!!!

  17. Malshan ranaweera

    thank you very much

  18. KelVix

    akame ga kill Anime ekata sub oni