අනිකුට්ටන්!! ගමේ කාටත් තමන්ගේ ටීවී එක, රේඩියෝ එක කැඩුනම මුලින්ම මතක් වෙන නම.. ඒ ඇරෙන්න කිසිම ආශ්‍රයක් තියාගන්න කවුරුත් අකමැති කෙනා වුණෙත් අනිකුට්ටන්..!! හේතුව තමයි, මිනිහට හරි ඉක්මනට තරහ යන එක. මේ හොඳට ඉන්න මිනිහා හිටි ගමන් යකා වගේ ඇඟට කඩා පනිනවා. අනිකුට්ටන්!! ජීවිතේ අරන් ගියේ අම්මා එක්ක එකම ගෙදර.…

අනිකුට්ටන්!!
ගමේ කාටත් තමන්ගේ ටීවී එක, රේඩියෝ එක කැඩුනම
මුලින්ම මතක් වෙන නම..
ඒ ඇරෙන්න
කිසිම ආශ්‍රයක් තියාගන්න කවුරුත් අකමැති කෙනා වුණෙත්
අනිකුට්ටන්..!!
හේතුව තමයි, මිනිහට හරි ඉක්මනට තරහ යන එක.
මේ හොඳට ඉන්න මිනිහා
හිටි ගමන් යකා වගේ ඇඟට කඩා පනිනවා.
අනිකුට්ටන්!!
ජීවිතේ අරන් ගියේ අම්මා එක්ක එකම ගෙදර.
තරුණ වයස වුණත් පෙලවහක් ගැන නම් හිතල තිබුණේ නෑ.
හරිම නිහඬව ජීවිතේ ගෙවුණේ.
තිබුණෙත් හරි අමුතු පුරුදු.
පාන්දර 3ට නැගිටලා නාගෙන දිගටම වැඩ..
ආයෙත් බැලුවොත් මිනිහා නිදි.
නැගිටින්නේ ආයෙම හවසට..
මේ අනිකුට්ටන්ගේ ජීවිතේට
එක දවසක්
මුළු ජීවිතේම කණපිට පෙරලන කෙනෙක් එනවා
ඒ කෙනාගේ කතාව තමයි මේ
Malayankunju!!
දැන් දැන් කවුරුත් ඉතාම ආදරේ කරන ඉතාමත් ප්‍රිය කරන සිනමා නළු Fahadh Faasilගේ අලුත්ම මලයාලම අරගෙනයි මේ ආවේ. පහුගිය දවස් වල Pushpa, Vikram වගේ මහා පරිමාණ ඉන්දියන් සිනමා නිර්මාණ වලින් නොවැ උන්දැව දැකගත්තේ. මේ හාදයට මලයාලම් සිනමාව අමතක වෙලා ගිහිල්ලාදෝ කියලා හිතද්දිම තමා මහේෂින්ටේ ප්‍රතිකාරම් වයිබ් එක අරන් Malayankunju ගොඩ බහින්නේ.
ඉතින් මේ Malayankunju කියන්නේ මේ වසරේ ජූලී මාසේ 22වෙනිදා තිරගත වෙච්ච සිනමාපටයක්. සැලකිය යුතු තරමේ ආදායමක් නම් මේ සිනමාපටයට ලබාගන්න බැරි වුණත්, බලපු ප්‍රේක්ෂක විචාරකයන්ගේ ප්‍රතිචාර නම් හෙනම ධනාත්මක වුණා. Malayankunju සිනමාපටය අයිති වෙන්නේ Drama | Thriller ගණයට. Thriller කිව්වේ Survival Thriller ගණයට. එහෙම තේරුණේ නැත්තම් Helen චිත්‍රපටිය මතක් කරගන්නකෝ.
Fahadh එක්ක කවුරුත් දන්න Rajisha Vijayan මේ සිනමාපටයට එකතු වෙනවා. ඊටත් එහා තව ප්‍රධාන චරිතයක් ඉන්නවා. ඒක සිනමාපටය රස විඳලම දැනගන්න. එහෙනම් කතාව ගැන පොඩ්ඩක් කියලා අපි සමුගන්නම්.
අනිකුට්ටා කියන්නේ තමන්ගෙ තරුණ වයස ගෙවමින් ගෙදෙට්ට වෙල නිවාඩුපාඩුවෙ ඉලෙක්ට්‍රික් වැඩ කරගෙන සමුගන්නවාඉන්න මනුස්සයෙක්. අම්මත් එක්ක නිහඬ ජීවිතයක් තමා මෙයා අරන් යන්නේ. මිනිහගෙ තියෙන එක අවුලක් කියන්නේ මිනිහට ඉක්මනට තරහ යනවා. ඒ හින්දා කවුරුත් මිනිහා එක්ක කටයුතු කරන්නේ හෙන පරිස්සමට. ඔය අතරේ තමා අල්ලපු ගෙදරට අලුත් අමුත්තෙක් එන්නේ. මේ අමුත්තා අනුකුට්ටන්ගේ ජීවිතේට කොහොම දෙයක් කරයිද කියලා Malayankunju බලලම දැනගන්න. මෙතන කිව්වට වඩා ගොඩක් දේවල් සිද්ධ වෙන්න තියෙනවා. ඉතින් ඔයාලට ඉඩ දීලා මං සමුගන්නවා. ජයවේවා.
![]()
Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරසි HQ HDRip පිටපත් සඳහා අදාළ වේ.
6,853 downloadsDownload Malayankunju-2022.zip30 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “PHOENIX” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank
PLATINUM MEMBER
JOINING DATE – 2014-01-28
SUB MAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
PHOENIX
Subtitles
34 comments
Deshan
Kantha_DLA
ගොඩක්ම ස්තූතියි. …
ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
ඔබට සහ ඔබ පවුලේ සැමට
බුදු සරණයි – දෙවි පිහිටයි……..Samith
Thanks brother
Naveen
උපසිරසියට තුති
පංචවර්ණම්
මීනක්කු නීන්ධ කට්රු තරුම් නීර්
ඉරගිරුක්කු පරක්ක කට්රු තරුම් කාට්රූ
මනිදර්ක්කු වාල කට්රු තරුම් වලී
අනන්ගේ..මාධේ..යාත්‍රී යාත්‍රී.Anonymous
රොම්බ රොම්බ තෑන්ක්ස්
දහරා මුතු අමා
සබට තුති. මේක දෙනකන් බලන් හිටියේ.
Anonymous
තෑම්ක්ස් බොම්ක❤️
හසිත මධුෂාන්
සබ් එකට බොහොම ස්තූතියි සහෝ....!
Buddhika Lakmal (laKMal)
♥♥☻☻...බොහෝම ස්තූතියි උපසිරැසියට...☺☺♥♥d
නිරෝෂ්
THANX BRO
Hasitha
සිංහල උපසිරසියට ස්තුතියි සහෝ ..!!
Nethini123
බොහොම ස්තූතියි
Supun Kaushalya
තෑන්ක්ස් සබ් එකට
Jay
Thank you!
Anonymous
thanks
Kushan
Sub akta thanks
Redrux
Thnkz bro
D.ravi
thanks bro..
V.P
සිංහල උපසිරසියට ස්තුතියි සහෝ
dulan
ස්තුතියි !
Anonymous
Patta
Deshan
සිංහල උපසිරසියට ස්තුතියි සහෝ
ජය වේවා!!!සාරංග J ලියනගම
Thanks
මේනක හේරත්
සුපිරියටම සබ් එක කරලා තිබුණා සහෝ. නියමයි.
ඔබට ජය....Suresh
Thanks a lot brother
bunny
Thanks buddy
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Anonymous
Yaanai-2022 tamil movie sub plz
saman
මලයාලම් පිලුමක් නම් විස්තරේ හොයන්නෑ මම බලනවා
K.A. Anuradha Jayashanka Palinda
thanks
Vishwa sasanka
Thank you
Malith samarawickrama
Trhanks saho sub ekata
Naveen Mbr
ජයි ෆීනික්ස්!
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie
"හේතුව තමයි, මිනිහට හරි ඉක්මනට තරහ යන එක."
උඩ පෝස්ටරේ නොදැක හිටියත් ඔය චරිත ලක්ෂනේ කියද්දිම Fahadh ව මැවිලා ඉවරයි චරිතෙට මට නම්...
සිංහල උපසිරසියට ස්තුතියි සහෝ
ජය වේවා!!!