Watch Trailer

Sunset Blvd. (1950) AKA Sunset Boulevard Sinhala Subtitles | මිලින වන තාරකාව… [සිංහල උපසිරසි සමඟ]

හොඳයි IMDB ලිස්ට් එකේ හොඳම ෆිල්ම් 250 ට උපසිරැසි කරන කොන්ත්‍රාත්තුවේ තවත් එකක් තමා මේ ඉවර කළේ. මේවලින් සමහරකට කමෙන්ට්, ඩවුන්ලෝඩ්, විව්ස් එහෙම අඩුවුණාට චිත්‍රපටි ඉතිහාසය ගැන උනන්දුවක් දක්වන අතළොස්සක් හරි මේවලින් ප්‍රයෝජන ගන්නවා නොවැ. Sunset Boulevard (1950) නැත්තම් Sunset Blvd. කියන්නේ 23 වෙනි ඔස්කා…

හොඳයි IMDB ලිස්ට් එකේ හොඳම ෆිල්ම් 250 ට උපසිරැසි කරන කොන්ත්‍රාත්තුවේ තවත් එකක් තමා මේ ඉවර කළේ. මේවලින් සමහරකට කමෙන්ට්, ඩවුන්ලෝඩ්, විව්ස් එහෙම අඩුවුණාට චිත්‍රපටි ඉතිහාසය ගැන උනන්දුවක් දක්වන අතළොස්සක් හරි මේවලින් ප්‍රයෝජන ගන්නවා නොවැ. Sunset Boulevard (1950) නැත්තම් Sunset Blvd. කියන්නේ 23 වෙනි ඔස්කාර් සම්මාන උලෙළදි සම්මාන 11 කට නිර්දේශවීම් ලබලා එයින් 3 ක් දිනාගන්නත්, විසි වෙනි ශතවර්ෂයේ නිපදවූ හොඳම ඇමරිකානු චිත්‍රපටි 100 ලයිස්තුවේ අංක 12 ලබාගන්නත් සමත් වුණා. කාල වෙලාව අඩු නිසා කෙටියෙන් මේ ප්‍රසිද්ධ චිත්‍රපටිය ගැන අදහස් දක්වන්නම්.

දැන් අපි දකින සාමාන්‍ය චිත්‍රපටවලට කලින් නිහඬ චිත්‍රපට ලෝකයේ රජකරපු කාලයක් තිබ්බා. ඒවල රඟපාපු නළු නිළියොත් ඇමරිකාව ප්‍රමුඛ ලෝකයේ රටවල් අතළොස්සක තරු බවට පත්වෙන්නත් ඇති. හැබැයි කතා නාද චිත්‍රපට එන්න ගද්දි ඊට හැඩ ගැහුණෙ නැති තරු අනිවා මිලාන වෙන්න ඇති. ඉතින් මේ කථාවත් යන්නෙ එහෙම මිලාන වෙච්ච තරුවක් ගැන. නෝමා ඩෙස්මන්ඩ් කියන්නෙ නිහඬ චිත්‍රපට කාලේදි රටම දැනගත්ත, රටම ආදරේ කරපු තරුවක්. හැබැයි මේ වෙද්දි ඉන්නෙ කොහෙද කියලවත් ලෝකය දන්නෙ නෑ. හැබැයි ආපහු අර පරණ යසස ලබාගන්න, කීර්තියට පත්වෙන්න ආපහු බලන් ඉන්නේ. එතකොට ජෝ ගිල්ස් කියන්නෙ පිටපත් රචකයෙක්. පිටිසර පැත්තක් දාලා හොලිවුඩ් වල සාර්ථකත්වය හොයාගෙන ආව කෙනෙක්. හැබැයි තාමත් හරිහමන් එකකට පිටපතක් ලියාගන්න බැරිවෙලා දඟලන කෙනෙක්. මේ වෙද්දි අම්බානෙක ණය වෙලා ඉන්නෙ. ඔන්න ඔය දෙන්නගෙ හමුව හා ඉන් පස්සෙ වෙන දේ ගැන තමා චිත්‍රපටිය යන්නේ.

ඒ හමුවීම කොහොම කෙළවරක් වේවිද? බාගෙනම බලන්නකෝ….ජය෴෴

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරැසිය BR පිටපත් සඳහා අදාළ වේ.

1,234 downloadsDownload 201903060446baiscopelk.zip118 KB

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/08/RoylyFdo.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “රොයිලි ප්‍රනාන්දු” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitle Contributor Rank

ADMIN MEMBER
JOINING DATE – 2009/03/10
SUB MAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Subtitles

1,234 downloadsDownload Subtitles118 KB

15 comments

  1. Hashan M. Priyadarshana

    Thanks bro sub ekata...
    Jaya wewa!

  2. හසිත මධුෂාන්

    බොහොම ස්තූතියි සහෝ සබ් එකට....!

  3. tharindu gunarathna

    THANK YOU

  4. tharindu gunarathna

    THANK YOU very much

  5. Tharaka

    THANKS..............

  6. AsithaDilruwan

    මුලින්ම තෑන්ක්ස් සහෝ ජීවිතේට පාඩමක් ඉගෙනීමට හැකි ආදර්ශයක් ගත හැකි මේ වගේ චිත්‍රපට සඳහා උපසිරැසි නිර්මාණකරණයට තෝරා ගත්තා එකටම...
    ෆිල්ම් 100කට සබ් කරනවට වඩා මේ වගේ ෆිල්ම් 10 කට සබ් කරලා ලබන්න පුළුවන් සතුට වැඩියි.
    ගොඩක් වෙලාවට මෙවන් චිත්‍රපටයක් සාමාන්‍ය චිත්‍රපටයක් මෙන් 02 ගුණයක් හෝ 03 ක ධාවන කාලයක් සහිත චිත්‍රපටයක් වනවා.ඒ නිසාම මෙවන් චිත්‍රපටයක උපසිරැසි නිර්මාණයට අවශ්‍ය කරන කාලය හා ශ්‍රමයත් නිතැතින්ම තෙතුන් ගුණයක් වනවා.
    ඉහල සිනමා රසයක් ඇති බොහෝ දෙනෙක් අප අතර ඉන්නවා නමුත් ඔවුන් නිහඩව සබ් දෙන ෆිල්ම් එකක් අරන් බලනවා….

    මේ ෆිල්ම් එකට එන Vivews සහ වැටෙන Comments ගණන අනිත් ෆිල්ම් වලටත් වඩා අඩු වෙයි.
    සබ් කරලා ලබන්න පුළුවන් සතුට Vivews සහ Comments වලින් මනින්න බෑ සහෝ…
    ජයෙන් ජය වේවා!!!

  7. Priyantha Dayakeerthi

    සොයුර,

    ඔබ මීට පෙර මෑතක දී සිංහල සබ් ලබාදුන් DR.Strange Love... (1964) නැරඹුවා එයටත් මුලින්ම ස්තුතිය පුද කරන්නෙමි! පැරණි කලාත්මක සිනමාපට ප්‍රිය කරන්නෙක් වන මා විසින් ඔබ සබ් ලබාදුන් එවැනි සියලුම සිනමාපට නැරඹුවා, එසේම නැවත නැවතත් නරඹන්නට සුරක්ෂිතව ඒවා තබාගෙන සිටිනවා. මෙම සිනමාපටයේ වීඩියෝව දැනටත් මා ළඟ තිබෙනවා. ඔබේ සබ් එක සමඟ දැන් එය නරඹන්නට පුළුවන්. මෙම සිනමාපටයට සබ් දෙන්නට කියා බයිස්කෝප් වෙබ් එක තුළට මා ඉල්ලීමක් ද කර තිබුණා. ඉතිං මෙම සිනමාපටයට සබ් කිරීම ගැන නැවත ස්තුතිවන්ත වන අතර මෙවැනි සිනමාපටයක් මසකට වතාවක් හෝ බයිස්කෝප් වෙත ලබාදීමට කටයුතු කරන්නේ නම් මැනවියයි ද යෝජනා කරන්නෙමි. ඔබට ජය!!!

  8. usvip

    thank you

  9. daypal

    Thanks

  10. Kulanjana Maduranga

    niyamai....subata thanks saho...keep it up

  11. Wicki

    උපසිරසට ස්තූතියි

  12. Kantha_DLA

    ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
    ………බුදු සරණයි – දෙවි පිහිටයි……..

  13. Sanath1990

    thank you..

  14. Krishan NiShalya

    බොහොම ස්තුති ♥
    හොයා හොයා බලන ගමන්

  15. sasanka

    thanks for the sub

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.