Watch Trailer

Top Five (2014) Sinhala Subtitles | හැමෝගෙම ජීවිතේට හිනාව ආදරය දෙකම ඕනි.. [සිංහල උපසිරසි සමඟ]

හාස්‍යෝත්පාදකයෙක් කියන්නෙ මිනිස්සුගෙ ඒකාකාරී ජීවිතය පොඩ්ඩකට හරි නවත්තලා එයාලව එක මොහොතකට හරි සතුටින් හිනස්සලා තියන්න උත්සහ කරන කෙනෙක්. අන්ඩ්‍රේ ඇලන් කියන්නෙත් කාලයක් (stand-up Comedian), එහෙමත් නැත්නම් සජීවීව වේදිකාවක ප්‍රේක්ෂකයන්ව හිනස්සපු කෙනෙක්. අන්ඩ්‍රේ මේ වෙද්දි ගොඩක් ජනප්‍රිය වෙලා ඉවරයි. චිත්…

හාස්‍යෝත්පාදකයෙක් කියන්නෙ මිනිස්සුගෙ ඒකාකාරී ජීවිතය පොඩ්ඩකට හරි නවත්තලා එයාලව එක මොහොතකට හරි සතුටින් හිනස්සලා තියන්න උත්සහ කරන කෙනෙක්. අන්ඩ්‍රේ ඇලන් කියන්නෙත් කාලයක් (stand-up Comedian), එහෙමත් නැත්නම් සජීවීව වේදිකාවක ප්‍රේක්ෂකයන්ව හිනස්සපු කෙනෙක්. අන්ඩ්‍රේ මේ වෙද්දි ගොඩක් ජනප්‍රිය වෙලා ඉවරයි. චිත්‍රපටි ගණනාවක් කරලා ඉන්නෙ. ඉතින් මෙයා රියැලටි තරුවක් වෙන එරිකා ලොන්ග් එක්ක ළගදීම විවාහ වෙන්නයි ඉන්නෙ. කොහොම උනත් ඒ වෙද්දි අන්ඩ්‍රේගෙ හාස්‍ය රසය ගොඩක් දුරට නැතිවෙලා තියෙන්නෙ. එයාට ඕනි කරලා තියෙන්නෙ මිනිස්සු එයාගැන බරපතළව හිතන එක. කොහොමහරි එයාගෙ අලුත් ෆිල්ම් එක තිරගත වෙනවත් එක්කම New York times සගරාවට මෙයාගෙන් සම්මුඛ සාකච්ඡාවක් ගන්න එන චෙල්සි බ්‍රවුන් නිසා අන්ඩ්‍රේගෙ ජීවිතේ ආයෙත් කණපිට ගහනවා. මොකද වෙන්නෙ කියලා බලන්නකො. මේ කතාවෙන් ප්‍රසිද්ධ අයගෙ ජීවිත කොහොමද ගලාගෙන යන්නෙ, එයාලා හිතන විදිහ කොයිවගේද කියලත් බලාගන්න පුලුවන්.

මේ චිත්‍රපටිය නම් 2014 වසරෙදි නිමැවුන එකක්. Paramount Pictures ආයතනයෙන් බෙදාහැරපු චිත්‍රපටියෙ IMDb අගය 6.4 ක්. ඒ වගේම Rotten Tomatoes 86%ක් ලැබිලා තියෙනවා. 2014 නිපදවලා තියෙන මේ චිත්‍රපටිය තිරගත වෙන්නෙ 2015දි. ධාවන කාලය පැයයි විනාඩි 42ක්. ඩොලර් මිලියන 12ක වියදමකින් නිපදවන මේ චිත්‍රපටිය ඩොලර් මිලියන 26.1 ක Box office ආදායමක් උපයගන්න සමත් වෙනවා. Scott Rudin, Barry Diller,Eli Bush තමයි නිෂ්පාදකයො. ෆිල්ම් එකේ විශේෂත්වය තමයි මේක අධ්‍යක්ෂණය කරන්නෙත් ප්‍රධාන චරිතයට පණ පොවන්නෙත් එක් අයෙක් වීම. ඒ තමයි Chris Rock. ඇමරිකානු කොමීඩියන් කෙනෙක්. Madagascar කාටුන් චිත්‍රපටියෙ මාටි කියන සීබ්‍රා චරිතෙට හඩ පොවපු හඩ නළුවා කියලා කිව්වොත් ඔයාලට මෙයාව මතක් වෙයි. ඉතින් ක්‍රිස් වගේම Rosario Dawson (Chelsea Brown), Kevin Hart(charles), J.B. Smoove(Silk) ඇතුළු නළු නිළියන් රැසක් මේ චිත්‍රපටියෙ ඉන්නවා. ඒ වගේම මේකෙ Adam Sandler, Jerry Seinfeld, DMX වගේ ආරාධිත ශිල්පීනුත් දැකගන්න පුලුවන්. ෆිල්ම් එකේ ගොඩක්ම තැන්වල මෙයාලා ප්‍රසිද්ධ පුද්ගලයින්ගෙ නම් ඇදලා ගන්නවා, ඉතින් මං පුලුවන් තරමක් ඒ අය කවුද කියලා හදුන්වලා තියෙන්නෙ. (ඒ අය හොයන්න ගිහින් තමයි මේ සබ් එකත් ටිකක් පරක්කු උනේ). ඒකෙන් උපසිරැසියට හානියක් වෙන්නෑ කියලා මං හිතනවා. මොකද නිකම්ම එකපාරට එක එක අයගෙ නම් කියන්න ගත්තම ඔයාලත් බයවෙලා යනවනෙ කවුද යකෝ මුං කියලා..😁

ඒ වගේම කියන්න ඕනි ෆිල්ම් එකේ ටිකක් සැර වචන තියෙනවා. ඒවා ඒ තේරුමෙන්ම වගේ දාන්න උත්සහ කරා මොකද, කතාවෙ රසයට බාධාවක් නොවෙන්න.. ඉතින් කලින් උපසිරැසියට ප්‍රතිචාර දක්වපු හැමෝටම ස්තූතිවන්ත වෙනවා. ඊළගට ටිකක් පරණ ෆිල්ම් එකකට උපසිරැසියක් කරන්න ඉන්නෙ. ඉතින් ඉක්මනට තවත් බයිස්කෝප් එකකින් ඉක්මනට හමුවෙමු. හැමෝටම ජයවේවා!!!

 

 

Due to copyright issues, we do not provide any torrent link.

මෙම ලබා දී ඇති උපසිරසි BR පිටපත සඳහා වලංගු වේ.

2,177 downloadsDownload Top-Five-2014.zip77 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “මධුභාෂණ බණ්ඩාර” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank
BRONZE MEMBER
JOINING DATE – 2017-10-16
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Subtitles

2,177 downloadsDownload Subtitles77 KB

12 comments

  1. හසිත මධුෂාන්

    බොහොම ස්තූතියි සහෝ සබ් එකට....!

  2. දසිත චාමික

    බොහොම ස්තූතියි සහෝ උපසිරැසි ගැන්වීමට! ජය!

  3. SanjulaJeter

    ela

  4. sanjeewakbg

    Thanks bro..

  5. Kantha_DLA

    ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
    ………බුදු සරණයි – දෙවි පිහිටයි……..

  6. Kulanjana Maduranga

    subata thanks

  7. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  8. harshani11112

    ස්තුති බණ්ඩාර සහො
    තෙරැවන්සරණයි

  9. Eranda Malith 2.0

    Thanks bro

  10. IreshSampath

    thanks!

  11. දසිත චාමික

    සෑහෙන උවමනා‌වෙන් සබ් එක කරලා තියෙනවා. බොහොම ස්තූතියි සහෝ උපසිරැසි ගැන්වීමට! ජය!

  12. mangalaP

    Thank you...

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.