“සුපර් මත්ද්‍රව්‍ය” කියන එකට කෙටියෙන් කියන්නෙ “සූපර්”. මේවාගේ ප්‍රධානම සංයුතිය වෙන්නේ “ෆැන්ටනයිල්”. කොකේන් වලට වඩා අධි බලැති මාරාන්තික මත්ද්‍රව්‍යයක්. ඇමරිකාව, යුරෝපය, සින්ගප්පූරුව වගේ රටවල් ගණනාවක්ම මේක තහනම් කරල තියෙනවා. වෙළඳ පළෙන් ලබාගන්න එක අසීරුම දෙයක්. ඒ නිසාම මෙහි වටිනාකම කෝටි ගාණක් වෙනව. මේ…

“සුපර් මත්ද්‍රව්‍ය” කියන එකට කෙටියෙන් කියන්නෙ “සූපර්”. මේවාගේ ප්‍රධානම සංයුතිය වෙන්නේ “ෆැන්ටනයිල්”. කොකේන් වලට වඩා අධි බලැති මාරාන්තික මත්ද්‍රව්‍යයක්. ඇමරිකාව, යුරෝපය, සින්ගප්පූරුව වගේ රටවල් ගණනාවක්ම මේක තහනම් කරල තියෙනවා. වෙළඳ පළෙන් ලබාගන්න එක අසීරුම දෙයක්. ඒ නිසාම මෙහි වටිනාකම කෝටි ගාණක් වෙනව. මේ වගේ ජාවාරම් කරන කෙනෙක් තමා මයිකල්. නන්දු කියන්නෙ බොක්සර් කෙනෙක්. එයාව ජාතික මට්ටමේ ලැයිස්තුවෙන් කැපුවා කියල ගෙදරට වෙලා අඬාගෙන ඉද්දි එයාගෙ තාත්තා NCB නිළධාරී ලෝරන්ස් ක්‍රීඩා නිළධාරින්ගෙන් ඇහැව්වත් පලක් වෙන්නෙ නෑ. එ දුකටද හෙද නන්දුව අතුරු දහන්වෙලා හොය හොය ඉන්නකොට ලෝරන්ස්ගෙ ෆෝන් එකට කෝල් එකක් එනව නන්දු ඉන්න තැන කියල. ගිහින් බලනකොට නන්දු යාලුවෝ එක්ක කුඩු ගහනවා. ඒ එක්කම ආයෙත් අර කෝල් එක ඇවිල්ලා ලෝරන්ස්ට තර්ජනය කරනවා ඔයාට කෙල්ලෙකුත් ඉන්නවනෙ එයාටත් මේ දේ වෙන්න කලින් කියන දේ කරන්න කියල. කෝල් එක වෙන කාගෙන්වත් නෙමෙයි මයිකල්ගෙන්. ලෝරන්ස්ටත් කරන්න දෙයක් නැතුව මයිකල්ගෙ කීමට කැමති වෙනව පිටරටින් එන වටිනා මත්ද්‍රව්‍ය තොගයක් මයිකල්ගෙ පෙම්වතිය එක්ක අල්ලගෙන ඒ බඩු ටික මයිකල්ගෙ අයට බාර දීලා, මයිකල්ගෙ අය දෙන වටිනාකමෙන් අඩු බඩු ටික පොලිස් දෙපාර්තමේන්තුවට ඉදිරිපත් කරල කැමති විදියේ සම්මාන හෝ පදක්කම් හරි අරගන්න කියල. කරන්න දෙයක් නැති නිසා මයිකල්ගෙ බහට එකඟ වෙලා මයිකල්ගෙ පෙම්වතියයි බඩු ටිකයි අත් අඩංගුවට ගත්තට අරගෙන මත්ද්‍රව්‍ය ටික මයිකල්ගෙ අයට දෙන්නෙ නැතුව පැනගන්නවා. යන අතරතුර එයාගෙ බිරිඳ, බානුට කෝල් කරල කියනවා ඉක්මනට නගරෙන් පිටවෙන්න ඕනෙ ලෑස්තිවෙන්න කියල…..
එදා රෑම ෂෙරින් කාර් එකේ යනකොට හදිස්සියේම පොලිසියේ සත්‍යා කියලකෙනෙක්ගෙන් කෝල් එකක් එනවා ඔයාගෙ තාත්තගෙ යාලුවෙක් කතා කරන්නෙ ඔයාව පැහැරගන්න වාහනයක් පස්සෙන් එනවා. එයාල ලොකු අපරාධකරුවෝ වගයක් සහයෝගය දුන්නොත් එයාලවත් අල්ලගෙන ඔයාටත් බේරෙන්න පුලුවන් කියල ෆෝන් එකෙන් කතා කරපු කෙනා කියනවා. ෂෙරින් කියන්නෙ ලෝරන්ස්ගෙ දුව. කොහොම හරි කෝල් එකේ විදියට වාහනේ අරගෙන යන ෂෙරීන් කෝල් කරපු අයම පැහැරගන්නවා. පැහැරගෙන ගිහින් බලපුවාම ෂෙරින් පැහැරගෙන තියෙන්නෙ වැරදීමකින් බව දැනගන්නව. පැහැරගත්තු සත්‍යා මේක ඇත්තක්ද කියල ෂෙරින්ගෙ බෑග් එකේ තිබුණ හැදුනුම්පතෙන් ලිපිනය හොයාගෙන හොයල බලන්න යනව. එතකොට අවට පොලීසියෙන් පිරිල ෂෙරින්ගෙ තාත්තා මරල දාල කියල දැනගන්නව. පහුවදා මේක ෂෙරින්ට කියල විශ්වාස නැති නිසා එයාගෙ යාලුවෙකුට කෝල් කරල ඇත්ත දැනගන්නවා. ෂෙරින්ට ගෙවල් පැත්තට එන්න එපා ඔයාව මරන්න කට්ටිය හොයනවා ඉන්න තැනකම ඉන්න කියල ෂෙරින්ගෙ යාලුවා එයාට කියනව. ෂෙරින්ටත් කර කියාගන්න දෙයක් නැතුව සත්‍යයි එයාගෙ මාමයි එක්ක නතර වෙනවා. නතර වෙලා ෂෙරින්ගෙ කාර් එක හොයන්න පටන් ගන්නවා. මොකද ෂෙරින් පැහැරගෙන ආව තැන තිබ්බ කාර් එක එතනින් අතුරුදහන් වෙලා. හොයල බලද්දි දැනගන්නවා කාර් එක වේදා කියල කෙනෙක්ගෙ දකුණු අත වගේ ඉන්න කෙනෙක් ළග තියෙනව කියල. කොහොම හරි සත්‍යා කාර් හොයන අතරේ ෂෙරින් යනවා පොලීසියට මාමා එක්ක ෂෙරින්ගෙ මාලෙ නිදහස් කරගෙන එන්න. ඒ ගිහිල්ලා පොලීස් කාරයෙකුගෙ අතට වෙඩි තියල ෂෙරින් හිරේට යනව. කාර් එක හොයාගන්න සත්‍යා කාර් එකේ ඩිකියෙ බලපුවාම මත්ද්‍රව්‍ය පෙති වගයක් හම්බවෙනව. සත්‍යා හිතනවා ෂෙරින්ගේ ප්‍රශ්නවලට හේතුව මේක වෙන්න ඇති කියල. ඔතන ඉදන් සත්‍යා පටන් ගන්නවා ප්‍රශ්න වලට උත්තර හොයන්න. මොනවද ඒ ප්‍රශ්න…
1.ලෝරන්ස්, ෂෙරින්ගෙ තාත්තා මැරුවෙ කවුද ?
2.ඇත්තටම මයිකල් කවුද ?
3.ෂෙරින්ට මත්ද්‍රව්‍ය එක්ක තියෙන සම්බන්ධය මොකද්ද ?
4.මයිකල්ව මැරුවෙ කවුද ?
5.ෂෙරින් පොලිස් කාරයට වෙඩි තිබ්බෙ ඇයි ?
6.”සූපර්” කියන්නෙ මත්ද්‍රව්‍යයක් නම් “ඩූපර්” කියන්නෙ මොනවද ?
2019 සැප්තැම්බර් 20 වන දින තරගත වීම ආරම්භ කල පැයකුත් විනාඩි 57ක් පුරා දිවෙන Comedy, Thriller ගණයට අයත් මගේ 58 වන උපසිරැසිය විදියට ඔයාලට අරගෙන ආවා. හුඟාක් විස්තර කළාම කුතුහලය නැතිවෙනව කියල කියපු නිසා මම පොඩ්ඩයි විස්තර කළේ. මෙම චිත්‍රපටයෙත් අලුත්ම නළු නිලි පිරිසක් දායක වෙන්නෙ. එහෙම වුණා කියල චිත්‍රපටයෙ ගුණාත්මක භාවයේ අඩුවක් නෑ මොකද IMDb අගයත් 6.7 වගේ ඉහළ අගයක් අරගෙන තියෙනවා. Dhruva, Sha Ra, Indhuja Ravichandran අය තමයි ප්‍රධාන චරිත නිරූපණය කරන්නෙ. එහෙනම් චිත්‍රපටය අරගෙන බලන්න කියල ආරාධනා කරන ගමන් හැමෝටම තෙරුවන් සරණ ප්‍රාර්ථනා කරනවා

Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරැසි Proper HDRip පිටපත සඳහා අදාළ වේ.
9,273 downloadsDownload Super-Duper-2019.zip59 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ඔෂධ ධනංජය” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

SILVER MEMBER
JOINING DATE – 2017-09-04
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
ඔෂධ ධනංජය
Subtitles
29 comments
TEP
Hashan M. Priyadarshana
බොහොම ස්තුතියි බ්‍රෝ සබ් එකට.. :)
ජය වේවා.!Ayesh Prashan
Thank You
Kantha_DLA
… ගොඩක්ම ස්තූතියි. …
ඔබට සහ ඔබ පවුලේ සැමට
තෙරුවන් සරණ ලැබේවා..!Diloosha
Ela bro.thanks
hatharasingha
සුපිරි.........
gihan perera
සුපර්......ස්තුතියි සහෝ වෙච්ච මහන්සියට....දිගටම උපසිරැසි දෙන්න කාලය ලැබෙිවා!!!!දෙවි පිහිටයි....ජය වෙිවා.....
Prabodha Madhusankha Hettiarachchi
Sthuthi obata sahoo ...
arawindasunimal
thanks sub ekata oshaja dananjaya jayawewa................
sachintha
සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
කවිනු වීරක්කොඩි
ස්තූතියි ඔෂද අයියේ..
හැමදාමත් වගේම නියම චිත්‍රපටියක් තමයි ගෙනල්ලා තියන්නේ!
ජය වේවා!!rangika Kariyawasam
තද ජය වේවා සහෝ.නියමයි
srpkumara
බයිස්කෝප් ඩවුන්ලොඩි පෙජ් එකට යන්න බැනේ
N_R
Thank You.
Dulangamanusha
සිංහල උපසිරැසියට ස්තූතියි!!
Shehan putha
Thanks bro..
nishannw
Thank u
Sanjeewa2010
Pattaaaaaaaaaaaa
sahancharuka
THANK YOU
Suresh Madhusanka
සිංහල උපසිරැසියට බොහෝම ස්තූතියි සහෝ ජලයෙන් ජය..!!
EM Nishshanka
Thanks mcn
Kanchaka
Thanks bro
Sadun-perera
Than u mcn
ශසිත් සඳරුවන්
සබට බොහොම තුති කිව්වා...
දිගටම සබ් දෙමු ආ...
ජය!Supun Preemal
උපසිරැසියට බොහොම ස්තූතියි සහෝ…..!
aks
Thanks...
gihan
උපසිරැසියට බොහෝම ස්තුතියි
Anonymous
thanks
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie
Thanks for sub bro