Watch Trailer

Madame Bovary (2014) Sinhala Subtitle | නොලැබුන ප්‍රේමය [සිංහල උපසිරැසි සමඟ]

ඉතිං යාළුවනේ කාලෙකට පස්සේ ආයෙත් ඔන්න ටිකක් සම්භාව්‍ය ගණයේ චිත්‍රපටියකට උපසිරැසි ගන්වලා ඔයාලට ගෙනාවා. ලෝක ඉතිහාසයේ ශ්‍රේෂ්ඨ කෘතියක් ලෙසින් පිදුම් ලැබූ 1856 වර්ෂයේදී Gustave Flaubert විසින් ප්‍රංශ බසින් රචිත Madame Bovary නම් කෘතිය පාදක කරගෙන තමයි මේ චිත්‍රපටිය නිපදවලා තියෙන්නේ. ඒ මුල් කෘතියේ පිට කවර…

ඉතිං යාළුවනේ කාලෙකට පස්සේ ආයෙත් ඔන්න ටිකක් සම්භාව්‍ය ගණයේ චිත්‍රපටියකට උපසිරැසි ගන්වලා ඔයාලට ගෙනාවා. ලෝක ඉතිහාසයේ ශ්‍රේෂ්ඨ කෘතියක් ලෙසින් පිදුම් ලැබූ 1856 වර්ෂයේදී Gustave Flaubert විසින් ප්‍රංශ බසින් රචිත Madame Bovary නම් කෘතිය පාදක කරගෙන තමයි මේ චිත්‍රපටිය නිපදවලා තියෙන්නේ. ඒ මුල් කෘතියේ පිට කවරය සහ කතුවරයා පහත ඡායාරූප වලින් දක්වලා තියෙනවා.

ඒ වගේම ඒ මේ නව කතාව භාෂා ගණනකට පරිවර්තනය වෙලා තියෙනවා. එය සිරිල් සී. පෙරේරා කතුවරයා විසින් සිංහල භාෂාවට ද පරිවර්තනය කරලා තියෙනවා. මේ තියෙන්නේ ඒ සිංහලට පරිවර්තනය කල පොතේ මුල් පිටුව.

එමා බෝවරි ගැන මුලින්ම චිත්‍රපටියක් හැදෙන්නේ 1934 වර්ෂයේ. ඊට පස්සෙ පිළිවෙළින් 1937, 1947,‍ 1949, 1969, 1991 ආදී වර්ෂ වල එමා බොවරි චිත්‍රපට කිහිපයක්ම නිෂ්පාදනය වෙනවා. ඊට අමතරව 2000 වර්ෂයේ රූපවාහිනී කතා මාලාවක්ද මේ බෝවරි චරිතය මුල් කොට ගෙන නිපදවෙනවා. පහතින් තියෙන්නේ 1934 වර්ෂයේ නිපදවූ චිත්‍රපටියේ පෝස්ටරයක්.

අද මම ඔයාලට ගෙන එන එමා බෝවරි චිත්‍රපටිය 2014 වසරේ නිපදවූ චිත්‍රපටියයි. 2015 ජූලි 15 වෙනිදා ඇමරිකාවේ දී තිරගත වීම ආරම්භ කරන මෙම චිත්‍රපටිය සම්මාන දෙකක් සඳහා ද නිර්දේශ වෙලා තියෙනවා. මෙහි ප්‍රධාන චරිතය වන එමා බෝවරි ගේ චරිතය රඟ දක්වන්නේ Alice Through the Looking Glass (2016) චිත්‍රපටියේ Alice Kingsleigh ගේ චරිතය රඟපෑ සුප්‍රකට නිළි Mia Wasikowska විසිනුයි. මෙම චිත්‍රපටියේ IMDb අගය 5.7/10ක් ලෙස සටහන් වෙද්දී කුණු තක්කාලි අගය 68% ක් විදිහට ප්‍රේක්ෂකයෝ ලබා දීලා තියෙනවා. ඒ වගේම නවකතාවේ තියෙන ඇතැම් කරුණු චිත්‍රපටියට ඇතුළත් වෙලා නෑ තියලා තමයි වෙබ් අඩවි වල සඳහන් වෙන්නේ.

කතාව ගැනත් ටිකක් කියනවනම්… එමා බෝවරි කියන්නේ වයස 18වත් සම්පූර්ණ නොවුන ලස්සන තරුණියක්. කන්‍යාරාමයක හැදී වැඩෙන ඇය ආදරයෙන් සහ ධනයෙන් පිරුණු තෘප්තිමත් විවාහ ජීවිතයක් ගත කරන්න බලාගෙන සිටියත් අන්තිමේදි ඇයට විවාහ වන්න සිදු වෙන්නේ ගම්බද සිටින සාමාන්‍ය වෛද්‍යවරයකු සමඟයි. එහිදී විවාහ වී තම ස්වාමි පුරුෂයා හා ජීවත් වීමට ඔහුගේ නිවසට යන ඇය ගම්බද ජීවිතයේ ඇති ඒකාකාරී කම්මැළි කමින් හා අලසකමින් ජීවිතය ගත කරන්න සිදු වෙනවා. ධනවත් ජීවිතයක් ගත කිරීම සම්බන්ධයෙන් සිහින ලෝකයක් ගොඩනගා ගෙන සිටි ඇය ඇගේ සැමියාගේ ආදායමට කිසිසේත්ම නොගැළපෙන විදිහේ මිල අධික දේ ණයට ලබා ගෙන පොහොසත් මිනිසුන් ජීවත් වෙන ආකාරයට ජීවත් වීමට උත්සාහ කරනවා. ඒ සඳහා ඇයව පොළඹවාගන්නේ ඒ ගමේ සිටින වෙළෙන්දෙක් විසිනුයි. ධනවත් ජීවිතයක් එසේ ණය වීමෙන් ලබා ගත හැකි වුවත් සැමියාගෙන් ලැබෙන ආදරේ ලබාගන්න වෙන ක්‍රමයක් ඇයට නොලැබෙන බැවින් ඇය එම ආදරය සොයා යන්නේ වෙනත් පිරිමින්ගෙන්. නමුත් ඇයට බලාපොරොත්තු වෙන විදිහේ ආදරයක්නම් ඒ කිසිම පිරිමියෙක්ගෙන් ලැබෙන්නෙ නෑ. අවසානයේ ඇයට ඉතිරි වන්නේ වරදකාරී හැඟීම සහ ණය බර පමණයි.

ඉතිං යාළුවනේ. එමා බෝවරි මේ විශාල ණය බරෙන් නිදහස් වේවිද? ඇය එම ණය බරෙන් නිදහස් වීමට මොන වගේ දේවල් කරාවි ද? කවුද ඇගේ ආදරයේ අඩුව පුරවන්න ඇයට ලංවෙන්නේ? ඇයි ඇයට ඇය බලාපොරොත්තු උන විදිහේ ආදරයක් නොලැබෙන්නේ? අවසානයේ ඇය මොන වගේ තීරණයක් ගනීවිද ? කියලා චිත්‍රපටිය බලලම දැනගන්න. ජයවේවා!

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරසි BR පිටපත සඳහා අදාළ වේ.

2,357 downloadsDownload Madame.Bovary.2014.zip37 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “දිනිඳු සම්පත්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

GOLD MEMBER
JOINING DATE – 2012-06-14
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.


Subtitles

2,357 downloadsDownload Subtitles37 KB

16 comments

  1. MAALnath

    Thanks ............good luck .....................
    Five feet apart 2019
    What men want 2019
    Isn't it romantic 2019
    Can you keep a secret 2019
    Last christmas 2019
    Falling inn love 2019
    Me film valatath sub dan ............................

  2. හසිත මධුෂාන්

    සබ් එකට බොහොම ස්තූතියි සහෝ....!

  3. දිල්ශාන් සචින්ත

    සබ් එකට තැන්ක්ස් අයියා. ගොඩ කාලෙකින්.

  4. Lalani Maduwanthi

    Thank you,,,

  5. Kantha_DLA

    … ගොඩක්ම ස්තූතියි. …
    ඔබට සහ ඔබ පවුලේ සැමට
    තෙරුවන් සරණ ලැබේවා..!

  6. Hashan M. Priyadarshana

    තෑන්ක්ස් බ්‍රෝ සබ් එකට

  7. arawindasunimal

    thanks sub ekata dinidu sampath jayawewa..............

  8. wajira

    Thanks for sub

  9. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  10. sahan malinga

    ela ela

  11. yeshu

    tnx

  12. jagath55

    Thanks

  13. Shamal manojan

    සබ් එකට තෑන්ක්ස් යාලුවා.

    Request එකක් තියනවා. පුලුවන් නම් සබ් කරන්නකෝ.

    චාලි චැප්ලින් වයසට ගියාම රඟපාපු film දෙකක් තියනවා. Yts.lt සයිට් එකේ තියනවා.

    Limelight - 1952
    A Countess From Hong Kong - 1967

  14. nish47

    ස්තූතියි සහෝ

  15. Anonymous

    Thanks..........

  16. srgtd321

    Thanks Machan..

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.