Superboys of Malegaon (2025) Sinhala Subtitles Superboys of Malegaon (2025) කියන්නේ රීමා කග්ටි විසින් අධ්‍යක්ෂණය කරන ලද සහ වරුන් ග්‍රෝවර් විසින් රචිත 2024 ඉන්දියානු හින්දි භාෂා නවක නාට්‍ය චිත්‍රපටයක්. Superboys of Malegaon (2008) නම් සම්මානනීය වාර්තා චිත්‍රපටයෙන් ආභාෂය ලැබූ මෙය, නසීර් ෂෙයික් සහ කුඩ…
Superboys of Malegaon (2025) Sinhala Subtitles
Superboys of Malegaon (2025) කියන්නේ රීමා කග්ටි විසින් අධ්‍යක්ෂණය කරන ලද සහ වරුන් ග්‍රෝවර් විසින් රචිත 2024 ඉන්දියානු හින්දි භාෂා නවක නාට්‍ය චිත්‍රපටයක්. Superboys of Malegaon (2008) නම් සම්මානනීය වාර්තා චිත්‍රපටයෙන් ආභාෂය ලැබූ මෙය, නසීර් ෂෙයික් සහ කුඩා නගරයක් වන මාල්ගාවෝහි ආධුනික චිත්‍රපට නිෂ්පාදකයින්ගේ ජීවිතය මත පදනම් වන සත්‍ය කතාවක් පාදක කරගත් සිනමාපටයක්. මෙම චිත්‍රපටයේ ආදර්ශ් ගෞරව්, විනීත් කුමාර් සිං, ශෂාන්ක් අරෝරා සහ අනුජ් සිං දුහාන් රංගනයෙන් දායක වෙනවා. මේ චිත්‍රපටය 2024 සැප්තැම්බර් 13 වන දින 2024 ටොරොන්ටෝ ජාත්‍යන්තර චිත්‍රපට උළෙලේදී තිරගත වුණා. එය 2025 පෙබරවාරි 28 වන දින නාට්‍යමය වශයෙන් නිකුත් කරන ලද අතර විචාරකයින්ගෙන් ධනාත්මක විචාර ලබා ගන්නට සමත් වුණා. සමාලෝචන එකතු කිරීමේ වෙබ් අඩවියක් වන Rotten Tomatoes හි, විචාරකයින්ගේ සමාලෝචන 49 න් 88% ක් ධනාත්මක වන අතර සාමාන්‍ය ශ්‍රේණිගත කිරීම 7.4/10 ක්. ඒවගේම IMDb දර්ශකයේ 7.8/10 අගයක් ලබාගන්නට මේ සිනමාපටය සමත්ව තිබෙනවා. ඒ විතරක් නෙවෙයි මෙහි අධ්‍යක්ෂණය වෙනුවෙන් රීමා කග්ටි විසින් 2025 Palm Springs ජාත්‍යන්තර සිනමා සම්මාන උළලේදී Young Cineastes සම්මානයත්, Philadelphia සම්මාන උළලේදී Audience Award සම්මානයත්, Heartland සම්මාන උළලේදී Truly Moving Picture සම්මානයත් දිනාගන්න සමත් වුණා.
Anuj Duhan, Saqib Ayub, Manjiri Papula, Adarsh Gourav, Nasir Shaikh, Zoya Akhtar, Reema Kagti, Varun Grover, Vineet Kumar Singh සහ Shashank Arora 2024 Toronto ජාත්‍යන්තර චිත්‍රපට උළෙල අතරතුර “Superboys of Malegaon” හි මංගල දර්ශනයට සහභාගී වෙමින්
රංගනයෙන් දායක වන ශිල්පීන් ශිල්පිනියන්
- නාසීර් ෂෙයික් ලෙස ආදර්ශ් ගෞරව්
- ෆාරෝග් ජෆේරි ලෙස විනීත් කුමාර් සිං
- ශෆීක් ෂයික් ලෙස ශෂාන්ක් අරෝරා
- අක්‍රම් ඛාන් ලෙස අනුජ් සිං දුල්හාන්
- මල්ලිකා ලෙස රිද්දි කුමාර්
- ඉර්ෆාන් ඉල්යාස් ලෙස සකීබ් අයුබ්
- නිහාල් ලෙස ඥානේන්ද්‍ර ත්‍රිපාති
- ශබීනා ලෙස මුස්කාන් ජෆේරි
- නදීම් ලෙස අන්මෝල් කජානි
- තෘප්ති ලෙස මංජිරි පුපාල
- අලීම් තාහීර් ලෙස පල්ලව් සිං
- රාජු ලෙස අභිනව් ග්‍රෝවර්
අපි මේ සිනමාපටයේ කතාව ගැන බලමු. මාලේගාවෝ ගම්මානයේ ආධුනික චිත්‍රපට නිෂ්පාදකයෙකු වන නසීර් ෂෙයික්ගේ ජීවිතය පාදක කරගත් චිත්‍රපටයක් මේක. ගමේ පදිංචිකරුවන් දිනපතා වෙහෙසකර කටයුතු වල පීඩාවෙන් මිදෙන්න කරන්නේ බොලිවුඩ් සිනමාව නරඹන එකයි. මේ අතරේ තමන්ගේ සහෝදරයාගේ සිනමාහල වෙනුවෙන් නාසීර් ෂෙයික් වෙනත් චිත්‍රපට උපහාසාත්මක ලෙස සංස්කරණය කර අලුත් චිත්‍රපට නිර්මාණය කර පෙන්වන අතර, ඒවා ජනතාව අතර ජනප්‍රිය වෙනවා. එහෙත් මේ ගැන ලද පැමිණිල්ලක් නිසා මාලේගාවෝ ගම්මානයේ පොලිසියෙන් ඔහුගේ සිනමාහල වටලලා බුද්ධිමය දේපළ වංචාවක් ගැන චෝදනාව පිට ඔහුගේ සිනමාහල වසා දමනවා. මේ අපකීර්තිය එක්ක නාසීර්ට සිය පෙම්වතිය සමඟ විවාහ වීමේ අවස්ථාවත් මඟහරෙනවා. ඒ තරුණියගේ දෙමව්පියන් මේ විවාහයට අකමැති වීම නිසයි. මේ අතර බුද්ධිමය දේපළ වංචා චෝදනාවෙන් බේරීමට මාලේගාවෝ ජනතාව යොදාගනිමින් මාලේගාවෝ ජනතාව වෙනුවෙන් චිත්‍රපටයක් නිර්මාණය කිරීමට නසීර්ට අවශ්‍යතාවයක් ඇතිවෙනවා. ඔහු තමන්ගේ රැවටිලිකාර මිතුරන් කණ්ඩායම එකට එකතු කර ඔහුගේ දැක්ම ජීවයට ගෙන එන්න උත්සාහ කරනවා. ඔවුන්ගේ උත්සාහය සාර්ථක වෙයිද? නිෂ්පාදක කණ්ඩායම ගිලී සිටින අර්බුදයෙන් ගොඩ එන්නට ඔවුන්ට හැකියාව ලැබෙයිද? මාලේගාවෝ ගම්මානයේ ජනතාව මෙයට කෙළෙස ප්‍රතිචාර දෙනු ඇතිද? අපි ඒක සිනමාපටය බලලම දැනගනිමු.
එහෙම නම් තවත් සිංහල උපසිරැසියකින් ඔබ හමුවට එනතුරු ආයුබෝවන්!
දිගටම බයිස්කෝප් අඩවියත් එක්කම රැඳි සිටින්න!
ඔබට තෙරුවන් සරණයි!
Superboys of Malegaon (2025) Sinhala Subtitles
Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරසි WEBRIP පිටපත සඳහා අදාළ වේ.
1,715 downloadsDownload Superboys-Of-Malegaon-2025.zip50 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ප්‍රබුද්ධ කේසර විතානගේ” සොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

GOLD MEMBER
JOINING DATE – 2016-02-26
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Superboys of Malegaon (2025) Sinhala SubtitlesSubtitles by
ප්‍රබුද්ධ කේසර විතානගේ
Subtitles
4 comments
Buddhika laKMal
Tharidu Sagara
මේ උතුම් සත් කාර්යය වෙනුවෙන්
මාගේ ගෞරවණීය ප්‍රණාමය ඔබට පුද කරමි
සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
බුදු සරණයි!!ජය වේවා!!!
ඉදිරියටත් ගුණාත්මක සිංහල උපසිරැසි නිර්මාණය කිරීමට ශක්තිය, ධෛර්යය ලැබේවා…!!!
අනිත් අය වෙනුවෙන්,තමන්ගේ කාලය කැප කරගෙන මේ කරන වැඩේට
ආදරෙයි..ආ ..❤Viraj
Thanks
Sahan Gayantha
thanks a lot Kesara saho sub ekata
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie
Thanks machan sub ekata