Mickey 17 (2025) Sinhala Subtitles හොඳයි මිත්‍රවරුනි මේ වතාවේ මං ඔයාලට අරගෙන ආවේ 2025 පෙබරවාරි 13 නිකුත් කෙරුණු විද්‍යා ප්‍රබන්ධ චිත්‍රපටයක් වෙන Mickey 17 (2025). Mickey 17 කියන්නේ ඔස්කා සම්මානලාභී සිනමා අධ්‍යක්ෂක බොන්ග් ජූන් හෝ විසින් රචනා කර, නිෂ්පාදනය කර, අධ්‍යක්ෂණය කරන ලද අඳුරු ප්‍රහසනාත්මක විද…
Mickey 17 (2025) Sinhala Subtitles
හොඳයි මිත්‍රවරුනි මේ වතාවේ මං ඔයාලට අරගෙන ආවේ 2025 පෙබරවාරි 13 නිකුත් කෙරුණු විද්‍යා ප්‍රබන්ධ චිත්‍රපටයක් වෙන Mickey 17 (2025). Mickey 17 කියන්නේ ඔස්කා සම්මානලාභී සිනමා අධ්‍යක්ෂක බොන්ග් ජූන් හෝ විසින් රචනා කර, නිෂ්පාදනය කර, අධ්‍යක්ෂණය කරන ලද අඳුරු ප්‍රහසනාත්මක විද්‍යා ප්‍රබන්ධ චිත්‍රපටයක්. ඔයාලා බොන්ග් ජූන් හෝ ගැන දන්නවා නේද? ඔහු තමයි 2019 වසරේ සිනමා සම්මාන උළලේ Palme d’Or සම්මානයට පාත්‍ර වුණු, ඒ වගේම දකුණු කොරියානු සිනමා ඉතිහාසයේ වැඩිම ආදායම ඉපැයූ Parasite (2019) සිනමාපටයේ අධ්‍යක්ෂක වරයා වන කොරියානු සිනමා අධ්‍යක්ෂක වරයා. Mickey 17 (2025) සිනමාපටය නිර්මාණය කෙරුණේ 2022 දී එඩ්වඩ් ඇෂ්ටන් විසින් රචිත Mickey 7 නවකතාව පාදක කර ගනිමින්. මැරුණු මිනිසුන්ව යන්ත්‍රානුසාරයෙන් නැවත මුද්‍රණය කරලා ඔහුගේ සංරක්ෂිත මතකය ඔහුගේ පෞරුෂ ලක්ෂණ ද සමඟින් අලුත් මුද්‍රණයේ මොළයෙහි රෝපණය කරන්න පුළුවන් නම් මොකද වෙන්නේ? මේ කතාවෙත් තියෙන්නේ ඒ වගේ සංකල්පයක් ගැනයි. මේ කතාව පටන් ගන්නේ 2054 වර්ෂයෙන්, අභ්‍යවකාශ ජනපදයකට එක්වන “වැය කළ හැකි මිනිහෙක්” ගැන කතාවක්. ඔහු මැරෙන හැම අවස්ථාවකම ඔහුගේ ක්ලෝනයක් හෙවත් පිටපතක් ‘වැය කළ හැකි සේවකයෙකු’ ලෙස ප්‍රතිනිර්මාණය කර නැවත යොදාගන්නවා.
Mickey 17 (2025) සිනමාපටයේ නළු නිළියන්
- මිකී බාන්ස් / මිකී 17 / මිකී 18 ලෙස රොබට් පැටින්සන්,
- නාෂා බැරිජ් ලෙස නයෝමි ඇකී
- කෙනත් මාෂල් ලෙස මාර්ක් රෆලෝ
- යල්ෆා මාෂල් ලෙස ටෝනි කොලෙට්
- ටිමෝ ලෙස ස්ටීවන් යූන්
- ආකාඩියා සහකාර ලෙස කැමරන් බ්‍රිටන්
- නියෝජිත සේක් ලෙස ස්ටීව් පාර්ක්
- ගැමා ලෙස හොලිඩේ ග්‍රේන්ගර්
- ඉස්සන්ගේ ඇස් ලෙස ඇන්ගස් ඉම්රි
- පරෙවි මිනිසා ලෙස ටිම් කී
- බසූකා සොල්දාදුවා ලෙස තෝමස් ටර්ගූස්
- ඩේරියස් බ්ලැන්ක් ලෙස ඉයන් හැන්මෝර්
- පිසන් නිලධාරියා ලෙස බ්‍රොන්වින් ජේම්ස්
- බැරෝවර් ලෙස සැමුවෙල් බ්ලෙන්කින්
- ක්‍රීපර්ස් නායකයාගේ හඬ ලෙස ඇනා මොග්ලාලිස්
වමේ සිට දකුණට පිළිවෙලින්: අධ්‍යක්ෂක බොන්ග් ජූන් හෝ, බොන්ග් ජුන් හෝ Mickey 17 නළු නිළි පිරිස සමඟින්, එඩ්වර්ඩ් ඈෂ්ටන් සහ ඔහුගේ Mickey & කෘතිය
Mickey 17 හි ලෝක මංගල දර්ශනය 2025 පෙබරවාරි 13 වන දින එක්සත් රාජධානියේ ලන්ඩනයේ ලෙස්ටර් චතුරශ්‍රයේදී පැවැත්වුණා. ඒ වගේම 2025 පෙබරවාරි 28 වැනිදා දකුණු කොරියාවේ සහ මාර්තු 7 වන දින එක්සත් ජනපදයේ වෝනර් බ්‍රදර්ස් පික්චර්ස් විසින් නිකුත් කරුණා Mickey 17 චිත්‍රපටයට විචාරකයින්ගෙන් සාමාන්‍යයෙන් ධනාත්මක ප්‍රතිචාර ලැබුණා. Rotten Tomatoes අඩවියේ 77% ක Tomatometer අගයක් වගේම 73% ක opcornmeter අගයක් ගන්නත් සමත් වෙනවා. ඒ විතරක් නෙවෙයි IMDb දර්ශකයේ 6.9/10ක අගයක් ලබාගන්න සමත් වුණා. පහත දැක්වෙන්නේ IMDb අඩවියේ සඳහන් වුණු ප්‍රතිචාර වලින් කිහිපයක්.
“මිකී 17 චිත්‍රපටයට නව්‍ය විද්‍යා ප්‍රබන්ධ/විකට චිත්‍රපටයක් වීමේ විභවයක් තිබූ අතර, එය ආකර්ශනීය හා අව්‍යාජ ආකාරයකින් ආරම්භ වෙනවා. රොබට් පැටින්සන් ශක්තිමත් සහ හොඳ සමබර රංගනයක් ඉදිරිපත් කරන්නේ, ඔහුගේ සුපුරුදු ශෛලියෙන් බැහැර දෙයක් වන හාස්‍යයට වැඩි නැඹුරුවක් දක්වන චිත්‍රපටයක පවා ඔහුගේ බහුකාර්යතාව ඔප්පු කරමින්. සැහැල්ලු ස්වරය තිබියදීත්, පැටින්සන් ඔහුගේ චරිතයට ගැඹුරක් ගෙන එයි, කතාව වඩාත් පදනම් වී ඇති අතර චිත්‍රපටයට චිත්තවේගීය ස්ථරයක් එක් කරයි.”
” මිකී 17 අසාමාන්‍ය චිත්‍රපටයක් වන්නේ සමාජ තේමාවන් සමඟ අධ්‍යක්ෂවරයාගේ අඳුරු හාස්‍යජනක ව්‍යුහය සහ දාර්ශනික සාකච්ඡා මත ගොඩනංවන ලද චරිත ලක්ෂණ නිසා සහ ප්‍රේක්ෂකයින් ආකර්ෂණය කර ගන්නා කතාවස්තුව නිසයි. උසස් රංගනයන්ද, නිර්මාණශීලී දර්ශනද, සහ කතා වස්තුව ඔබව අධි යථාර්ථවාදී ගතිකයක් තුළට සහ ඉන්ට පිටතට රැගෙන යයි. මේ අධ්‍යක්ෂවරයා ඔහුගේ පෙර චිත්‍රපට කිහිපයකදී කළා මෙන්ම මෙමගින්ද අද ලෝකය අවදි කරන පන්ති පාදක විවේචන සහ ව්‍යුහයන් පෙන්වන්නට උත්සාහ කරයි. මා සිතන්නේ රොබට් පැටින්සන් ද දියුණු වී ඇති අතර ඔහු මෙම චිත්‍රපටයට ගැලපේන තේරීමක්. මම මාර්ක් රෆලෝව ද අගය කරන්නේ ඔහු දුෂ්ට චරිත රඟපාන්න පුළුවන් නළුවෙක් බව මෙයින් පෙන්වා ඇති නිසයි. ඇනා මාරියා වර්ටොලමි ඇගේ අසාමාන්‍ය සුන්දරත්වයෙන් චිත්‍රපටයට වර්ණයක් එක් කරයි. මිකී 17 නිසැකවම ඔබට රසවිඳිය හැකි චිත්‍රපටයක්. ඔබ නූතන ලෝකයේ ව්‍යුහයන් සහ විද්‍යා ප්‍රබන්ධ යන දෙකටම කැමති නම් සහ ඊට ඉහළින් විනෝද වීමට කැමති නම්, අනිවාර්යයෙන්ම එය සිනමා ශාලාවේදී නරඹන්න.”
“ඇත්තටම හොඳ විචාර නොමැතිකම ගැන මම පුදුම වෙනවා. මට නම්, මෙය මෑත කාලයේ මගේ ප්‍රියතම චිත්‍රපටවලින් එකක්. හාස්‍යය හරියටම හරි, රංගනයන් ආකර්ශනීයයි, චරිත නිරූපණය පරිපූර්ණයි. ඔබ මේ අමුතු ලෝකයට ඇදිලා ගිහින් ඒකේ සිදුවන දේ සම්පූර්ණයෙන්ම තේරුම් ගන්නවා. හඬපටය චිත්‍රපටයේ ස්වරය සහ දර්ශන පරිපූර්ණ ලෙස සම්පූර්ණ කරන අතර දෘශ්‍යමය වශයෙන් එය ඉතා විශ්මයජනක ලෙස පෙනේ. ඔබ විද්‍යා ප්‍රබන්ධ වලට කැමති නම්, නමුත් අඳුරු හාස්‍යයට කැමති නම් සහ කළ නොහැකි දේ යථාර්ථයක් ලෙස ඔබ ඉදිරියේ දිග හැරෙනවා නම්, ඔබට සංග්‍රහයක් සඳහා සූදානම් වෙන්න. මෙම චිත්‍රපටය බෙහෙවින් නිර්දේශ කරනවා.”
“මිකී 17 යනු විශිෂ්ට ලෙස නිර්මාණය කරන ලද උපහාසාත්මක චිත්‍රපටයක් වන අතර එය මම බෙහෙවින් නිර්දේශ කරමි. රොබට් පැටින්සන් ඔහුගේ චරිතවලට ගැඹුරක් ගෙන දෙමින් ඇදහිය නොහැකි පරාසයක් ප්‍රදර්ශනය කරයි, ඔහුගේ රංගනය සැබවින්ම ඉතා විශිෂ්ටයි. මාර්ක් රෆලෝගේ ආභාෂය නිසැකවම චිත්‍රපටයට තවත් දීප්තියක් එක් කරයි. කතන්දර කීම, හාස්‍යය සහ තියුණු විවරණය එය කැපී පෙනේ. උපහාසාත්මක දාරයක් සහිත සිතුවිලි අවුස්සන විද්‍යා ප්‍රබන්ධ රසිකයින් නැරඹිය යුතුම දෙයකි! බොන්ග් ජූන්-හෝගේ අධ්‍යක්ෂණය දක්ෂයි, බුද්ධිය සහ සැකය පරිපූර්ණ ලෙස මිශ්‍ර කරයි. ඔබටම උදව්වක් ලෙස එය නරඹන්න!”
හොඳයි අපි මේ සිනමා පටයේ කතාවට යොමු වෙමු. ඒ 2054 අවුරුද්දයි. මිකී බාන්ස් (රොබට් පැටින්සන්) සහ ඔහුගේ මිතුරා ටිමෝ (ස්ටීවන් යූන්) අයිස් ග්‍රහලෝකයක් වන නිෆ්ල්හයිම් මත ජනාවාසයක් ගොඩනැඟීමට යන අභ්‍යවකාශ යානයක් සමඟ එක් වෙනවා. ඒ මිනීමරු ණය ලබාදෙන්නෙක් වන ඩේරියස් බ්ලෑන්ක්ගෙන් (ඉයන් හැන්මෝර්) බේරීම සඳහායි. ඩේරියස් බ්ලෑන්ක් පෘථිවියේ ඕනෑම තැනකින් තමන්ගේ ණය ගෙවාගත නොහැකි ණයලාභීන්ව සොයාගෙන ඔවුන්ට වධ දී එය වීඩියෝ කර නරඹමින් තෘප්තිමත් වෙන බිහිසුණු පුද්ගලයෙක්. මේ අනුව ටිමෝ ෂටල් නියමුවෙකු බවට පත්වනවා වගේම, මිකී “වැය කළ හැකි මිනිසෙක්” ලෙස ලියාපදිංචි වෙනවා. “වැය කළ හැකි මිනිසෙක්”, ඒ කවුද? ඒක ඔහුට මාරාන්තික කාර්යයන් භාර ගැනීමට සිදුවෙන යම්කිසි නීති විරෝධී රැකියාවක්. ඒ අතරතුර ඔහු මියගියහොත් ඔහුගේ සංරක්ෂිත මතකයන් ප්‍රතිනිර්මාණය කෙරුණු නව මුද්‍රිත ක්ලෝනයක් හෙවත් ශරීර පිටපතකට ඇතුළු කර ඔහුව නැවත නිර්මාණය කෙරෙනවා. ඔහු මේ විධියට සිව්වසරක අභ්‍යාවකාශ ගමනකට එකතු වෙන්නේ මිකී 1 ලෙසින්. මැරෙන හැම වතාවකම ඔහුගේ අංකය මිකී 2, මිකී 3 ආදී වශයෙන් නම්වෙනවා. ගමන අතරතුර, මිකී සහ ආරක්ෂක නියෝජිත නාෂා අතර ප්‍රේම සම්බන්ධයක් වර්ධනය වෙනවා. මුළු යානයෙන්ම ‘වැය කළ හැකි වස්තුවක්’ ලෙස සැළකිලි ලබන ඔහුට ආදරය කරන එකම කෙනා ඇය ලෙසයි ඔහුට දැනෙන්නේ.

යානය තුල අණදෙන නිළධාරී කෙනත් මාෂල් (මාක් රෆලෝ) ඔහුගේ බිරිඳ යල්ෆා මාෂල් (ටෝනි කොලට්) ද සමඟින් ගෙනයන්නේ ඒකාධිපති පාලනයක්. හිටපු දේශපාලනඥයෙක් වන ඔහු මැතිවරණයකින් පැරදී ඉන් අනතුරුවයි මේ ගවේෂණයට මූලිකත්වය ගන්නේ. අභ්‍යාවකාශයේ ගමන් කරන්නන්ට අනුමත ආහාර වේලට වඩා ටිකක්වත් වැඩියෙන් ලබාදෙන්න ඔහු කැමති නැහැ. මේ විධියට ගතවෙන කර්කශ වසර හතරකට පසු, අභ්‍යවකාශ යානය හිම සහිත නිෆ්ල්හයිම් ග්‍රහලෝකය වෙත පැමිණෙනවා. මේකට මුලින්ම පය තියන්නේ මිකී. එහිදී ඔහු මාරාන්තික වෛරසයකට ගොදුරු වෙනවා. ඔහු මිය යනවා. එහෙත් මිකීගේ බහුවිධ පිටපත්භාවිතා කරමින්, යානයේ විද්‍යාඥයින් ග්‍රහලෝකයේ රෝග කාරක සඳහා එන්නතක් නිපදවනවා. ‘ක්‍රීපර්ස්’ හෙවත් “බඩගාන්නන්” ලෙස නම් කරන ලද ස්වදේශීක ජීව ස්වරූපයක් අල්ලා ගැනීමට මිකී 17 යවනු ලැබුවත් ඔහුව හිම තට්ටුවක් කඩාගෙන වලකට ඇද වැටෙනවා. මිකී 17 සොයා එන ටිමෝ ඔහුව බඩගාන සත්වයන්ට ගොදුරු වෙන්නට ඉඩ හරිමින්, මිකීගේ ගිනිදැල් විදින තුවක්කුවද රැගෙන පිටත් වී යනවා. ටිමෝ මිකී 17ගේ මරණය සිදුවූ බවට යානයට වාර්තා කරනවා. කාර්ය මණ්ඩලය මිකී 18 ක්ලෝනය නිර්මාණය කරන්නේ මේ අනුවයි.
කෙසේ වෙතත්, බඩගාන්නන් හෙවත් ක්‍රීපර්ස්ලා විස්මයජනක ලෙසින් මිකී 17 බේරාගෙන, ඔහුව ගුහාවෙන් එළියට හිම මතුපිටට මුදා හරිනවා. මිකී 17 නැවත යානයට පැමිණෙන අතර එහිදී ඔහුට වඩාත් ආක්‍රමණශීලී ක්ලෝනයක් වන මිකී 18 හමුවෙනවා. ගවේෂණ නායක කෙනත් මාෂල් දිවුරුම් දීලා තියෙන්නේ “බහු පුද්ගල” ක්ලෝන ඇති වුවහොත් එහි සියලුම ක්ලෝන විනාශ කරන බවයි. ප්‍රශ්නය වෙන්නේ මෙන්න මෙතැනින් එහාට. මිකී 17 සහ 18 දැනගන්නවා තමන් එකිනෙකා නිසා මියයන්නට ඉඩ ඇති බව. මේ නිසා මිකී 18 මිකී 17 ව මරන්න උත්සහ කරනවා. කෙසේ වෙතත් අවසානයේ මිකී 17 සහ 18 වැඩ සහ ආහාර සලාක බෙදා හදා ගැනීමට තීරණය කරනවා. ඔවුන් දෙදෙනාගේ රහස යානයේ අණදෙන නිළධාරී කෙනත් මාෂල්ට අනාවරණය වෙයිද? ඔවුන් දෙදෙනාම ඝාතනයට ලක් වෙයිද? නිෆ්ල්හයිම් ග්‍රහලොවේ අද්භූත බඩගාන සත්වයන්ගෙන් යානයේ මිනිසුන්ට ගැලවීමක් ලැබෙයිද? මේ ව්‍යාපෘතියේ අරමුණ වන ජනපදකරණය සාර්ථක වනු ඇතිද? ක්‍රීපර්ස් හෙවත් බඩගාන්නන් ජනපදකරණයට එරෙහිව කුමන ක්‍රියාමාර්ගයක් ගනු ඇතිද? ඒ මාරාන්තික අභියෝගයට අණදෙන නිළධාරී කෙනත් මාෂල් ඇතුළු කණ්ඩායමට කෙසේ මුහුණ දෙන්නට හැකි වෙයිද?
මේ සියල්ල අද බලමු බයිස්කෝප් අඩවියෙන් ඔබට පිදෙන සිංහල උපසිරැසිත් සමඟින්…
මෙය සංවේදී දර්ශන සහ ලිංගික දර්ශන අඩංගු වන නිර්මාණයක් බව කිව යුතුයි.
එහෙම නම් තවත් සිංහල උපසිරැසියකින් ඔබ හමුවට එනතුරු ආයුබෝවන්!
දිගටම බයිස්කෝප් අඩවියත් එක්කම රැඳි සිටින්න!
ඔබට තෙරුවන් සරණයි!
Mickey 17 (2025) Sinhala Subtitles
Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරසි WEBRIP පිටපත සඳහා අදාළ වේ.
5,323 downloadsDownload Mickey-17-2025.zip73 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ප්‍රබුද්ධ කේසර විතානගේ” සොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

GOLD MEMBER
JOINING DATE – 2016-02-26
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Mickey 17 (2025) Sinhala SubtitlesSubtitles by
ප්‍රබුද්ධ කේසර විතානගේ
Subtitles
13 comments
Asanga kb
Gihan
Daveed movie ekt sub dennnko
විමා - Admin
මරු, මේක දුන්න එක වටිනවා!
Buddhika laKMal
බොහෝම ස්තූතියි ප්‍රබුද්ද කේසර සහෝ......
Supun Thiwanka
සුපිරි කතාව තෑන්ක්ස් බ්‍රො. Fargo , True Detective ඔය දෙකෙත් අන්තිම සීසන් එකට සබ් දෙන්නකො. ඔයා කරන ටයිප් එකෙ කතානෙ. .
Kesara Withanage
True Detective එකට සිංහල උපසිරැසි ඉදිරියේදී පළ වෙයි.
වික්‍රම
මේ චිත්‍රපටය මිකිී 17 කියල දැම්මෙ අැයි කියල ඔයාලා දන්නවාද? නිෂ්පාදක තුමා ලංකාවෙ නොම්බර 17 චිත්‍රපටිය බලනකොටලු කවද හරි මම නිෂ්පාදනය කරන චිත්‍රපටයටත් 17ක් දානවාමයි කියලා හිතලා තියෙන්ෙන...
Anonymous
වැය කළ හැකි?
Tharidu Sagara
මේ උතුම් සත් කාර්යය වෙනුවෙන්
මාගේ ගෞරවණීය ප්‍රණාමය ඔබට පුද කරමි
සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
බුදු සරණයි!!ජය වේවා!!!
ඉදිරියටත් ගුණාත්මක සිංහල උපසිරැසි නිර්මාණය කිරීමට ශක්තිය, ධෛර්යය ලැබේවා…!!!
අනිත් අය වෙනුවෙන්,තමන්ගේ කාලය කැප කරගෙන මේ කරන වැඩේට
ආදරෙයි..ආ ..❤Sahan Gayantha
thanks a lot Prabudda saho sub ekata
Ishan Madusha
බොහොම ස්තූතියි උපසිරැසියට.
Anonymous
Thanks
Harshana Atapattu
Thanks for sub brother. Keep it up
Advertisement
Bohoma sthuthi sub ekata....