Watch Trailer

Surviving Christmas (2004) Sinhala Subtitles | නත්තලට පවුලක් රෙන්ට් එකට ගමුද? [සිංහල උපසිරසි සමඟ]

බයිස්කෝප්ලෝලී ආදරණීය මිත්‍රවරුනි, ඔන්න ළඟ එන නත්තලේ කම්මැලි නැතුව බලන්න පුළුවන් නත්තල් චිත්‍රපටියක් ගෙනාවා. මම කවුද? ගෙනාව චිත්‍රපටිය මොකක්ද කියලා කියන්නම්කො ඔක්කොටම කලින්.මම සන්දීප ජයසිංහ. මම දැන් සෑහෙන කාලෙක ඉඳලා මම බයිස්කෝප් බලන්න මේ සයිට් එකෙන් උදව් ගන්නවා (කවදාවත් කමෙන්ට් එකක් නම් දාලා නෑ). වය…

බයිස්කෝප්ලෝලී ආදරණීය මිත්‍රවරුනි, ඔන්න ළඟ එන නත්තලේ කම්මැලි නැතුව බලන්න පුළුවන් නත්තල් චිත්‍රපටියක් ගෙනාවා. මම කවුද? ගෙනාව චිත්‍රපටිය මොකක්ද කියලා කියන්නම්කො ඔක්කොටම කලින්.මම සන්දීප ජයසිංහ. මම දැන් සෑහෙන කාලෙක ඉඳලා මම බයිස්කෝප් බලන්න මේ සයිට් එකෙන් උදව් ගන්නවා (කවදාවත් කමෙන්ට් එකක් නම් දාලා නෑ). වයිෆයි කනෙක්ෂන් එක ගත්ත දා ඉඳලා මම මේකෙ දෙමළ, තෙළිඟු, මලයාලම් ෆිල්ම් එක හුස්මෙට බලන්න ගත්තා. මට හිතුණා, මේ අවුරුද්දෙ අන්තිමේවත්, මම මෙච්චර කල් සබ්ටයිටල් ඩවුන්ලෝඩ් කරගත්ත සයිට් එක වෙනුවෙන් දෙයක් කරන්න ඕනෑ කියලා. ඇඩ්මින් සිසිල ප්‍රසාද් සහෝ, බොහොම ස්තූතියි අවස්ථාව දුන්නට.. ඉතින් මිත්‍රවරුණි, මේ මගේ පළවෙනි උපසිරැසියයි. වැරදි අඩුපාඩු ඇති කප්පරක්, සමාවෙන්න මට මහමෙරක්!චිත්‍රපටියෙ නම Surviving Christmas. 2004 ආපු ෆිල්ම් එකක්. Imdb 5.4 ක අගයක් ලැබිලා තියෙනවා. කතාව කෙටිම කෙටියෙන් කිව්වොත් මෙහෙමයි. “නත්තලක්, තනිකඩයෙක්, සල්ලි ගොඩක්, අවුල් පවුලක්, පවුල් අවුලට අලුත් අලුත් අවුල්, පවුල් දෙකක අවුලක්, එක කොල්ලයි කෙල්ලො දෙන්නයි”.

මේකෙ ප්‍රධාන චරිතෙ “ඩෲ”. පට්ට සල්ලි කාරයෙක්. හැබැයි අම්ම, තාත්තා, සහෝදර සහෝදරියො නෑදෑයො වත් නැති පවුලක් නැති අසරණයෙක්. ඩෲ වැඩකරන ඇඩ්වටයිසින් කම්පැනියෙන් ඩෲගෙ වැඩ අගය කිරිල්ලක් විදිහට ෆීජී දූපත්වල නත්තල් නිවාඩුවක් ගතකරන්න යන්න ටිකට් තෑගි ලැබෙනවා. ඩෲ ෆීජි යන්න පෙම්වතියට කතා කරනවා. කෙල්ල කියන්නෙ නත්තලේ සැබෑ තේරුමක් තියෙන්න නම් පවුලත් එක්ක ඉන්න ඕනෑ කියලා. කොච්චර සල්ලි තිබ්බත් පවුලක් නැති නිසා ඩෲ ගෙ පෙම්වතියත් නත්තලේ ඩෲව දාලා යනවා. නත්තල් නිසා ඩෲට එයාගෙ පෙම්වතියත් නැති වෙනවා. ඩෲත් නත්තලේ තනිවෙන්න කැමති නැති හින්දා දන්න සෙල්ලම් ඔක්කොම දානවා, ඒ එකක් වත් හරි යන්නැති හින්දා ඩෲ නත්තලේ සතුට හොයාගෙන ඩොක්ට කෙනෙක් ළඟට යනවා. ඩොක්ටර් ඩෲට දුන්නා අපූරු උපදෙසක්. ඒ උපදෙස ක්‍රියාත්මක කරන්න ගිහිල්ලා ඩෲ හයේ හතරෙ හොඳ උස මහත මිනිහෙක්ගෙන් හොඳවැයින් සවල් පාරක් කනවා. යන්තම් සිහිය ආපු ඩෲ සවල් පාර දීපු මිනිහට ඩොලර් 75,000ක් අතින් දීලා නත්තලේ සතුට හොයන්න මිනිහගෙ පවුලම කුලියට ගන්නවා. කුලී පවුල එක්ක ඩෲ නත්තලේ සතුට හොයන්න කන කට්ට ඇතුලෙ වෙන රහ රහ සිද්ධි ගොඩාක් මේ ෆිල්ම් එක පුරාම තියෙනවා.

නත්තල සමරන යාළුවො මේ ෆිල්ම් එකෙන් තේරුම් ගනියි නත්තලේ පවුලක වටිනාකම. ඒ නැතත් කාටත්, පවුලක වටිනාකම ගැන සංවේදී හැඟීමක් දෙන්න පුළුවන් ලස්සන ෆිල්ම් එකක් මේක. නත්තල් කාලෙ හැමෝටම සතුට විතරක්ම ලැබේවා.. එහෙනම්, මම ගියා. ජයවේවා!

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරසි BR පිටපත් සඳහා අදාළ වේ.

1,855 downloadsDownload Surviving.Christmas.2004.zip45 KB

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/12/Sandipa-Jayasinghe.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “සන්දීප ජයසිංහ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitle Contributor Rank

NEW MEMBER
JOINING DATE – 2017-12-21
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Subtitles by

සන්දීප ජයසිංහ

Subtitles

1,855 downloadsDownload Subtitles45 KB

10 comments

  1. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  2. Isuru

    Thanks මචන්………

  3. Lahiru Rasadun

    jayawewaaaaaaaaaaaaaaaa

  4. Kulanjana Maduranga

    G’luck for the 1st attempt Bro.Great work & Lot of thanks.Me wge idiriyatath sub denna shakthiya labewa…Baiscope 1th ekka digu gamanak yamu….jaya wewa………..

  5. Hasitha_Madhushan

    බොහොම ස්තූතියි සහෝ උපසිරැසියට…..

  6. ashanshanaka

    elz bro

  7. Rashmika dumidu

    බොහොම ස්තූතියි සහෝ උපසිරැසියට ජය වේවා.....

  8. kungfupanda

    Thank you <3

  9. Kaushan Herath

    සබට තෑන්ක්ස් සහෝ

  10. EM Nishshanka

    Thanks mcn