“මතකයන්…” “හොඳ උනත්, නරක උනත් අපිත් එක්ක හැමදාම ඒවා තියෙනවා…” “ජීවිතයත් එක්ක ඒවා අරගෙන යන්නම වෙනවා….” සුභ දවසක් ප්‍රර්ථනා කරනවා බයස්කෝප්වාසි යාළුවො හැමෝටම. අයෙත් ආවා ඔන්න ලස්සන තෙලුගු නිර්මාණයක් අරගෙන ඔයාලා හමුවට. මේක නිකුත් වෙලා වගේම හොඳ කොපියක් ඇවිල්ලත් ගොඩක් කල් වෙනවා. ඒත් උපසිරැසි ගන්වා අරන් එන…

සුභ දවසක් ප්‍රර්ථනා කරනවා බයස්කෝප්වාසි යාළුවො හැමෝටම. අයෙත් ආවා ඔන්න ලස්සන තෙලුගු නිර්මාණයක් අරගෙන ඔයාලා හමුවට. මේක නිකුත් වෙලා වගේම හොඳ කොපියක් ඇවිල්ලත් ගොඩක් කල් වෙනවා. ඒත් උපසිරැසි ගන්වා අරන් එන්න සෑහෙන්න කල් ගිය එක ගැන හදවතින්ම කණගාටුව ප්‍රකාශ කර සිටින ගමන් සිදුවෙච්ච ප්‍රමාදයට දහස්වරක් සමාව අයද සිටිනවා ඔබ සැමගෙන්ම. හුඟ කාලෙකට පස්සේ තමයි තෙලුගු චිත්‍රපටියකට උපසිරැසි ගන්වලා අරගෙන එන්නේ මම. ඉතින් ලස්සන කතාවක් වගේම හිතට අල්ලලා ගියපු ලව්ස්ටොරියක් නිසා උපසිරැසි ගන්වන්න හිතිලයි කරන්න භාරගත්තේ. නමුත් කාර්යබහුලත්වය නිසාම වැඩේ ටිකක් කල් ඇදුනා.
IMDB මීටරය 7.5 ක් කරකවන්න සමත්වුණු මේ චිත්‍රපටිය නමින් තොලි ප්‍රේමා. ඒකෙ තේරුම තමයි ප්‍රථම ප්‍රේමය, එහෙමත් නැත්නම් කුළුඳුල් ප්‍රේමය. පලවෙනි ආදරය කියන්නේ කාටවත් අමතක කරන්න බැරි දෙයක්නේ. ඉතින් ඔන්න ඔය කුළුඳුල් ප්‍රේමය ගැන හැදුනු මේ චිත්‍රපටිය අධ්‍යක්ෂණය කරන්නේ Venky Atluri විසින්. B.V.S.N.Prasad ගේ නිෂ්පාදනයෙන් සහ S.Thaman ගේ සංගීත අධ්‍යක්ෂණයෙන් හැඩවුණු මේ චිත්‍රපටිය මිනිත්තු 136ක් පුරා දිවෙන අතර මේ අවුරුද්දේ පෙබරවාරි 18 වෙනිදා තමයි තිරගතවිම ආරම්භ කරලා තියෙන්නේ. ඉතින් මේ ලස්සන චිත්‍රපටියේ ප්‍රධාන චරිත සඳහා රංගනයෙන් එක්වෙලා ඉන්නේ Varun Tej සමගින් සුරූපී හැඩකාර Rashi Khanna. ලස්සන ආදර කතාවක් එක්ක යන මේ චිත්‍රපටිය කම්මැලිකමක් නැතුව නරඹන්න පුළුවන් සුපිරි චිත්‍රපටියක් කියලා එකෙන්ම රෙකමන්ඩ් කරන්න පුළුවන්.
කතාව ගැන කිව්වොත් ආදී කියන්නේ ඉක්මනින් කේන්ති යන තරුණ කොල්ලෙක්. මෙයා දක්ෂයෙක්, උගත් කෙනෙක් වගේම හොඳ කොල්ලෙක්. ඒත් මෙයාගේ එක ගතිගුණයක් නිසා එයාට ජිවිතේ ගොඩක් දේවල් අහිමි වෙනවා. වර්ෂා කියන්නෙත් එයාට ඒ විදිහට අහිම්වන වටිනා සම්පතක්. ආදීට වර්ෂාව හම්බවෙන්නේ අහම්බෙන්. ඒත් ආදී වර්ශාට ගොඩක් ආදරය කරන්න ගන්නවා. වර්ශාත් ආදිට පණටත් වැඩියෙන් ආදරය කරනවා. ඒත් වැරදි තේරුම් ගැනීම්, ඉක්මන් කේන්තිය වගේ දේවල් නිසා මේ දෙන්නගේ ආදර කතාව කටුක ගමන්මගකට යොමු වෙනවා. ඉතින් ඉතිරිය චිත්‍රපටය අරගෙනම බලමු.
යන්නට අවසරයි අදත් එහෙනම්. කාලෙකින් නැවතත් ඔබ හමුවට ආවේ භාරගත්තු වගකීම ප්‍රමාද වී හෝ ඉෂ්ඨ කරන්න ඕනි නිසා. මතක් කරන්න ඕනි යන්නට කලින් ඇඩ්මින් මණ්ඩලයේ සහෝදරයින් වගේම බයිස්කෝප් උපසිරැසි පවුලේ හැම සාමාජිකයෙක්ම මේ වෙලාවේ. මම මේ පවුලට එකතු වෙද්දී තිබුණු බයිස්කෝප් එක අද ලොකු පවුලක් වෙලා තවත් සංකීර්ණ වෙලා, සහෝදර වෙබ් අඩවි එකතු වෙලා ලංකාවේ හොඳම වෙබ් අඩවි කිහිපය අතරට එක්වෙලා ලොකු ගමනක් ඇවිල්ලා. මේ හැමදෙයක්ම සිද්ද උනේ අපගේ උපසිරසිකරුවන්ගේ කැපවීම වගේම ඇඩ්මින් මණ්ඩලයේ අසීමිත කැපකිරීම් නිසයි. ඒ වගේම අමතක කරන්න බෑ වෙබ් අඩවියට පිවිසෙන ප්‍රේක්ෂක ඔබ නොමැති වූවා නම් මෙය මෙසේ නොවන්නට තිබුනා. ඉතින් බයිස්කෝප් අඩවියේ සෑම සාමාජිකයෙක්ම මෙසේ කැපවෙන්නේ ඔබ හට අපෙන් හොඳම දේ ලබා දීමට මිසක මල්ල පුරවාගෙන ගෙදර අරන් යන්නට නොව. සෑම උපසිරැසිකරුවෙක්ගේම එකම ලාභය ඔබ මොහොතක් වැයකර මෙහි ඉතිරි කර යන කමෙන්ට් එක පමණි. එය ස්තුතියක්ද, විවේචනයක්ද, කුනුහරුපයක්ද, යන්න ඔවුනට අදාළ නැත, ඔවුන් එය රස විඳිනුයේ නිහතමානීවමය. ඉතින් මමත් සමුගන්නම් මෙහෙමම, තවත් කියවන්න ගත්තොත් ඔබත් මට ඉතිරි කරන්නේ කුණුහරප දෙකකි. චිත්‍රපටිය අරගෙන බලන්න, රස විදින්න. ඔබ සැමට ජයෙන් ජය…..!!!!!

Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරැසි HD පිටපත් සඳහා අදාළ වේ.
36,450 downloadsDownload Tholi.Prema_.2018.Baiscopelk.com_-1.zip61 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “තාරක නුවන් දිල්‍හාර” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

SILVER MEMBER
JOINING DATE – 2014-11-10
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවන් මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
තාරක නුවන්
Subtitles
83 comments
kasundubsetep
gihan perera
මචෝ බං සහෝ බලන්න ෆිල්ම් නැතූව වේලි වේලි ඉන්නෙ මචෝ....දිගටම උපසිරැසි කරන්න සහෝ....වෙච්ච මහන්සියට ගොඩක් ස්තුතියි....ජය වෙිවා....god bless.....
geeganagamage
නියමයි ගොඩාක් ස්තුතියි මේ කරනා උතුම් සේවය වෙනුවෙන්.
supun Lakruwan
Elop .thank mcn
Sachith Perera
ela bro. thanks machan
Kantha_DLA
උපසිරැසියට ගොඩක් ස්තුතියි …
බුදු සරණයි - දෙවි පිහිටයි..!h.w.tharuks
Niyamai
mdj777
Thanks brother
Gayan Erandaka
web hd ekata sub nadda
තරිඳු පෙරේරා
sub ekata thanx kolla meh week end eke balana 1st movie eka oyage sub ekka
Kulanjana Maduranga
subata thanks saho....lassana filumak.....keep it up....
Chokzi
Thank you....
nisalt
Thanks Bro
oshanda
thanx sahoo...
upulD
Niyama wedak Sahodaraya .........thanks
saduhiru1
thanks saho sub ekata................
Sujee
ela thanks
Samsan jayantha
Thank you
indika75
thanks...
andru
ඉස්තුති සහෝදරයා ජයවේවා
IndunilN
thanks for sub
Kavinda
upasirasiyata thanks saho
sashan
Thanks sub ekata
eshan92
Thanks bro sub ekata watinawa hode
savindu_roshen
Thanksss!!!
C lakmal
thank u , Annanukku Jai (2018)[Tamil film akatath sab karanna balanna
@Janaka
THANKS BRO
sampathuss
Thanks for subtitle. Keep it up.
supershiwa
thanks saho
Nirodhya Dilshan
supiriyatama thiyanava.......
elama thama........
jaya veva.......N_R
Thank You.
Ravindu Dimalka
hi bany
Lahiri
thankz saho
nish47
thank's bro
Shan
කවුරු කෙසේ, මොන දේ කිව්වත් මට කියන්නට ඇත්තේ එකම එක දෙයකි,
ඒ තමයි,
"බොහොම ස්තූතියි" :P
ජයවේවා!Sandun-0001
Thelugu films nam,aaye wena monada
vertex89
supiri love story ekak .hodata feel wenawa.Thanks
Sampath964
Thanks
suresh3006
Thanks a lot.
Sampath jayashan
elama
chamara liyanage
thanks
ශසිත් සඳරුවන්
සබට තුති තාරක...
මේක බලන්නේ නැතුව හිටියේ සබ දෙනකල්
දිගටම සබ් දෙමු ආ...
ඔබට ජය!aks
Thanks ...
chathurangi93
Varun Tej ge lassanama film1k genawata gdaaaaaaak thankz... Ane Arjun Reddy dennakooooo
TharakaWAS
Subata thanks saho...!!!
Jaya wewa...!!!luon95
Thank u.....
sublove
godak sthuthi me film eka apita genawata
pasindusilvadilshan
patta bn thanks machan
Anu
grate job mcn. Thank you.
Deshani
Thank you
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie

එලම .. තෑන්ස් සබට