Watch Trailer

Sweet Girl (2021) Sinhala Subtitles | යුක්තිය උදෙසා [සිංහල උපසිරසි]

අතීතය සිහිනයක් වගේ… ලස්සන ඡායාරූප සහ හැඟීම් තමයි අපි අද මෙතනට ආවේ කොහොමද කියන දේ ගැන සත්‍යය පෙන්වන්නේ, කාලයත් එක්ක කරුණු කාරනා බොඳවෙලා ගියා වුනත් ඒක එහෙමයි. දෙමවුපියන් සහ ඔවුන්ගේ දරුවන් ගැන කිවුවොත්… දෙමවුපියන් දෙයක් නවත්තනකොට දරුවන් එතනින් ආයෙ පටන් ගන්නවා… ඒත් ඒ නවත්තපු තැන කොහොම එකක් වෙයිද? ඒ නැව…

අතීතය සිහිනයක් වගේ…
ලස්සන ඡායාරූප සහ හැඟීම් තමයි
අපි අද මෙතනට ආවේ කොහොමද
කියන දේ ගැන සත්‍යය පෙන්වන්නේ,
කාලයත් එක්ක කරුණු කාරනා බොඳවෙලා ගියා වුනත් ඒක එහෙමයි.
දෙමවුපියන් සහ ඔවුන්ගේ දරුවන් ගැන කිවුවොත්…
දෙමවුපියන් දෙයක් නවත්තනකොට දරුවන් එතනින් ආයෙ පටන් ගන්නවා…
ඒත් ඒ නවත්තපු තැන කොහොම එකක් වෙයිද?
ඒ නැවතුනු තැන මොන විදිහේ හැරවුම් ලක්ෂයක්ද?
මේක තාත්තෙක් ගැන කතාවක්ද?
නැත්තන් දුවෙක් ගැන කතාවක්ද?
පලිගැනීමක්ද… නැත්තන් යුක්තිය එක්ක ගන්නා ආරම්ඹයක්ද?

රටේ ලොකු වසංගත තත්ත්වය ආයෙත් වැඩිවෙමින් තියෙනවා. ඒක වළක්වාගෙන රට නැවත ස්තාවර කරගන්න ඕන නිසාම අපි හැමෝටම ගෙදරට කොටු වෙන්න වෙලා. මේ කැපකිරීම් එක්ක ආයෙත් රට යතා තත්ත්වයට ගන්න එක අපි හැමෝගෙම වගකීමක්. ඉතිං ගෙදරට වෙලා ඉන්නවා කියන්නෙත් ඇත්තටම කාර්යබහුල ජීවිතයක් ගතකරලා හුරුවුනාම හුඟක් අමාරු දෙයක්. හැබැයි මේ නිවාඩුවත් එක්ක හොඳ චිත්‍රපටයක් රසවිඳින්න ආපහු හුඟක් ප්‍රේක්කයන්ට අවස්තාව ලැබිලා තියෙනවා.

එහෙම තිබහක් ඇති හැමකෙනෙම වෙනුවෙන් උණු උනූවේ මේ තෑගි කරන්නේ මේ මාසේ ආපු අලුත්ම ඇක්ශන් ත්‍රිලර් සිනමාපටයයි. Jason Momoa කිවුවම කවුද දන්නෙ නැත්තේ? ජේසන් නෙට්ෆ්ලික්ස් එක්ක ඔයාලා හමුවෙන්න එන අලුත්ම නිර්මාණය තමයි මේ Sweet Girl. ජේසන් සහ ඉසබෙලා නිසාමද කොහෙදෝ මට ට්‍රේලර් එක බලද්දිම මේක බලන්න ඕනෙ කියලා හිතට වැදුනා. කොහොම හරි ඒ නිර්මාණයම සිංහල උපසිරැසි එක්ක අරන් එන්නත් අවස්තාව ලැබුනා.

මේ සිකුරාදා දවසේ (අගෝස්තු 20) නෙට්ෆ්ලික්ස්ලා නිකුත් කරපු මේ ස්වීට් ගර්ල් චිත්‍රපටය අධ්‍යක්ෂණය කරන්නේ Brian Andrew Mendoza කියන අධ්‍යක්ෂණකවරා විසින්. Jason Momoa ට අමතරව Isebela Merced කියන ප්‍රසිද්ධ වගේම දක්ෂ තරුණ රංගන ශිල්පිනිය එක්ක Manuel Garcia, Adria Arjona, Raza Jaffrey ත් රංගනයෙන් දායක වෙනවා. Action Thriller කැටගරියේ ෆිල්ම් බලන්න කැමති අයට මේක හොඳටම ගැලපෙන චිත්‍රපටයක්. IMDB මීටරෙත් 5.6 ට කරකවන්න සමත් වෙලා තියෙනවා.

කතාවට පාදක වෙන්නේ කූපර් කියල පවුලක තාත්තෙක් සහ දුවෙක් මුහුණ දෙන ත්‍රාසජනක අත්දැකීමක් වටායි. කූපර් පවුල කියන්නේ හරි සතුටින් කාලය ගත කරපු තුන්දෙනෙක්ගෙන් සමන්විත පුංචි කැදැල්ලක්. කොහොම හරි අවාසනාවට පවුලේ අම්මා වුනු රේමන්ඩ්ගේ (Jason Momoa) බිරිඳට දරුණු පිළිකාවක් වැලඳෙනවා. ඒත් මේ පිළිකාවට ඉතා අඩු මිලකින් යුතු ඖෂධයක් තියෙනවා. ඒත් අවාසනාව කොච්චරද කියනවා නම් කූපර් මහත්මියට ප්‍රතිකාර කරන්න කලින් මේ බෙහෙත වෙලඳපොල්ට නිකුත් කරන එක නවත්තලා දානවා. ඒ නිසා ඇයව පවුලෙන් මැකිලා යනවා. පේන විදිහට මේක දේශපාලන හෝ ව්‍යාපාර වාසි තකා කරපු දෙයක් කියලා රේමන්ඩ්ට තේරෙන්න ගන්නවා. ඉතිං කල් ගත වෙන්න ගත වෙන්න තමන් හිතපු දේ ඇත්ත කියලා ඔප්පු වෙන්න ගන්නේ. ඉතිං රේමන්ඩ් මේකෙ සුල මුල හොයාගෙන තමන්ගෙ දුවත් එක්ක එකතු වෙලා තමගෙ බිරිඳගෙ මරණයට හේතු වුන මිනිස්සුන්ව දඩයම් කරන විදිහ එක්කයි කතාව ගලාගෙන යන්නේ. ඔහොම ගලාගෙන අන්තිම හරිය වෙද්දී නොහිතපු දෙයක් වෙලා උඩු යටිකුරු වෙනවා. මහා ලොකු plot twist නිර්මාණයක් නොවුනත් වෙනස්ම අත්දැකීමක් ලැබෙයි කියන එක නම් නොඅනුමානයි.

Sweet Girl බලලා කොමෙන්ට් එකකුත් දාගෙන යන්න කියලා ආරාධනා කරන ගමන් මම අදට සමුගන්නම්. එහෙනම් එන සතියේ The Walking Dead එපිය එක්ක ආයෙත් හමුවෙමු…!

෴෴ සුබ දවසක්…! ෴෴

 

 

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරසි WEB පිටපත් සඳහා අදාළ වේ.

19,777 downloadsDownload Sweet-Girl-2021.zip35 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ සචින්ත කල්හාර බෙනට් ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2017-12-12
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Subtitles by

සචින්ත කල්හාර බෙනට්

Subtitles

19,777 downloadsDownload Subtitles35 KB

47 comments

  1. Sameera

    Sub 1ta thanks machan.
    #HOME malayalam movie 1th ooni..

  2. oshanmp

    උපසිරැසියට ස්තූතියි!

  3. Anonymous

    Patta

  4. Anonymous

    නියමයි

  5. Anonymous

    Thnkz

  6. Supun Kaushalya

    තෑන්ක්ස් සබ් එකට සහෝ

  7. Anonymous

    එලකිරි සුපිරිකිරි

  8. jagath55

    Thanks

  9. Shashika

    Thank you..

  10. Kavindu

    සිංහල උපසිරසියට ස්තුතියි

  11. Hasitha

    සිංහල උපසිරසියට ස්තුතියි සහෝ ...!!

  12. Anonymous

    තැන්කු වේවා

  13. Chandima Prasad

    Thanks Subtitle Ekata.....

  14. Anuradha Lakshan

    tnx brother

  15. DILmin

    Sub ekata thanks! Reminiscence (2021) film ekatath sub denna

  16. Anonymous

    සිංහල උපසිරසට බොහොම ස්තූතියි

  17. Sachin Tharuka

    CODA (2021) Movie eke sinhala subtitle ekath denna

  18. indika75

    thanks..

  19. Nishan

    Thanx bro

  20. Chandima Prasad

    සුපිරි ෆිල්ම් එකක් මේකනම්...සබ් එකත් සුපිරියටම තිබුණා..ගොඩක් ස්තූතියි සචින්ත කල්හාර බෙනට් සබ් එකට......

  21. Kantha_DLA

    … ගොඩක්ම ස්තූතියි. …
    ඔබට සහ ඔබ පවුලේ සැමට
    තෙරුවන් සරණ ලැබේවා..!

  22. Dhanushka

    Thankssssssssss!!!!!!!!!!!!!!!!!!!!!!!

  23. sachintha

    සිංහල උපසිරැසියට ස්තූතියි

  24. Redrux

    Thnkz bro

  25. Naveen

    උපසිරසියට තුති

  26. හසිත මධුෂාන්

    සබ් එකට බොහොම ස්තූතියි සහෝ....!

  27. Achi

    බොහොම ස්තුතියි

  28. Nilush Angana

    Sub ekata thanx

  29. Buddhika Lakmal

    ♥♥☻☻...බොහෝම ස්තූතියි උපසිරැසියට...☺☺♥♥

  30. KasunRe

    බොහොම ස්තූතියි සහෝ......

  31. Minoli Wansooriya

    thanks malliyo well-done

  32. Anonymous

    thanks

  33. Pramukmili

    Thanx bro............

    1. Sathsara sandakelum

      Repeaters 2010 english film eke sinhala subtitles dentako

  34. Darshana pethum

    Thanks mchn aub ekta..

  35. buddhika saranga

    thank you very much brother , good job

  36. Malith Samarawickrama

    Thanks bn sub ekata

  37. D.Chamara

    බොහොම ස්තූතියි .... !

  38. isira

    thnks mchn

  39. Anonymous

    Thanks for the subtitles

  40. Shanuka Rathnayake

    thanks

  41. lakshan

    thanks ......................

  42. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  43. Udaya Fdo

    Thank you

  44. Dewadithya

    Thanks for Sub!

  45. Sanjaya Abeysundara

    thnkz for sub bro..!

  46. Tharidu Sagara

    සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
    බුදු සරණයි!!ජය වේවා!!!