♪♪♪ හයේ මෙරි පරම් පරම් පරම් පරම් පරම සුන්දරී හයේ මෙරි පරම් පරම් පරම් පරම් පරම සුන්දරී සර් සේ පෙයර තලක් බේතහාෂ හුස්න් සේ භරී හයේ මෙරි පරම් පරම් පරම් පරම් පරම සුන්දරී ♪♪♪ ඇහෙද්දී ඉබේම නැටවෙන්න ගත්තු, නට නටම ආයේ ආයේ හරව හරවා අහන්න හිතුනු අපූරු හින්දි ගීතයක් පහුගිය දිනවල ඇහෙන්න ගත්තා. වත්මන් හින්දි […]

♪♪♪ හයේ මෙරි පරම් පරම් පරම් පරම් පරම සුන්දරී
හයේ මෙරි පරම් පරම් පරම් පරම් පරම සුන්දරී
සර් සේ පෙයර තලක් බේතහාෂ හුස්න් සේ භරී
හයේ මෙරි පරම් පරම් පරම් පරම් පරම සුන්දරී ♪♪♪
ඇහෙද්දී ඉබේම නැටවෙන්න ගත්තු, නට නටම ආයේ ආයේ හරව හරවා අහන්න හිතුනු අපූරු හින්දි ගීතයක් පහුගිය දිනවල ඇහෙන්න ගත්තා. වත්මන් හින්දි සිනමාවේ ගීත කෝකිලාවිය ශ්‍රෙයා ගෝෂාල්ගේ හඬින් මියුරු වුණු මේ ගීතය අපේ ලංකාව ඇතුලෙත් මොන තරම් ජනප්‍රසාදයක් හිමි වුණාද කියනවා නම් යූටියුබයේ ට්‍රෙන්ඩින් අතර සති ගණන් රැඳී ඉන්නත් සමත් වුණා. ශ්‍රෙයාගේ හඬ විතරක්ම නෙමේ ඒ අපූරු තනුව විතරක්ම නෙමේ කාගෙත් හිත දිනාගත්තු හින්දි තිරයේ සොඳුරු රුවැත්තිය ක්‍රිති සැනොන්ගේ නර්තනයත් මේ ගීතයේ ජනප්‍රියත්වයට ගොඩක් බලපාන්න ඇති.
ඉතින් පරම් සුන්දරීගේ කලඑළි බැසීමත් එක්ක හැමෝම විපරම් කරා මොකක්ද මේ වෙන්න යන්නේ කියලා. එතකොට තමයි මිමි ගැන හැමෝම දැනගන්නේ. මිමි කිව්වේ ක්‍රිති සැනොන්ගේ මීළඟට නිකුත් වෙන්න තිබ්බ අලුත්ම චිත්‍රපටිය. ක්‍රිතිගේ කලින් සිනමාපට වගේ නෙමේ මේ චිත්‍රපටියේ යම් වෙනසක් කාටත් පේන්න ගත්තා. කිසිම සුපිරි තරුවකගේ ආශ්‍රයක් නොතිබුණු මේ සිනමාපටයේ කේන්ද්‍රීය චරිතය වුණේ ක්‍රිති සැනොන්මයි. ඇගේ සහයට හිටියේ ප්‍රතිභාපූර්ණ රංගන ශිල්පී පංකජ් ත්‍රිපාටි, සායි තම්හන්කර්, සුප්‍රියා පතාක්, මනෝජ් පහ්වා, එව්ලින් එඩ්වර්ඩ්ස් වගේ කිහිපදෙනෙක් පමණයි.
මේ වකවානුවේ එළිදැක්වුණු බහුතරයක් OTT මාධ්‍යයේ චිත්‍රපටි දිහා බැලුවම කාන්තාව කේන්ද්‍ර කරගත්තු, සුපිරි තරුවක්වත් ගෑවිලා නැති, කතාව ගැන කිසිම හෝඩුවාවක්වත් නැති මේ චිත්‍රපටිය කෙරෙහි කාගෙවත් විශේෂ අවධානයක් යොමු වුණේ නැහැ. ඇත්තටම පරම් සුන්දරී හැරෙන්නට බහුතරයක් දෙනාට මිමි කෙරෙහි විශේෂ සැලකිල්ලක් දක්වන්න හේතු තිබ්බේ නැහැ.
මිමි එළිබහින්න හිටියේ ජූලි මස 30වෙනිදා. ඒත් බොහෝදෙනා පුදුමයට පත් කරමින් ඊට දවස් 4කට කලින්, ඒ කියන්නේ ජුලි මස 26වෙනිදා ක්‍රිතිගේ උපන්දින දවසේදීම මිමි ප්‍රේක්ෂකයා හමුවට තිළිණ වෙන්නේ Nothing Like You’re Expecting කියන මිමිගේ තේමාපාඨයටත් අපූරුවට ගැලපීගෙනමයි. ඉන්පසුව සිදුවුණේත් බලාපොරොත්තු නොවුණු දේම පමණයි. මිමි වෙනුවෙන් විචාරක ප්‍රතිචාර එකින් එක සමාජ මාධ්‍ය තුල පලවෙද්දී ඒ වෙනුවෙන් පැය දෙකක් වෙන් කරන්න හිත හදාගත්තු පිරිසත් ටිකෙන් ටික වැඩි වෙන්න ගත්තා. අන්තිමට මිමි නතර වුණේ මේ වසරේ නිකුත් වෙච්ච ජනප්‍රියම චිත්‍රපටය විදිහට කිරුළු පළඳාගෙන. ජාත්‍යන්තර සිනමා දර්ශකයේ 8.1ක දැවැන්ත අගයක් සමඟ මිමි හොඳම ඉන්දියානු චිත්‍රපට 250 අතරටත් ඇතුළු වුණේ කිසිම බාධාවක් නැතුව. චිත්‍රපටය බලපු බොහෝ අයගේ අදහස වුණේ, “අනේ මේක සිනමාශාලාවක පෙන්නුවා නම් ආදායම් වාර්තා බිඳිනවා දෙකක් නෑ” කියන එකයි. ඒ වගේම මිමි ක්‍රිතී සැනොන්ගේ එදා මෙදාතුර පෙන්නපු හොඳම රංගනය බිහි කළා කියලත් බොහෝ අය කියනවා. ඔය නිසාම වසරේ නිකුත්වන ඉතාම අතලොස්සක් වන සාර්ථක හින්දි සිනමාපට ගොඩක මිමි නිතරඟයෙන්ම ඇතුල් වුණා.
මිමි කියන්නේ ප්‍රති නිර්මාණයක්. කවුරුත් බලලා ඇතැයි කියලා හිතන Luka Chuppi සිනමාපටයේ අධ්‍යක්ෂක ලක්ෂ්මන් උටේකාර් විසින් ප්‍රතිනිර්මාණයට ලක් වුණේ 2010දි නිකුත් වුණු සම්මානනීය මරාති සිනමාපටයක් වෙන Mala Aai Vhhaychy චිත්‍රපටයයි. මේ අනුසාරයෙන් Welcome Obama නමින් 2013දි තවත් ප්‍රති නිර්මාණයක් නිෂ්පාදනය වෙලා තියෙනවා තෙලිඟු බසින්. ඉතින් ආයෙත් මිමි දිහාට හැරුනොත් මිමිගේ තියෙන තවත් විශේෂ දෙයක් තමා සංගීතය. ඔව්, සංගීතය ඒ.ආර්. රහ්මාන් විසින්. සංගීතය ගැන ඉතින් තවත් කතා මොකටද?
කතාව ගැනත් චුට්ටක් කියලම ඉන්නම්. මිමි කියන්නේ බොලිවුඩයට පය ගහන්න හීන මවන් ඉන්න, ගමක ජීවත් වෙන කෙල්ලක්. කොයි දේටත් ළඟ ඉන්න යාළුවා ෂමා එක්ක මිමි සංචාරකයන් පිනවන්න නැටුම් ඉදිරිපත් කරනවා, දවසට රුපියල් 3000 වැටුපකට. කොහොමින් කොහොමින් හරි සල්ලි ටිකක් එකතු කරගෙන බොලිවුඩයට යන පාර කපාගන්නයි මිමි දවස තිස්සෙම හිතුවේ. දවසක් මිමි එයාගේ නැටුම් කර්තව්‍යය අහවර කරලා ගෙදර යද්දි අමුතු මනුස්සයෙක් පස්සෙන් එන්න ගත්තා. එදායින් පස්සේ තමා මිමිගේ කතාව වෙනස් වෙන්න ගත්තේ.
ඉතින් මේ ආරාධනාව, ඔබව සිනහ ගස්සන ගමන් හිත සංවේදී කරවන මේ අපූරු සිනමාපටය නරඹන්න කියලයි. පාඩුවක් කියලා නම් දැනෙන්නේ නැතිවෙයි. උපසිරැසිය අරන් එන්න නම් මාසයක කාලයක් විතර ගත වුණා, පොඩ්ඩක් අනාථ වෙලා ඉද්දි දහරා අක්කා ඇවිත් උදව් කරපු නිසා තමයි අද මේ විදිහටවත් උපසිරැසිය දෙන්න පුළුවන් වුණේ. අක්කටත් ගොඩක් ස්තූතියි කියන ගමන්, මේ වෙද්දීත් මිමි නොබලපු අය, බලන්න හිතාගෙනවත් හිටියේ නැති අය පොඩි වෙලාවක් වෙන් කරගන්න කියලා ඉල්ලන ගමන් අපි සමුගන්නවා. හැමෝම පරිස්සමට නිවසට වෙලාම ඉන්න. මේ නරක කාලේ ළඟපාත ඉන්න නැතිබැරි අයට වගේම අසරණ සත්තුන්ටත් පිහිටක් වෙන්න උත්සහයක් දෙන්න. ජයවේවා හැමෝටම.

![]()
![]()
![]()
Due to copyright issues, we do not provide any torrent link
මෙම උපසිරැසි සියලුම WEB පිටපත් සඳහා වලංගු වේ.
10,913 downloadsDownload Mimi-2021.zip64 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “මයුර සුරාජ්” සොහොයුරාට සහ දහරා මුතු අමා” සොහොයුරියට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔවුන්ගේ අවසරය මතම සිදුවිය යුතුය.
SUB MAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles
42 comments
Kushan
Anonymous
Thanks guyz
Sohan Jayasooriya
හම්මේ ආපු දවස්වලම බාගෙන සබ් එක දෙනකම් බලා ඉඳියේ.. සබ් එකට තෑන්ක්ස් එහෙනම් දෙන්නටම..මගේ ක්‍රශ් එකක් තමා ක්‍රිති සැනොන්.. මේ ෆිල්ම් එක බලන්නෙත් ක්‍රිති ඉන්න හින්දා..
Supun Kaushalya
තෑන්ක්ස් සබ් එකට
DILmin
Me sub ekata thanks! Sarpatta Parambarai (2021)
14 Phere (2021) film walatath sub denna plzAnonymous
තැන්ක්ස්
Anonymous
එලකිරි සුපිරිකිරි
Hasitha
සිංහල උපසිරසියට ස්තුතියි දෙදෙනාටම ...!!
Kavindu
සිංහල උපසිරසියට ස්තුතියි
madhavi
ram leela (2013) movie eka download web eke nane bajirao mastanith download karannda ba ne ekata mona hari karandako plzzzz
Ayesh
උපසිරසියට ගොඩාක් ස්තුතියි❤️
Anonymous
ade ubala dan sub denne dan patta latene bn. hamadam sub , film ganne mekan. dan nam ubalge patta late ekka thiaynne a
Anonymous
sub ekata thanks godakma. eth tikak ikmanin denna balanna. wena ewalin dunnama, ewalin baluwata passe mekata ena download gaana madi wenawa, negative comment gaana wadi wenawa. sub eka karana kenata unath eken upset ekak yanna puluwan nisa yojanawak widiyata me kiyanne. anik wada asse mewa karanne kiyala dannawa. oyalata jaya!
Supun Preemal
උපසිරැසියට බොහොම ස්තුතියි …!
Hasantha
Thank you both of you. ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
indika75
thanks..
Anonymous
Patta
Manoj
උපසිරසියට ස්තුතියි
Anonymous
Thanks for sub
Bhoomika(2021) sub plzAnonymous
සිංහල උපසිරසියට බොහොම ස්තුතියි දෙදෙනාටම ..ජයෙන් ජයම වේවා !!
Samith
Thanks both
D.J
සිංහල උපසිරසියට ස්තුතියි දෙදෙනාටම
aruna
balanna hitan hitapu ekak newei hbai lipiya nisa bluwa
anthimata tmai therune baluwe ntnm aparade bawa
kawruth balanna lassana kathawak
sub deepu ayata godak sthuthiyiශාමල් මනෝජන්
උපසිරැසියට බොහොම ස්තූතියි.
අපි හින්දි ෆිල්ම් බලනකොට ඉන්දියාවේ නළු නිළියෝ යොහානිට පිස්සු වැටිලා
V.P
සිංහල උපසිරසියට බොහොම ස්තුතියි දෙදෙනාටම
Redrux
Thnkz both
Gayan
ලංකාව සම්බන්ධ වෙන, සමහර කොටස් ලංකාවෙ රූ ගත කරල තියෙන, සිංහල දෙබස් පවා තියෙන GREED (2019) ෆිල්ම් එකට ලංකාවේ එක Sinhala Subtitles Website එකකින්වත් සිංහල උපසිරැසි දීලා නෑ.
Anonymous
ehemada
Naveen
උපසිරසියට තුති
හසිත මධුෂාන්
සබ් එකට බොහොම ස්තූතියි සහෝ....!
Idunil Weerasinghe
Thanks both
Buddhika Lakmal
♥♥☻☻...බොහෝම ස්තූතියි උපසිරැසියට...☺☺♥♥
කවිඳු ජයවර්ධන
දෙන්නටම ගොඩක් ස්තූතියි.
Pramukmili
Thanx bro................
mindika
Thanks !!!
Sahan Gayantha
thanks a lot sub ekata
Supun Vishwajith
උපසිරසියට ස්තූතියි..
ඉස්සර වගේ Subtitle download page එකේ නම සිංහලෙන් නැතුව English වලින් දැම්මොත් Google search කරලා sub හොයන අයට පහසුවක්වෙයි.Dan
Thank You ...
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Mano
Godak sthuthi..Jaya wewa!
Tharidu Sagara
සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
බුදු සරණයි!!ජය වේවා!!!viraj
thanks.....
Advertisement
Sub akta thanks