Watch Trailer

Sword of the Stranger (2007) Sinhala Subtitles | සුපිරිම ඇනිමේ එකක් බලමුද? [සිංහල උපසිරසි]

“මට නමක් නැති නිසා, නනාෂී කියලා කියන්නේ.” 🔹අතීතයේදී තමා අතින් සිදු වූ බරපතල වරදක් හේතුවෙන්, නැවත කෙදිනකවත් තම අසිපත ලෙලවන්නේ නැති බවට තමාටම ප්‍රතිඥා දුන් හුදකලා සටන්කරුවෙක්… 🔹අහම්බෙන් සිදුවන දෛවෝපගත හමුවක් හේතුවෙන්, මේ සටන්කරුට නැවතත් තම අසිපත ලෙලවන්නට සිදුවෙයි… 🔹ඒ කවුරු ආරක්ෂා කිරීමටද? කවරාකාරයේ ස…

“මට නමක් නැති නිසා, නනාෂී කියලා කියන්නේ.”

🔹අතීතයේදී තමා අතින් සිදු වූ බරපතල වරදක් හේතුවෙන්, නැවත කෙදිනකවත් තම අසිපත ලෙලවන්නේ නැති බවට තමාටම ප්‍රතිඥා දුන් හුදකලා සටන්කරුවෙක්…

🔹අහම්බෙන් සිදුවන දෛවෝපගත හමුවක් හේතුවෙන්, මේ සටන්කරුට නැවතත් තම අසිපත ලෙලවන්නට සිදුවෙයි…

🔹ඒ කවුරු ආරක්ෂා කිරීමටද? කවරාකාරයේ සතුරෙකුට එදිරිවද?

කොහොමද හැමෝටම? ඔන්න මම මගේ තුන්වෙනි උපසිරසියත් අද බයිස්කෝප් වෙබ් අඩවියට එකතු කරනවා.මේ වතාවේ අරගෙන ආපූ ඇනිමේ එකනම් අති සුපිරියක්.කලින් දීපූ ඇනිමේ දෙකම Romance පැත්තට බර නිසා තමා මේ පාර සුපිරි සටන් ජවනිකා තියෙන, හැමෝටම පණ ඇතුව ගැම්මෙන් බලන්න පුලුවන් එකක් ගෙනාවේ.

පහලින් තියෙන්නේ මේ චිත්‍රපටයේ දර්ශන ටිකක්.

අවශ්‍ය නම් මේකේ trailer එකත් බලලම එන්න.ඊට පස්සේ තීරණය කරන්න බලනවද නැද්ද කියලා.හැබැයි මඟහැරියොත් නම්, ලොකු අපරාදයක් කියලා කියන්නත් ඕනේ. 2007 දී නිකුත් වුනු මේ ඇනිමේ එක Action, Adventure, Historical, Samurai යන Genres වලට අයත් වෙනවා.ඒ වගේම MAL 8.28 හා Imdb 7.8 ක වගේ හොඳ අගයන් ලබා ගෙන තියෙනවා.

ජපානය කියන්නේ අද වෙනකොට ලෝකයේ ගොඩක් දියුණු රටක්.තාක්ෂණය අතින් ගත්තොත් ජපානය තරම් රටක් නැහැ වගේ.නමුත් ජපන් ඉතිහාසය නම් ගොඩක් කැරළි කලකෝලාහල හා යුධ ගැටුම් වලින් පිරිලා තිබුනේ.ඒ කාලේ ජපන් ජනයා ගොඩක් දුෂ්කර කටුක ජීවිතයක් තමා ගෙවලා තියෙන්නේ.ඉතින් මේ ඇනිමේ එක ජපන් ඉතිහාසයේ සිදු වූ යම් යම් සත්‍ය සිදුවීම් අලලා නිර්මාණය කරපු එකක්.සෙන්ගොකූ යුගයේදී ජපානයේ පැවතුණු ඒ අඳුරු වතාවරණය ගැන ඔයාලට හොඳ අදහසක් මේ චිත්‍රපටය හරහා ගන්න පුලුවන්.

මේ ඇනිමේ එක Bones Studio එකේ වැඩක්.Bones Studio එක ගොඩක් හොඳ ඇනිමේ නිර්මාණය කරපු තැනක්.එයාලා මේ චිත්‍රපටයත් නිර්මාණය කරද්දී ඒ අඳුරු බව, කටුක බව ප්‍රේක්ෂකයන් හට මනාව සමීප කරලා තියෙනවා.

ඉතින් මේ චිත්‍රපටයේදී අපි හොඳින් අහලා කියවලා තියෙන ජපන් ඉතිහාසයේ සිටි රණකාමීන් කණ්ඩායමක් වෙන සමුරායීවරු දකින්න ලැබෙනවා. ඉතින් ඔවුන් ගැනත් යමක් කියන්න හිතුවා.පහළ තියෙන විස්තර චිත්‍රපටයට අදාල නැහැ.නමුත් ඒ ගැන දැනුවත් බව මේ චිත්‍රපටය බලද්දී වටිනවා කියලා මම හිතනවා.

සමුරායීවරු

මධ්‍යකාලීන ජපානය තුල නැගී සිටි වංශාධිපති කණ්ඩායමක් තමා මේ සමුරායීවරු කියන්නේ.ඇතැමුන් කියන විදිහට මොවුන් එකල හමුදා ප්‍රධානීන් විදිහටත් කටයුතු කරලා තියෙනවා.ජපන් රජවරු තමන්ගේ බල ප්‍රදේශ වල ඇතිවුනු කැරළි, යුද්ධ මැඩ පවත්වන්න මේ සමුරායීවරු යොදා ගෙන තියෙනවා.මෙයාලට ඒ කාලේ සමාජයෙන් ලොකු තැනක් ලැබිලා තියෙන්නේ.ගොඩක් වරප්‍රසාද හිමිවෙලත් තියෙනවා.

ඒ කාලේදී අපරාධකරුවන්ට දීපූ දඩුවම තමා මරණය.නමුත් සමුරායී කෙනෙක් මොකක් හරි වරදකට අපරාධකරුවකු වුනොත්, ඔහුටම සියදිවි නසාගන්න අවස්ථාව දීලා.මේ ක්‍රමයට කියන්නේ ‘හරාකරී’ කියලා.
හරාකරී ක්‍රමයේදී සමුරායීවරයා තම කඩුවෙන්ම තමා සියදිවි නසා ගන්නේ.
සමුරායීවරු අතර ප්‍රධානියා ‘ෂෝගන්’ විදිහට හදුන්වනු ලබනවා.මේ ෂෝගන්වරෙයෙක් යටතේ සමුරායීවරු කිහිප දෙනෙක් ඉන්නවා.ඒ ඒ සමුරායී යටතේ ඔහුටම වෙන්වුනු හමුදා කණ්ඩායම් පවා ඉදලා තියෙනවා.

කටානා කඩුව

සමුරායිවරු භාවිත කරපු කඩුව තමා ‘කටානා’ ලෙස හඳුන්වන්නේ.සටන් කලා විශාරදයන් කියන විදිහට, සාම්ප්‍රදායික සටන් ක්‍රමයක් තුල භාවිත වෙන තියුණුම අවියත් මේ කටානා කඩුවලු.මේක ‘තමහකරී’ කියන ලෝහයෙන් හදලා තියෙන්නේ.ඒ වගේම කටානා කඩු ශක්තිමත් බවින් හා මුවහත අතින් අසමසමයි කියලා කියන්නේ.හොඳින් වැඩුණු ශක්තිමත් උණබට කඩතොලු නොහිටන ලෙස එකවරම කපා දමන්න මේ කටානා කඩුවට පුලුවන්.සමුරායීවරු සටනේදී කඩු දෙකක් භාවිතා කරලා තියෙනවා.එකක් දිගින් වැඩි එකක් සහ අනික දිගින් අඩු කඩුවක්.දිගින් වැඩි කඩුව දුර ප්‍රහාර සඳහාත්, දිගින් අඩු කඩුව කෙටි පහර සදහාත් භාවිතා කරලා තියෙනවා.ඒ වගේම දිගින් අඩු කඩුව ආධාරක අවියක් විදිහටත් පාවිච්චි කරලා තියෙනවා.ඇතැමුන් කියන විදිහට මේ කඩු දෙකම එකතු කරලා තනි අවියක් විදිහටත් සමුරායීවරු භාවිතා කරලා තියෙනවා.

ඉතින් මේ විස්තර චිත්‍රපටයට පහසුවක් වේවී කියලා හිතනවා.ඒ වගේම දැනුමටත් යමක් එකතු වෙන්න ඇති. ඉතින් මේ ඇනිමේ එකත් හැමෝම රසවිඳීවී කියලා හිතනවා.ඔයාලගේ අදහසක් එහෙම කියන්න අමතක කරන්න එපා.මොකද ඔයාලගෙ ප්‍රතිචාර මත තමා ඉදිරියටත් මේක කරනවද නැද්ද කියලා තීරණය කරන්නේ.

සුපුරුදු පරිදිම මේ උපසිරසිය ජපන් බසින් තියෙන පිටපත් ඉලක්ක කරලා නිකුත් කරපු එකක්.ඒ නිසා ඉංග්‍රීසි හඬකවපු පිටපත් වලට නොගැලපෙන්න ඉඩ තියෙනවා.කොහොමත් මේ චිත්‍රපටය ජපන් බසින්ම බලවනම් ගොඩක් හොඳයි.

එහෙනම් අදට සමුගන්නම්.හැමෝටම සුබ දවසක්!

හැමෝටම සුබ දවසක්!

 

 

 

Due to copyright issues, we do not provide any torrent link.

මෙම ලබා දී ඇති උපසිරසි BluRay පිටපත් සඳහා අදාළ වේ.

3,387 downloadsDownload Sword-of-the-Stranger-2007.zip35 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “පවිත් විජේසූරිය ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

NEW MEMBER
JOINING DATE – 2022-03-16
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Subtitles by

පවිත් විජේසූරිය

Subtitles

3,387 downloadsDownload Subtitles35 KB

20 comments

  1. Anushka

    Sun ekata thanks

  2. Nishan S Ariyarathna

    ✿ උපසිරැසියට බොහොම ස්තුතියි ✿

  3. හසිත මධුෂාන්

    සබ් එකට බොහොම ස්තූතියි සහෝ....!

  4. Supun Kaushalya

    තෑන්ක්ස් සබ් එකට සහෝ

  5. Anonymous

    Sub ekata thanks. sword art online ekatath puluwan nam
    Sub denna

  6. Nilush Angana

    Secret Royal Inspector & Joy (11)

  7. Udara Damith

    elaaaaaaaaaaa

  8. Anonymous

    බොහොම ස්තුතියි නියම වැඩක්

  9. indika 75

    thanks..

  10. Buddhika laKMal

    ♥♥☻☻...බොහෝම ස්තූතියි උපසිරැසියට...☺☺♥♥

  11. Anonymous

    Sword of art seris ek sub dennakoo ples ek maru neh

  12. Bimbisha

    සිංහල උපසිරැසිය ලබා දුන්නාට හෘදයාංගම ස්තූතිය ! ජයෙන් ජය !

  13. අච්නි අමායා

    ස්තුතියි උපසිරසියට

  14. Bobby

    Thank you very much

  15. Anonymous

    your lie in april anime එක දෙන්නකො

  16. Pahasara

    Supiri, digatama anime sub demu.... Good luck bro...

  17. Harsha

    Substantial එකට ස්තුතිය

  18. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  19. Tharidu Sagara

    සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
    බුදු සරණයි!!ජය වේවා!!!

  20. nami

    sword of art online ekata sub one