Baarish Aur Chowmein කියන්නේ 2018දී ආපු මිනිත්තු 45ක පමණ කෙටි චිත්‍රපටයක්, මේක අධ්‍යක්ෂණය කරන්නේ Paan Singh Tomar (2012), Saheb, Biwi Aur Gangster චිත්‍රපටි මාලාව අධ්‍යක්ෂණය කළ ටිග්මන්ෂු ධූලියා විසින්, ඔහු අධ්‍යක්ෂකවරයෙකු වගේම නළුවෙක්. මේ කතාව ලියලා තියෙන්නේ ජනප්‍රිය ගේය පද රචිකාවක් වන කෞසර් මුනීර්…

Baarish Aur Chowmein කියන්නේ 2018දී ආපු මිනිත්තු 45ක පමණ කෙටි චිත්‍රපටයක්, මේක අධ්‍යක්ෂණය කරන්නේ Paan Singh Tomar (2012), Saheb, Biwi Aur Gangster චිත්‍රපටි මාලාව අධ්‍යක්ෂණය කළ ටිග්මන්ෂු ධූලියා විසින්, ඔහු අධ්‍යක්ෂකවරයෙකු වගේම නළුවෙක්. මේ කතාව ලියලා තියෙන්නේ ජනප්‍රිය ගේය පද රචිකාවක් වන කෞසර් මුනීර්. රංගනයෙන් දායක වෙන්නේ වත්මන් බොලිවුඩයට නැතුවම බැරි නිලියක් වන තාප්සී පන්නු සමඟ අමිත් සාද්, Kai Po Che(2013), Sultan(2016), Barot House(2019) චිත්‍රපටිවල වගේම Breathe ටීවී සීරීස් එකේ සීසන් දෙකෙහිම අමිත් සාද් කළ රංගනයන් ඔබේ මතකයේ ඇති.
බාරිෂ් ඕර් චෝමේන්, ඒකේ අර්ථය වෙන්නේ වැස්ස සහ චෝමේන් නූඩ්ල්ස් කියන එකයි, කතාවේ හැටියට සුරේෂ් කියන්න ඈත පිටිසර ගමකින් රස්සාවක් කරන්න මුම්බායට ආපු තරුණයෙක්, ඔහු නවාතැන් ගන්නා ගෙදර අයිතිකාරයට නීලු නමින් සුන්දර දියණියක් ඉන්නවා, සුරේෂ් ඇයට කැමතියි, දෙන්නා ගති පැවතුම් වලින් තරමක් වෙනස්, ඔවුන්ගේ සම්බන්ධයත් වෙනස් විදිහට පටන් ගන්නේ, ඒ වගේම සුරේෂ් වසන් කරන ලොකු කාරණයකුත් තියෙනවා, මොවුන්ගේ සම්බන්ධය කොහොම ගලාගෙන යයිද මොනවා වෙයිද කියලා බලන්න මේ මිනිත්තු 45 බලන්නම වෙනවා. මේක සරල කවියක් වගේ ආදර කතාවක්. බලන්න කියලා හැමෝගෙන්ම ඉල්ලනවා, ගිහින් එන්නම්.
ෆිර් මිලේන්ගේ, චල්තේ චල්තේ.
Due to copyright issues, we no longer provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරසි HDRip පිටපත් සඳහා ගැළපේ.
2,969 downloadsDownload බාරිෂ්-ඕර්-චෝමේන්-2018.zip29 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “සිසිත සමරතුංග (සිසියා)” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2013/06/07
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
සිසිත සමරතුංග
Subtitles
10 comments
Anonymous
Supun Kaushalya
තෑන්ක්ස් සබ් එකට
Janiru Ranmira
RRR movie ekata sub ekak dennako
ඇසඳා
කසෝටේ සින්දගී කේ එකට සබ් දෙන්නකෝ
සිසිත සමරතුංග (සිසියා)
කරන ගමන්
හසිත මධුෂාන්
සබ් එකට බොහොම ස්තූතියි සහෝ....!
Buddhika laKMal
♥♥☻☻...බොහෝම ස්තූතියි උපසිරැසියට...☺☺♥♥
Shane de Silva
Thanks for the subtitle. Keep it up the good work.
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Tharidu Sagara
සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
බුදු සරණයි!!ජය වේවා!!!
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie
![Baarish Aur Chowmein (2018) Sinhala subtitles | නේවාසිකයාගේ ප්‍රේමය… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2022/04/බාරිෂ්-ඕර්-චෝමේන්-2018.jpg)
the great indian murder hindi series ekata sub dennako