තාල් යන්නෙහි අර්ථය තාලය යන්නයි. රිද්මය යන්න මෙයට සමාන තවත් සිංහල වචනයකි. තාල්, 1997 වසරේ ඉන්දියාවේ දක්ෂ සිනමා අධ්‍යක්ෂවරයෙකු වන සුභාෂ් ගයි විසින් අධ්‍යක්ෂණය කරන ලද musical drama romance යන කාණ්ඩ යටතේ වර්ග කරන ලද චිත්‍රපටයකි. එක්සත් ජනපදයේ ප්‍රසිද්ධ සිනමා විචාරකයෙකු වූ Roger Ebert විසින් 2005 වර්ෂයේ…

තාල් යන්නෙහි අර්ථය තාලය යන්නයි. රිද්මය යන්න මෙයට සමාන තවත් සිංහල වචනයකි. තාල්, 1997 වසරේ ඉන්දියාවේ දක්ෂ සිනමා අධ්‍යක්ෂවරයෙකු වන සුභාෂ් ගයි විසින් අධ්‍යක්ෂණය කරන ලද musical drama romance යන කාණ්ඩ යටතේ වර්ග කරන ලද චිත්‍රපටයකි. එක්සත් ජනපදයේ ප්‍රසිද්ධ සිනමා විචාරකයෙකු වූ Roger Ebert විසින් 2005 වර්ෂයේ සංවිධානය කළ Overlooked නම් සිනමා උළෙලේ නිල ඉන්දියානු සිනමා කෘතිය වූයේද තාල් චිත්‍රපටයයි. තාල් විදේශ ප්‍රදර්ශනයේදී අතිශයින් සාර්ථක වූ අතර Variety’s box office list හි මුල් 20 අතරට පැමිණි මුල්ම සිනමා කෘතිය වූයේද එයයි. අනිල් කපූර්, අක්ෂේ ඛන්නා, ආශ්වර්යා රායි, අම්රීශ් පූරි හා ආලෝක් නාත් ප්‍රථාන චරිත නිරූපණය කළ මෙම කෘතිය එම වර්ෂයේ ෆිල්ම් ෆෙයාර් සම්මාන 4 ක් දිනා ගන්නා ලදී. අනිල් කපූර් හොඳමා සහාය නළුවා වශයෙන්ද, ඒ. ආර්. රෙහෙමාන් හොඳම සංගීත අධ්‍යක්ෂවරයා වශයෙන්ද, ආනන්ද බක්ෂි හොඳම ගීත රචකයා වශයෙන්ද, අල්කා යග්නික් හොඳම ගායනයට හිමි ෆිල්ම්ෆෙයාර් සම්මාන දිනා ගන්නා ලදී.
ධනවතෙකු වන ජග්මෝහන් මේතාගේ පුත්‍රයා වන මානව් සිය පියා, ඥාතීන් හා ස්වකයන් සමග ඉන්දියාවට පැමිණෙයි. සිය ආයෝජනයකට අදාල කාර්යයන් සොයා බැලීමට ඔවුන් උත්තර ඉන්දියාවේ, හිමාලය ආශ්‍රිත පෙදෙසක් වන චම්බාවලට යයි. එහිදී මානව් මේතාට සුන්දර මාන්සී මුණ ගැසෙයි. මාන්සී යනු චම්බාවල ශාස්ත්‍රීය හා ජන සංගීත ප්‍රවීණයෙකු වන තාරා බාබුගේ දියණියයි. ඇය දක්ෂ ගායිකවක මෙන්ම නර්ථන ශිල්පිණියක් වශයෙන්ද දක්ෂතා දක්වන්නියෙකි. සිය ව්‍යාපාරික ඉඩමක් සම්බන්ධයෙන් ප්‍රෙද්ශයේ දේශපාලන අධිකාරීත්වයේ අනුග්‍රහයක් ලබා ගැනීමට ජග්මෝහන් පවුලට තාරා බාබුගේ උදව් අවශ්‍ය වේ. තාරා බාබු යනු සිය ආත්ම ගෞරවය ඉතා ඉහළින් අගය කළ, සංගීතයට හා කලාවට ජීවිතය කැප කළ දිළිඳු කලාකරුවෙකි. ජග්මෝහන් සිය ව්‍යාපාරික අරමුණු වෙනුවෙන් තාරා බාබුගේ කලා හැකියාව ව්‍යාජව අගය කරන අතර මානව් මේතා හා මාන්සී අව්‍යාජ ආදරයක පැටලේ.
මේ සම්බන්ධයෙන් දැන ගන්නා ජග්මෝහන් සිය පුත්‍රයාද කැටිව මුම්බායි කරා පැමිණෙයි. මාන්සී හා මානව්ගේ ආදරය පිළිබඳව දැන ගන්නා තාරා බාබු, ඔහු ධනවත් මිනිසෙකුගේ සෙල්ලක්කාර පුත්‍රයෙක් යැයි පවසා, එම සම්බන්ධතාව නවත්වා දමන ලෙස සිය දියණියට අවවාද කරයි. කෙසේ වෙතත් ඒ වන විටත් මාන්සීට අවංක පොරොන්දුවක් දී ඇති මානව්, තාරා බාබුට සිය ප්‍රතිඥාව පිළිබඳව පවසයි. කෙසේ වෙතත්, සිය අහඹු මිත්‍රයා වන ජග්මෝහන් හමුවී මේ සම්බන්ධයෙන් අවසන් තීරණයක් ගැනීමට මුම්බායි වෙත යයි. සිය ඥාති සොහොරිය වන ප්‍රභා ශංකර්ගේ උපදෙස් අනුව කළින් දැනුම් දීමක් නොමැතිව මේතා නිවසට යන තාරා බාබු හා මාන්සී, මානව් මේතාගේ පුංචි අම්මා වන සකු ගේ අවමානයට, ගර්හාවට හා පරභවයට පාත්‍ර වේ. එදින මානව් නිවසේ නොමැති අතර සිදුවන සිදුවීම වලින් දැඩි කම්පනයට පත්වන තාරා බාබු ජගමෝහන්ට පහර දෙයි. ඒ මොහොතේම නිවසට එන මානව් සිය පියා වෙනුවෙන් තාරා බාබු හා මාන්සී සිය නිවසින් පන්නා දමයි.
අවසිහියෙන් මෙන් මහ මඟ ඇවිද යන මාන්සී හා තාරා බාබු විඩාව නිසා ගැනීමට පිට්ටනියක සෙවනක වාඩි වෙයි. ඒ අවස්ථාවේ දී තමාගේ නිර්මාණයක් වන ගීතයක් re-mix කර රූප ගත කිරීමක් සිදු කරනු දැක දියණිය හා පියා වඩාත් විශ්මයට පත්වේ. මාන්සීගේ ඉරණම වෙනස් කරමින්, ඉන්දීය සංගීත වීඩියෝ කර්මාන්තයේ දැවැන්තයෙකු වන වික්‍රාන්ට් කපූර් ඔවුනට හමුවේ. තමා රී මික්ස් කරන ගීතයේ සැබෑ අයිතිකරු හඳුනා ගන්නා වික්‍රාන්ට් ඔහුට සිය ශබ්දාගාරයට පැමිණෙන ලෙස ආරාධනා කරයි. තමාගේ නිර්මාණ හොරකම් කරන හොරෙක් ලෙස වික්‍රාන්ට් හඳුන්වන තාරා බාබු එහි යෑම ප්‍රතික්ෂේප කරයි. කෙසේ වෙතත්, ප්‍රභ ශංකර්ගේ පෙරැත්ත නිසා එහි යන ඔවුන්ට වික්‍රාන්ට් කපූර්ගේ නිර්මාණ සඳහා දායක වීමට අවස්ථාව සැලසේ. ඒ අනුව, මාන්සී ඉන්දීය වීඩියෝ සංගීතයේ තරුවක් බවට පත්වේ.
සිදුවූ සිදුවීම් සියල්ල අවබෝධ කර ගන්නා මානව්, නැවතත් මාන්සී වෙත පැමිණ සමාව ඉල්ලා, ඇගේ ආදරය අයද සිටියි. තදින් සිත් පෑරී සිටින මාන්සී එය ප්‍රතික්ෂේප කරයි. සිය ආදරයේ අවංකත්වය සම්බන්ධයෙන් දැඩිව විශ්වාස කරන මානව් දිනෙකු සිය පියා විසින්ම මාන්සී තමාට පාවා දෙන බවට සපථ කරයි. කෙසේ වෙතත්, වික්‍රාන්ට් සංගීත සමාගමේ ගිවිසුමට අනුව කිසිදු කාලකරුවෙකුට ආදරය හා විවාහය තහනම් අතර එම ගිවිසුමට එළඹීමට මාන්සී තීරණය කරයි. මාන්සීගේ සුන්දරත්වය හා ලාලිත්‍යය කෙරෙහි ආශක්ත වන වික්‍රාන්ටි කපූර් ඇයට ආදරය කිරීමට පටන් ගනියි. වික්‍රාන්ට්ගේ මහාත්මා ගුණය හා බැඳෙන මාන්සී, ඔහු හා විවාහ ගිවිස ගනී. තාරා බාබුගේ ආශීර්වාදයද ඊට හිමිවේ. මේ අතර, තමා අතින් සිය පුතුගේ ආදරයට අනර්ථයක් සිදුවූ බව වටහා ගන්නා ජග්මෝහන් තාරා බාබු හමුවී, සිදුවූ වරදට සමාව ඉල්ලා සිය පුත්‍රයාගේ ජීවිතය වෙනුවෙන් මාන්සී ඉල්ලයි. කෙසේ වෙතත්, ඒ වන විට වික්‍රාන්ට් හා විවාහ ගිවිස ගන්නා මාන්සී, ලෝක සංගීත තරඟයකට සහභාගිවීමට කැනඩාවට ගොසිනි. කාන්තාවගේ ආදරය හා වෙහෙසකර සිත නිසා මතුවන තිගැස්සීම් සම්බන්ධ සුන්දර විවරණයක් වන මෙය මිනිසුන්ගේ, මනුෂ්‍යත්වයට පොදු මානව දුර්වලතා සම්බන්ධයෙන් හෙළූ සදය බැල්මකි.
මෙම සිනමා කෘතියේ සංස්කරණය සුභශ් ගයිගේම වන අතර මා නැරඹූ සුන්දරම සංස්කරණයක් සහිත සිනමා කෘතිය තාල් බව ප්‍රකාශ කිරීමට කැමැත්තෙමි. එමෙන්ම, ඒ. ආර් රෙහෙමාන් විසින් න්ර්මාණය කරන සංගීතය, සිනමා කෘතියේ තේමාව හා අවියෝජනීයව බද්ධ වෙමින් උසස් සිනමා රසාස්වාදයක් කරා අප රැගෙන යයි. සිනාම සංගීතයේ වෘත්තීයමයභාවය මැනවින් පල කරන මෙහි උසස් වින්දනයක් සහිත ගීත රාශියක්ම අඩංගුය. අනුවර්ථනය කිරීමේදී, එම ගීතවල භාවාර්ථය එලෙසින්ම මතු කිරීමට උත්සාහ දරන ලදී. එමෙන්ම, ටොරන්ට එකට ගැලපෙන ආකාරයේ උපසිරැසි ගොනුවක් හමු නොවීම නිසා ටයිම් කෝඩ් යළි සැකසීමට සිදු විය. කෙසේ වෙතත්, මෙම කෘතිය නැරඹීමේ දී දෙබස් අතිශය වැදගත් බව සඳහන් කළ යුතුය.
1999 වර්ෂයේ මෙය ලෝකය පුරාම ප්‍රදර්ශනය කරද්දී, එවකට පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ ශිෂ්‍යයෙකුව සිටි මා පළමුවරට තාල් නැරඹූවෙමි. අනතුරුව ඩීවීඩී සංස්කෘතිය මෙරට ආක්‍රමණය කරද්දී මා සෙවූ මුල් සිනමා කෘති 10 අතර මෙයද විය. සිංහල උප සිරැසි සමග නැරඹීමට දීර්ඝ කාලයක් බලා සිට, කිසිවෙකුත් උප සිරැසි නොයෙදීම නිසා මෙම සිනමා සටය සඳහා උප සිරැසි සකසන ලදී. මෙය නරඹා උසස් ලෙස රස විඳින ලෙස කාරුණිකව ආරාධනා කරමි.
1.03GB (DVD) කොපිය මෙතනින් බාගන්න
fcabc0a7a973f168e1adbf842e60e30c84583d972.99GB (DVD) කොපිය මෙතනින් බාගන්න
53fd3daab1564492050735f34180181e384aa7f6 ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.
1,270 downloadsDownload Taal.1999.baiscopelk.zip124 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2012/10/Normal-.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “කපිල ජනක බණ්ඩාර” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
කපිල ජනක
Subtitles
29 comments
Hasitha
ලක්ෂාන් නිලංක
පළමු නිර්මාණයට සුබ පැතුම් සහෝ....මේක ඉස්සර හරි ආසාවෙන් බලපු චිත්‍රපටයක්....දැන් අාපහු ඔයාගේ සබ්එක්ක බලන්න පුලුවන්....දිගටම සබ්දාන්න...ජය වේවා....!
“චූටී මල්ලි”
මේකෙ සින්දුවනම් ඔනි තරම්
අහලා තියෙ ෆිල්ම් එකනම්
බලලා නෑ බන්
මේ වගෙ සබ් නොදුන්න ලස්සන
එව්වට සබ් කරහන් මචන්
සබට තුති
ඔබට ජය...........Sisira Hegoda
Thanks.
Kulanjana Maduranga
G' luck for the 1st attempt Bro.lasssanama storyak wge.Great work & Lot of thanks KAPILA saho.digatama sub demu.jayen jaya…………
දමිත්
තෑන්ක්ස් හදවතින්ම සහෝ...ජයෙසන් ජය..
වරුණ රංගජිත් (වරූ)
1 ta godakma sthuthi....
u ar wl come..........
niyamai bro onna banawa.......
suppiri akka elagata demu...
jaya wewa!!!!!!!!!!!dilruwan
attatama mata hitagannath ba ubalata mewa kohen hambenawada kyla,
tawatawath oya wage hoda film hoyala danna wasanawa labewa,
meke sinhala film eka asai man piyabanna neda,ekth lassanai,Aditha Praween
පළවෙනි උපසිරැසියට සුභ පැතුම් !
දිගටම උපසිරැසි ලබා දෙන්න හැකියාව ලැබේවා !
:Dthiliya
film eke wicharaya oba lassanata karala thiyenawa saho....aith balannama hithenawa....sthuthi obata..jaya wewa.. :)
Saman Prasad ( Black Panther )
බොහොම තුති අයියෙ. ඒ වගේම කියන්නම ඕනෙ. ඔයාගෙ ලිපිය නම් මාරම ලස්සනයි.
තිසර නියෝ (Thisara Buddhika)
නියමයි
:P
උපසිරැසියට තුති…… :)
ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
ඔබට ජය .. :)Sampath
බොහෝම ස්තූතියි සබට….. ජය…….
Kapila Janaka Bandara
Thank you for all comets. මගේ පළවෙනි උපසිරැසිය පල කළාට සියළුම සහෝදරවරුන්ට ස්තුතියි. ඒ වගේම දිරි ගන්නවන සුළු වදන් පල කළ සියළු සහෝදරවරුන්ටත් ස්තුතියි. මේ වෙබ් අඩවියේ සහෝදරවරු තත්වයෙන් උසස් උපසිරැසි සඳහා පල කළ උපදෙස් මං ඉහලින්ම අගය කරනවා. ප්‍රමාණාත්මක වර්ධනය ගුණාත්මකව වෙනස් වෙන තෙක් සංවර්ධනය සිදු වෙන්නේ නැති නිසා. ඉදිරියටත් මගේ විවේකය අනුව ඔබ සියළු දෙනාටම රස විඳිය හැකි උසස් නිර්මාණවලට උපසිරැසි දෙන්නම්. මේක පල කළාට නැවත වතාවක් ස්තුතියි.
හර්ෂ ලහිරු
බොහොම ස්තුතියි සහො :P ජය
Chaminda Lakruwan
මමත් පොඩි කාලේ බැලුව ලස්සන ෆිල්ම් එකක් නැවත සබ් එක්ක බලන්න පුලවන් ගොඩක් ස්තුති මචෝ
දිල්ෂාන් කාලිංග (ඩිලා)
හොඳයි...නියම වැඩක්.
ඉස්සර හින්දි ෆිල්ම් වල අමුතු ගතියක් තියනවා.
විශේෂයෙන්ම සින්දු වල.
ඉතින් නොබලපු අය වෙනුවෙන් මේක අරන් ආව එක වටිනවා.නලින්
ස්තුතියි ජනක සහෝ!
දිගටම උසස් නිර්මාණ අපි වෙත අරන් එන්න!ජය වේවා!
thiliya
saho puluwannam baazigar 1993 film1 sub dennako..jaya wewa obata.. :)
sasanka
patta film ekak machan
Dhanushka
Best 1 bro ! , me wage parana lassana movies wala sinhala subs danda ! puluwannam mewata sinhala subs dala denda balanda ? ( Zinda(2006) , Blackmail (2005) , Deewange(2002) )
dinesh
මගේ මතකයෙත් ගොඩක් රැඳුන ෆිල්ම් එකක් මේක.ඒ A/L දවස්.කෙල්ලෙකුත් එක්ක හෝල් එකට ගියාට කතාව බලන්න උනේ නෑ.ඒත් "තාලිසෙ තාලි මෙරා..."සිංදුව දිහානම් ඇහිපිය නොහෙලා බලන් හිටියෙ.මේකට සිංහල සබ් දුන්නට අයියට ගොඩක් පිං.
sumedha
niyama film ekak. thank you
upeksha
niyamai yalu.oyage aneth kamathima film list eka danaganna asai.thx
රොයිලි
බොහොම ස්තූතියි කපිල සහෝ සිංහල උපසිරැසියට. ඒ වගේම සාදරයෙන් පිළිගන්නවා බයිස්කෝප් සිංහලෙන් අඩවියට. බලලා තියෙන ලස්සනම හින්දි චිත්‍රපටයක්. ජය෴෴ :P :P
Lasantharathnasirirox
බොහෝම ස්තුතියි.බුදු සරණයි .ජයවේවා
දිමුතු තරංග ඉලුක්කුඹුර
පළමු වැඩේට මගෙන් උණුසුම් සුබ පැතුම් දිගටම සබ් දෙන්න,ජයවේවා.
චතුල ප්‍රමොද්‍යය විජේතුංග
baamin pavathinavaa
thanks kolloViraj
Thanks
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie

Thanks sub ekata... :)