Watch Trailer

Pelé: Birth of a Legend (2016) With sinhala subtitles | පුරාවෘත්තයක උපත… [සිංහල උපසිරසි සමඟ]

මුලින්ම කියන්න ඕන උපසිරැසි ලබාදෙන්න පරක්කු උනා නම් සමාවෙන්න කියල. මාසෙකට විතර කලින් වැඩේ බාරගත්තට මොකද තියෙන අනිත් වැඩ රාජකාරිත් එක්ක බොහෝම හෙමීට තමයි ඉවර කරගන්න පුලුවන් උනේ. සමීර කරුණාරත්න සහෝදරය තමයි මේ සිනමාපටය ගැන මට කිව්වෙ,ඉතිං මුලින්ම එයාට ස්තූතිවන්ත වෙනව මේ ලස්සන සිනමාපටය හොයල දුන්නට. මේක ඇව…

Pele-Birth of a Legend (2016)

මුලින්ම කියන්න ඕන උපසිරැසි ලබාදෙන්න පරක්කු උනා නම් සමාවෙන්න කියල. මාසෙකට විතර කලින් වැඩේ බාරගත්තට මොකද තියෙන අනිත් වැඩ රාජකාරිත් එක්ක බොහෝම හෙමීට තමයි ඉවර කරගන්න පුලුවන් උනේ. සමීර කරුණාරත්න සහෝදරය තමයි මේ සිනමාපටය ගැන මට කිව්වෙ,ඉතිං මුලින්ම එයාට ස්තූතිවන්ත වෙනව මේ ලස්සන සිනමාපටය හොයල දුන්නට.

මේක ඇවිල්ල IMDb වර්ගීකරණයට අනුව චරිතාපදාන, නාට්‍ය සහ ක්‍රීඩා ලෙස වර්ගීකරණයට ලක්ව ඇති සිනමාපටයක්. “එඩ්සන් ඇරන්ටෙස් ඩෝ නසිමැන්ටෝ” හෙවත් “පෙලේ” නමින් හදුන්වන පාපන්දු ක්‍රීඩයයා සහ ඔහුගේ පියා කේන්ද්‍ර කොටගෙන සත්‍ය කතාවක් මත පදනම්ව තමයි මේ සිනමාපටය නිර්මාණය වෙලා තියෙන්නෙ. 2016 මැයි මස 13 වන දින ඇමරිකාවේදී ප්‍රදර්ශනය ආරම්භ කල පැය 1යි මිනිත්තු 47ක් පුරා දිවෙන මෙම සිනමා පටය අධ්‍යක්ෂණය කර ඇත්තේ Jeff Zimbalist සහ Michael Zimbalist යන අධ්‍යක්ෂක වරු දෙදෙනා විසිනුයි. නවක නළු Kevin de Paula විසින් “එඩ්සන් නසිමැන්ටෝ” හෙවත් “පෙලේ” චරිතයට පණ පොවනු ලබන අතර “පෙලේ” ගේ පියාගේ චරිතයට Seu Jorge රංගනයෙන් ධායක වෙනවා. මේ වන විට 7.6/10 වැනි ඉහල IMDb අගයක් දිනාගන්නට මෙම සිනමාපටය සමත් වෙලා තියෙනවා.

හැල හැප්පීම්, කණගාටු වීම්, අහිමි වීම් රැසක් මැදින් තම රටට දශකයක පමණ කාලයක සිට අහිමි වෙමින් පැවතුන පාපන්දු ලෝක කුසලානයක් දිනා ගැනීම දක්වා එඩ්සන් නසිමැන්ටෝ යන ධෛර්යයමත් ගමන මේ සිනමාපටය තුලින් ලස්සනට රූපයට නගා තිබෙනවා. කිසිම කම්මැලි කමක් නැතිව ඉවර වෙනකම් බලන්න පුලුවන් ලස්සන කතාවක්. ඔයාල හැමෝටම බලන්න කියල ආරාධනා කරනව.

එහෙනම් තවත් උපසිරැසියකින් හමුවනතුරු ඔයාලට සුබ දවසක්…!

 

 

 

 

 

Pelé: Birth of a Legend (2016) on IMDb

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

Pele Birth Of A Legend 2016 1080p WEB-DL DD5 1 H264-FGT1

Pelé.Birth.Of.A.Legend.2016.720p.BluRay.x264-[YTS.AG]

මෙම ලබා දී ඇති උපසිරැසි ඉහත පිටපත් සඳහා අදාළ වේ.

4,550 downloadsDownload Pele-Birth-Of-A-Legend-2016Baiscopelk.com_.rar90 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/11/හසන්ත-මාලිංග.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “හසන්ත මාලිංග” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitles

4,550 downloadsDownload Subtitles90 KB

27 comments

  1. sajith

    ස්තූතියි!!.. උපසිරැසියට අදාල සින්මා පිටපත ලබාගැනීමට 300mbmvs ලෙස google හි search කරන්න 300mbmvs site එකට අතුල් වී search කිරීමෙන්අදාල සින්මා පිටපත බාගත හැක

  2. kanthaDLA

    අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
    ඉතා ගෞරවයෙන් අගය කරනවා..
    ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
    සුභපැතුම්.
    ඉදිරියටම යමු…!
    ජයවේවා……
    බුදු සරණයි.. !

  3. ඉසුරු රණසිංහ

    ගොඩාක් ලස්සන ෆිල්ම් එකක්.. ගොඩාක් ස්තුතියි සබ් එකට...

  4. Dulanga

    Thanks

  5. Kulanjana Maduranga

    niayamai…thanks MALINGA saho..sub ekata..digatama sub demu.jaya wewa……

  6. අසිත

    elama thanks.
    hapith hari kamathyi sport film movies balanna

  7. mithun

    චිත්‍රපට දැනටමත් බාල ඉවරයි උපසිරැසි වලට තුති සහෝ.
    බලන්නම ඔන කියල ලිස්ට් එකට දාගත්ත තවත් හොද සිනමාපටයක්. ඔයට බොහොම තුති මහන්සි වෙල උපසිරැසි ගැන්නුවට .ඉදිරියටත් උපසිරැසි ගන්වන්නට ඔබට කාලය ලැබෙව ජය

  8. Dasitha147

    oyata kohoma sthuthie karannnada kiyala dan na saho.. balapu hodama film walin ekak.. andenawa.. 2016 apu hondama film ekada kiyalath hithenawa.. e tharamata film eka super.. bohoma sthuthie saho mekata sub dunnata. oya sub dun naththan me film eka miss wennata tibuna. godakma honda film ekak.. scleka unath pennanna tharam watina film ekak. meke hotel eke football gahaddi sini bhajanayak watenne. ethana inne aththama pele.. harima watinawa film eka adarshamath film ekak!

  9. රොයිලි

    බොහොම ස්තූතියි සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  10. Kalama

    Ela kiri bro.thank u .

  11. Mahesh

    Sub ekata thanx aaaaaaaaaaaaa

  12. Udara

    Thanks Machan film eka download wenna damma thama baluwe nathuwata sub ekata thanks

  13. Vihanga Raveen

    Sabata sthuthi saho!

  14. Raveesha Sandamin

    Sub ekata thanx ahhh....

  15. shasith sandaruwan

    මචෝ... මේ ෆිලුම මට යාලුවෙක්ගෙන් හම්බුනේ. මේ තරම් සුපිරි ෆිලුමක් කියලා මම හිතුවේ නෑ. ජීවිත කතාවක් වගේ කියනකොට එච්චර උනන්දුවක් කරේ නෑ. ඒත් මචෝ මෙතෙක් මම බලපු ඉංග්‍රීසි ෆිල්ම් වලින් හොඳම ඒවගෙන් එකක් කියලා කියන්න පුලුවන්. චරිතාපදානයක් කිව්වට විස්තරේ දන්නේ නැතුව බැලුවොත් චිත්‍රපටයක්ම තමයි. ඉවර වෙනකල්ම ආසාවෙන් බැලුවා. අන්තිම මොහොතේ ඇසට කඳුලක් උනන්න තරම් විශිෂ්ඨ ලෙස චිත්‍රපටය නිමවා තිබෙනවා කිව්වොත් නිවැරදියි. උඹ සබ් එක නියමටම ගහලා තියෙනවා. ඒකෙන් චිත්‍රපටයේ රසය දෙගුණ තෙගුණ වෙලා කිව්වොත් නිවැරදියි. මම දෙතුන් පාරකට වඩා බැලුවා. බොහොම ස්තූතියි උපසිරැසියට. දිගටම සබ් දෙමු ආ... ඔබට ජය!

  16. udayasaman

    patta film ekak saho sathya katha kiuwa meka godak sanweedi kathawak.eththataa anthimata es dekata kadulu awa.sub ekata thanx

  17. Shenin Perera

    Tnx saho

  18. Pasindu kushan

    Supirima supiri... patta.

  19. ඉෂාන් මදූෂ

    සුපිරි.බොහොම ස්තූතියි සහෝ

  20. nimal dissanayake

    ලස්සනම ලස්සන
    බලා ඉන්න කම්මැළි නැති
    ජීවිතයට නව දිරියක් ළඟා කරවන
    අරුමැසි ෆිල්ම් එකක්!
    සම්මානනීය ගණයේ සබ්ස් ටිකක්!
    තුති මල් මිටක්
    හසන්ත, ඔයාට!
    ජය!

  21. Amila Mudalige

    සබ් එකට බොහොම ස්තූතියි!!

  22. Nilush Angana

    Sub ekata thanx

  23. neelanethra

    ස්තූතියි

  24. viraj

    thanks..........

  25. Thimishka Perera

    Mn issara football fan kenek nema pass world cup eken passe mn football wala die hard fan kenek mata me film eka gena kiwwa ape football coatch passse mn gedara awilla meka beluwa pattama kathawa saub eka deepu kenata thanks. passe practice inna kammeli hithena hema dawasakama meka mathak wenawa eka maea motivation eakka gemmak biscope

  26. රේමන් ඇන්තනී

    sub eka wada na ne

    1. විමා - Admin

      වැඩ.

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.