1950 කොරියන් සිවිල් යුද්ධෙ කාලෙ දකුනු කොරියානු හමුදාවට බලෙන් බඳවාගත් සහෝදරයො දෙන්නෙක් වටේ තමයි මේ කතාව ගෙතිලා තියෙන්නෙ. මේ දෙන්නගෙන් වැඩිමහල් සොහොයුරා තමන්ගෙ මල්ලිව පණපිටින් නැවත් ගෙදර යවන්න උත්සාහ කරනවා. ඒ කොහොමවෙතත් අයියට පදක්කම් එහෙම ලැබෙනකොට මල්ලිගෙ හිතේ ඉරිසියාවක් ඇතිවෙනවා.මේ දෙන්නගෙ තියෙන ගැට…
1950 කොරියන් සිවිල් යුද්ධෙ කාලෙ දකුනු කොරියානු හමුදාවට බලෙන් බඳවාගත් සහෝදරයො දෙන්නෙක් වටේ තමයි මේ කතාව ගෙතිලා තියෙන්නෙ. මේ දෙන්නගෙන් වැඩිමහල් සොහොයුරා තමන්ගෙ මල්ලිව පණපිටින් නැවත් ගෙදර යවන්න උත්සාහ කරනවා. ඒ කොහොමවෙතත් අයියට පදක්කම් එහෙම ලැබෙනකොට මල්ලිගෙ හිතේ ඉරිසියාවක් ඇතිවෙනවා.මේ දෙන්නගෙ තියෙන ගැටීම තුලින් පේන්නෙ යුද්ධයට අකමැති සාමාන්‍ය අහිංසක ජනතාව ගේ මානුෂීය ගුණාංගත් අනෙක් පැත්තෙන් තියෙන්නෙ වීරත්වය සහ රට ජාතිය වැනි කෘතීම සංකල්පයන්ගෙත් ඇති පරස්පර විරෝධීකමයි.
මම මීට කලින් ඕන තරම් යුද්ධය පදනම් කරගෙන නිර්මාණය වුන චිත්‍රපටි බලල තියෙනවා, ඒත් හුඟක් ඒවගෙ තියෙන්නෙ වීරත්වය සහ අනික් විරුද්ධවාදීන් හෑල්ලුවට ලක් කරන පටු කතා තේමාවන්. ඒවා එක්ක ගත්තම මේ චිත්‍රපටිය විශේෂ වෙන්නෙ මේකෙ තුවක්කුව ගැන විතරක් නෙමෙයි තුවක්කු පිටිපස්සෙ ඉන්න හදවත් ඇති මනුස්සා ගැනත් ඔහු වටා සිටින ප්‍රාණ සමූහය ගැනත් කතාකරන නිසා. අපේ රටේ හුඟක් අයට යුද්ධයත් ඒක පිටිපස්සෙ හිටපු මනුස්සයත් ඒ පවුලුත් අමතකවෙලා යන යුගයක්. මේ චිත්‍රපටය තුලින් එයාලා කරපු කැපකිරීම් ගැන ආපහු අපිට මතක් කරලා දෙනවා. මේ කතාව ඕන රටක යුද්ධෙකට අදාලයි. කතා තේමාව හදවතට සමීප නීසා මෙම චිත්‍රපටයද විවිධ සම්මාන රාශියක් ලැබිල තියෙන අතරේ IMDB මනාප සාමාන්‍ය 8 මට්ටම බවට පත්වෙලා තියෙන්නෙ.
1950 දෙවන ලෝක යුද්ධෙන් පස්සෙ කොරියානු අර්ධද්වීපය දෙකඩ කැඩෙනවා. ඊටපස්සෙ උතුරු කොටස රුසියාවත් දකුනු කොරියාව ඇමෙරිකාවත් විසින් ග්‍රහණයට ගන්නවා. සීතල යුද්ධ තිබ්බෙ මේ කාලෙ හැම පවුලකින්ම එක්කෙනා ගානෙ හමුදාවට බඳවගත්තා. ඔය අතර මේ සහෝදරයො හිටියෙ සියොල් නුවර. මෙයාලාගෙ තාත්තා නෑ, අම්මා ගොළුයි. බොහොම දුප්පත්. ඒ නිසාම වැඩිමහල් සහෝදරයා ඉස්කෝලෙ යන එක නවත්තලා සපත්තු මැදලා තමන්ගෙ මල්ලිට ඉගෙනගන්න උදව් කරනවා. මෙයාලගෙ අම්මව බලාගන්නෙ ෂින් ඒ කියන්නෙ ජින්ගෙ පෙම්වතිය. මේ පවුල බොහොම සතුටින් ඉන්නෙ. ඔහොම ඉන්නකොට තමයි කොරියන් හමුදාව සියොල් නගර ආසන්නයට එන්නෙ. යුද්ධෙට මිනිස්සු ඕන නිසා හැම පවුලකින්ම එක්කෙන ගානෙ හමුදවට ගන්නව. එතනදි අහම්බෙන් වගෙ මේ දෙන්නටම හමුදාවට බැඳෙන්න සිද්ධවෙනව.
ජින්ට තමන්ගෙ මල්ලි එක්ක ගෙදර යන්නෙ පුලුවන් වේවිද කියන කතාව වටේ තමයි චිත්‍රපටිය යන්නෙ. හුඟක් ඉංග්‍රීසි චිත්‍රපටිවල මොන රටද දිණුවෙ කියලා කතාකරනකොට, වෙනස්ම තැනකට අධ්‍යක්ශක මේ කතාව ගේනවා. අන්න ඒක තමයි මේකෙ තියෙන විශේෂත්වය. මම මේ කතාවට හදවතින්ම ආසකල නිසා දවසක් වගේ ඇතුලත උපසිරසිය නිර්මාණය කලා. ඒ වගේම මේක බලලා තමන්ගෙ අදහස් පලකරාවි කියලත් මම බලාපොරොත්තුවෙනව. හැමෝටම සුභ දවසක් !
Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරසි BR පිටපත් සඳහා අදාළ වේ.
3,758 downloadsDownload Tae.Guk_.Gi_.The_.Brotherhood.of_.War_.2004_BR.zip75 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “උවිඳු සත්සර” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank
New MEMBER
JOINING DATE – 2013-04-18
SUB MAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
උවිඳු සත්සර
Subtitles
53 comments
Panditha
chami
thnxxxxxxxxxxxxx
elakiri
එල මචං පට්ට නේ රේටින් දැක්කහම පේනවා... තවත් ෆිල්ම්ස් සබ් එක්කම දෙන්න
amilatk
jaya wewa!!!
tharanga
මමත් බානවා මේ වගේ කතා තේමවල් වල ඒවා බලන්න කැමති. ජය වේවා!!! සහෝ
mihin ලංකා
බොහොම පින් සහෝ.දිගටම හොද ඒවාට සබ් දෙන්න
Siraj priyantha
Thanks saho.
wow
wow... maru :D
quik
thanks
Isuru
jaya wewa machao thwath awa one
උදාර
බොහොම තුති සහෝට වැදගත් කතා කල යුතු තේමාවකින් ෆිල්ම් එකක් අරගෙන ඒම ගැන,,
shann
නියම කතාවක්. අනිවා බලන්න ඕනේ..
ganidu
තැන්ක්ස් වේවා!
ccnp
Thanks
upali
ela ela ela ela
roshan
mae dawas walata galapena taemawak tiyana film akak dunnata,thanks...
kalinga
ජයම වේවා.! බොහෝ තුති
chamath cafe
ශා,,, :) මෙන්න ෆිල්ම්ස්
ජය
zumo man
elazzzz thnxzzzz
MaDUKZz
thxxxxxxxxxxxxxxx bro
kanthaDLA
thanks machan...............
sura
ela machan
ajantha
mama meka goda kaelakata esella balapu film ekak.athata ma hoda kathawak.sub eka ayeth balana wa.
Vidush
thanx broooooooooooooooooo.elakiri wedak..
Sameera
maxxa!!
jack
Thnx Bro! Digatama me wage hoda nirmana walata sub denna.
uda
නියමයි සහෝ, යුද්ධය කියන්නේ පිටත ටියෙන දෙයක් නොවෙයි, මිනිස් ඇතුළාන්තයෙන් උපදින දෙයඉ. මේ බව ප්‍රකාශ කරලා තියෙන්නේ ලෝකේ හිටපු දැවැන්ත ප්‍රතිරූපයක් විසින්(සමාවෙන්ඩ නම මතක නෑ... :( )
ඒක නිසා යුද්ධය පෙන්නන්ඩ යුද්ධය ඕනිම නෑ. යුද්ධය පෙන්නන්ඩ වෙනක්‍රම තියෙනවා. එනිසා යුද්ධය නොපෙන්වාම යුද්ධය ගැන කියන්ඩ සිනමාව යොදාගන්ඩ පුළුවනි. මේක වෙන කිසිම කලා මාධ්‍යයකින් කළ නොහැකියි. සිනමාවෙන්ම විතරයි. ඒකයි සිනමාව මෙච්චර ප්‍රබල! වෙඩි උණ්ඩයක්, වෙඩි සද්දයක් පවා නොමැතිව යුද්ධය පෙන්විය හැකි බවට මේක සහතික උදාහරණයක් නොවුණත්, යම්තාක් දුරකට ඒ අරමුණ ජයගෙන තිබෙන බවයි විස්තරය අනුව පෙනෙන්නේ...
බොහොම අනගියි සහෝ මෙවන් කතා ගෙනෙන එක. ජය සහ තුති!
kdn
thanks
සමීර කරුණාරත්න
ආරම්භය නම් මල් හතයි...
මම හිතනවා මේකත් ඒ වගේම ඇති කියලා...
ඇත්තටම 2012 හා 2013 හැර වෙන අවුරුද්දක බයිස්කෝප් එක්ක දකින්න ලැබුනෙම නැහැ නොව මෙ ටිකේ... ඒකත් කරලා දුන්නට බොහෝම පිං
එහෙනම් ඔන්න බාන්න දැම්මා...
උපසිරැසට බොහොම තුතියි... :Dකේ.යු.ජී.උදාර
මේ වගේ වටින නිර්මාණයකට සිංහල මුසු කළාට බොහොම ස්තූතියි උවිඳු............
රොයිලි
බොහොම ස්තූතියි උවිඳු සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
“චූටී මල්ලි”
එල එල
හොද එකක් වගෙ
සබට තෑන්ක්ස්
ඔබට ජය.....නලියා
නියමයි සත්සර සහෝ..
මේවගේ විශිෂ්ඨ නිර්මාන අපිට අතපහු වෙන්න නොදි
ගෙනාපු එක කොයි තරම් දෙයක්ද?ස්තුතියි වේවා
ජය වේවා
දිනිඳු සම්පත්
අමුතුම කතාවක් වගේ.. කිව්වත් වගේ බොහෝ චිත්‍රපටි වල තියෙන්නේ තමන්ගෙ හතුරු හමුදාව පච කරලා දාන එක තමයි. මමත් ඔන්න බාන්න ඕන ගොඩට දාගත්තා. බොහොම ස්තූතියි සහෝ සිංහල උපසිරැසියට. ජයවේවා!!
maithree
tkz.....bro.............
harsha
sub eke wachcna kiyanda kalin yanawa....ekata mokada karanda one....thappara 5k withara kalin yanne sub eka,,
Uvindu sathsara
harsha saho,
aegisub sofware eken file eka open karanna,
itapasse timing gihin shift times ekata yannailagata Time eka gelapena ganata denna
itapasse allrows/forward/start and end kiyana ewata tick karanna. save karala dan dala balannaමේ ෆිල්ම් එකට දෙන්න පොඩි ටොරන්ට් එකක් තිබ්බ නැති නිසා වෙන ෆයිල් එකක් දෙන්න වුනා.
Uvindu sathsara
හර්ෂ ඇත්තටම තත්පර කීයක් සබ් එක පස්සට එන්න ඕන කියලා කියනවද?මේ ෆිල්ම් එකට දෙන්න පොඩි ටොරන්ට් එකක් තිබ්බ නැති නිසා වෙන ෆයිල් එකක් දෙන්න වුනා.
mudiya / මුදියා
නියමයිනෙ උවිඳු.තවත් සුපිරි වැඩ්ඩෙක් කොරියන් ෆිල්ම් දෙන්න.මං හිතුවෙ අපේ දිනූක සහෝද කියල.කොහොම හරි මේ වගේ ලස්සන ෆිල්ම් ගේනවට පිං.දිගටම සබ් දෙන්න සහෝ.ජයවේවා.බොහෝ....................................ම ස්තූතියි...!
dimuthu තරංග ඉලුක්කුඹුර
ස්තුතියි සහෝ,ජයවේවා.
Tharindu
Seems interesting.. Good luck guys. Keep up your good works
dimuthu තරංග ඉලුක්කුඹුර
මේක බාපු හැමෝම අමාරුවේ සහෝ, සබ් හරියට සෙට් වෙන්නේ නැහැ ,ඊලග පාර ෆිල්ම් එකකට සබ් දෙන්න කලින් ෆිල්ම් එක බාල ගැලපෙන උපසිරසි ගොනුවක් තියෙනවනම් විතරක් උපසිරසි ගන්වන්න සහෝ.නැත්නම් ටීමේ ලයින් එක ඔයා හදන්න,ජයවේවා.
pasi
ow ekanam atta mona widiyakatwath sub 1 hada ganna ba banz
Sameera
thanks .,for your sub !!
dulo
good work dear....
රාම් රාජ්
ස්තූතියි.
DAMER
එළ එළ.. 8)
සිංහල උපසිරැසි වලට බොහොමත්ම ස්තූතියි මිත්‍රයා.. :)
දිගටම ෆිල්ම්ස් වලට උපසිරැසි දාන්න.. :D
ජයවේවා හැමෝටම.! 👍Pasan
thanks. දිගටම සබ් දෙන්න
gihan
සිංහල උපසිරසියට බොහොමත්ම ස්තූතියි
Thisara Buddhika (තිසර නියෝ)
|| නියමයි ||
| :P |
:) උපසිරැසියට තුති……. :)
♪♫•*¨*•.¸¸0¸.•*¨*•♫♪
ඉෂාන් මදුෂ
බොහොම ස්තූතියි සහෝ
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie


jaya wewa elama film akak wage thxxx