[box]මතකද අපි ගෙනා කැලණි ගඟේ පාළම? එහි අපි සඳහන් කළා එම සිනමා කර්තව්‍යය වෙනුවෙන් අපේ රටේ ශිල්පීන්ගෙන් ලැබුණ දායකත්වය ගැන! එහිදී අපි විශේෂයෙන් සඳහන් කළ අප රටේ නම් දෙකක් තිබුණා මතකද? ඔව් සිනමා සක්විති ගාමිණී ෆොන්සේකා ඉන් එක නමක්. අනික් නම මතකද? අමතකනම් මේ චිත්‍රපටිය බලන්ඩ. ඉන් පස්සෙ කිසිදාක ඒ නම අමතක…
මතකද අපි ගෙනා කැලණි ගඟේ පාළම? එහි අපි සඳහන් කළා එම සිනමා කර්තව්‍යය වෙනුවෙන් අපේ රටේ ශිල්පීන්ගෙන් ලැබුණ දායකත්වය ගැන! එහිදී අපි විශේෂයෙන් සඳහන් කළ අප රටේ නම් දෙකක් තිබුණා මතකද? ඔව් සිනමා සක්විති ගාමිණී ෆොන්සේකා ඉන් එක නමක්. අනික් නම මතකද? අමතකනම් මේ චිත්‍රපටිය බලන්ඩ. ඉන් පස්සෙ කිසිදාක ඒ නම අමතක වෙන්නෙ නම් නෑ. මොකද අපේ රටෙන් හොලිවුඩය දක්වා ගෙනයන ඒකාබද්ධ සිනමා නිර්මාණයක් විදිහට මේක අපටත් බොහොම ලොකු වටිනාකමක් සහිත නිර්මාණයක් බවට පත්වෙනු ඇති බවයි අපගේ අදහස. ඒ නිසාවෙන්මයි, අප මේ විදිහට මෙය අන්තර්ජාලයට නිකුත්වෙන්නා හා ම සිංහල සමග ඔබ’තට පත් කරන්නට උත්සුක වුණේ. අහ්! අර කියාපු අපේ රටේ අනිත් ශිල්පියා… ඕහ් නෑහ් 🙁 වැරදුණා! මේ සිනමාපටයේ අධ්‍යක්ෂකවරයා; ඔහු තමා චන්ද්‍රන් රත්නම්.
හරි එහෙනම් බලමු මොකද්ද මේ චිත්‍රපටිය කියලා. අමුතුවෙන් නොකිව්වට මේක අපට බොහොම හුරුපුරුදු කතාවක්. මොකද ත්‍රස්තවාදය ගැනයි මේකේ කතාව දිගහැරෙන්නේ.
අපරාධ පරීක්ෂණ වාර්තාව:-
ස්ථානය: කොළඹ නගරය (ශ්‍රී ලංකාවේ අගනගරය)
සිදුවීම: බෝම්බ තර්ජනයක් (නගරයේ විවිධ තැන්වල අටවන ලද බෝම්බ 5ක් ගැන දන්වමින් ලැබෙන නාඳුනන දුරකථන ඇමතුමක්)
ඉල්ලීම්: හිරකරුවන් නිදහස් කිරීම (ත්‍රස්ත ලෝකයේ ප්‍රබලයන් කිහිප දෙනෙකු එකවර නිදහස් කර හරින මෙන් රජයට අනතුරු හඟවයි)
විසඳීම: නොදනී (ඒ පිළිබඳ දැනගැනීමට මෙම සිනමාපටය නැරඹීම අනිවාර්ය වේ)
ඔන්න ඕකයි විස්තරේ. අපටනම් කොහොමත් හුරුපුරුදු කතාවක් වුණත්, මේක ලෝකෙටම තදින් දැනෙන එක්තරා හේතුවක් තිබෙනවා. ඒ තමයි පසුගිය දිනෙක මැරතන් තරගයක් අතරතුරේ ඇමරිකාවේ බොස්ටන් නගරයේදී පුපුරා ගිය බෝම්බය. තිදෙනෙකුට මරු කැඳ වූ මේ බෝම්බයේ උණුසුම පහවන්නටත් මත්තෙන් මෙම චිත්‍රපටිය ඇමෙරිකාවෙහි තිරගත වීම ඇරඹුණා. බටහිර බලවතුන් භීතියෙන් ඇළළූ ඒ සිදුවීම මෙය තිරගත වීම ඇරඹෙන්නට මත්තෙන් ඉතා ආසන්න දිනෙකදී සිදු වීම, මේ චිත්‍රපටය කෙරෙහි දැඩි උනන්දුවක් ඇති කිරීම කෙරෙහි ප්‍රබලව බලපෑ සිදුවීමක් බවට පත්වුණා. New York Film Festival’හි අවසන් තෝරාගැනීම් කිහිපය අතරට ඇතුළත් වන්නට මෙම චිත්‍රපටය සමත් වුණේ ඒ නිසානම් නෙමෙයි. ඒ මෙය ඊට නිතැතින්ම සුදුසු නිසාම පමණයි. ඒ වගේම මෙහි රඟපාන අයවලුන් ගැන නොකිව්වොත් ලොකු අඩුවක්. Ghandi (1982) චිත්‍රපටියෙන් ඔස්කා හොඳම නළුවා බවට පුද ලද Ben Kingsly (Iron Man 3 – චිත්‍රපටයෙනුත් නුදුරු අනාවේදීම දැක ගත හැකි වනු ඇති) මෙහි කතා නායකයා වන ත්‍රස්තවාදියා ලෙසින් චරිත නිරූපනයෙහි යෙදෙන අතර තවත් සම්මානනීය නළුවෙකු වන Ben Cross ඔහු පසුපස හඹා යන ජාත්‍යන්තර පොලිස් නිලධරයා ලෙස ප්‍රබල රංගනයක නිරත වෙනවා. ඇමෙරිකානු ලාංකික ඒකාබද්ධ නිෂ්පාදනයක් වන මෙය දැනටමත් හොඳ ප්‍රසාදයක් දිනා ගන්නට සමත් වී තිබෙනවා. ඒවා කොහොම වෙතත් අපේ රටෙන් ලෝකෙට යන දෙයක් හැටියට මෙවැන්නක් අපි මගහැරගන්නට හොඳ නෑ කියන එකයි මගේනම් අදහස. මොකද අපේ රටේ සිනමාව ගැනත් යම් ඉඟියක් පෙරමග ලකුණක් බවට මෙය යම් දිනෙක පත් විය හැකි නිසා.
හොඳයි එහෙනම් දැන් අන්තිම කොටස, ඒ කියන්නෙ හොඳම හරිය 😉 මේ චිත්‍රපටයේ හොඳ පිටපත් ටොරන්ට් ලෙසින් අන්තර්ජාලයට නිකුත් වුණාට, කොහේවත් ඉංග්‍රීසි උපසිරැසි ගොනුවක් සොයාගන්නට නෑ. අපි ලබාඳී ඇති 380 MB ඩීවීඩී පිටපත තුළ අඩංගු කර තිබූ ස්වීඩන් භාෂාවෙන් තිබූ උපසිරැසිය වෙන්කොට ලබාගෙන, පිටපතට සවන්දෙමින් සිංහල ගන්වන්නටයි මට සිදුවුණේ. කොටිම්ම කියනවානම් අසාලිවීමක් තමයි කළේ. මොකද ඔබ වෙත මෙය හැකි ඉක්මනින් ගෙන එන්නට වෙනත් විකල්පයක් තිබුණේ නෑ… එනිසා මෙහි නිරවද්‍යතාවය ගැන අබමල් රොණක තරමින්වත් සැකයක් තියාගන්නට ඔබට ඉඩක් නෑ. ඔබ හැමෝම දන්නා පරිදි Google Translator භාවිතයෙන් අරුත් අනරුත් කරන උපසිරැසි ගොනුවක් ඔබ වෙත ගෙන ඒම අපගේ ප්‍රතිපත්තියක් නොවෙන නිසා තමයි මෙතරම් කට්ටක් කාගෙන, ඉහින් කනින් දාඩිය පෙරාගෙන, ගිනිකසේට, එකහුස්මට මේක හැකි ඉක්මනින් ඉවරයක් කළේ. සුළු හෝ පමාවක් වුණානම් ඒ පමාවත් සිදුවුණේ ඔබගේම යහපත වෙනුවෙන් කල ඒ කැපවීම නිසාමයි. එහෙමනම් මිතුරනේ අපේ රටෙන් එළියට යන ක්‍රියාදාම සිනමාපටයක් බලන්ඩ ඕන්න අපි ඉඩ සලස්වනවා ඔබට මෙවර. එසේ මෙසේ එකක් නොවෙයි ඇක්ෂන් ලෝකයයි හොඳේ… ඇත්තටම හැදුවෙ මෙහෙමද කියලත් හිතෙන්ඩ බැරි නෑ ඔබට… නමුත් එහෙම හිතුණොත් ඔය තියෙන මූලාශ්‍ර ඒ ගැන සාධක කියාවි. එහෙමනම් තවත් එකක් අරගෙන එනකම් ටිකක් ඉවසමු හොඳේ… 😀
ආ… අමතක උනා කියන්න. ඔයාලත් ෆිල්ම් එක බලලා ඉවර වෙලා මේ ෆිල්ම් එකේ IMDb පිටුවට ගිහින් ඔබේ මනාපය පළකරන්න කියා ඉල්ලා සිටිනවා. අපේ රටේ කෙනෙක්ගේ දෙයක් අපි අගය කරන්නේ නැතුව වෙන කවුරු කරන්නද නේද…
380 MB කොපිය (DVD) මෙතනින් බාගන්න 568bbb325fee74ceb36e10f6d01d9bbfbaeeda6f 560 MB කොපිය (BR) මෙතනින් බාගන්න b9292d89e37ba6735416fb06500aa49b7c122d02 750 MB කොපිය (BR) මෙතනින් බාගන්න 7d64975868bb0f59b5146df99eef79ef48fa9136 1.3 GB කොපිය (BR) මෙතනින් බාගන්න 56344177c294417f59d9bc6ac52ec37005dd1f8e
9,573 downloadsDownload A.Common.Man_.2012.zip315 B
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2013/02/සමීර-කරුණාරත්න.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “සමීර කරුණාරත්න” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
සමීර කරුණාරත්න
Subtitles
130 comments
Rashmika
Rashmika
thanks saho sub wlt..
harsha
onna bawa...elama thama
thusitha
pattatattatatatata machan aniwa balamioooo
නිරෝෂ්
වොන්ඩෆුල්..සමීර
නියමයි..වචන නෑ ස්තුති කරන්නSupahan
මේක එනකන් තමයි බලන් හිතියේ..... Thankyou වේවා....
shann
ලංකාවේ ගහපු එකක් නොබලා කොහොමද.... ජයම වේවා ආ ඉක්මනින් දුන්න එකට
Uvindu sathsara
thanks mate
geeth
maxxaxxaxaxama saho
ruchira
enakam balana hitiya ekak thank you
දිදුල Kd සිල්වා
අහ් මැක්සා එකක්නෙ මෙදා පාර බස්සල තියෙන්නෙ.. බලන ලැයිස්තුවට අනිවා මේකත් දාගන්න ඕනෙ. බොහොම ස්තූතියි සිංහල සබ් එකට.. ජය වේවා..
Isuru
aniwa balanawa..download wenta damma.patta wiya uthuya..sthuthi :)
lk
aniwa balawa thxz
උදාර
ලොවෙත් නෑ අනිවා බලනො :)
rusuru | රුසිරු
නියමයි සහෝ ඇත්තටම පට්ටම සයිට් එක බයිස්කෝප් එක නම්
shashik
මේකේ සිංහල version එකකුත් තියෙනවා
quik
thanks
tharanga
බොහොම පින් මචං දැන්ම බාන්න දැම්මා :)
h[A]s
පට්ට පතුරු හොදේ වෙන කියන්න දෙයක් නෑ
wow
wow.... maru :D
ශාන් විමුක්ති [වීමා]
මම මේ ෆිල්ම් එක ගැන උදේම දැකල ෆේස් බුකියෙ පොඩි සටහනකුත් දාල විකියගෙනුත් ඇහුව සුබ් කරන්නෙ කවුද කියල විකිය එතකොට කිවුවෙත් මේකට තාම උපසිරසියක් ඇවිත් නෑ කියල
ඇත්තමයි සහෝ ඔයානම් නියම වැඩක් කරල තියෙන්නෙ
මාරම කැපකිරීමක්, චන්ද්‍රන් රත්නම් ඔයාගෙ මේ වැඩෙත් දකින්නයි තියෙන්නෙ එහෙම චාන්ස් එකක් සහෝට ලැබෙන්න කියල මම ප්‍රාර්ථනා කරනව :)
හැබැයි සහෝ හිතේ තියන එකම දුක මේකත් හින්දි කොපියක් වෙච්ච එකයි, තාමත් අපේම කියල දෙයක් කරගන්න අමාරුයිනෙ :(
හැබැයි මේ යන විදියත් හොදයි මොකද කවදහරි දවසක බිදුවක් නෑරම ශ්‍රී ලාංකිකයි කියල අපේම නිර්මානයක් හොලිවුඩයට පිරිනමන්න පුළුවන් වෙන දවසක් ඒවි
අන්න එහෙම වෙච්ච දවසට,,,
අපේම රටේ
අපේම නළු නිලියො රගපාන
අපේම බයිස්කෝප් පටියෙ
සිංහල උපසිරසිය අරන් එන්නෙ අපේම බයිස්කෝප් සහෝදරයෙක් කියල මටනම් විස්වාසයි, ඒ කෙනා ඔයාමද කියන්නත් බෑ සමීර සහෝ...
ජයෙන් ජයම වේවා!!!!
උපසිරසියට බොහෝම ස්තුතියි.ප;ලි-:
මේවට නොදාන කොමෙන්ට් ආයෙ වෙන මොනාටවත් දාන්න ඕන නෑ යළුවනේ ඒ නිසා ඔයාල ගන්න උපසිරසියට කොමෙන්ට් එකක් දාල සමීර සහෝගෙ දාදිය මහන්සියට කෘතගුණ සලකල යන්න යාළුවනේ!!!!Gayan
niyamai wadak saho digatama subs demu
hh
bohoma pin sahota
amilatk
jayan jayama wewa!!!
අසංක
පට්ට පතුරු මචං අනිවා බැලිලක් මේක
ganidu
තැන්ක්ස් වේවා
බන්දුල විතානගේ
ඔබගේ මහන්සියට බොහොම පිං
zumo man
elazzz thnxzzzz
mihin ලංකා
ජය වේවා කොල්ලට
kalinga
නියමයිනේ ලංකාවේ කල ෆිල්ම් එකක් නම් පට්ට ඇති බලලත් නෑ නේ :)
nimantha
godak thankz macho sub ekata
elakiri
එල එල පට්ටම නේ
nipuna
supiri balannama one
ආසිරී ප්‍රියන්ත (හේවා ලුණුවිලගේ)
ඔහ්හ්හ් අසා ලිවීමක්....අනික ලංකාවේ කරපු එකක්... සමීර සහෝ පට්ටම අමාරු වැඩකට අත ගහල සාර්ථකව ඒක නිම කරලා කියලා පේනවා...මෙව්වා බලන්නේ නැති දෑස් මක්කටෙයි..නේද...අනිවාම බලනවා...සමීර සහෝගේම උදව්වෙන් දැනගත් ලේට් නයිට් පැකේජයෙන් ගන්නා මංගල බා ගත කිරීම මේ බයිස්කෝප් එකම තමයි.... පට්ටයි, පට්ටම පට්ටයි...ජය වේවා...
නලියා
නියමයි සමීර සෙහා්
කියලා වැඩක් නෑ ෙම් කරලා තිෙයන වැෙඩ් නම් පට්ටජය ෙව්වා!!
කැළුම්
අඩේ ලංකාවේ කරපු එකක්,.. බලමි බලමි බොහොම පින්
fad
pattai hode
danuka
mare maru
thushara
මෙතරම් කට්ටක් කාගෙන, ඉහින් කනින් දාඩිය පෙරාගෙන, ගිනිකසේට, එකහුස්මට මේක හැකි ඉක්මනින් ඉවරයක් කළේ. සුළු හෝ පමාවක් වුණානම් ඒ පමාවත් සිදුවුණේ ඔබගේම යහපත වෙනුවෙන් කල ඒ කැපවීම නිසාමයි.
ඔබගේ ඉමහත් උත්සහයට මාගේ ප්‍රනාමය සහො....
Roshan st
balanakan iwasum nathuwa
thank you “සමීර කරුණාරත්න”
gud luck baiscopeHarshA
thxxxxxx
දිනිඳු සම්පත්
බොහොම ස්තූතියි සහෝ සිංහල උපසිරැසියට. මේ වගේ කතාවක් තියෙන හින්දි චිත්‍රපටියක් බැලුවා වගේ මතකයි. ඒකෙ බෝම්බ තියන්නේ සාමාන්‍ය මිනිහෙක්. ඒ මිනිහට ඉන්නේ අනූපම් කේයර්. එයා එහෙම බෝම්බ තියන්නේ අර හිර කාරයන් ටික එලියට අරගෙන මරලා දාන්නයි.. මේකත් ඒකට සමානයිද?
Chami.S
Thanks
Panditha
jaya !
“චූටී මල්ලි”
මේ දිනවල නම් සයිට් එකෙන් දුන්නෙ
පට්ට පහරවල්මයි ඒක අස්සෙ තවත් පහරක් :)
ඇඩෙනවා දෙන දීමට
මේක ගෙනාවට සමීර සහෝට ගොඩක් තුති
තව දෙන්න සුපිරි එව්වට සබ්
ඔබට ජය......RT
අනිවා බානව මචන්....නියමයි බන්
Rajitha Abeysinghe
නියමයි මචන්.මේක සිරා වැඩක්.ගොඩක් ස්තූතියි.
හසන්ත වික්‍රමරත්න
මම දන්නවා අද දවසෙම සමීර මලයා කාපු කට්ට මේ වෙනුවෙන්. තවත් මේ වගේ නිර්මාණ කිරීමට ශක්තිය ලැබේවා කියලා ප්‍රාර්ථනය කරනවා !!!
indika
thnq machooo
Sameera
ape rate kenek ge film ekak.,maxxa...download karanawa danma..>!!!!
Related
![Frame (2026) Sinhala Subtitles | හොඳ මනුස්සයෙක්ද හොඳ ඡායාරූප ශිල්පියෙක්ද? [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/bi-6b4858832e613cd933d7b010-card.webp)
Frame (2026) Sinhala Subtitles | හොඳ මනුස්සයෙක්ද හොඳ ඡායාරූප ශිල්පියෙක්ද? [සිංහල උපසිරසි]
2026MarathiMovie
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie

mama 1st