Watch Trailer

Take Shelter (2011) with Sinhala Subtitles | සෙවනක් සොයා [සිංහල උපසිරසි සමඟ]

ආයුබෝවන් හැමෝටම , මේක මගේ පළමු උපසිරැසිකරණය. මුළින්ම කියන්න ඕන සබ් සිංහලට පරිවර්ථනය කරලා මේ වෙබ් අඩවියට දෙන යාළුවො හැමෝම ලොකු මහන්සියක් දරනවා. සබ් එකක් කරන්න ගියාම ඒක හොඳටම තේරෙනවා. ඉතින් සබ් කරන හැමෝටම මම සුභ පතනවා. මේ සබ් එකේ වැරදි ගොඩක් තියෙන්න පුළුවන්, මං පුළුවන් තරම් මහන්සි ගත්තා චිත්‍රපටියෙ අ…

Take Shelter (2011)

ආයුබෝවන් හැමෝටම , මේක මගේ පළමු උපසිරැසිකරණය. මුළින්ම කියන්න ඕන සබ් සිංහලට පරිවර්ථනය කරලා මේ වෙබ් අඩවියට දෙන යාළුවො හැමෝම ලොකු මහන්සියක් දරනවා. සබ් එකක් කරන්න ගියාම ඒක හොඳටම තේරෙනවා. ඉතින් සබ් කරන හැමෝටම මම සුභ පතනවා. මේ සබ් එකේ වැරදි ගොඩක් තියෙන්න පුළුවන්, මං පුළුවන් තරම් මහන්සි ගත්තා චිත්‍රපටියෙ අදහටස හානියක් නොවෙන්න සබ් එක කරන්න. මම හිතනවා මම සාර්ථක වුණා කියලා. ඔයාලා හැමෝගෙම අදහස් දැනගන්න කැමති. අඩුපාඩුවක් තියනවානම් ඒ දේවලුත් කියන්න, එතකොට මට ඊළඟ සබ් එක තවත් හොඳට කරන්න පුළුවන් වෙයි. බයිස්කෝප් වෙබ් අඩවිය වෙනුවෙන් මාව සම්බන්ධ කරන් සුබ් එක කරන්න බාර දුන්න ප්‍රනීත් සහෝදරයාටත් මම ස්තූතිවන්ත වෙනවා මට අවස්ථාවක් ලබා දුන්නට.

ඉතින් චිත්‍රපටිය ගැන ටිකක් කියනවානම් මේක 2011 වර්ශයේ තිරගත වෙච්ච එකක් IMDB rating 7.4/10 ක් අරන් තියනවා. ඔයාලම දන්නවනෙ එහෙනම් කොහොම එකක්ද කියලා. ඒ විතරක් නෙමෙයි මේක සම්මාන 4ක් දිනා ගත්ත චිත්‍රපටියක්. මේ චිත්‍රපටයේ ප්‍රධාන චරිතය රඟපාන මයිකල් ශැනන්ට (කර්ටස්) මේ චිත්‍රපටයේ රංගනය වෙනුවෙන් හොඳම ඉදිරිපත් කිරීමට හිමි සම්මානයද හිමි වෙලා තියනවා. මේකෙ කතාවනම් ටිකක් වෙනස් කතාවක්, කර්ටස්ට තේරෙනවා මොකක් හරි ලොකු විනාශයක් වෙන්න යන්නෙ කියලා කුණාටුවකින්, මේ ගැන අනිත් අයට කිව්වාම එයාලා ඉතන්නෙ යම්කිසි මානසික රෝගයකින් කර්ටස් පෙලෙනවා කියලා. එයාගෙ බිරිඳත් හිතන්නෙ එහෙමයි. අන්තිමට එහෙම හිතපු අයට මොකද වෙන්නෙ, එහෙම කුණාටුවක් ඇත්තටම් එයිද? තම දරුවාට අසීමිතව ආදරය කරන පියෙක්, තම බිරිඳට අසීමිතව ආදරය කරන ස්වාමිපුරුෂයෙක් ගැන කියවෙන අග්‍රගන්‍ය සිනාමා සිත්තමක් නරඹන්නට ආරාධනා කරනවා. තවත් සබ් එකකින් හමුවෙමු. ජයවේවා. . . !

Take Shelter (2011) on IMDb

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

 

Take.Shelter.2011.BluRay.720p.x264.YIFY

මෙම ලබා දී ඇති උපසිරසි ඉහත පිටපත සඳහා අදාළ වේ.

1,609 downloadsDownload Take.Shelter.2011.Baiscopelk.com_.rar32 KB

 

width=

 

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “තරුත් චිරන්තන” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගෙ අවසරය මතම සිදුවිය යුතුය. 

Subtitles by

තරුත් චිරන්තන

Subtitles

1,609 downloadsDownload Subtitles32 KB

28 comments

  1. sajith thilakarathne

    ela saho sub ekata puluwnnam korean ekakata denna thanks sub ekata

    1. Tharuth Chiranthana

      කොරියන් චිත්‍රපටයකටත් සබ් එකක් කරන්න උත්සහකරන්නම් සහෝ.

  2. එල්.සී. දමැල්

    බයිස්කෝප් සිංහලෙන් කණ්ඩායමට සාධරෙයන් පිළිගන්නවා තරුත් සහෝ...
    නැවත උපසිරසකින් හමුවෙමු...

    1. Tharuth Chiranthana

      ස්තූතියි සහෝ, අනිවා ළඟදිම තවත් හොඳ එකක් අරන් එනවා.

  3. Tharaka

    පළමු උපසිරැසි ගැන්වීමට මගෙනුත් උණුසුම් සුභ පැතුම්. ඒ වගේම සබ් එකටත් ගොඩාක් ස්තූතියි සහෝ. මේක අනිවාර්යෙන් හොඳ ෆිල්ම් එකක් කියලා හිතෙනවා. ඒ නිසා ඔන්න බාන්න දැම්මා. ඉදිරියටත් මේ වගේම ලස්සන චිත්‍රපට වලට උපසිරැසි ලබාදෙන්න සහෝ.
    ජය වේවා!
    බුදු සරණයි!

    1. Tharuth Chiranthana

      අදහස් දැක්වීම ගැන් බොහොම ස්තූතියි. ඇත්තටම මේක වෙනස්ම විදියෙ හොඳ ෆිල්ම් එකක්.

  4. අසිත

    meka patta kathawa balanna
    elama saho thanks

  5. වයන්ත

    පළමු උත්සාහය විදියට මේ වගේ නිර්මානෙකට සබ් දුන්නට ගොඩක් ස්තූතියි.
    මේ වගේ චිත්‍රපටි බලන කට්ටිය අඩු වුනාට, downloads,comments අඩු උනාට
    සැලෙන්න එපා, දිගටම පුළුවන්නං විතරක් මේ වගේ උසස් නිර්මාණ වලට
    සබ් දෙන්න බලන්න, ෆිල්ම් එක ගැනනං ආය බලන්ඩ දෙයක් නැහැ, සුපිරිම එකක් වගේ.
    ඊළඟ උපසිරසෙන් හමුවෙමු සහෝ,
    බයිස්කෝප් අඩවියටත් ඔබටත් ජය වේවා!
    තෙරුවන් සරණයි!

  6. Kulanjana Maduranga

    G’ luck for the 1st attempt Bro.Great work & Lot of thanks.Me wge idiriyatath sub denna shakthiya labewa...Baiscope 1th ekka digu gamanak yamu....jaya wewa...........

  7. kumari

    Thank u brother...

    1. Tharuth Chiranthana

      :) :) :)

  8. අසංක ප්‍රදීප් රණතුංග

    බයිස්කෝප් කණ්ඩායමට සාදරයෙන් පිලිගන්නවා. පටන් අරන් තියෙන්නෙම ලස්සන චිත්‍රපටයකින්. ඉතින් මම සුපුරුදු විදියට සැම උපසිරසි කරුවෙක්ටම කියන දේ ඔයාට කියනවා. ඔයාට මේ ගමන යනකොට මල් වගේම ගලුත් ලැබෙනවා අනිවාර්යයන්. ඉතින් ඒවගේ දේවල් ආවම දුක් වෙන්න වත් තරහ ගන්නවත් එපා. ඔයා කරන දේ ගැන විස්වාසය තියා ගන්න. ඒවගේම ඔයාගේ උපසිරසි වලට ලැබෙන ඩවුන්ලෝඩ් ප්‍රමාණය සහ විව් ප්‍රමාණය ගැන හිතන්න එපා. තව දෙයක් දිගටම උපසිරසි දෙන්න අදහසක් තියනවා නම් කුමක් හෝ අවෙනිකත්වයක් හදා ගන්න උත්සාහ කරන්න. එතකොට ඔයාටම කියල රසිකයන් පිරිසක් හදාගන්න පුළුවන් වේවි.

    ඔයාගේ උපසිරසියට ස්තුතියි. බුදු සරණයි...

    1. Tharuth Chiranthana

      බොහොම ස්තූතියි මාව දිරිමත් කළාට.

  9. සමන් ප්‍රසාද්

    මුල්ම උපසිරසියට සුභ පතනවා සහෝ...
    ඒ වගේම කණ්ඩායමට සාදරයෙන් පිළිගන්නවා...
    දෙවනි සබ් එකෙන් හම්බෙමු...
    ජය...!!! :)

  10. D.Chamara

    bohoma sthithi sahoo degatama karagrna yamoo jaya... :D

  11. Dulanga

    Thanks

  12. asitha

    thanks sub ekata.thawa thawath sub denna apita.

  13. රොයිලි

    බොහොම ස්තූතියි සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  14. Sajith Anthony

    උපසිරැසියට බොහෝම ස්තුතියි
    ජයෙන් ජයම වේවා...!!

  15. Sanath Indika

    thx broo

  16. rush

    tnx bro

  17. nidi

    thanks Tharuth! tharu witharak newei hituth, sanduth obe lowa ekalu kerethwa! palamu weyama hondatama sarthakai! ohoma idiriyatama yamu!

  18. Hashan M. Priyadarshana

    Thanks bro sub ekata..
    Jaya wewa!

  19. Malith dilshan

    බොහොම ස්තූතියි

  20. Lance123

    thanks brother

    1. Anonymous

      Sub eka nane

    2. Ravindu Heshan - Admin

      Dan Wada

    3. Anonymous

      Thanks