හැමෝටම සුභ දවසක් කියලා ප්‍රාර්ථනා කරනවා,ලොකු කාලෙකට පස්සේ ආයි සබ් එකකිං. විශ්ව විද්‍යාල වැඩ කටයුතු හා රැකියාවෙ වැඩ කටයුතු හේතුවෙන් කාර්ලබහුල වෙච්ච හිංදා මේක ගේන්න ගොඩාක් කල් ගියා. මං අද ගෙනාවෙ 2000 අවුරුද්දෙ තිරගත උනු Takedown කියන ෆිල්ම් එක. මේ චිත්‍රපටයට පාදක වෙලා තියෙන්නේ ලොකෙම කලඹපු “Kevin Mitn…

හැමෝටම සුභ දවසක් කියලා ප්‍රාර්ථනා කරනවා,ලොකු කාලෙකට පස්සේ ආයි සබ් එකකිං. විශ්ව විද්‍යාල වැඩ කටයුතු හා රැකියාවෙ වැඩ කටයුතු හේතුවෙන් කාර්ලබහුල වෙච්ච හිංදා මේක ගේන්න ගොඩාක් කල් ගියා.
මං අද ගෙනාවෙ 2000 අවුරුද්දෙ තිරගත උනු Takedown කියන ෆිල්ම් එක. මේ චිත්‍රපටයට පාදක වෙලා තියෙන්නේ ලොකෙම කලඹපු “Kevin Mitnick” නම් භයානක හැකර්වරයා අල්ලාගැනීම ගැනයි.

Kevin Mitnick
කෙවින් ඉපදෙන්නේ 1963 වර්ෂයේදි, අවුරුදු 12 ඉදල පරිගණක ජාල බිදින්න පුරුදු වෙලා හිටපු කෙවින්, අවසානයේදි FBI ආයතනයේන් හොයන හැකර්ස්ලාගෙ ලයිස්තුවෙ මුලින්ම ඉන්නේ මොහු තමා.මුලිම පටං අරං තියෙන්නේ පාසල් බස් රථයකින්.පාසල් ව්‍යාතියක් මුවාවෙන් බස් රථයේ රියදුරු රවටා පන්ච් කාඩ් ක්‍රමයට තිබූ බස් ටිකට් ක්‍රමය කිසිදු මුදලක් නොගෙවා තමන්ට සිතැගි පරිදි ගමන් බිමන් යන්න හුරු වෙලා හිටියා. ඉන් පසුව ඔහුගේ යහලුවෙක් මාර්ගයෙන් දැවැන්ත සමාගම් කීපයක පරිගණක පද්ධතිය වලට ඇතුල් වී දත්ත සොරාගෙන තිබුනා. මං මුළු ජිවිත කතාවම මං කියන්න යන්නෙ නෑ. දැන් ඔහු පරිගණක ආරක්ෂක සමාගමක් වන Mitnick Security Consulting, LLC. පවත්වා ගනිමින් පරිගණක ආරක්ෂාව පිලිබදව උපදෙස් හා වැඩමුලු පැවැත්වීම සිදු කරනවා.

අවසානයේදි Tsutomu Shimomura නම් පරිගණක විශෙෂඥයත් සමග FBI ආයතනය එක්ව කරන ලද මෙහෙයුමකින් මොහු අත්තඩංහුවට පත් විය. මේ ෆිල්ම් එකේ Tsutomu Shimomura හා Kevin Mitnick අතර තිබු පරිගණක සටන ගැනත් පෙන්වා දෙනවා.

මේ චිත්‍රපටයේ තොරතුරු ගැන තව කතා කලොත් මේ චිත්‍රපටය අධ්‍යක්ෂණය කරන්නේ Joe Chappelle විසින්, මේ චිත්‍රපටයේ Kevin Mitnick ගෙ චරිතය රගපාන්නේ Skeet Ulrich වන අතර Escape Room (2018), Scream ෆිල්ම් සීරියස් ටික බලපු අය මේ නලුවවාව නම් දන්නවා ඇති. Tsutomu Shimomura ගේ චරිතය රගපාන්නෙ Russell Wong විසින්. ඉතිං මං ආරාධනා කරනවා මේ චිතපටය නරබන්න කියලා.
අවසාන වශයෙන් දෙයක් කියන්න තියෙනවා ඒක මේ චිත්‍රපටයට සම්බන්ධ දෙයක් නෙවේ. සමාජමාධ්‍ය හරහා ෆිල්ම් බලන අය සහ අපි විසින් නිකුත් කරන උපසිරැසි වල credit lines පමණක් ඉවත් කර තමන්ගෙ වෙබ් අඩවියේ හො සමාජ මාධ්‍ය පිටුවේ නම ඒ වෙනුවට දාන අයට කියන්න දෙයක් තියෙනවා. මේක කියලත් බෑ, නොකියත් බෑ. සබ් එකක් කරනවා කියන එක (google translate කරන එක නෙවේ) නිකම් ඔයාලා විනාඩි 2,3 ක් ඇතුලත අපේ නම් සහ අපේ වෙබ් අඩවියේ නම වෙනස් කරලා ඔයාලගෙ නම් දාගන්නව තරම් ලේසි නෑ. සබ් එකක් කරන්න කන කට්ට දන්නෙ සබ් කරන මිනිස්සු විතරයි.ඔයාල ලාභ අරමුණු කරගෙන මේවා කලාට අපි මේවා කරන්නෙ ආත්ම තෘප්තිය වෙනුවෙන්. අනේ කවුරුහරි අපේ සබ් එක දාගෙන ඒ ෆිල්ම් එක බලල සතුටු වෙනවා දකින්න තියෙන ආසාව නිසා අපි කරන්නේ. මේ කිව්වෙ ඒ අයගෙ likes, downloads, views වලට ඉරිසියාවට එහෙම නෙවේ. ද සාක්ෂියක් ඇතුව ඒ වගේ වැඩ ඔයාලට කරන්න පුලුවන් දෙයක් ද කියලා පොඩ්ඩක් හිතන්න.
එහෙනම් මං ගිහිං එන්නම්, නැවත තවත් උපසිරැසිකරණයකින් හමුවෙමු. ඔබ සැම සැමට සුභ දවසක්!.
Due to copyright issues, we do not provide any torrent link.
ලබා දී ඇති උපසිරසි WEBRip පිටපත් සඳහා අදාළ වේ.
2,095 downloadsDownload Takedown-2000-AKA-Track-Down.zip60 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ රවිදු හේෂාන්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2020-05-05
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
රවිඳු හේෂාන්
Subtitles
- #2000
- #Angela Featherstone
- #David Newman
- #Editor's Pick
- #Joe Chappelle
- #John Markoff
- #MaxxA
- #Must Watch
- #Offbeat
- #Russell Wong
- #sinhala
- #Sinhala Subtitle
- #Skeet Ulrich
- #Sub
- #subtitle subtitle
- #Tsutomu Shimomura
- #You Decide
- #රවිඳු හේෂාන්
- #සිංහල
- #සිංහල උපසිරැසි
- #සිංහල සබ්
- #සිංහල සබ්ටයිටල්
- #සිංහල සබ්ටයිටල්ස්
- #සිංහල සබ්ටයිට්ල්
16 comments
Naveen Mbr
Ravindu Heshan perera
බොහොම ස්තූති සහෝදරයා❤️❤️❤️❤️
Anonymous
සිරා කතාව බන්
ඔය පර වැඩ කරන උන් ගැන නම් කියලා වැඩක් නෑ
ඒ වුනත් මහන්සියෙන් සබ් එකක් කරලා අනිත් උන්ටත් බලන්න සලස්වන උබලට අපි නම් එකෙන්ම රෙස්පෙක්ට්
බයිස්කෝප් එකත් තව තවත් දියුනු වෙලා සබ් දෙන උබලගෙ වැඩ කටයුතුත් සාර්ථක වේවා !Supun Kaushalya
තෑන්ක්ස් සබ් එකට
Bimsara Yashan(ඔලිව)
සිංහල උපසිරැසියට බොහොම ස්තූතියි සහෝ. ජයවේවා!
Naveen
උපසිරසියට තුති
Buddhika Lakmal (laKMal)
අන්තිමටම කියල තියෙන කතාවනං ඇත්ත බං... සක්කිලිත් එක්ක මේව කරන්න බෑ බං... හැබැයි ඉතිං සුපිරි සබක් එක්ක ෆිල්ම් එකක් බලනවා කියන්නේ අනිවා ඒක බයිස්කෝප්ලගේ සබක් කියන්න ලංකාවේ හැමෝම දන්නවා මචං...
♥♥☻☻...බොහෝම ස්තූතියි උපසිරැසියට...☺☺♥♥Dewadithya
Thanks for Sub!
හසිත මධුෂාන්
සබ් එකට බොහොම ස්තූතියි සහෝ....!
indika 75
thanks..
Pavan pavithra
The takedown 2022 ekatath sub dennako
Tharidu Sagara
සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
බුදු සරණයි!!ජය වේවා!!!හිරාන් ශාරංග
උපසිරැසිය වෙනුවෙන් ගොඩක් ස්තුතියි..
ජයවේවා..!රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
syd
thank you brother
Nishan
Thanx bro
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie
උපසිරැසියට ස්තූතියි සහෝදරයා!